සේල්! සේල්!! සෙල්!!! අඩු ගාණට හිතේ හැටියට ෂොපින් කරන්න;මෙන්න බ්ලැක් ෆ්‍රයිඩේ සේල් 11ක්.

මේ දවස්වල ෆේස්බුක් එක පැත්තේ ගියොත් හෝ ගාලා ප්‍රොමෝට් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි “බ්ලැක් ෆ්‍රයිඩේ සේල්”. මහ සිකුරාදා නම් අහලා තියෙනවා, ඒ වුණා ට මොකද්ද මේ කළු සිකුරාදා?

බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ අපට අමුතු දෙයක් වුණාට, ඇමෙරිකාව වගේ රටවල්වලට සෑහෙන්න සාමාන්‍ය දෙයක්. එයාලගේ Thanksgiving සැමරුම නිමිති කරගෙන පැවැත්වෙන, වට්ටම් විශාල ගණනක් එක්ක පැවැත්වෙන අවුරුද්දේ ලොකුම සේල් දාමය විදියට මේ බ්ලැක් ෆ්‍රයිඩේ හඳුන්වන්න පුළුවන්. නොවැම්බර් මාසේ අග තමයි ඒවා ගොඩක් ඒවා පැවැත්වෙන්නේ.

Thanksgiving නැති වුණත්, ලංකාවෙත් දැන්දැන් බ්ලැක් ෆ්‍රයිඩේ සේල් හරි ජයට තියෙනවා. අපට දැනගන්න ලැබුණු ඒ වගේ සේල් කීපයක් ගැන විස්තර ටිකක් තමයි මේ.

Kelly Felder's

හැඩට වැඩට අඳින්න කැමති ගෑනු ළමයින්ට කියාපු ම තැන්වලින් එකක්නේ මේ Kelly Felder's කියන්නේ. උසස් තත්ත්වයේ නිමාවක් තියෙන, අලුත් ම විලාසිතාවේ ගවුම්, බ්ලවුස්, ස්කර්ට්, කලිසම් වගේ ඇඳුම් ගණනාවක් මේ අය ළඟ තියෙනවා. ඔන්න Kelly Felder's එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ ඊයේ (23) දවසේ. නොවැම්බර් 26 වෙනිදා වෙනකම් පැවැත්වෙන මේ සේල් එකේ වාසි සෑහෙන්න ගොඩක් තියෙන බවයි ආරංචිය. බ්ලවුස් රු.600 – 1000 අතර මුදලකටත්, ගවුම් රු.1000 – 1500 අතර මිලකටත් විකිණෙනවා. ඒ වගේ ම කලිසම් රු.1500ක් වගේ ගණනකට මිලදී ගන්න පුළුවන්. කොළඹ 3, කොළඹ 7, නුගේගොඩ සහ නුවර තියෙන Kelly Felder's අවුට්ලට් හතරෙන් ම මේ වාසි ටික ගන්න පුළුවන්.

The Three By TPV

ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, ගෙදර දොරේ වටපිටාව හැඩ කරන්න පුළුවන් විදියේ චිත්‍ර, සැරසිලි වගේ දේවලුත් තියෙන The Three By TPV, එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගන්නේ අද (24). නොවැම්බර් 26වෙනිදා වෙනතුරු පැවැත්වෙන මේ සේල් එකෙන් හැම ඩෙනිම් ඇඳුමකට ම 30%ක වට්ටමක් ගන්න පුළුවන්. හැබැයි මේ වාසිය ගන්න ලැබෙන්නේ බම්බලපිටියේ ශාඛාවෙන් විතරයි. ගාල්ලේ තියෙන ස්ටෝර් එකේ මේ සේල් එක පැවැත්වෙන්නේ නැහැ.

Girly Day

ලෝකේ ම ප්‍රසිද්ධ MAC, Kylie, Lime Crime, Huda, NYX වගේ උසස් වර්ගයේ මේකප් බඩු ලංකාවට ගෙන්වන Girly Day එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක ඊයේ (23) පටන්ගත්තා. නොවැම්බර් 26 වෙනිදා වෙනකම් එයාලගේ සේරම රූපලාවන්‍ය භාණ්ඩ 15%ක වට්ටමක් ඇතුව මිලදී ගන්න පුළුවන්. 0776733783 නොම්මරේට කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනගැනීමේ හැකියාවකුත් ඔයාලට තියෙනවා.

Daraz.lk

ලංකාවේ තියෙන ලොකු ම ඔන්ලයින් ෂොපින් වෙබ්සයිට් අතරින් එකක් වන Daraz.lk, ඇඳුම් පැළඳුම්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, ලී බඩු ආදී වශයෙන් නිෂ්පාදන ගණනාවක් විකුණනවා. ඔන්න නොවැම්බර් 20 – 27 දක්වා පැවැත්වෙන මෙයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකෙන් 85% දක්වා වට්ටම් සහිතව මේ දේවල් මිලදී ගන්න පුළුවන්ලු.

SkyFi Gallery

බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ තියෙන SkyFi Gallery එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හොඳ තත්ත්වයේ පැළඳුම් ගන්න පුළුවන් තැනක් විදියට. ඔරලෝසු, හෑන්ඩ් බෑග්, සන්ග්ලාස්, පර්ස් විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පවා මේ අය ළඟ තියෙනවා. මේ කට්ටිය එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ 20 වෙනිදා. නොවැම්බර් 24වෙනිදායින් ඉවර වෙන මේ සේල් එකෙන් 30%ක වට්ටම් ඇතිව ඒ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා.

Red Dot Geek

ඔන්න කොමික් බුක් ආසාවෙන් කියවන අයට නියම චාන්ස් එක. ලංකාවේ මුලට ම හදපු කොමික් බුක් ස්ටෝර් එක විදියට හැඳින්වෙන Red Dot Geek, එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ අද (24) උදේ 9.30ට. අද හවස 7.30 වෙනතුරු මේ සේල් එක පැවැත්වෙනවා. ඇක්ෂන් ෆිගර්ස් සහ ග්‍රැෆික් නවල්ස්වලට 10%ක වට්ටමක් ලබා දෙනවා වගේ ම, තවත් විශේෂ වාසි රැසක් මේ සේල් එකේ තියෙනවා.

Uptown Kandy

නොවැම්බර් 19 – 26 දවස් ඇතුළත ලිබර්ටි ප්ලාසා එකේ Uptown Kandy එකට ගියොත් එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකට සහභාගී වෙන්න පුළුවන්. ගවුම් සියල්ල අලෙවි වෙන්නේ රු.1300ට. ඒ වගේ ම බ්ලවුස් ඕනේ ම එකක් රු.800කට වගේ මිලයට ගන්න ඇහැකි.

CoolKidz Baby & Kids Store

පොඩ්ඩන්ට සෙල්ලම් බඩු ගන්න කියාපු ම තැනක්නේ මේ CoolKidz Baby & Kids Store ෂොප් එක. ඒ කට්ටියගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකත් පටන්ගන්නේ අද (24). 70%ක් දක්වා වට්ටම් සහිතව අද දවස ඇතුළත මේ සෙල්ලම් බඩු මිලදී ගන්න පුළුවන්.

Avirate

උසස් තත්ත්වයේ කාන්තා ඇඳුම් පැළඳුම්වලට ලංකාවේ තියෙන සුපිරි ම තැන් අතරින් එකක් තමයි මේ. අද (24) ආරම්භ කරපු Avirate බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පැය 24ක් පැවැත්වෙනවා. හැබැයි ඔන්ලයින් ස්ටෝර් එකෙන් විතරයි ඕඩර් කරන්න පුළුවන්. කොල්ලුපිටියේ හෝ කොළඹ 7 තියෙන ෂෝ රූම්වලින් මේ වාසිය ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් 40%ක වට්ටම් මේ අය ලබා දීලා තියෙනවා.

The Fish Stop

මාළු ඇති කරන එක අපේ ගොඩක් දෙනාගේ විනෝදාංශයක්නේ. ඉතින් The Fish Stop කියන්නේ හැම තැනින් ම ගන්න නොලැබෙන ජාතියේ විසිතුරු මාළු වර්ග විකුණන ෂොප් එකක්. නොවැම්බර් 23 පටන්ගත්ත එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක නොවැම්බර් 30වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. හැබැයි හැම මාළුවට ම නම් වට්ටම් නෑ. කළු පාට උන්ට විතරක් 10%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා.

Bookdepository

ඔන්න පිස්සුවෙන් වගේ පොත් කියවන අපේ පොත් ගුල්ලන්ට නියම චාන්ස් එක. Bookdepository කියන්නේ එංගලන්තේ පාදක කරගෙන ගොඩ නැගුණු පොත් සඳහා ම වෙන්වුණු ඔන්ලයින් ෂොපින් වෙබ්සයිට් එකක්. මෙදා සැරේ මේ අයගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකෙන් 20% – 50% දක්වා වට්ටම් ගණනාවක් සහිතව පොත් ගන්න පුළුවන්.

තවත් මේ වගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් ගැන දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide