වන පියසක තුරුලේ වෙසක් නිවාඩුව! උදේ ගිහින් හවස එන්න කියාපු සුන්දර ආරණ්‍යය සේනාසන 5ක්.

හැන්දෑ ජාමෙට වැටෙන මල් වැහිවල සුවය මහ පොලවටත් දැනිලා. වෙසක් හඳ පායාගෙන අතරට මුළු වටපිටාවම හැඩ වෙලා. ගස් වැල් දළු පීදිලා, පරිසරය කොළ පාටට දිස්න දෙද්දි, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචිය!

ගල්කුළු උඩින් පැන පැන යන වතුර පාරක සිලි සිලිය!

කොළඹ 07 වෙසක් බලන්න ගියාට විඳින්න බෑ යාළු. හිත එක්තැන් කරගෙන, බුදුදහමෙ නිර්මල අර්ථයට පණ පොවන්න නම් නිදහස්, නිවහල් පරිසරයකට පය තියන්නම ඕන.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ‘කලම්බො වෙසක් නයිට් අවුට්’ ගහන කස්ටිය අතරෙ, වෙනසක් හොයන බෞද්ධයින්ට, ඒ වෙනස ලේසියෙන් හොයාගන්න පොඩි ඉඟි ටිකක් දෙන්න.

එහෙනම් කියවල බලන්නකො, පහළින් තියෙනව කොළඹට ගොඩක් ළඟින්, හැබැයි මුළුමනින්ම වනගතව පිහිටල තියෙන අපූරු ආරණ්‍ය සේනාසන 7ක්. ඔයාලට සිල් සමාදන් වෙන්න, බණ අහන්න විතරක් නෙවෙයි හිතේ හැටියට භාවනා කරන්න වුණත් පුළුවන්. එතකොට… අනිත් කට්ටියට පුළුවන් සිල් ඇත්තන්ටයි, මහසඟ රුවනටයි දානමාන දීලා උපස්ථාන කරන්න.

කළොත් කවදාහරි යන තැනකටනේ!

1. කළුගල ආරණ්‍යය

හරි අපූරු සිද්ධියක්. කළුගල නමින් ආරණ්‍ය සේනාසන දෙකක් තියෙනව. එකක් තියෙන්නෙ රුවන්වැල්ල, කරවනැල්ල, අමුණුවල කැලේ ඇතුලෙ. පටන් ගැන්මම අපූරු පාගමනක් නිසා හිතයි, ගතයි දෙකම ප්‍රබෝධමත්ව තියාගෙන ගමන යන්න පුළුවන්. කැලණි ගං මිටියාවතට කිට්ටු පිහිටීමක් නිසා වතුරවලිනුත් කිසිම අඩු පාඩුවක් නෑ. හැරත්, පරිසරයත් හරිම නිස්කලංකයි. ගල් පොත්තකට ගොඩවුණා නම්, භාවනා කරන්න කියාපු.

අනිත් ආරණ්‍යය පිහිටල තියෙන්නෙ සිංහරාජ වන පෙතේ. හරියටම මතුගම, බදුරලිය, ගුරුළුබැද්ද ගම්මානයට කිට්ටුව. සීතල වතුර පාරවල්වලින් විතරක් නෙවෙයි, කුරුලු කොබෙයියො, සතා සීපාවගෙනුත් පිරිච්ච සුන්දර පරිසරයක් නිසා ගත හිත නම් ඉබේටම වගේ සන්සුන් වෙනව. ඒ හැටි ලෙන් නැතුවට මොකද ආරණ්‍ය පුරාම විහිදිලා තියෙන රුක් ආසන ටිකමත් ඇති හිතේ හැටියට භාවනා කරන්න.

2. මීතිරිගල, නිස්සරණ වනය

කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් පෙන්නයි. මොකද එක පාරක් ගිය කෙනෙක්ට වුණත් සදා කල් මතක හිටින තැනක්නෙ. නිතර දෙවේලෙ භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනව. හැබැයි ඉතින් තනිවෙලා ඉඳගෙන ධර්මය මෙනෙහි කරන්න සුදුසු ගල්ලෙන්, විශාල රුක් ආසන වගේ ඒවා නම් මෙතන ටිකක් අඩුයි.

3. බෝධිනාගල ආරණ්‍යය

කොළඹට ගොඩක්ම කිට්ටු තැනක්. ඉංගිරිය කිව්වාම හුඟ දෙනෙක් දන්නවත් ඇතිනෙ. ඉංගිරියෙන්, බෝධිනාගල හරහා දොඹගස් කන්ද රක්ෂිතයට ගියා නම් බෝධිනාගල ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි කැලේ මැදින් පැය බාගෙක විතර පා ගමනක් යන්න තියෙනව. කළු ගං මිටියාවතේ තියෙන අපූරු පිහිටීම මේ ආරණ්‍යය අවට පරිසරය නම් හරිම නිස්කලංකයි. කුරුලු කොබෙයියොත් එමටයි. භාවනා කරන්න වගේම නිදහසේ පාඩුවෙ බණ ටිකක් අහන්න, ධර්ම සාකච්ඡාවක යෙදෙන්නත් කියාපු පරිසරය. මොකද ගල් තලා, පුංචි දිය පාරවල් එහෙමත් හොඳ හැටි තියෙනවනෙ.

4. සල්ගල ආරණ්‍යය

ඡායාරූපය: සන්දමන්

වෙසක් දවසෙ උදෙන්ම පිටත් වෙලා ගම්පහ, පන්නිල පැත්තෙන් ගලපිටමඩට යන්න. ගලපිටමඩ හංදියෙන්, නෙලුන්දෙණිය-තුන්තොට පාරට හරවලා කාගෙන් හරි ඇහුව නම් සල්ගල ආරණ්‍යය කොහෙද කියල අත දික්කරල පෙන්නයි. මොකද සල්ගල ආරණ්‍යය පාරට ගොඩක් කිට්ටුයිනෙ. අනික කැලේ මැදින් මහා ලොකු පාගමන් යන්නත් නෑ. එහෙමයි කියල ආරණ්‍ය පිහිටපු පරිසරයෙ ගහකොළින් අඩුවකුත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන සල්ගල ආරණ්‍යයෙ තියෙන විශාල ලෙනයි, ගල් තලා ටිකයි භාවනා කරන්න කියාපු නිසා නිදහස්, නිස්කලංක ධර්ම වැඩ කටයුතුවලට නම් මෙතන හොඳ හැටි ගැලපේවි.

5. මඩකඩ ආරණ්‍යය

කට්ටිය නාලා, කාලා බීලා එන්න ඉංගිරියෙ නම්බපාන ඇල්ල පැත්තට ගියාට මොකද කවුරුත් මඩකඩ ආරණ්‍යය පැත්තට යැවෙන්නෙ නෑනෙ. එහෙනම් මෙදා පාර ඒ පැත්තට යන්න. ගහ කොළ, සතා සීපාවගෙන් පිරුණු පරිසරයට වෙලා මුළු දවසක් නිවි හැනහිල්ලෙ බණ භාවනා කරන්න. මෙතන ගල් ලෙන් ඒ හැටි නැති වුණා කියල දුක් වෙන්න කාරි නෑ. හොඳ හැටියට වාඩි වෙලා ධර්මය මෙනෙහි කරන්න පුළුවන් තැන් ටිකක් හදලනෙ තියෙන්නෙ.

අපි ඔය කියපු ආරණ්‍ය සේනාසන හැරුණාම සිංහරාජ, කන්නෙලිය, කොට්ටව, හියාරේ, රූනකන්ද වගේ වන පියස අතර හැංගුණු තවත් අපූරු ආරණ්‍ය සේනාසන තියෙන්න ඉඩ තියෙනව. ඒත් අපි ඒවා ගැන හරිහමන් විස්තරයක් දන්නෙ නෑනෙ. ඉතින්, දන්න ඔයාලට පුළුවන් අපිටයි, අපේ යාළුවන්ටයි හැමෝටම දැන ගන්නත් එක්ක ඒ තැන් පහළින් කමෙන්ට් කරන්න.

හරි පාර හොයන කෙනෙක්ට උදව් කරනව කියන්නෙත් ලොකු පිනක් තමයි යාළු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide