අනුග්රහය: කොකා කෝලා
සීතල දවස් ටිකේ… නෙහ්! කොහොමද හැන්දෑවට හැන්දෑවට, හොඳ සැරට උණු උණු කෑම ටිකක් රස බලන්න තිබ්බ නම්.. ඒකත් නිකම් නෙවෙයි, බඩ කටට දැනෙන්න ඇඟපත රොක් වෙලා එන්න… රස වෑහෙන මස් මාළු තොගයක් එක්ක වගේ. හැරත් වැඩ ඇරිල යන වෙලාව නිසා.. යාළුවෙක් එක්කත් සෙට් වෙලා, ඇති පදමට කන්න තියෙන ලොකු පෝෂන් එකක් වුණා නම් තවත් මරු.
වැඩේ කියන්නෙ ඉතින් එහෙම ඒවා තියෙනව. ඒත් සීමාසහිතයිනෙ. ගොඩදෙනෙක් තියා සමහර තැන් අපි දන්නෙත් නෑ. කොහොමහරි ඉතින් අමාරුයි කියල අපි වැඩේ අතඅැරියෙත් නෑ. හොයල හොයලා.. හොයා ගත්තා, කටට රහට ‘දයියම’ කන්න කොළඹ අවටින් කියාපුම තැන් 5ක්.
ඔන්න පහළින් තියෙනව. බලන්නකො කොහොමද කියල. හැබැයි එකක්… දයියා කෑවා වගේ නෙවෙයි තොල කට නිවාගන්න කූල් කෝක් එකක් අරන් තියාගන්න නම් අමතක කරන්න එපා!
1. චිලි පරාටා, Shanmugas
සැරට ම කන්න හොඳම එක! තියෙන්නෙ වැල්ලවත්ත රාමක්රිෂ්ණ පාරෙ ‘ශන්මුගාස්’ එකේ. ප්රධානම දේ තමයි මේක උණු උණුවෙන් කන්න ඕන. නැත්නම්… නිවුණට පස්සෙ මෙලෝ රහක් නැති වෙනව. ඇයිද කියන්න දන්නෙ නෑ. සමහරවිට මෙයාලා මේකට දාන තන්දුරි, කුළුබඩු අඩුම කුඩුමවල ප්රශ්නයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් උණු උණුවෙන් කද්දි නම් මේ පරාටාවල රසට ගහන්න වෙන රසකුත් නැති තරම්. ඇයි අප්පේ.. මදි නොකියන්න සියලු දේ දාලනෙ. අනික ඒකත් එක්ක ටොප් හොද්දකුත් එනවනෙ.
2. හොට් බටර් කට්ල්ෆිෂ්, Kandoori
අනිත් කෑම ගැන නම් අවංකයෙන්ම වගකීමක් ගන්න බෑ. හැබැයි වැල්ලවත්ත, කන්දුරි එකේ හොට් බටර් කට්ල්ෆිෂ් නම් එකෙන්ම තරු පහයි ඈ… සුපිරිම කියන්නෙ ආයෙ පංකාදුයි. තඩි දැල්ලො කෑලි අටක්, දහයක් හොඳ හැටි බටර් මිශ්රණයෙ තවරල ලුණු, ගම්මිරිස් පදමත් නූලට තියල ෆ්රයි කරලා තියෙනවා… කන්න කන්න කට පිස්සු වැටෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒකෙ රස පදම එන්න බැදපු මිරිස් කෑලි, මාළු මිරිස්, කෑලි මිරිස් එහෙමත් හොඳ හැටි එකතු කරලා. සැරත් උපරිමයෙන්. කොටින්ම, ඒකට නම් කෝක් බඩියක් මතක ඇතුව හොඳේ.. නැත්නම් අඬන්න වෙන්නෙ.
3. ලොබ්ස්ටර් බිරියානි, Isso
ලේසියකට හොයාගන්න බැරි කෑමක් තමයි. ඒ වගේම තමයි හොයා ගත්තොත් ආයෙ සුපිරිමයි ඉතින්. මොකද පොකිරිස්සොනේ…
ඒ නිසාම… අපි ට්රයි කරලා ඔන්න හොයාගත්ත, තිඹිරිගස්යාය ‘ඉස්සො’ එකේ රස වෑහෙන සැර ම සැර ලොබ්ස්ටර් බිරියානි එකක් තියෙනව කියල. වැඩේ තියෙන්නෙ ඒකෙ ගාණ, බිරියානි එකට වඩා සැර එකනෙ. කොහොමහරි ඉතින් ඒක බැලන්ස් කරගත්තොත් නම්… හිතේ හැටියට, ලොබ්ස්ටර් තොගයක් එක්ක, බාස්මති හාලෙ බතෙන් හැදිලා, කජු මුද්දරස්පලම් එහෙමත් මදි නොකියන්න එකතුවුණු සුපිරි බිරියානි එකක් රස බලන්න පුළුවන්. අනික ඒකටත් අර බැදපු බිත්තරේ, අනිත් බිරියානි අඩුම කුඩුම ටිකත් එනවනේ.
4. ජැෆ්නා ක්රැබ් කරි, Mayura Hotel
ෂැහ්! අන්න කඩ. සැර කියන්නේ… යාපනේ කකුළු කරිය තියෙනව නිකම් දුම් දාන්න. බතකට පිට්ටුවකට වගේම රොටි, ඉඳි ආප්ප, පාන් වගේ දෙයක් කන්න වුණත් නියම හොද්ද. හැබැයි ඉතින් අනිවා පරිප්පුවකුත් තියෙන්න ඕන ඒකත් එක්ක. මොකද ඒ සැර ඇල්ලුවොත් එහෙම කෝක් වලින් නිවන්න වෙන්නනෙ නෑ. ඇයි අප්පේ තනිකරම මිරිසුයි තෙලුයිනෙ.
ආ… කියන්න බැරි වුණානෙ, මේ ප්ලේස් එක තියෙන්නෙ පිටකොටුවෙ කදිරේෂන් පාරෙ හොඳද.
5. රයිස් ඇන්ඩ් කරි, Yarl Hotel
වැල්ලවත්තෙ යාල් හෝටලේ කිව්වාම කවුරුත් හොඳහැටි දන්නව. මොකද එතනින් ඕන මසක් මාළුවක් එක්ක බඩ කට පිරෙන්න කන්න පුළුවන්නෙ. අනික කෑමත් අපිටම හරියන විදියට හොඳ සැරට, උණු උණුවට තියෙනව. කෙහෙල් කොලේට බෙදිලා එහෙම මේසෙට එන ඒ කෑම එක… ඇත්තටම, මතක් වෙද්දිත් කටට කෙළ උනන ගානයි. අනික එයාල ළඟ මිරිස් තුනපහ අඩු නැතුව දාපු සුප්ප මට්න්, චිකන්, ක්රැබ්, කට්ල්ෆිෂ් වගේ කරි තොගයකුත් තියෙනවනෙ. එළවළු ජාති තුන හතරක් එක්ක එයින් කරියක් ගැළපුණා කියන්නෙ ඉතින්… ගමකට කතහැකි,
කෝක් බඩියක් එක්ක!
ඕං…