හැමදාම බත් කන එකේ.. ගෙදරදි හදාගෙන රස බලන්න කියාපු කොත්තු ජාති 5ක්.

නිකම් රෑට කඩවල් ගාණෙ ගිහින් කොත්තු කාලා බඩයි ඇඟයි දෙක ම සවුත්තු කරගන්න එකේ නරකද ගෙදර දි ම කොත්තුවක් හදාගත්තොත්. අනික ඒක ඇඟටත් හොඳයිනෙ. අනික ගෙදර අයටත් ලොකු වෙනසක් වේවි. ඊටත්, මතක ඇති කාලෙක කුස්සියට ගියපු නැති ඔයාලා එක පාරට කුස්සියට බැහැලා සුපිරි කෑමක් හැදුවා කියන්නේ… කස්ටියම කොරනෙ ඉතින්.

එහෙනම් ඔන්න පල්ලෙහායින් තියෙනව ගෙදර තියෙන අඩුම කුඩුම වලින් කොහොමද රස කොත්තු ටිකක් හදාගන්නෙ කියල. කියවල බලල වැඩේට බහින්නකො එහෙනම්. හැබැයි හදලා කෑවා වගේ නෙවෙයි, අපිටත් රස පදම ගැන කියන්න ඕන හොඳද.

1. පාන් කොත්තු

මේකට හරියන්නෙ පෝරණු රෝස් පාන් තමයි. මොකද ඒවනෙ හොඳ හයියට, රසට තියෙන්නෙ. පාන් කොත්තුවෙ දි මුලින් ම කරන්න තියෙන්නෙ රෝස් පාන් ගෙඩියක් හරි දෙකක් හරි පොඩියට ම කපාගෙන පෑන් එකකට බටර් ටිකක් දාලා පොඩ්ඩක් පෑන් ෆ්‍රයි කරගන්න එක තමයි. හැබැයි ඒ අතරට ලීක්ස්, කැරට්, මාළු මිරිස්, ලූනු, සුදු ලූනු, කරපිංච, ඉඟුරු, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකත් ලෑස්ති කරගන්න ඕන. පාන් ටික ෆ්‍රයි වේගෙන එන කොටම… තාච්චියකට තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියල ඒකට බිත්තරේ කැරලි වෙන්න දාගන්න. ඒ එක්කම එළවළු ටිකයි මිරිස්, ගම්මිරිස්, ලුණු අඩුමකුඩුම ටිකයිත් දාගත්ත නම් වැඩේ හරි. අන්තිමට කරන්න තියෙන්නෙ ඉතින් බැදුම සුවඳ ගහගෙන එද්දි පාන් ටික දාලා හොඳට කලවම් කරලා පොඩ්ඩ කරවෙනකොට බාලා මේසෙට යනව එක.

2. කඩල කොත්තු

මෙව්වත් හරි රස ඒවා හොඳේ!

හැබැයි කඩල ටික හොඳට තැම්බෙන්න ඕන. නැත්නම් වැඩේ සවුත්තු වෙනව.

කොහොම හරි හොඳට තැම්බිච්ච කඩල ටික බටර් ටිකක් එක්ක පෑන් එකක ළාවට ෆ්‍රයි කරගන්න ඕන. හරියට, ෆ්‍රයි වුණා නොවුණා ගානට. ඒ අතරට ලූනු, අමු මිරිස්, කැරට්, ලීක්ස් ටිකකුත් හීනියට ලියල තියාගන්න. කඩල ටික සුවඳ ගහගෙන එද්දි තාච්චියකට තෙල් ටිකක් දාලා, ඒකටත් බිත්තරයක් කැරලි වෙන්න දාලා මිරිස්, ගම්මිරිස් ලුණු පදමත් එක්ක එළවළු ටික එකතු කරලා පොඩ්ඩ මැලවෙද්දි කඩල ටික දාලා කලවම් කරල ගන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න මේකෙදි සෝයා සෝස්, නැත්නම් ඔය කොත්තුවලට දාන මොනව හරි සෝස් වර්ගයක් එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි.

3. මඤ්ඤොක්කා කොත්තු

මේකත් හදන්නෙ කඩල කොත්තු වගේමයි. හැබැයි වැඩිපුර කොච්චි ටිකක්, පොල් ටිකක් එහෙම පාවිච්චි කරන්න වෙනව.

මුලින්ම කරන්න තියෙන්නෙ මඤ්ඤොක්කා ටික හොඳට තම්බ ගන්න එක. ඊට පස්සෙ අර කඩලවලට කළා වගේම වගේ ම මඤ්ඤොක්කා ටිකත් බටර් දාලා පෑන් එකේ ෆ්‍රයි කරගන්න ඕන. ෆ්‍රයි කරද්දි පොඩ්ඩක් අඩි ඇල්ලුවට එහෙම කමක් නෑ. කොහොම හරි ඒ අතරට කොත්තුවට අවශ්‍ය එළවළු, මිරිස් අඩුමකුඩුම ටිකත් ලෑස්ති කරගත්ත නම්, මඤ්ඤොක්කා බාද්දිම වගේ තාච්චියකට තෙල් ටිකක් රත් කරලා බිත්තරයක් කැරලි කරගන්න තිබ්බා. ඒ අතරට මතක තියාගන්න හීනියට කපපු පොල් කෑලි ටිකකුයි, කොච්චි කරල් ටිකකුයිත් තාච්චියට එකතු කරන්න. ඒවත් ළාවට බැදුණ නම් රස ඩබල්. කොහොම හරි අන්තිමට එළවළු ටිකයි මඤ්ඤොක්කා ටිකයි එකතු කරලා පොඩ්ඩ කරවෙන කොට බාගන්නයි තියෙන්නෙ.

4. අළු කෙහෙල් කොත්තු

ගොඩදෙනෙක් නොකෑවට මොකද, මේ විදියට අළුකෙහෙල් හැදුවොත් නම් හැමෝම කයි.

මුලින් ම කරන්න තියෙන්නෙ නියපොත්තක සයිස් එකට විතර අළු කෙහෙල් කෑලි කපලා ඒවා ගැඹුරු තෙලේ බැදගන්න එක. හැබැයි බැදලා ඉවර වෙලා ලුණු, මිරිස් ගම්මිරිස් කුඩු, දෙහි දාලා ටික වෙලාවක් පදම් වෙන්න තියෙන්න ඕන. ඔන්න ඊට පස්සෙ අර කලින් කොත්තු හැදුවා වගේ ම තාච්චියකට තෙල් ටිකක් රත් කරගෙන බිත්තරයක් කැරලි වෙන්න දාලා හීනියට ලියාගත්ත ලූනු, සුදු ලූනු, ලීක්ස්, කැරට්, මාළු මිරිසුත් එකතු කරගන්න. ඒ එක්කම කෑලි මිරිස්, සෝයා සෝස් වගේ දෙයකුත් එකතු කරගත්ත නම් මරු. කොහොම හරි අන්තිමට අළු කෙහෙල් ටිකත් එකතු කරලා පටස් ගාලා බා ගන්නයි තියෙන්නෙ. ඒත් එකක් මතක තියාගන්න. මේ කොත්තුව නම් අඩි අල්ලන්න තියන්න එපා. මොකද එතකොට රස අවුල් යන්න ඉඩ තියෙනව.

5. සෝයා කොත්තු

මේකත් මරු කොත්තුව. හැබැයි ටිකක් වෙනස් රසක්.

මේකෙ දි මුලින් ම කරන්න ඕන සෝයා අරගෙන ලුණු ටිකක් දාලා හොඳට තම්බ ගන්න එක. ඊට පස්සෙ ඒවා දෙකට කපන්න ඕන. දෙකට කපපු සෝයා කෑලි බටර් දාලා හොඳට පෑන් එකේ ෆ්‍රයි කරගන්න. ඒ අතරට එළවළු අඩුමකුඩුම ටික ලෑස්ති කරගෙන… තාච්චියකට තෙල් ටිකක් රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වෙද්දි මුලින් ම බිත්තරයක් කැරලි වෙන්න දාලා ලූනු, සුදුලූනු, කරපිංචා, මිරිස් ගම්මිරිස් ටිකත් එකතු කරන්න. ඒ ටික සුවඳ ගහගෙන එද්දි එළවළු ටිකයි අර සෝයා ටිකයිත් එකතු කරන්න. හැබැයි එකක් මතක තියාගන්න මේකෙදි නම් සෝයා සෝස් හරි ඔය කොත්තුවලට මොනවම හරි සෝස් එකක් එකතු කරන්න. නැත්නම් සෝයා එකෙන් හරි හැටි රස එන්නෙ නැතිවෙයි.

කොහොම වුණත් අවසාන වශයෙන් මතක තියාගන්න මේ කොත්තුවලට බිත්තර විතරක් නෙවෙයි චිකන්, සැමන් එතකොට ඔය සීෆුඩ් ජාති, නැන්නම් ඕනම මස් ජාතියක් වුණත් එකතු කරන්න පුළුවන්. එතකොට ඉතින් රසත් ඩබල්, ඊටත්… සන්තෝසෙත් ඩබල්නෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide