හැඩට වැඩට ඉන්න කැමති කෙල්ලන්ට ම කියාපු සුපිරි ඔන්ලයින් සාප්පු 10ක්.

කෙල්ලෝ, කොල්ලෝ කියලා නෑ; ලස්සනට ඉන්න ඔය කවුරු වුණත් කැමතියි. ඒ වුණාට ඔය වැඩේට වැඩියෙන් ම ප්‍රසිද්ධ කෙල්ලොනේ. ඔය ෆේස්බුක් එකේ එහෙම කාලෙන් කාලෙට එකඑක පෝස්ට් එහෙමත් පේන්න තියෙන්නේ; කෙල්ලෙක් එක්ක ෂොපින් ගියොත් මෙහෙමයි කියලා.

ලංකාව වටේ කොච්චර ප්‍රසිද්ධ ඇඳුම් කඩවල් තිබුණත්, ඔය හැම එකෙන් ම අපේ හිතේ තියෙන ජාතියේ ඇඳුමක් හොයාගන්න අමාරුයිනේ. තිබුණත් එක්කෝ ගාණ වැඩියි, නැත්තන් පාට හරි නෑ, අන්තිමට සේරම හරි ගියත් හොයන සයිස් එක නෑ කියන්නකෝ; ඕවා සෑහෙන්න දැවෙන ප්‍රශ්න ඉතින්. මොකක් හරි කරලා පිටරට ඔන්ලයින් ෂොප් එකකින් ඕනේ කරන ඇඳුම හොයාගත්තා කියමුකෝ, ගෙවන්න තියෙන ෂිපින් ගාස්තුව දැක්කම පේන්නේ වෙන මොනවත් නෙවෙයි, එලොව පොල්!

ඇඳුම්වලට විතරක් නෙවෙයි, ඔය කණ කර ආභරණ, ඊළඟට හෑන්ඩ් බෑග් අනං මනංවලටත් ඔය කතාව ඔහොමම අදාළයි. ලංකාවේ ෆැෂන් සම්බන්ධයෙන් තියෙන ඔන්ලයින් මාකට් එක දියුණු වෙන්න ඔය කාරණය ම ඇති. මේවා බොහොමයක් තමන් සතුව තියෙන විලාසිතා ප්‍රොමෝට් කරන්නේ ෆේස්බුක් හරහායි. තමන්ගේ නම, ලිපිනය එක්ක කැමති ඇඳුම හෝ පැළඳුම ගැන කියලා ෆේස්බුක් එකට මැසේජ් එකක් දැම්මම, ඒක අපේ ගෙදරට ම ගෙනල්ලා දෙන්න මේ ඔන්ලයින් සාප්පු ඇප කැප වෙලා ඉන්නවා.

ඔය සාප්පු අස්සේ තෙරපි තෙරපි ඉන්න වෙලාවෙන් ඩිංගක් අරගෙන මෙන්න මේ කතාවත් පොඩ්ඩක් අහන්නකො. අපට දැනගන්න ලැබුණු හොඳ ඔන්ලයින් සාප්පු කීපයක් ගැනයි මේ විස්තරේ.  

1. Zigma Jones (0117245329)

Image Credits : Zigma Jones

එදිනෙදා ගමනට බිමනට අඳින්න පුළුවන් නවීන පන්නයේ විලාසිතා ඇති ගවුම්, ස්කර්ට්, බ්ලවුස් එහෙම ගන්න පුළුවන් නියම ඔන්ලයින් ෂොප් එකක් තමයි මේ. ඕවා හැරුණා ම පාටියකට වගේ අඳින්න ගැලපෙන ගවුම් පවා මේ කට්ටිය ළඟ තියෙනවා. මේවයේ මිල ගණන් රු.900 වගේ ඉඳලා ඉහළට වෙනස් වෙනවා. මේ කට්ටියගේ වෙබ් සයිට් එකෙන් බලලා හෝ, ෆේස්බුක් පිටුවට ගියොත් මේවයේ විස්තර හොඳින් දැනගන්න ඇහැකි. හොඳ ම වැඩේ කියන්නේ ඕනේ ඇඳුම තෝරලා ෆේස්බුක් මැසේජ් එකක් හරි, කෝල් එකක් හරි දුන්නම ඒ ඇඳුම ගෙදරට ම ගෙනැල්ලා දෙනවනේ. ඇඳුම අතට ලැබුණා ම, ඒකෙ මුදල විතරක් ගෙව්වම ඇති. සාමාන්‍යයෙන් සතියේ දවසක් හෝ දෙකක් ඇතුළත කොළඹ අවට තැනකට ඇඳුමක් ඩිලිවර් කරන්න මේ කට්ටියට පුළුවන්. කොළඹින් පිට තැනක් නම් වැඩිම වුණොත් දවස් හතරක් යයි. හැබැයි ඩිලිවරිවලට සත පහක්වත් ගන්නේ නැහැ. අනික ඇඳුමට කැමති නැත්තන් දවස් හතක් ඇතුළත වෙන එකකට හුවමාරු කරගන්නත් පුළුවන්නේ.

2. Zigzag.lk (0727944924)

Image Credits : Zigzag.lk

ලංකාවේ ඕනේ ම තැනකට ඇඳුම් ඩිලිවර් කරන Zigzag.lk ළඟ වැඩිපුර ම තියෙන්නේ ගවුම් සහ කාර්යාල ඇඳුම්. සාමාන්‍ය ගමනට වගේ ම උත්සව අවස්ථාවලටත් ගැලපෙන ගවුම් එයාලගේ කලෙක්ෂන් එකේ තියෙනවා. ඒ හැරුණා ම කපල්වලට ගැලපෙන ටීෂර්ට්, පර්ස්, සාරි එහෙමත් මේ අය ළඟ තියෙනවා. ඔය උඩ තියෙන නොම්මරයට කතා කරලා හරි, ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාලා හරි මේවා ගැන වැඩි විස්තර අහගන්න පුළුවන්.  

3. Bangkok Fashions (0711470470)

Image Credits : Bangkok Fashions

නමේ තියෙනවා වගේ ම තමයි, බැංකොක් ෆැෂන්ස් එකේ විකිණෙන්නේ තායිලන්තයෙන් ගෙන්වන ඇඳුම්. ගවුම්, ස්කර්ට්, බ්ලවුස් තමයි මෙතැන වැඩිපුර ම තියෙන්නේ. ලංකාවේ ඕනෑ ම තැනකට රු.200ක් වගේ පුංචි මුදලකට ඇඳුම් ඩිලිවර් කරන්න මේ අය සූදානම්.  

4. Lookme.lk (0766604555)

Image Credits : Lookme.lk

ඉන්දියානු විලාසිතාවන් ගන්න මේක නියම තැනක්. විවිධ හැඩයට මහපු සල්වාර්, කුර්තා ජාති තොගයක් Lookme.lk එකේ තියෙනවා. ලංකාවේ කොහේ හිටියත් මේ ලස්සන ඇඳුම් ගෙදරට ම ගෙන්නා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඔය නොම්මරයට කතා කරලා බලන්නකෝ. එහෙම නැත්තන් ෆේස්බුක් පේජ් එකෙන් පොඩි පණිවිඩයක් දාන්න. එහෙමත් අකමැති නම්, දෙහිවල තියෙන Lookme.lk විලාසිතාගාරයට යන්නත් ඔයාලට පුළුවන්.

5. The Curve Closet – TCC (0777730993)

Image Credits : The Curve Closet – TCC

දැන් ඔය කොච්චර ඇඳුම් කඩ තිබුණත්, අපේ මහත ඇඟපත තියෙන කාන්තාවන්ට ඇඳුම් හොයන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඔය ගොඩක් ඇඳුම් සාප්පුවල ලොකු ඇඳුම් නැහැ. විශේෂයෙන් ම ගවුම් එහෙම ඇත්තේ ම නැහැ. අන්න ඒකට විසදුමක් දෙන්න තමයි The Curve Closet – TCC එක උත්සහ කරන්නේ.  UK18 – 26 වගේ සයිස්වල ගවුම් සහ බ්ලවුස් මේ අය ළඟ තියෙනවා. ඉතින් පොඩි ගාණක් දීලා ගෙදරට ම ඩිලිවර් කරගත්තත් පාඩු නැහැනේ. පිළියන්දල පැත්තට යන එන කෙනෙක් නම් එයාලගේ සාප්පුවට ගොඩ වෙලා යන්නත් පුළුවන්. හැබැයි ඒකට කලින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න ඕනේ.

6. Latest & cheapest (0775227226)

Image Credits : Latest & cheapest

ෂල්වාර්, සාරි, කුර්තා වගේ ඉන්දියානු විලාසිතාවලින් ගමන ආරම්භ කරපු Latest & cheapest, දැන් සපත්තු, කාන්තා කලිසම් ආදියත් අලෙවි කරනවා. කොළඹ අවට දිස්ත්‍රික්කවලට ඩිලිවර් කරන්න ගන්නේ රු.200ක් විතරයි. කොළඹින් පිට නම් ඔය මුදල ඊට වඩා තරමක් ඉහළ යනවා. හැබැයි හොඳ ඇඳුම් කලෙක්ෂන් එකක් තියෙන නිසා ලොකු තේරීමක් කිරීමේ අවස්ථාවකුත් තියෙනවා. අනික දෙහිවල, වත්තල නගර දෙකේ ම මේ අයගේ සාප්පු තියෙනවනේ.  

7. Mirror Mirror (0779421215)

Image Credits : Mirror Mirror

ලස්සනට ඇඳලා විතරක් මදිනේ, ඔය කණකර ආභරණ ටිකක් එහෙම දාගත්ත ම තමයි තවත් හැඩ. Mirror Mirror කියන්නේ අන්න ඒ වගේ ලස්සන ආභරණ ටිකක් ගෙදරට ම ගෙන්නගන්න පුළුවන් තැනක්. කාඩ් මඟින් ගෙවන්නත් පුළුවන් නිසා තවත් ලේසියි. ඔරලෝසු, සපත්තු, කරාබු, මාල, බ්‍රේස්ලට්, බෑග්, වගේ ජාති විතරක් නෙවෙයි, මේකප් බඩුත් මෙතැනින් මිලදී ගන්න ඇහැකි. ගැහැණු ළමයින්ට වගේ ම පිරිමි ළමයින්ටත් සරිලන පැළඳුම් මේ අය ළඟ තියෙනවා.   

8. Helanka (0727774444 / 0724442222)

Image Credits : Helanka

“සපත්තු නම් Helanka”; කතාවට කියන්නේ ඔහොමයි. සපත්තුවලට මේ තරම් ප්‍රසිද්ධ ඔන්ලයින් ෂොප් එකක් තවත් නැති තරම්. ආයේ ඉතින් ගෙදර හැමෝට ම එකම තැනින් සපත්තු ගන්න පුළුවන් තරමට ලොකු කලෙක්ෂන් එකක් Helanka එක සතුයි. හැබැයි වැඩේ කියන්නේ මේ කට්ටියගේ වෙබ් සයිට් එකේ සපත්තු පෙන්නලා තිබුණට, ඒවායේ සයිස් ගැන විස්තරයක් දාලා නැහැ. ඒ ගැන අහගන්න වෙන්නේ කෝල් කරලා තමයි. සපත්තු හැරුණා ම හෑන්ඩ් බෑග්, පොඩ්ඩන්ගේ ඉස්කෝලේ ගෙනියන බෑග් එහෙමත් මෙතැනින් ගන්න ඇහැකි.

9. Online Bag Store (0779792268)

Image Source : Online Bag Store

ඔන්න හෑන්ඩ් බෑග් ඕඩර් කරනවානම් තවත් නියම තැනක්. Online Bag Store එක වෙන්වෙලා තියෙන්නේ හෑන්ඩ් බෑග් සඳහාමයි. ඩිලිවරිත් ෆ්‍රී නිසා තවත් මරු. ෆේස්බුක් පිටුවේ කියන විදියට නම් එංගලන්තෙන් ගෙන්වන බ්‍රෑන්ඩඩ් බෑග් එහෙමත් මෙයාලා ළඟ තියෙනවා.

10. Bollywood Boutique (0773951612)

Image Credits : Bollywood Boutique

නම දැක්ක ගමන් තේරෙනවා ඇතිනේ? ඉන්දියානු විලාසිතාවට හදපු ලස්සන ෂල්වාර් කුර්තා ගොන්නක් තමයි මේ Bollywood Boutique එකේ දැකගන්න ලැබෙන්නේ. ඔන්න මේ දවස්වල දීපවාලි සේල් එකකුත් තියෙන නිසා තවත් ගණන් අඩුවට ගන්න පුළුවන් වෙයි. අහ්! කොළඹ අවට පැතිවලට ෆ්‍රී ඩිලිවරිත් දෙනවා හොඳේ.

ෆෝන් නොම්මර ටිකත් දාලා තියෙන නිසා ලේසියෙන් ම මේ සාප්පු ටිකට කතා කරලා විස්තර හොයාගන්න ඔයාලට ලේසි වෙයි කියලා අපි හිතෙනවා. හැරත් ෆේස්බුක් පිටු ටිකත් තියෙනවනේ. ඒ නිසා ඒ ඇඳුම් පැළදුම්වල හැඩත් ඔය හුස්මට ම බලාගන්න ඇහැකි. තවත් මේ වගේ හොඳ ඔන්ලයින් ෂොප් ගැන දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාන්නකෝ හොඳේ.  

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide