ගෙදර තියෙන දෙයින්, ගෙදර ඉන්න ගමන් හදන්න.. රස වෑහෙන ක්ෂණික කෑම 5ක්.

බලන්න..

නිතර දෙවේලෙ ගෙදර තියෙන දෙයින් හදන්න කියාපු කෑම ජාති ටිකක්,

ඔන්න!

1. බ්‍රෙඩ් නගට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය: පොඩියට කපාගත්ත රෝස් පාන් 1/2ක්, බිත්තරයක්, ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස්. 

මුලින්ම බිත්තරය කඩලා ලොකු භාජනයකට දාලා ඒකටම රස පදම බලලා ලුණු, ගම්මිරිස් ටිකකුත් දාලා පාන් ටික දාන්න පෙඟෙන්න. ලොකු වෙලාවක් නෙවෙයි, විනාඩි 10-15ක් වගේ. ඒ අතරට තෙල් තාච්චියකුත් ලිපේ තියාගත්තා නම් පෙඟිච්ච පාන්, කෑල්ලෙන් කෑල්ල දාලා රන්වන් පාටට බැදගන්නයි තියෙන්නෙ.

2. ක්‍රන්චි පොටෑටො බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය: ග්‍රේට් කරගත් අල ගෙඩියක්, හීනියට ලියපු ළූණු ගෙඩියක්, ලුණු, මිරිස්කුඩු, පාන්පිටි මේස හැන්දක් වගේ, පොල්තෙල්.

පටන් ගැන්මෙදි අල ටික කූල්වතුර එකකට දාලා විනාඩි 5ක් විතර තියලා වතුර මිරිකලා ගන්න. ඊට පස්සෙ ඒකට ළූණු, ලුණු, මිරිස්කුඩු හා පාන්පිටි දාලා කලවම් කරලා විනාඩි 3-5ක් තියන්න. තියලා ඉතින් බෝල හදලා.. ගැඹුරු තෙලේ බැදගන්න!

3. පකෝඩා

ඔ්න කරන්නෙ කඩල පිටි කොප්පයක්, රුලං කොප්ප 1/2ක්, තම්බලා පොඩි කරපු ලොකු අලගෙඩියක්, කොත්තමල්ලි කොළ මේස හැඳි 2ක්, ළූණු ගෙඩියක්, ඉඟුරු, ලුණු, අමුමිරිස්, කහකුඩු තේ හැඳි 1/4ක්, තුනපහ තේ හැඳි 1/4ක්, සූදුරු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු තේ හැන්දක්, යෝගට් මේස හැඳි 3ක්, වතුර කොප්ප 1/4ක්.

ඉස්සෙල්ලාම ලොකු බෝල් එකක් අරගෙන ඒකට කඩල පිටි, රුලං, පොඩිකර ගත්ත අල, කොත්තමල්ලි කොළ, හීනියට කපා ගත්ත ළූණු, ඉඟුරු, රස පදමට ලුණු, හීනියට කපාගත්ත අමුමිරිස්, කහ, සූදුරු, මිරිස් කුඩු, යෝගට් දාලා හොඳ හැටියට කලවම් කරන්න. කලවම් කරලා ඒකටම වතුර දාලා ටිකක් දියාරුවට මෝලිය අනලා විනාඩි 15-20ක් වහලා තියන්න. වහලා තියලා.. නන්ස්ටික් පෑන් එකක් රත් කරගෙන ඒකට අර මෝලියෙන් ටික ටික වත් කරන්න. වත් කරලා වහලා තමයි ෆ්‍රයි කරගන්න ඔ්න. බිස්කට එක වගේ රන් පාටට හයිවේගෙන එනකොට බාලා ගන්නයි තියෙන්නෙ.

4. ෆිෂ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය: තලපත් හෝ කෙලවල්ලන් මාළු ග්‍රෑම් 500යි, ඉස්සො ග්‍රෑම් 200යි, සුදුළූණු බික් 4යි, අමුමිරිස් කරල් 4යි, ඉඟුරු, හීනියට ලියපු ළූණු ගෙඩි 2යි, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් තේ හැන්දක්, දෙහි ඉස්ම ටිකක්, කෝර්න්ෆ්ලා මේස හැන්දක්, බිත්තරයක්, තෙල්.

පළමුව.. මාළු සහ ඉස්සො ටික සුද්ද කරලා, හෝදලා පොඩියට කපන්න. කපලා එකට බ්ලෙන්ඩ් කරන්න. කරලා ඒකටම පොඩියට කපපු කරපිංචා, සුදුළූණු, අමුමිරිස්, ඉඟුරු, ළූණු, ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස්, දෙහි, කොර්න්ෆ්ලා සහ බිත්තරයත් දාලා ආයෙත් පේස්ට් එකක් වෙනකම් අනාගන්න. අනලා හැන්දකින් හරි අතින් වුනත් අවුලක් නෑ කෑලි කඩලා අරගෙන පොඩි රෝල්ස් හදා ගන්න. අන්තිමටම තියෙන්නෙ ඉතින් ගැඹුරු තෙලේ බැදගන්න තමයි.

5. බිස්කට් ක්‍රම්බ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය: බිස්කට් කුඩු කෝප්ප 2යි, සීනි කෝප්පයක්, බේකින් පවුඩර් තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි 1/2ක්, කිරිපිටි මේස හැන්දක්, පාන්පිටි පිටි කෝප්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්, වැනිලා තේ හැඳි 1/2ක්, කජු.

සාදන ආකාරය: බෝල් එකක් අරගෙන ඒකට බිස්කට් කුඩු, පාන්පිටි දාලා හොඳට මික්ස් කරන්න. ඊළඟට ඒකට සීනි, බේකින් පවුඩර්, බේකින් සෝඩා හා කිරිපිටි දාලා ආයෙත් කලවම් කරන්න. ඒ අතරට වෙනම බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් සහ වැනිලා දාලා මිශ්‍ර කරලා.. අර පිටි මිශ්‍රණයටම දාලා ගෑරුප්පුවකින් වගේ හොඳට කලවම් කරගන්න. අන්තිමටම ඒක අවන් ට්‍රේ ඒකකට දාලා තුනී කරලා, කජු ටිකකුත් අතුරලා සෙල්සියස් 180, විනාඩි 30-35ක් බේක් කරගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide