වීසා නැතුව රට යමු?ලංකාවේ පාස්පෝර්ට් එකෙන් වීසා නැතුව යන්න පුළුවන් රටවල් 37ක්.

ලංකාව කියන්නේ බොහොම ලස්සන රටක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. රට වටකරගත්ත ලස්සන මුහුදු තීරයයි, අවුරුදු 120,000කටත් වඩා පරණ ප්‍රෞඩ ඉතිහාසය වගේ ම පරම්පරා ගණනාවක් තිස්සේ පැවතගෙන එන කලා ශිල්ප, කටට රහට හැදෙන කෑම,  ස්වාභාවික සෞන්දර්යය ආදී දේවල්වලින් පෝෂණය වුණු ලංකාව ලෝකය පුරා සංචාරකයන්ගේ අවධානය දිනාගත්ත රටක් බවට පත්වෙලා තියෙනවා.

හැබැයි ලංකාවේ සිරියාව බලන අතරේ, ඉඳල හිටලා පිටරටකටත් ගිහින්, ඒ රටවල්වල අලංකාරේ බලන්නත් පුළුවන් නම්, අපේ කාටකාට වුණත් හොඳ අත්දැකීමක් වේවි. හැබැයි ඉතින් ඔය වීසා කේස් නිසා ඒ වගේ වැඩ ලෑස්ති කරන එක ඒ හැටි ලේසි වැඩකුත් නෙවෙයි. 2018 අවුරුද්දේ ආව පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් එකට අනූව ලංකාවේ පාස්පෝර්ට් එක තියෙන්නේ #189 වෙනි ස්ථානයේ. ඉතින් බයක් සැකක් නැතුව මේ පාස්පෝර්ට් එකත් අරගෙන, වීසා ගැටළු ගැන කරදර නොවී යන්න පුළුවන් රටවල් 37ක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ.

1. Bahamas

Image credits: vetlogic.co

බහාමාස් කියන්නේ හනිමූන් යන අය අතරේ බොහොම ප්‍රසිද්ධ රටක්. මොකද ඒ තරමට ආකර්ෂණීය ස්වභාව සෞන්දර්යයක් මේ රටේ දැකගන්න ඇහැකි. වීසා නැතුව මාස තුනක් මේ රටේ කිසිම අවුලක් නැතුව ගත කරන්න පුළුවන්.

2. Barbados – වීසා නැතුව මාස 6ක් ම ඉන්න ඇහැකි.

3. Bolivia

මෙතැන තියෙන්නේ Visa on arrival (VOA) තත්ත්වයක්. ඒ කියන්නේ පැමිණීම මත වීසා ලැබෙනවා. හැබැයි ඒක වලංගු වෙන්නේ දවස් 90ක් යනතුරු විතරයි.

4. Burundi – මේකේ තත්ත්වයත් බොලිවියාවේ වගේ ම තමයි. දවස් 90ක් යනතුරු Visa on arrival (VOA) එක ගණන් ගැනෙනවා.

5. Cape Verde – පැමිණීම මත වීසා

6. Comoros – පැමිණීම මත වීසා

7. Djibouti – පැමිණීම මත වීසා

8. Dominica – මාස 6ක් යනතුරු වීසා අවශ්‍ය වෙන්නේ නැහැ

9. Ecuador

ලංකාව වගේ පොඩි රටක් වුණත්, මදි නොකියන තරමට බලන්න පුළුවන් දේවල් තොගයක් මේ රටෙත් තියෙනවා. ඉතින් මේකෙත් දවස් 90ක් යනතුරු වීසා අවශ්‍ය වෙන්නේ නැහැ.

10. Grenada – මාස 3ක් යනතුරු වීසා අනවශ්‍යයි.

11. Guinea-Bissau – මේ රටේ තත්ත්වෙත් අර බොලිවියාවේ සහ බුරුන්ඩි කියන රටවල්වල වගේ. දවස් 90කට වලංගු වෙන විදියේ පැමිණීම මත වීසා එකක් ලබාදෙනවා.

12. Haiti – හයිටියට ගිහින් එන්න නම් වීසා මොනවත්ම ඕනේ නැහැ.

13. India

ඉන්දියාවට ඕනේ නම් e-Tourist Visa අරගෙනත් එන්න ඇහැකි. හැබැයි තෝරාගත්ත සමහර එයාර්පෝර්ට්වලින් විතරයි.

14. Indonesia

දවස් 30ක් යනතුරු වීසා අනවශ්‍යයි.

15. Iran – මාසයක් යනතුරු වීසා නැතුව මේ රටේ ඉන්න පුළුවන්.

16. Kenya

කෙන්යා කියන්නේ සෆාරිවලට බොහොම ප්‍රසිද්ධ රටක්. විශේෂයෙන් ම සිංහයෝ එහෙම බලන්න කියාපු රට. ඉතින් මාස 3ක් යනතුරු e-Visa එකකින් කෙන්යාවේ ඉන්න ඇහැකි.

17. Lesotho – දවස් 90ක් යනතුරු වීසා ගැන වද නොවී ඉන්න පුළුවන් තවත් රටක් තමයි මේ.

18. Madagascar – අර කලින් කිව්ව බොලිවියාව, බුරුන්ඩි රටවල්වල වගේ දවස් 90කට වලංගු වෙන පැමිණීම මත වීසා ලබාදෙන්න මැඩගස්කර් කටයුතු කරනවා.

19. Malawi – පැමිණීම මත වීසා

20. Maldives

ලංකාවේ තියා කොහේ හිටියත්, මුහුදු තීරයක් කියන්නේ කෙනෙක්ට තමන්ගේ ජීවිත කාලය ඇතුළත කොච්චර සුන්දරත්වය බැලුවත් එපා වෙන්නේ නැති දසුනක්නේ. මාලදිවයින කියන්නෙත් අන්න ඒ වගේ ලස්සන මුහුදු තීරයකුයි, ඒ හා බැඳුණු රෙස්ටෝරන්ට්, හොටෙල් බොහොමයකුයි තියෙන රටක්. මේ රටෙත් දවස් 30කට VOA ලබාදෙනවා.

21. Mauritania – පැමිණීම මත වීසා

22. Micronesia – දවස් 30ක් යනතුරු වීසා අනවශ්‍යයි.

23. Mozambique – මාලදිවයින වගේ ම තමයි. දවස් 30කට පාවිච්චි කරන්න පුළුවන් විදියට, පැමිණීම මත වීසා ලබාදෙනවා.

24. Myanmar

මියන්මාරය කියන්නේ සංස්කෘතික වගේ ම ආගමික වටිනාකම් බොහොමයක් තියෙන රටක්. ඉස්සර බුරුමය කියල හැඳින්වුණෙත් මේ රටම තමයි. දවස් 28කට වලංගු වෙන e-Visa එකකුත් අරගෙන මේ රටට යන්න ඇහැකි. හැබැයි රැන්ගුන් එයාර්පෝර්ට් එකෙන් එනවනම් විතරයි ඒ චාන්ස් එක ඔයාලට හම්බවෙන්නේ.

25. Nepal

බොහොම සරළ විදියට ජීවිත ගත කරන මිනිස්සු ඉන්න නේපාලය, ආගමික පැත්තටත් බොහොම බර රටක්. ඉතින් මේ රටේ සංචාරයකට ගිහින් එනවා නම් දවස් 90කට සරිලන විදියේ පැමිණීම මත වීසා ලබාගන්න ඇහැකි.

26. Palau – දවස් 30කට වලංගු පැමිණීම මත වීසා ලැබෙනවා.

27. Saint Kitts & Nevis – දවස් 30ක් යනතුරු වීසා ඕනෙකමක් වෙන්නේ නැහැ.

28. Saint Vincent & the Grenadines – Saint Kitts & Nevis වගේ ම තමයි. මේ රටට යන්නත් දවස් 30කට වීසා ඕනේ වෙන්නේ නැහැ.

29. Samoa

එන්ට්‍රි පර්මිට් එකක් අරගෙන මේ රටට එන්න ඇහැකි. හැබැයි දවස් 60කට විතරයි ඒක වලංගු වෙන්නේ.

30. Senegal – පැමිණීම මත වීසා 

31. Seychelles – මේ රටට ගියොත් ඒ කට්ටිය ඉල්ලන්නේ visitors permit එක. හැබැයි මාසෙකට විතරයි ඒකත් වලංගු.

32. Singapore

හැමදාම එක තැන හිර වෙලා ඉන්නේ නැතුව, බොහොම මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරලා, දියුණුවේ හිනිපෙත්තට ම ආව සිංගප්පූරුවට යන්න කවුද ආස නැත්තේ? අපේ කට්ටිය සති අන්තෙකට හරි ෆැමිලි වැකේෂන් එහෙම දාගෙන මෙහෙ යන්නේ ඒකනේ. වීසා නැතුව මාසයක් වුණත් සිංගප්පූරුවේ ඉන්න ඇහැකි.

33. Timor-Leste – දවස් 30කට වලංගු පැමිණීම මත වීසා

34. Togo – මෙහෙත් තියෙන්නේ පැමිණීම මත වීසා. හැබැයි වලංගු දවස් 7කට විතරයි.

35. Tuvalu – මාසයක් යනතුරු  වලංගු පැමිණීම මත වීසා එකක් ලබාදෙනවා.

36. Uganda

මාස තුනකට සරිලන පැමිණීම මත වීසා ලැබෙනවා.

37. Vanuatu – දවස් 30ට වීසා අවශ්‍ය වෙන්නේ නැහැ.

එහෙනම් ඉතින්, කල් යල් බලලා, පොඩ්ඩ පොඩ්ඩ සල්ලි කීය කීය හරි එකතු කරලා ලෝකේ වටේ ට්‍රිප් එකක් ගිහින් එන්න ලෑස්ති වෙමු නේද? වීසා කරදරත් නැති නිසා මෙන්න රටවල්  ටිකත් සලකලා බලන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide