ලෙල්ල තමයි රසම! කුස්සියෙන් අයින් කරන දෙයින් හදාගන්න සුපිරි කෑම වර්ග 5ක්.

“අන්න විසි කළා! මෝඩයා,

අපරාදෙ වැටකොළු ලෙලි ටික. රහට හදල ගන්න තිබ්බනෙ”

“මොකක්?

ලෙලි?

රහට හදන්න?

මම කොහොමද අම්මෙ, ඕවා දන්නෙ. එක්කො විසි කරන්න කලින් කියන්න ඕන”

“ඔව් ඔව්, උඹල දන්නෙ නෑ. අනික උඔල ගෑනු ගෙනැල්ල කුස්සි බාර දෙද්දි මේ කෑම තියෙන එකකුත් නෑ.

ඒකට කමක් නෑ, වැඩක් නැත්තං, ඔතනින් වාඩි වෙලා අහගන්නකො. අපි නැති කාලෙක, පොඩි එකෙක්ටවත් හදල දෙන්න”

1. අළු කෙසෙල් ලෙලි සම්බෝල

Image: මුහුණු පොතේ මුළුතැන්ගෙය Recipes Page

වැටකොළු ලෙලි හදන හැටි කියන්න කලින්, මම කියන්නම්කො අළු කෙහෙල් ලෙලි හදන හැටි. මොකද ඒක නිතර දෙවේලෙ ගෙදර හැදෙනවනෙ.

අළු කෙහෙල් උයන්න කලින්, පොතු ගහල ලෑස්ති කරනවනේ. අන්න ඒ පොතු ටික අරගෙන, හොඳට හෝදල කරල, හීනියට ලියාගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ගැඹුරු තෙලේ බැදගන්න ඕන. ඒ අතරට තක්කාලි, බී ලූණු, අමු මිරිස්, උම්බලකඩ දාපු සම්බෝලයකුත් හදා ගන්න ඕන. බැදපු අළු කෙහෙල් ලෙලි ටිකේ තෙල් බේරුනාට පස්සෙ සම්බෝලෙට, දාලා කලවම් කරල ගත්ත නම් හරි. හැබැයි මතක ඇතුව, හොඳ හැටි ඇඹුල තියෙන්න දෙහි ගෙඩි 1ක්, 2ක් වත් දාන්න.

2. කොස් වහලු කට්ලට්

Image: Deshaya

මේවා කියද්දි උඹලා හිනාවෙයි. ඒත් හදල දෙන්න ඕන, තලු මර මර දෙසා බාන හැටි බලන්න.

ඔය හරකුන්ට දාන කොස් වහලු තියෙනව නේ. කටු පොත්ත රැහැලා, ගොරක දාලා, හොඳ..ට තම්බන්න. තම්බල වතුර පෙරෙන්න තියල පොඩි පොඩි කෑලි වලට කපල, හෝදන්න. ඊට පස්සෙ ඒක එහෙම තියල, තාච්චියකට තෙල් ටිකක් දාලා ලූණු, රම්පෙ කරපිංච ටිකක් ලාවට බැද ගන්න ඕන. බැදුම රන්වන් පාට වේගෙන එද්දි, අමු මිරිස්, කෑලි මිරිස්, කූනිස්සො ටිකක් එහෙමත් එකතු කරල, රස පදමට ලුණු, ගම්මිරිස් ටිකක් දාගත්ත නම් හරි. අන්තිමටම, තියෙන්නෙ කොස් වහලු ටිකයි, තම්බල පොඩි කරගත්තු අල ටිකකුයි එකතු කරල මිශුණය හදාගන්න. ඊට පස්සෙ ඉතින්, සාමාන්‍ය විදියට කට්ලට් ටික බැද ගන්න බැරියැ.

3. දෙහි ආනම

Image: Shiki Food

මිරිකපු දෙහි ලෙල්ලෙන් පවා රස කෑම හදන්න පුළුවන්. දන්නෙ නෑනෙ.

එහෙනම් ඒකත් අහගන්නකො. මුලින්ම දෙහි ලෙලි හීනියට කපල ලුණු වතුරෙ තම්බ ගන්න ඕන. ඊට පස්සෙ මැටි ඇතිළියකට තෙල් ටිකක් ලිපේ තියල අබ පොඩ්ඩක් බැද ගන්න. අබ ටික බැදීගෙන එද්දි, රම්පෙ කරපිංච, කුරුඳු, උළු හාල්, සූදුරු, ලූණු, සුදු ළුෑණු, අමු මිරිස්, වේලපු මිරිස් දාලා තෙල් දැමුමක් හදාගෙන, ඒකට මිටි කිරි, අමු තුනපහ, කහ, මිරිස් කුඩු එහෙමත් එකතු කරන්න. ඒ වෙලාවෙම වගේ ලුණුත් බැලුව නම් තමයි හොඳ. කොහොම හරි අන්තිමට අර දෙහි කෑලි ටික දාලා, හොද්ද පොඩ්ඩක් හිඳෙන්න ඇරලා, සීනි චුට්ටකුත් එකතු කරල බා ගත්ත නම්…

පාන් කන්න කියාපු මාළුව!

4. පොලොස් සොසේජස්

Image: මුහුණු පොතේ මුළුතැන්ගෙය Recipes Page

විසි කරන දෙයකින් නොහැදුවට මේකත් මරු කෑමක්. කරන්න තියෙන්නෙ, පොලොස් කෑලි ග්‍රෑම් 500ක් වගේ අරගෙන හොඳට තම්බල, පොඩි කරගන්න එක. ඊට පස්සෙ ඒකට කඩල පිටි ග්‍රෑම් 150ක් වගෙයි, බිත්තරයකුයි දාලා කලවම් කරගන්න ඕන. ඒ අතරට තෙල් ටිකක් රත් වෙන්න තියල රම්පෙ කරපිංච, මිරිස්, ගම්මිරිස් ටිකක් තෙල් දාගෙන, පොලොස් මිශ්‍රණයත් ඒකටම දාලා ගත්ත නම් හරි. හැබැයි, බාන්න කලින් ලුණු බලන්නත් මතක තියාගන්න ඕන. අන්තිමටම මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන රෙදි කෑලි වලට දාලා සොසේජස් හැඩේට හදල, ටොපිය වගේ දෙපැත්ත ගැට ගහල, හුමාලයෙන් තම්බගන්න තියෙන්නෙ.

ඊට පස්සෙ ඉතින් ඔය සොසේජස් වලින් දාන ඕන වැඩක් මේකෙනුත් දැම්මහැකි. බැදල නම් එහෙමයි, ඩෙවිල් නම් එහෙමයි…

5. වැටකොළු ලෙලි ඩෙවිල්

ආ… ඔන්න දැන් අහගන්නකො වැටකොළු ලෙලි වැඩේ.

මුලින්ම කරන්න තියෙන්නෙ වැටකොළු ලෙලි ටික හෝදල ඇඟිලි පුරුකක සයිස් එකට විතර කපාගන්න එක. ඊට පස්සෙ තෙල් ටිකක් ලිපේ තියල අබ, රම්පෙ කරපිංච, ලූණු, සුදු ලූණු දාලා ලාවට කර කරගන්න. ඒ එක්කම කෑලි මිරිසුයි, ලුණුයිත් දැම්ම නම් හොඳයි. ඒ ටික බැදී ගෙන එද්දි කපා ගත්තු වැටකොළු ලෙලි ටික දාලා පොඩ්ඩක් තෙල් අල්ලන්න දෙන්න. අන්තිමට මාළු මිරිස්, කැරට් කෑලි ටිකකුයි, ඕනම නම් බිත්තරයකුත් එකතු කරල බාගන්න පුළුවන්. ඔය අතරට ඉතින් රස වැඩි වෙන්න, ඔය සෝයා සෝස්, රස කාරක මොනව හරි එකතු කලත් කමක් නෑ, හොඳද.

දැන් ඉතින්, ඔළුව වැනුවට මම දන්නව ඔය කියපුවැයින් එකකට දෙකකට වැඩිය ඔළුවෙ නෑ කියල. ඒ නිසා ඊළඟ දවසෙ ඇවිල්ල මම හදද්දි බලා ගෙන ඉන්න. නැත්නම් ඉතින් මේ කෑම ගැන තියෙන ආසාව අත්ඇර ගන්න තමයි වෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide