‘පොලොස්’ ගෙඩියට අලුත් රසක්! විනාඩි 5ට හදාගන්න කියාපු පංකාදු පොලොස් කෑම 5ක්.

මොකද කියන්නෙ?

කටට රහට හැදෙන පොලොස්වලට කරමුද පොඩි වෙනසක්. නිකම් නෙවෙයි, වෙනදටත් වඩා රසට තියෙන්නෙ. එතකොට බැරියැ, අපේ කොල්ලො සෙට් එකටත් ගෙදර කුස්සිය බාර උන්දැල පොඩ්ඩක් මවිත කරල ගන්න නේ… අනික ඉතින් කොච්චර රස වුණත් එකම රහට, එකම දෙයක්, හැමදාම කද්දි එපා වෙනවනෙ. අන්න ඒ ගතිය නැති කරන්නත් මේ වැඩේ කියාපු!

හැබැයි එකක්. පොලොස් ගෙඩිය ඔයාලා කපන්න යන්න එපා. ඒක එයාලට බාරදෙන්න. මොකද නැත්නම් කොහොල්ලෑ ගාගෙන එක විකාරයක් කරගන්නව ෂුවර්.

1. බ්ලැක් පොලොස් කරි

වෙනදට දිය කිරෙන් උයල මිටි කිරෙන් හින්දල ගන්න පොලොස් එකට මෙදා පාර එකතු කරමු පොඩි අලුත් දේවල් ටිකක්. හැබැයි එ් දේවල් ටික එකතු කරන්න කලින් මතක තියාගන්න පොලොස් කෑලි ටික තම්බගන්න ඕන දිය කිරෙන්. එහෙම දිය කිරෙන් තම්බපු පොලොස් කෑලි ටික මැටි මුට්ටියකට දාලා ඒකට එකතු කරන්න ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ඉඟුරු, අබ, පොල් බැදුමක ඇඹරුමක්. එකතු කරලා දෙහි හරි විනාකිරි ටිකක් හරි දාලා හොඳට අතගාන්න. අතගාලා, ටික වෙලාවක් පදම් වෙන්නත් තියලා… අමු මිරිස්, ලූණු, මිරිස් තුනපහ, රම්පෙ කරපිංච දාලා ලිපේ තියන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න එතනින් එහාට පොලොස් ටික තම්බගන්න තියෙන්නෙ වතුරෙන්. ඒත් වතුර හිඳිලා බොර අල්ලනකම්ම හින්දන්න ඕන.

2. පොලොස් සොසේජස්

ගමේ ගොඩේ, නගරෙ යා කරන, සොසේජස්! හැබැයි මේවා පොලොස් සොසේජස්. මේකට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ පොලොස් ටිකක් අරගෙන හොඳට තම්බල, පොඩි කරගන්න එක. ඊට පස්සෙ ඒකට කඩල පිටියි බිත්තරයකුයි දාලා කලවම් කරගන්න ඕන. ඒ අතරට තෙල් ටිකක් රත් වෙන්න තියල රම්පෙ කරපිංච, මිරිස්, ගම්මිරිස් ටිකකුත් තෙල් දාගෙන… පොලොස් මිශ්‍රණයත් ඒකටම දාලා ගන්න. හැබැයි, ඒ තෙල්දැමුම බාන්න කලින් ලුණු බලන්නත් ඕන. අන්තිමටම ඉතින් මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන රෙදි කෑලිවලට දාලා සොසේජස් හැඩේට හදල, ටොපිය වගේ දෙපැත්ත ගැට ගහල, හුමාලයෙන් තම්බගන්නයි තියෙන්නෙ.

අන්තිමට ඉතින් ඔය සොසේජස්වලින් දාන ඕන එකක් මේවැයිනුත් දැම්ම හැකි. බැදල නම් එහෙමයි, ඩෙවිල් නම් එහෙමයි…

3. පොලොස් කට්ලට්

සොස්ජස් පරාදයි මෙව්වට. හරියට හදාගත්තොත් ඉතින් හැමදාම වුණත් මේසෙට එයි. කරන්න තියෙන්නෙ මෙච්චරයි. දියකිරෙන් හොඳ හැටි තම්බ ගත්ත පොලොස් ටිකක් අරගෙන හොඳ…ට පොඩි කරගන්න. ඊට පස්සෙ ඒකට තම්බපු අල, කැරට් ටිකක් එහෙමත් දාලා ඒවත් හොඳට පොඩි කරගන්න. ඊටත් පස්සේ… තාච්චියකට තෙල් ටිකක් රත් වෙන්න තියල, ඒකට අබ, සුදුළූණු, රම්පෙ කරපිංච, ඉඟුරු ටිකක් දාලා සුවඳ ගහගෙන එද්දිම අර පොලොස් මිශ්‍රණයත් එකතු කරගන්න. හැබැයි ඒක වැඩිය බැදෙන්න දෙන්න එපා. ලාවට පාට එද්දි බාගන්න. බාලා නිවෙන්න ඇරලා, ලුණු පදමත් බලලා… ගුලි හදන්න පටන් ගත්ත නම් හරි. ගුලි හැදුවට පස්සෙ ඉතින් කියන්න ඕන නෑනෙ. බිත්තර සාරු, පාන්කුඩුවල දවලට පදමට බැදගන්නයි තියෙන්නෙ.

4. ඩෙවිල් පොලොස්

මේකත් නියම වැඩේ. ඔය මස් නොකා අරක්කු බොන අයට එහෙමත් ටොප් බයිට් එක.

මේකට කරන්න තියෙන්නෙ, පොඩියට කපපු පොලොස් කෑලි ටිකක් අරගෙන ගම්මිරිස්, මිරිස්, තුනපහ, ලුණු, දෙහි එක්ක අතගාලා පදම් වෙන්න තියලා… දියකිරෙන් හින්ද ගන්න එක. ඊට පස්සෙ ඒ පොලොස් කෑලි අරගෙන ගැඹුරු තෙලේ ලාවට බැදගන්න. බැදලා ඒක පැත්තකින් තියලා, පෑන් එකකට ලූනු, තක්කාලි, මාළු මිරිස්, අමු මිරිස් එතකොට ඔය ඩෙවිල්වලට දාන අනම් මනම් සෝස් වර්ගත් පදමට එකතු කරන ගමන්… පොලොස් ටිකත් දාගන්න. දාලා නිකම් තියන්න එපා. හොඳට කලවම් කරන්න ඕන. නැත්නම් අඩි අල්ලනවනේ… කොහොම හරි ඒකෙ ලූණු අඩුමකුඩුම ටික පොඩ්ඩ කර වේගෙන එද්දි බාගන්න ඕන. බාලා ඉතින්, කෑවට පස්සෙ හිතෙයි… හැමදාම තියෙනව නම් කියල. අනික මේක අඩියක් ගහන්න වගේම ෆ්‍රයිඩ් රයිස් එකකට වුණත් කියාපුනෙ.

5. බාබකියු පොලොස්

මේකටත් ලුණු ඇඹුල්, මිරිස් තුනපහ ඇතුව පොලොස් ටික හොඳට පදම් කරගන්න ඕන. හැබැයි මතක තියාගන්න බාබකියු එකට පොලොස්, කෑලි කපල හරියන්නෙ නෑ. අල්ලක් සයිස් එකට විතර පෙති තමයි කපාගන්න ඕන. ඒක ඉතින් ඔයාලට තේරෙන්නෙ නැති නිසා ගෙදර උන්දැලට කියන එක තමයි හොඳම වැඩේ. කොහොම හරි පෙති කපපු පොලොස් කෑලි අඩුම කුඩුම පදමෙ, දිය කිරෙන් හින්දල රස්නෙ යන්න දීලා බාබකියු මිශ්‍රණයෙ හොඳට අත ගා ගන්න. ඊට පස්සෙ ඒකටත් දෙහි ටිකක්, බාබකියු සෝස් ටිකක් එහෙම දාලා ග්‍රිල් එකේ තියන්නයි තියෙන්නෙ. පොලොස් නිසා කරවෙලා පදම එන්න ටික වෙලාවක් යයි. හැබැයි කද්දි තේරෙයි ඒ වෙලාවෙන් පාඩුවක් වෙලා නෑ කියල.

සත්තයි, ඒක නම් පංකාදු පහයි ඈ…!

ඒ විතරක් නෙවෙයි, ඒ වගේ තව හැදුවොත් ඒවත් පංකාදුවට තියෙයි. ඒ නිසා ඔයාලා දන්න තව ඒ වගේ ඒවා තියෙනව නම් පරක්කු නොකර අපිට කියන්න හොඳේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide