ළඟදී බඳින්නද ඉන්නේ? වෙඩිමට ගැලපෙන බජට් එකක් හදාගන්න වටින කියන කාරණා 5ක්.

මේ දවස්වල මොනවා හිඟ වුණත් වෙඩින්වලින් නම් අඩුවක් පාඩුවක් නැහැ. ඒ තරමට මඟුල්. පහුගිය මාසවලත් අපි වැඩිවැඩියෙන් ඒ ගැන කතා කළෙත් ඒකමයි.

මේ දවස්වල තියෙන ආර්ථිකෙත් එක්ක හැමෝට ම සුපිරි වෙඩින් ගන්න බැහැනේ. මොකද හත් අතට ණය වෙලා මඟුලක් කෑවොත්, ඊට පස්සේ වෙන්නේ මැරෙනකම් ඒ ණය ගෙවන්න. සමහර වෙලාවට කසාදෙ දික්කසාදෙන් ඉවර වෙන්නත් ඕවා හේතුවෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ගාණට මිම්මට හදපු වෙඩින් බජට් එකක් තියෙන එක සෑහෙන්න වටිනවා. අන්න ඒ නිසා තමයි අපි කල්පනා කළේ මඟුලයි පොකට් එකයි දෙකම බේරගන්න පුළුවන් විදියේ වෙඩින් බජට් එකක් නිවැරදි ව හදාගන්න හැටි කියන්න.

1. සල්ලි ටික ගණින්න

‘වෙඩින් එකට මෙච්චර ගාණක් වියදම් කරනවා’ය කියලා දළ අදහසක් ඔයාලට දැනටමත් ඇති. ඒ නිසා මුලින් ම බලන්න ඕනේ මේ වෙද්දී අතේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියන එක. මුලින් ම බලන්න තමන් මේ වෙනකොට ඉතුරු කරලා තියෙන සල්ලි ප්‍රමාණය කීයක්ද කියලා. හැබැයි ඉතුරු කරපු හැම සතේ ම මේ වැඩේට පාවිච්චි කරන්න බැහැනේ. ඉස්සරහට තව වැඩ කොච්චරක් කියලා තියෙනවද? හදිසියේ ලෙඩක් දුකක් හැදුණා; ඒවටත් සල්ලි තියාගන්න එපැයි. ඒ නිසා අන්න ඒ වගේ වියදම් සේරම අයින් කරලා, ඉතුරු වෙන මුදල් ගාණ විතරක් මෙතැනදී සලකලා බලන්න ඕනේ.

ඊටපස්සේ බලන්න අද ඉඳලා ඔයාලා දෙන්නගේ පඩියෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්ද කියන එක. ඇත්තම කිව්වොත් වෙනම බැංකු ගිණුමක් හදලා, පඩියෙන් වෙන් කරන මුදල් ටික ඒකට එක්කාසු කරන්න පුළුවන් නම් සෑහෙන්න ලේසියි. අපි හිතමු පඩියෙන් 10%ක් මේ වැඩේට ඇති කියලා. අන්න ඒ මුදල මාස් පතා අර කිව්ව වෙඩින් ගිණුමට දාන්න. මේකත් ගණන හදලා වෙනම ලියාගන්න.

සාමාන්‍යයෙන් මේ වගේ උත්සවයක් එද්දී අම්මලා තාත්තලා ඇතුළු පවුලේ උදවිය උදව්වට එනවනේ. මොකද මේක මුළු පවුලට ම විශේෂ වෙන උත්සවයක්. සමහර දෙමාපියෝ මේකට මුදල් එකතු කරන්න ගන්නේ තමන්ගේ ළමයා පොඩි වයසේ ඉද්දීමයි. අන්න ඒ වගේ පවුලෙන් ලැබෙන මුදල් හදල් ප්‍රමාණයත් මෙතැනදී එකතු කරලා බලන්න ඕනේ.

2. වියදම් ටික ඇස්තමේන්තු කරන්න

දැන් හදාගන්න තීරු හතරකට බෙදුව පුංචි වගුවක්. පළමුවෙනි තීරුව වෙන් වෙන්නේ වියදම් වර්ගයට (Types of Expenses). ඊළඟ එක ඇස්තමේන්තු (Estimated) කළ වියදම්වලට. තුන්වැන්න වෙනස් කරන ලද (Modified) වියදම්. අන්තිම තීරුව නියම (Actual) වියදම්.

ඇස්තමේන්තු කළ වියදම් තීරුව පිරවෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් වෙඩින් එක ගන්න වෙඩින් හෝල් එකක්, බියුටීශියන් කෙනෙක්, ෆොටෝග්‍රැෆර් කෙනෙක්, වෙඩින් බෑන්ඩ් එකක් හොයද්දී අපි දන්නා කියන අයට කතා කරලා ඒ ගැන විස්තර අහනවනේ. එහෙමත් නැත්තන් ඕවයේ වෙබ්සයිට්වලින් බලනවා. මෙන්න මේ විදියට අපි එකතු කරගත්ත වියහියදම්වලට අදාළ දැනුම සේරම ඇතුළත් වෙන්නේ ඇස්තමේන්තු කළ වියදම් තීරුවේ.

මේ වියදම් ලැයිස්තුව බැලුව ම, අපේ බජට් එකට ගැලපෙන විදියේ වෙඩින් හෝල්, වෙඩින් බෑන්ඩ් වගේ දේවල් ටික වෙන් කරගන්න පුළුවන්නේ. ඒවා පොඩ්ඩක් ලකුණු කරගන්න. ඊටපස්සේ ඒ අදාළ පාර්ශවවලට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න ඕනේ. මොකද ඕවයේ ගණන් හිලව් කාලෙත් එක්ක වෙනස් වෙනවා. සමහර වෙලාවට බෑන්ඩ්වල අය පවා ගණන් කියන්නේ වෙඩින් එකට එන සෙනඟ ප්‍රමාණය, තියෙන හෝටලය අනූවයි. අනික සමහර බියුටීශියන්ලට පුළුවන් අපේ බජට් එකට සරිලන විදියට වැඩේ කරලා දෙන්නත්. ඊළඟට සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා ළඟ ප්‍රී-වෙඩින් ෂූට් එකයි, වෙඩින් ෂූට් එකයි දෙක ම කරන පැකේජ් තියෙනවා. ඒ නිසා මේ හැමෝට ම කතා කරලා වැඩි තොරතුරු දැනගන්න. ඒ දැනගත්ත දේවල්වලට අනූව මේවයේ ගණන් වෙනස් වෙනවනම්, අන්න ඒවා ටික වෙනස් කරන ලද වගු තීරුවට ඇතුළත් කරන්න. මතක ඇතුව ඒවා වෙනස් වෙන්නේ ඇයි කියන එකත් පුංචි නෝට් එකක් දාලා තියාගන්න.

නියම වියදම් තීරුවට එන්න ඕනේ නිවැරදි ම විදියට ගණනය කරපු වියහියදම් ලැයිස්තුවයි. සමහර වෙලාවට හිතවත්කම්, දැන හැඳුනුම්කම් නිසා මේ වියදම්වල අඩුවීම් වෙන්න පුළුවන්. ඒ නැත්තන් ටැක්ස් ජාති, ඇඩ්වාන්ස් පේමන්ට්, ටිප් කතා නිසා වියදම වැඩි වෙන්න පුළුවන්. ඒවා එකතු කරලා, හෝ අඩු කරලා හරියට නූලට ම ගෙවන්න ඕනේ මුදල හදාගෙන ඒ ටික මේ වගු තීරුවට දාන්න. මේ සේරම වැඩ ඉවර වුණා ම, මුළු බජට් එකෙන් 10 – 15% වගේ අතර ගණනක් අමතර වියදම් විදියට වෙන් කරන්නත් අමතක කරන්න එපා. වෙඩින් කාඩ් යවන්න යන තැපැල් ගාස්තු, ගමනාගමන ගාස්තු ආදී දේවල්වලට තමයි ඒ ටික.

3. සර්ප්‍රයිස්වලට ලෑස්ති වෙන්න

කවුරු මොනවා කිව්වත් මේක අරුම පුදුම රටක්නේ. ඒ නිසා ඔය කොයි දෙයක් වුණත් නූලට ලියාගත්තට හිටපු ගමන් කොහෙවත් නැති වියදමක් ඕකට එක්කහු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔන්න ඕවට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔය වෙඩින් ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉන්න සමහර අය කැමති නෑ ඕනේ ම දෙයක් ගැන ඕනෙවට වඩා අහන එකට. ඊළඟට දින, වෙලාවල්  සම්බන්ධ ගැටළු නිසා තෝරගන්න හෝල් එකේ පෙරළියක් එන්නත් පුළුවන්. වෙඩින් කාඩ් එකේ බර වෙනස් වුණොත්, තැපෑලෙන් යවනකොට යන මුදල එහාට මෙහාට වෙන්නත් පුළුවන්. ඔය වගේ නා නා ප්‍රකාර දේවල් නිසා අපි හදාගත්ත බජට් එකේ වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒවා දැකලා, මානසික ව වැටිලා, ඔළුව විකාර කරගන්න හොඳ කාලයක් නෙවෙයි මේක. ඒ නිසා මේ වගේ සිදුවීම් සාමාන්‍ය බව මුලදී ම මතක තියාගන්න. මෑතකදී විවාහ වුණු අය එහෙම ඉන්නවනම්, එයාලට ඇහැකි තමන්ගේ යාළුවන්ට මේ සම්බන්ධයෙන් පොඩි අවවාද අනුශාසනා ටිකක් එහෙම දෙන්නත්.

4. සල්ලි ඉතුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න

හරි, නිකමට හිතමු අපි ඕවර් බජට් යන පාටක් තියෙන්නේ කියලා. ඒකට පිළියම් විදියට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ගෙස්ට් ලිස්ට් එකේ වෙනස්කම් ටිකක් කරන එක. නෑයෝ වේවා, යාළු හිත මිත්‍රාදීන් වේවා තමන්ගේ මේ විශේෂ දවසේ ළඟින් ම ඉන්න ඕනේ කියලා හිතන උදවියට අනිවාර්යයෙන් මේ ලැයිස්තුවේ අඩංගු වෙන්න ඕනේ. දුරින් සම්බන්ධතා තියාගෙන ඉන්න අයට නම් පවුල් පිටින් එන්න නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ පවුල්වල ප්‍රධානියෝ දෙන්නා ආවත් ඇති.

ගෙස්ට් ලිස්ට් එක අඩු කරලා වැඩේ ගොඩදාන්න බැරි නම් ඊළඟට කරන්න තියෙන්නේ වෙඩින් එක ගන්න තැන වෙනස් කරන්න පුළුවන්ද බලන එක. ලංකාවේ දැනට තියෙන වෙඩින් හෝල් දහස් ගාණක් අතරින්, අපට හිතට අල්ලන වෙඩින් හෝල් තියෙන්නේ එකක් විතරක් වෙන්න බැහැනේ. පොඩ්ඩක් ඇවිදලා කරලා, කලින් ගාණට වඩා අඩු මුදලකට හොඳ වෙඩින් හෝල් එකක් හොයාගන්න ඇහැකිද බලන්න.

අපේ කේන්දර, නැකත් පලහිලව් එක්ක වෙඩින් එකට සීසනල් දවසක් තෝරාගන්න එක කරන්න ටිකක් අමාරුයි. හැබැයි මේ වැඩේ කරොත් සෑහෙන්න ගාණක් අතේ ඉතුරු වෙන වැඩක්. විශේෂයෙන් ම අවුරුද්ද අගදී කොළඹින් පිට තියෙන හුඟක් හෝටල්වලින් ඩිස්කවුන්ට් හම්බෙනවා. ඒ නිසා මේක හනිමූන් එකට යන ගාණ අඩු කරගන්නත් නියම චාන්ස් එකක්.

මඟුලක් කාලා ලංකාවේ කට්ටියක් ලෝක වාර්තාවකුත් තිබ්බා ඔයාලට මතකත් ඇතිනේ. 2013 අවුරුද්දේ වුණු මේ මංගල්ලෙට දෙවන මනාලියෝ ම 126ක් හිටියා. ඉතින් ගිනස් පොතට යන්න බලාපොරොත්තුවක් නැත්තන්, ලාස් ගණන් කට්ටිය මේ වැඩේට ඕනේ නැහැ. දෙවන මනාල මනාලියෝ විදියට තමන්ට විශ්වාසවන්ත, හිතවත් එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක් හිටියාම හොඳට ම ඇති නේද? මොකද දෙවන මනාල මනාලියන් විතරක් නෙවෙයි, මල් කුමාරයන් කුමාරියන් දාන කරාබුවේ, ටයි පටියේ ඉඳන් හැම පුංචි දේට ම වියදම් කරන්න වෙන්නේ ඔයාලගේ අතින්.

ඉස්සර පෝරුවෙන් බහිද්දී ඇඳපු ඇඳුම පිටින් ම ගෙදරින් පිටවෙන්න අපේ මනාල මනාලියෝ පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් ඒක දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. පෝරුවට නගින්නේ එක ඇඳුමකින්. කෑම කන්නේ තව ඇඳුමකින්. ඊළඟට මධු සමයට යන්න තවත් එකක් අඳිනවා. මේ සේරම දේවල්වලින් වෙන්නේ අතේ තියෙන සල්ලි ටික හිඳෙන එක. හොඳ ම දේ තමයි මේ වැඩේ එක ඇඳුමකට සීමා කරන එක. එහෙම කළා කියලා තමන්ගේ තත්ත්වයේ අඩුකමක් පේන්නේ හෝ වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් දේවල් අපේ අය සල්ලි විසි කරන්න හදාගත්ත පුරුදුනේ

අඩු බජට් වෙඩින් එකකට වැදගත් වෙන තවත් කාරණා බොහොමයක් තියෙනවා. ඔය හුස්මට ම මේ ආටිකල් එකත් කියවලා බලන්නකෝ.

5. වගකීමෙන් වියදම් කරන්න

අපි හිතමු වෙඩින් සාරිය, එහෙමත් නැත්තන් සූට් එක ගන්න ගියා කියලා. ඔන්න තියෙනවා රුපියල් 50000ට හරි ලස්සන සාරියක් (නැත්තන් සූට් එකක්). ඇඟට හොඳට ගැලපෙනවා. ඊට එහාපැත්තේ තියෙනවා රුපියල් 55000කට තවත් එකක්. ඒකෙ මීට වඩා පොඩ්ඩක් සුකුරුත්තන් වැඩියි. මැටීරියල් එකත් වෙනස්. දැන් ඔය මුලින් බලපු සාරිය ගන්න ගියාට මොකද, හිත තියෙන්නේ ගාණ වැඩි එකේ. හැබැයි අතේ තියෙන ගාණෙන් ගන්න පුළුවන් ගාණ අඩු සාරිය විතරයි. ඒ වුණාට ක්‍රෙඩිට් කාඩ් එකත් පර්ස් එකේ තියෙනවා. ඉතින් මොකද කරන්නේ?

ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ. මුලින් බලපු රුපියල් 50000 සාරිය අරගෙන ගෙදර යන්න. වැඩිපුර 5000ක් ගෙවලා අනිත් සාරිය ගත්තා කියලා වෙඩින් එක දවසට අමුතු එළියක් වැටෙන්නේ නැහැ. උදේ පාන්දර ම කවුරුවත් ඇවිදින් “අනේ ඔයාගේ සාරියේ/සූට් එකේ ගාණ කීයද?” කියලා අහන්නෙත් නැහැ. වෙඩින් එක කියන්නේ අපි කාගේත් ජීවිතේ විශේෂ දවසක් බව හැබෑව. හැබැයි ඒක එක දවසක වැඩක්. රුපියල් 5000ක් වුණත් වැඩිපුර වියදම් කරන එක තේරුමක් නැහැ. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් එක අතේ තියෙන පලියට දකින දකින දේට වියදම් කරන්න යන්න එපා. මොකද ඕකේ ණය ගෙවන්න වෙන්නෙත් ඔයාලටමනේ. ඔහොම ඉතුරු කරගන්න සල්ලි ටික දෙන්නා දෙමහල්ලන්ගේ ඉස්සරහට ගත වෙන්න තියෙන ජීවිතේ වැදගත් දේකට ආයෝජනය කරන්න පුළුවන්නේ.

වෙඩින් එකක් ගන්න අදහස තිබුණට කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරි අයට මේ සටහන වැදගත් වේවි කියලා අපි හිතනවා. ඔය ප්‍රී-වෙඩින් ෂූට් එකක් ගැන එහෙම අදහසක් ගන්න කැමති උදවිය මේ ලිපියත් කියවලා බලන්නකෝ. බජට් වෙඩින් ගැන තව අදහස්, උදහස්, යෝජනා, චෝදනා එහෙම තියෙනවනම් ඒවත් අපට කියන්න. අද හෙට බඳින්න එන්න අපේ යාළුවන්ටත් ඒක වැදගත් වේවිනේ.

කවරයේ පින්තූරය : dailymail.co.uk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide