ආදරය අහිමි වුනාද?; ඉක්මන් තීරණයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ 10ක්.

අවසානයි ප්‍රේමාදරේ

ගිරවෝ කොවුලෝ මිදුණා මා ආදරෙන්…

අපි දන්නව බොක්කෙන් කරපු ලව් එකක් එහෙම එක පාරට අමතක කරල ආතල් එකේ ඉන්න බෑ කියල. අන්න ඒ නිසයි බූට කාපු ගමන්ම හිත හදාගන්න පැත්තට බර වෙලා මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන. කොහොමත්, ආදරය කරපු තරමෙ හැටියටනෙ හිත හදා ගන්න යන කාලය තීරණය වෙන්නෙ.

ඔය වෙලාවට, ඔයා ආදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක යනව දැක්කොත් තමයි වාවන්න බැරි. හැබැයි මතක තියා ගන්න, ඒ ආදරය නෙවෙයි. ඒකට කියන්නෙ ‘ඉරිසියාව’ කියල. වැඩේ කියන්නෙ ඉරිසියාවට නම් බෙහෙත් නැත පුතේ. එහෙම නැතුව ‘ඔබත් තනිවෙලා මමත් තනිවෙලා’ ක්‍රමයට දෙන්න දෙපැත්තට වෙලා ඉන්නව නම් ඔන්න කතාකරල විසඳ ගන්න පුලුවන්. අඩුම තරමෙ හරියට තේරුම් අරගෙන වෙන් වෙන්න හරි පුළුවන්නෙ.

හ්ම්ම්… ඒත් ඉතින් රස බර අතීත මකයන් විතරක් තුරුළු කරගෙන ආදරයට සමුදෙන එක හරිම අමාරු වැඩක්. අන්න ඒ නිසයි ඔය අමාරු වැඩේ ලේසි කරන්න, ඒ කියන්නෙ ආදර වියෝවේ ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් එකතු කරන්න අපි කල්පනා කලේ. එහෙනම් අහගන්නකො පාළුව, තනිකම මකාගෙන හිත හදාගෙන ජීවිත ගඟ දිගටම ගලාගෙන යන විදියට වේල්ල බඳින්නෙ කොහොමද කියල.

1. වැරැද්ද

මොකක්ද, කාගෙද කියල බලන්න. වැරැද්ද ඔයාගෙ නම්, ඒකෙන් දෙන්නටම හානි කරයි නම්, එයා ඒක කරන්න එපා කියල කට කැඩෙන කම් කියලත් තියෙනව නම්, ඔයාව දාලා ගියේ ඒ හේතුව නිසා නම් පාඩුවෙ කට වහගෙන හිත හදාගන්න. මොකද ඔයාගෙ වැරදි තියාගෙන එයාට බැනල වැඩක් නෑනෙ. අනික එහෙම ඉඳගෙන එයාගෙ වැරදි හොයල වැඩකුත් නෑ.

හැබැයි ඔයාගෙ වැරැද්දක් නැත්නම්! අන්න, කෙලින්ම ගේමම ඉල්ලන්න. අඩුම තරමෙ හිතේ තරහ යනකම් බනින්න හරි බැරියැ.

2. යන්නද ඕන ඉන්නද ඕන

කියල බලන්න. ඒක මෙහෙමයි, අර හැමදාම දකින කුකුලගෙ කරමලය සුදු වුනාම ඔය කාත් කවුරුත් වෙන වෙන පාටවල් තියෙන කුකුල්ලු කිකිලියො හොයාගනෙ යන ගතියක් තියෙනව. මනුස්ස ස්වභාවයනෙ මහත්තයො. වැඩි හරියක්ම ඕක තියෙන්නෙ නව යොවුන් වියේ කට්ටියට. ඇයි ඉතින් ජීවිතේ බරක් පතලක් තේරෙන්නෙ නෑනෙ.

ඡායාරූපය

එතනදි නම් ඉතින් ඔයා කොච්චර හඬා වැලපුනත් එයා යනවම තමයි. අනික ඉතින් මොකටද නේ, යන කෙනෙක් ඉස්සරහ දණින් වැටිලා, හඬා වැළපිලා කොටින්ම කියනව නම් පීචං වෙලා ලඟ තියාගෙන.

3. වැඩේ හරි ද?

කියල බලන්න. ඒ කියන්නෙ එයා යන්නම ගියාද, නැත්නම් තරහවෙලා ඉන්නවද කියල. ගියා නම් ප්‍රශ්නය ඉවරයිනෙ. ඉන්නව නම් තරහ ටිකක් අඩු වෙනකම් ඉඳල, ඒ අතරෙ ඔයත් තීරණයක් අරගෙන කතා බහ කරල ප්‍රශ්නය ඉවර කර ගන්න.

ඡායාරූපය

4. මතකයන්

අමතක කරන්න බෑනෙ. එහෙමයි කියල මතක් කර කර ඉන්න යන්නත් එපා. බලන්න මොනවද කරන්න තියෙන වැඩ කියල. විභාගයක් වගේ ජීවිත කඩ ඉම් වැඩක් තියෙනව නම් යාළුවො වැඩ කරන තැනකට වෙලා කයියක් දාගෙන වැඩ කරන්න. අතරින් පතර එයාව මතක් වුනාට මොකද ඒ වෙලාවට යාළුවෙක්ව අල්ලගෙන වද දෙන්න බැරියැ.

ඡායාරූපය

5. යන්න

බොනව නම් බාර් එකට, ඇවිදිනව නම් ලස්සන තැකනට, සෙල්ලම් කරනව නම් පිට්ටනියට තව එක එක ඒව ඇති. ඔය මුකුත්ම නැත්නම් අම්ම, තාත්තා ලඟට නැත්නම් පන්සලට, පල්ලියට වුනත් අවුලක් නෑ. මෙතනදි අපි කියල තියෙන්නෙ හිත හදාගන්න ගොඩ දෙනෙක් කරන දේවල්, පිළිවෙලට මිසක් හිත හදාගන්න කරන්න හොඳම දේවල්, පිළිවෙලට නෙවෙයි, හොඳද.

ඡායාරූපය

6. හොයන්න

හිත ගියපු තව කෙල්ලෙක් කොල්ලෙක් එහෙම ඉන්නවද කියල. ඊට පස්සෙ බලන්න එයාලා ‘Relationship’ දාලාද නැද්ද කියල. නැහැයි කියන්නෙ ඔයා ගොඩ කියන එකමත් නෙවෙයි. අපි කියනවට පොඩි චැට් එකකට මුල පුරන්නකො. හැබැයි එක පාරටම දුක කියන්න යන්න එපා. ආගිය තොරතුරු අහල කරල හෙමිහිට විස්තරේ කියන ගමන් බලන්න වේකන්සියක් තියෙනවද කියල.

ඡායාරූපය

එහෙම කරල වේකන්සි තියෙනව කියල දැන ගත්තට පස්සෙ, අනේ බූටක් කෑවද නැද්ද නෑ.

7. කරන්න

ඔයා ආසම, කම්මැලි නැති වැඩක්.

දන්නව ඉතින් එපා වෙලා ඉන්නෙ කියල. ඒ එපා වෙච්ච එක නැති කර ගන්නනෙ අපිත් මේ කියන්නෙ.

ඡායාරූපය

හිතමුකො ඔයා ආස ගේම් ගහන්න කියල. එහෙනම් පටන් ගන්න ආසම ගේම් එකේ ආසම ස්ටේජ් එක ගහන්න. හැබැයි පොත් කියවන්න ආස කට්ටියට නම් බූට් කියන්නෙ එච්චර සුභ දෙයක් නෙවෙයි. මොකද බූට් කාලා ඉන්න වෙලාවට පොත් කියවන්න හිත හදාගන්න අමාරුයිනෙ. එයාලට කරන්න තියෙන්නෙ ප්ලෑන් එකේ ‘බී’ කොටසට යන එක. ඒ කියන්නෙ ඊලඟට ආසම දේ.

ඡායාරූපය

ඔතනදි කලාවට බර කට්ටියට තමයි වැඩිම වාසිය ලැබෙන්නෙ. විරහව හිතේ ගැබ්ගෙන තිබියදී, කොහොමද හොඳ පද රචනයක්, තනුවක් බිහිවුනොත්? බූට පැත්තක. හිට් එක…

8. ගන්න

හොඳම යාළුවන්ටයි පරණ යාළුවන්ටයි කෝල්ස්. අරගෙන ආගිය තොරතුරු කතා කරගෙන යන්න. එහෙම යද්දි හෙමිහිට බූටෙ කතාවටත් එන්නෙ නැතැයි. ආවට පස්සෙ විස්තරේ කියල හිත ටිකක් සැහැල්ලු කරගන්න. හ්ම්ම්… නරකද ඒ අතරට සෙට් වෙන්න දවසකුත් දා ගත්තොත්. පරණ යාළුවෙක් නම් පරණ මතකයනුත් ඇතිනෙ, සෙට් වෙලා කතා බහ කරන්න.

ඡායාරූපය

9. අහන්න, බලන්න

ආසම සිංදු තොගයකුයි ආසම ෆිල්ම් තොගයකුයි. සිංදු නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ගොඩක් සල්ලි යන නිසා ඒ සල්ලි වලින් 4 ඉන් 1 ඩී වී ඩී ගෙනාවනම් හිත හැදෙනකම් බලන්න පුලුවන්.

ඡායාරූපය

ඔය ටික කරද්දි අඩුම තරමෙ මාසයකට වත් ගතවෙයි. හරිනම්, ඒ වෙද්දි දුකෙන් බාගයක් වත් තුනී වෙලා තියෙන්න ඕන. දැන් හරිනෙ, අමාරුම කෑල්ල පන්න ගත්තනෙ. කෝච්චියට පනින්න, වහ බොන්න හිතෙන්නෙ නෑනේ. එහෙනම්

10. හොයා ගන්න

රස්සාවක්, අධ්‍යාපන පාඨමාලාවක්, නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න වැඩකට මුලපිරුවත් නරක නෑ. මොකද දැන් ඔළුවට ඇවිල්ලනෙ තියෙන්නෙ හෙටක් තියෙනව, එතනින් එහාට අනාගතයකුත් තියෙනව එතකොට දෙමව්පිය, සහෝදර සහෝදරියො ඉන්නව එයාලව බලාගන්නත් ඕන කියන එක.

ඡායාරූපය

දැන් අහන්නකො අපි මුලදි මෙන්ෂන් කරපු ක්ලැරන්ස් මහත්තයගෙ සිංදුව ‘"පියඹා යනවා මා ආකාසයේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide