කන්න කියාපුම කඩ ටික ඔන්න..
1. Tropical Yum
බොරැල්ල කිතුල්වත්ත පාරෙ තියෙන මේ ප්ලේස් එක, කැෆේ එකක් වුනාට හරි ලස්සනට ගහ කොලින් හැඩ කරලා ෆුල් ඉකො විදියට හදලා තියෙන්නෙ. ඉතින්.. යන කෙනෙක්ට පැහැදිලිවම, නිදහසේ පාඩුවෙ කෑම ටික රස බලන්න පුලුවන්. මෙයාලගේ.. තියෙනව කලුපොල් පෝර්ක් විත් පොල් රොටි එකක්. ගාණ රු. 1200ක් වගේ. හැබැයි දෙන්නෙක්ට ඇති වෙන්න කන්න පුලුවන්. ඊටත් රස? පංකාදුයි කියන්නෙ යාළු.. කොහොම පදම අරගෙනද කියලා හිතා ගන්න බැරි තරමට රසයි. කිව්වට විශ්වාස කරන්න ඒ හැටි තෙලුත් නෑ. මිරිස්, තුනපහ, ඉඟුරු, සුදුලූණු වලින් අඩුවකුත් නෑ. ඊටත් පොල් බැදලා, අබ, රම්පෙ කරපිංචා, රතු මිරිස් එක්ක අඹරලා දාලා..
2. Ruwala Beach Restaurant
දෙහිවල බීච් එකේ තියෙන රෙස්ටුරන්ට් එකක්. හම්මෝ.. අපි පැල් බැඳගෙන කෑවෙ මේ පෝර්ක් කරිය. රු. 900ක් වුනාට තෙල් කෑලිත් බොහොම අඩුවෙන්, හොඳහැටි කලු පාටට බැදුණු තුනපහ, මිරිස්, ඉඟුරු සුදුලූණු අඩුම කුඩුම සියල්ල සමඟින්.. වැඩිය ඔ්න නෑ, බිත්තර රයිස් එකක්, මේ කරියත් එක්ක වාශ්ප වුනු වාශ්පවිල්ලක්.. මේසෙට ඇවිල්ලා විනාඩි 10ක් යන්න නැතුව ඇති. ඊටත් අපේ මේ යමු සෙට් එක, එකක් කාලා ඒකෙන්ම තව එකක් ගෙන්නන තරම් කියන්නෙ?
3. Junk Yard By The Barn
නවරෝහල වැව් ඉස්මත්තෙ හරි ලස්සන ඇන්ටික් ස්ටයිල් එකකට හදාපු මේ රෙස්ටුරන්ට් එකේ.. තියෙනවා කහබත් සමඟ බ්ලැක් පෝර්ක්. ම්.. රු. 1100න් යන්නෙ. ගාණ නම් හොඳටම වැඩියි තමයි. හැබැයි තැනේ තියෙන චිල් එකයි, රසයි එක්ක බලද්දි පාඩුත් නෑ. අනික පෝෂන් එකත් සාමාන්‍යයෙන් බයිට් එකට වගේ නම් දෙන්නෙක්ට හොඳටම ඇති. එකම අවුල තියෙන්නෙ මෙයාලගෙ පෝර්ක් එකේ තෙල් කෑලි ටිකක් වැඩිපුර තියෙන එක තමයි.
4. New Hotel Nisha
බඩ පැලෙන්න පෝර්ක් කන්න.. යන්න කොට්ටාව ‘පොල්අතු බත් කඩේට’. ගිහිල්ලා ගන්න පෝර්ක් කරියක්. රු. 300යි වෙන්නෙ. හැබැයි ඉතින්.. බත්, පාන්, රොටි.. ඔ්නම දෙයකට නොම්මර එකට ගැලපෙනවා. වැඩේ තියෙන්න ඉතින් කරියෙ මස් කෑලි තෙල් කෑලි බාගෙට බාගෙ වගේ තියෙනවා. ඒ හැරුනාම මිරිස් තුනපහ සියල්ල බැදලා කරලා දාලා.. හොඳ ඝනේට හොද්ද තියෙන්න හින්දලා..
5. Gedara
කොට්ටාවට දෙවනි නොවෙන්න පෝර්ක් කරියක් පන්නිපිටියෙනුත්. මේකත් රු. 400ක් වගේ වෙන්නෙ. හැබැයී සාමාන්යම කරිය. රස නොම්මර එකට තියෙනව වුනාට.. තෙල් කෑලි, මස් කෑලිත් බාගෙට බාගෙ වගේ. එතකොට.. මිරිස්, තුනපහ අඩුම කුඩුමත් බැදල නෙවෙයි දාලා තියෙන්නෙ, කරියට ගැලපෙන්න ඇතිලියෙ තැම්බෙන්න..
කොහොම වුනත් රතු බතකට වගේ නම්..!