වසංගතය මැද්දෙත් හිනා වෙලා ඉන්න, ලෝකේ සතුටු ම රටවල් 5.

ජාත්‍යන්තර සතුටු වීමේ දිනය යෙදිලා තියෙන්නේ මාර්තු 20 වෙනිදට. 2013 අවුරුද්දේ තමයි මෙහෙම දිනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළේ. මේ සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ භූතානය විසින්. ඒ 2011දී. යහපැවැත්ම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සතුටින් ඉඳීම අතිශයින් වැදගත් බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉතින් 2013 පටන් ඒ වෙනුවෙන් හැම අවුරුද්දක ම මාර්තු 20 වෙනිදට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් එක්තරා වාර්තාවක් (World Happiness Report) නිකුත් කරලා ජාත්‍යන්තර සතුටු වීමේ දිනය සමරනවා. මේ වාර්තාවේ තියෙන්නේ ලෝකේ සතුටින් ම ඉන්න ජනතාව සහිත රටවල්වල ලැයිස්තුවක්.

මේ ලැයිස්තුව සකස් කරන්නේ යහපැවැත්ම සම්බන්ධ නිර්ණායක හයක් පදනම් කරගෙන. ඒ තමයි ආදායම, නිදහස, විශ්වාසය, අපේක්ෂිත ආයු කාලය, සමාජ සහයෝගය සහ ත්‍යාගශීලී බව.

මේ 2020 අවුරුද්ද මුළු ලෝකෙට ම එච්චර සුබදායක අවුරුද්දක් නෙවෙයි නේ. ඉතින් මේ අවුරුද්දේ කාට වුණත් සතුටින් ඉන්න පුළුවන්කම අඩුයි. හැබැයි එක්සත් ජාතීන්ගේ සතුටු වීමේ වාර්තාවට අනුව මේ ජරමර වසංගත අස්සෙත් සතුටින් ඉන්න මිනිස්සු සහිත රටවල් තියනවා. අපි මේ කියන්න යන්නේ ඒ රටවල් සහ ඔවුන් සතුටින් ඉන්න හේතු ගැන.

ෆින්ලන්තය

2020 සතුටු වීමේ වාර්තාවට අනුව ලෝකේ සතුටු ම මිනිස්සු ඉන්න රටවල් අතර ප්‍රමුඛයා ෆින්ලන්තය. ෆින්ලන්තය මේ කිරුළ දිනාගන්නේ පිට පිට තුන්වෙනි වතාවට වීමයි විශේෂත්වය. ලෝකේ හොඳ ම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ කියල අහල ඕගොල්ලො ඇති නේ. ඉතින් වසංගත කාලයේත් ෆින්ලන්තය ලෝකේ සතුටු ම රට වීමේ රහස ගැන ෆින්ලන්ත අගනුවර හෙල්සින්කිහි වාසය කරන සැමුවෙල් කොපරොයිනන්, සීඑන්එන් ප්‍රවෘත්ති සේවාවට පවසන්නේ මෙබන්දක්.

“ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවයක් ගැන ඇති විශ්වාසය කියන්නේ යහපැවැත්මේ ප්‍රධාන ම සාධකයක්. අසනීප වුණොත්, ආබාධිත වුණොත්, තමන්ට නිවැරදි ව ඒකට ප්‍රතිකාර ලැබෙන බවට ෆින්ලන්ත ජනතාව තුළ දැඩි විශ්වාසයක් තියනවා. එහි ගුණාත්මක භාවය ගැන අපට සැකයක් නැහැ.”

ඒ වගේ ම කොරෝනා නිසා ඇති වන රැකියා අස්ථාවර භාවයත් මේ කාලයේදි ලෝකෙ වටේ ම මිනිස්සුන්ට ප්‍රශ්නයක්. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙම.

“අපිට රැකියාව අහිමි වුණොත්, අපි හෝ අපේ දරුවන් අසනීප වුණොත් රජය අපිව බලාගන්නවා. කිසියම් විදිහකින් ආදායම අහිමි වුණොත් අපිට හානිපූරණ වන්දි මුදල් හම්බ වෙනවා. අපේ දෛනික ජීවිතය පවත්වාගෙන යන්න ඒක හයියක්. ඒ වගේ ම නගර සභා සහ පල්ලි මඟිනුත් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට ආධාර සපයන්න කටයුතු සංවිධානය කරලා තියනවා.”

ඩෙන්මාර්කය

ලෝකේ සතුටින් ම ඉන්න ජනතාව සහිත රටවල් අතරින් මේ වසරේ දෙවැනි තැන ලැබෙන්නේ ඩෙන්මාර්කයට. හැම අවුරුද්දෙ ම වගේ සතුටු රටවල් ලැයිස්තුවේ මුල් පහ අතරට එන රටක් ඩෙන්මාර්කය. රටවල් 156ක් අතරින් දෙවැනි තැන ලැබීමත් ජයග්‍රහණයක් නේ. 

ඩෙන්මාර්කය කියන්නේ සමාජ සුබසාධනය සම්බන්ධයෙන් වන පොදු වගකීම ගැන හොඳ අවබෝධයක් සහිත ජනතාවක් ඉන්න රටක්. එකිනෙකාගේ යහපැවැත්ම වෙනුවෙන් හැමෝම කටයුතු කළ යුතු ආකාරය ගැන ඔවුන් නිතර අවදියෙන්. සමානාත්මතාව සහ එකමුතුකම අතිනුත් ඩෙන්මාර්ක් ජනතාව ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ම වසංගත අවස්ථාවේ තමන්ගේ හැසිරීම මොන වගේ විය යුතු ද කියල ඔවුන් දැනුවත්. ඒ වගේ ම කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය විනය මොවුන් ළඟ තියන නිසා නිවැරදිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නත් ඔවුන් පෙළඹෙනවා.

මේ අයගේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් ම වගේ ගාස්තුවලින් තොරයි. වියපත් වැඩිහිටියන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍යය ගැන රජය බෙහෙවින් උනන්දුයි. වයස්ගත උදවියට විශ්‍රාම වැටුපට අමතරව, අවශ්‍ය නම් රැකබලා ගන්නෙකුත් ගෙදරට ම සපයනවා. රැකියා අහිමි වන අයට නැවත රැකියාවක් ලැබෙනකන් රජය ඔවුන්ට සහයෝගය දෙනවා.

ස්විට්සර්ලන්තය

දන්නව නේ චොක්ලට්වලට ප්‍රසිද්ධ ස්විට්සර්ලන්තය? 2015 අවුරුද්දේ සතුටු රටවල් ලැයිස්තුවේ පළමු තැන ගත්ත ස්විට්සර්ලන්තයට මේ අවුරුද්දේ ලැබෙන්නේ තුන්වෙනි තැන. ස්විට්සර්ලන්තය කොහොමත් ධනවත් රටක්. ඒ වගේ ම එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය අවුරුදු 80ක් පමණ වෙනවා. ලෝකේ ස්ථුල භාවය අඩු රටවල් අතරිනුත් ස්විට්සර්ලන්තය පෙරමුණේ ඉන්නවා. ඒ නිසා ඔවුන් ඉතා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කියල කියන්න පුළුවන්.

ස්විට්සර්ලන්තයේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යක්ෂමයි. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නෙත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ චොක්ලට් කර්මාන්තයත් මේ සතුටට බලපානව කියල දන්නවද? චොක්ලට් කියන්නේ මොළයේ තියන ඩොපමීන් කියන සතුට දනවන රසායනිකය රිලීස් කරන කෑමක්. ඉතින් නිතර චොක්ලට් කෑමත් ස්විට්සර්ලන්ත ජනතාව සතුටින් ඉන්න හේතුවක් ලු!

අයිස්ලන්තය

ලැයිස්තුවේ හතර වෙනි තැන ඉන්නේ අයිස්ලන්තය. මේක පුංචි වුණත් හරි ම සාමකාමී රටක්. කොටින් ම ඔවුන්ට හමුදාවක්වත් නෑ. අපිට හමුදාවක් ඕනෙත් නෑ කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේ ම විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ඔවුන් සතුයි. ලෝකේ අඩු ම ළදරු මරණ සංඛ්‍යාවක් සහිත රටවල් අතරින් අයිස්ලන්තය ප්‍රමුඛ තැනක ඉන්නවා. ලෝකයට සාපේක්ෂව ඉහළ ම ආයු කාලයක් අත්විඳින්නත් මේ රටේ ජනතාව සමත්.

මේ රටින් කොරෝනා රෝගීන් 1841ක් වාර්තා වුණත් ඉන් 1823ක් ම සුවය ලැබුවා. ඒ අතරෙ ම කොරෝනා මරණ සංඛ්‍යාව 10කට සීමා කරන්න අයිස්ලන්තයට හැකි වුණා. ඒ අනුව දැන් අයිස්ලන්තයේ සුවය නොලැබූ කොරෝනා රෝගීන් ඉන්නේ අට දෙනෙක් විතරයි. කොරෝනා පැතිරීම වළක්වාගන්න මේ ජනතාව කොයි තරම් හොඳින් රජයට සහාය වුණා ද කියනවා නම්, රට ලොක්ඩවුන් කරන්නවත් අවශ්‍යතාවක් මතු වුණේ නෑ. ඒ වෙනුවට මිනිස්සු නිවැරදිව නිරෝධායන සහ සෞඛ්‍ය නීතිරීති පිළිපැද්දා.

නෝර්වේ

2017 වර්ෂයේ සතුටු රටවල් ලැයිස්තුවේ පළමු තැන ගත් නෝර්වේ රාජ්‍යය මේ වෙද්දි පස් වෙනි තැනට පත් වෙලා. කොහොම වුණත් බහුතරයක් රටවලට සාපේක්ෂව ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුබසාධන අංශ හුඟක් ශක්තිමත් බව කියන්න පුළුවන්. කොටින් ම මේ අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදය ඉන්නේ ලැයිස්තුවේ 18 වෙනි තැන. එක්සත් රාජධානිය ඉන්නේ 13 වෙනි තැන. ජපානය 62 වෙනි තැන සහ චීනය 94 වෙනි තැන ගන්නවා. ධනවත් ආර්ථිකයක් තිබීම පමණක් සතුටු වීමේ රහස නොවෙන බව ඉන් ඔප්පු වෙනවා.

නෝර්වේහි ඉන්නේ සාපේක්ෂව අඩු ජනගහනයක්. ඔවුන් කියන විදිහට රජය ක්‍රියාත්මක කරන නිවැරදි නීතිරීති සහ ප්‍රතිපත්ති නිසා තමන් සමාජ සහ ආර්ථික අතින් සුරක්ෂිතයි කියල ඔවුන්ට දැනෙනවා. නොර්වේවලින් වාර්තා වුණ කොරෝනා රෝගීන් 9000 අතරින් 8500කට අධික සංඛ්‍යාවක් සුවය ලැබුවා. වසංගත මර්දනයේදී ඔවුන් ක්‍රියාත්මක කළ වැදගත් ම පියවර වුණේ එක් දිනකදී පීසීආර් පරීක්ෂණ සුවිශාල සංඛ්‍යාවක් සිදු කිරීමයි. ඒ අනුව මේ වෙද්දි ඔවුන් පරීක්ෂණ ලක්ෂ දෙකහමාරකට අධිකව සිදු කරලා තියනවා.

ලෝකේ සතුටු ම රටවල් 10 අතර ඉතිරි රටවල් 5 වෙන්නේ නෙදර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ඔස්ට්‍රියාව සහ ලක්සම්බර්ග්. ලැයිස්තුවේ අවසාන හරිය නිරීක්ෂණය කළාම ලෝකේ අසතුටු ම රටවල් හඳුනාගන්න පුළුවන්. ඒ අනුව යට ම ඉන්නේ ඇෆ්ගනිස්තානය. ඊට අමතරව දකුණු සුඩානය, සිම්බාබ්වේ, රුවන්ඩාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ටැන්සානියාව, බොට්ස්වානා, යේමනය, මලාවි සහ ඉන්දියාව ලෝකේ අසතුටු ම රටවල් 10 වෙනවා. රටවල් 156ක් අතරින් අපේ ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන්නේ 130 වෙනි තැන. ඒක නම් සතුටට කාරණයක් නෙවෙයි…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide