කොච්චර ට්‍රයි කළත් ඕන කරන රස එන්නෙ නැද්ද?
හැමදාම හදන එළවළු, මස් මාළුවල රස එක වගේද?
අවුලක් ගන්න එපා. මෙන්න තියෙනව, අපෙන් ඒකට නියම විසඳුමක්. ලොකු මහන්සියක් නැතුව, නිතර දෙවේලෙ කුස්සියෙ තියෙන දේවල් වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ කිඩ ටිකක්. නිකමට කරල බැලුව නම් ඉතින් හැමදාමත් ගෙදර කෑම වේල තරු 5යි තමයි. අනික මේවට එක රුපියලක්වත් වියදම් වෙන්නෙත් නෑනෙ. එකම දේ තමයි, කල්තියා ලෑස්ති කරල තියා ගත්ත නම්, එතකොට කෑම උයන වෙලාවට ගත්ත දැම්ම!
1. බැදපු හාල් කුඩු
මස් කරියක්, මාළු කරියක් කඩෙන් ගෙනාවාම හොද්ද සෑහෙන්න උකුයි නේ. අනික අමුතු රසකුත් තියෙනව නේ. අන්න ඒ රස ගන්න, කඩවල්වල කට්ටිය නම් දාන්නෙ කෝන් පිටි. හැබැයි ඔයා කෝන් පිටි දාන්න එපා. ඇඟටත් හොඳ, වියදමකුත් නැති හාල් පිටි ටිකක් දාන්න. ඒකත් නිකම් හාල් පිටි නෙවෙයි, බැදපු හාල් පිටි. හාල් ටිකක් අරගෙන කබලෙ බැදල, කුඩු කරල, හලල ගත්ත නම් හරි.
2. රා මණ්ඩි
හොයා ගන්න නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි හොයා ගත්තොත් පංකාදු පහයි. දන්නවනෙ රා මණ්ඩි. රා පෙරළ ඉවර වුණාම මුට්ටියෙ ඉතුරු වෙන ටික. ඕවයින් ටිකක් පාන් පිටි, හාල් පිටි වලින් හදන කෑම වලට දැම්ම නම් අායෙ ටොපේ ටොප්. විශේෂයෙන්ම ආප්ප, තෝසෙ, වණ්ඩු, බනිස්, කේක් වගේ පිටි පිපෙන්න ඇරල හදන කෑම වලට. මොකද රා මණ්ඩි වලට, පිටි හොඳ පදමට පිපෙනව වගේම රස දෙගුණ තෙගුණ කරන කිරි රසකුත් එනවනෙ.
3. සුදු ලූණු
කොහොමත් එළවළුවක් උයද්දි සුදු ලූණු දානවනෙ. එහෙම නෙවෙයි, සුදු ලූණු බික් ටිකක් සුද්ද කරල පෙති ගහල කබලෙ බැදල දාලා බලන්නකො. එහෙම නැත්නම් අඟුරු අස්සෙ දාලා පොඩ්ඩක් පුච්චල කරල දාලා බලන්නකො. වෙනදට පිඟානෙන් සුදු ලූණු අයින් කරන අයත් සුදු ලූණු කයි. ඒ තරම් රස. අනික ව්යංජනයටත් අමුතුම රසක් එනවනෙ. ඒ හැරුණාම ඉතින් ඇඟේ විස මැකෙන්නත් කියාපු බෙහෙතනෙ.
4. ගස්ලබු ගැට
5. හුණු චුට්ටක්
ඔය තද කොළ පාට එළවළු, පලා වර්ග උයනව නේ. කිරි ටිකක්, උම්බලකඩ කෑල්ලක් කොටින්ම කියනව නම් තෙල් ටිකක් දාලා ගත්තත් සමහර වෙලාවට හරි රහ එන්නෙ නෑනේ? අන්න ඒ වෙලාවට ලඟ තියා ගන්න බුලත් විටට කන හුණු ටිකක්. එළවළුව ලිපේ තියද්දිම පොඩ්ඩක් දැම්ම නම්, බාද්දි පාට, රස ටොප් එකට තියෙයි. හැබැයි එකක්, සාමාන්‍යයෙන් එළවළු ග්‍රෑම් 250කට හුණු තේ හැඳි කාලක් වගේ තමයි දාන්නෙ, හොඳද.
මෙන්න හොඳම එක. විශේෂයෙන්ම පෝර්ක්, මට්න්, කරි චිකන් හරියට හදා ගන්න බැරි අයට සෑහෙන්න වටිනව. ඔය මස් හදද්දි කෑලිවල තියෙන හයිය ගතිය යවන්න කියාපුම භාණ්ඩෙ තමයි අපි කියන්න යන්නෙ. ඒ විතරක් නෙවෙයි, හොද්දට පොඩි උකු ගතියක් එන්න, කුළු බඩු, ගොරක සුදු ලූණුවල රස මතුවෙන්න වගේම, හොද්දට හොඳ පාටක් එන්නත්, දාන්න හීනියට ලියා ගත්තු ගස්ලබු ගැටයක්. ආයෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ, ගමේ ගෙදරක හැදුව වගේ තමයි රස.
එහෙනම් දැනට මේ ටික ඇතිනෙ. ආයෙත් දවසක තව රස රහස් ටිකක් අරගෙන එන්නම්. හැබැයි ඒ අතරට ඔයාල දන්න ඒවත් අපිට කියන්න. මොකද අපේ යාළුවො ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවනෙ, ගෙදර කෑම වේලෙ රස ඩබල් ත්‍රිබල් කරගන්න.