දැන් යාලු සිද්ධිය ඔහොම මෙහෙම තියෙන්නෙ ඈ..
පේනවනෙ මෙයාලා දැන් ඉස්සර වගේ ටයිම් තියලා කියන්නෙත් නෑ බඩු ටිකක්වත් ගෙවල් වලට අරගෙන දාගන්න. ඒ නිසා..
පරක්කු නොවීම එළවළුවක් දෙකක්වත් ගෙදර වවාගන්න පටන් ගන්න, හොඳයි නේද?
1. කෘෂි වන වගාව
කරන්නෙ කොහොමද කියල ඉන්ටනෙට් එකේ සර්ච් කලොත් ඒවි ‘ඇග්රොෆොරස්ට්රි, පර්මකල්චර්’ කියල. ඇත්තටම ඒව තමයි. හැබැයි ඒ තියරි ටික අරගෙන ඔයාගෙ වත්තට හරියන විදියට ගලප ගන්න එක නම් අනිවා කරන්න ඕන. විශේෂයෙන්ම එතනදී.. ඉස්සෙල්ලම ඔයා බලන්න වත්තෙ තියෙන ජෛව විවිධත්වය. ශාක සහ සත්ව දෙකම. බලලා.. ලැයිස්තුගත කරලා ඊට පස්සෙ බලන්න ඔයා ඉන්න ප්‍රදේශයෙ සාර්ථක වෙන භෝග වර්ග මොනවද කියල. ම්.. බාග වෙලාවට වත්තෙ ලොකු ඉඩක් තියෙනව නම් ගොඩ මඩ දෙකම බැලුවත් කමක් නෑ. කොහොමහරි එහෙම බලල ඒවයින් මේ වෙලාවෙ හොයාගන්න පුලුවන් ලේසිම භෝග ටික එකතු කරල පොඩි ප්ලෑන් එකක් හදන්න කොහෙ කොහෙද වගා කරන්නෙ කියල. මොකද දැනට වත්තෙ තියෙන ගස් කොළන් සියල්ලමත් එක්ක ඒවා බැලන්ස් වෙන්න එපැයි. එහෙම ප්ලෑන් කලාට පස්සෙ ඉතින්.. කියන්න ඕන නෑනෙ, උදළු රේක්ක අඩුම කුඩුම අරගෙන වැඩේට බහින්නයි තියෙන්නෙ. ඇත්තටම.. මේකෙදි වෙන්නෙ කෘමිනාශක වලින් මුලුමනින්ම තොර, අපේ ඉපැරණි මිශ්රබෝග වගාවට සමාන දෙයක්. අනික ඒකෙ කෘමිනාෂකයො වෙන්නෙත් කුරුල්ලො, කටුස්සො වගේ සත්තුනෙ. බැරිම වුනොත් ඉතින් ඒවටත් අපේම ක්‍රම පාවිච්චි කරන්න බැරියැ ඔය කොහොඹ ඇට ටිකක් එහෙම අරගෙන. ඊටත්.. සියල්ල අවසානයෙ.. ධාන්‍ය, කුළුබඩු, එළවළු පළතුරු ඉඳන් ධැව දක්වා ප්‍රයෝජනයට ගන්න පුලුවන් ගස් වැල් වලින් පිරිච්ච පුංචි කැළයක් ඔයාගෙ වත්තෙම තියෙනකොට?
2. ඩ්‍රැගන්ෆෘට් වාගව
පොඩි මහන්සියක් වෙන්න ඕන මුලදි, මොකද මේක වැලට වගේ යන භෝගයක්න. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන ලොකු ලී කණු ටිකක්, අවම උස අඩි 5ක්වත් තියෙන වට ප්‍රමාණය අඩියක් භාගයක්වත් තියෙන ඒවා. හොයාගෙන.. ඒවයෙ මුදුනට කතිර හැඩේට අඩි 2ක්වත් දිග ලී කෝටු 8ක් බැඳගන්න. හොඳ හයියට හැබැයි. බැඳලා.. බිම හිටවගන්න, හොඳටම අව්ව වැටෙන තැන් ටිකේ. කණු අතර දුර සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ තිබ්බ නම් ඇති. කොහොමහරි හිටෙව්වට පස්සෙ, වැලි බාගෙට කොම්පෝස්ට් එක ගාණෙ දාපු මිශ්‍රණයක් කණුව මුලට දාලා පැළ ඉන්දන්නයි තියෙන්නෙ. හැබැයි ඉතින් මුල් කාලෙදි පුලුවන් තරම් කොම්පෝස්ටම දාන්න. මොකද නැත්නම් හැදෙන්න කල් යනව වගේම ගෙඩි එන්නත් කල් යනව.
3. කීර බටය
ගන්න තඩි මහත බටයක්. ඔය.. වැහි වතුර බහින්න දාන සයිස් එකෙන් වගේ හොඳයි. අරගෙන.. දෙපැත්ත, ලොකු හිල් විදපු පොල්කටු දෙකකින් සීල් කරගන්න. රෙදිපටි වලින් හරි වෙලන්න බැරියැ හොඳහැටි. කොහොමහරී.. ඊට පස්සෙ, නැත්නම් ඊට කලින් වුනත්.. ඔයාට පුලුවන් බටේ එක පැත්තක, පේලියට, විශ්කම්භය අඟල් 3-4 වගේ තියෙන ලොකු හිල් කපාගන්න. හැබැයි මතක තියාගන්න ඒ හිල් අතර පරතරය අවම අඟල් 10ක්වත් තියෙන්න ඕන. එහෙම හිල් ටික කපාගත්තට පස්සේ ඔයා කරන්න ඕන දන්න කියන, ලඟම තියෙන හොඳම තැනින්, හොඳ පස් ටිකක් අරගෙන එන එක. අරගෙන ඇවිල්ලා, ඒකෙ ගල් මුල් ඉවත් කරලා.. පුලුවන් නම් කොම්පෝස්ට් ටිකක්, වැලි ටිකක් එහෙමත් එකතු කරලා.. බටේට පුරවගන්න. හැබැයි.. බටේ සම්පූර්ණයෙන්ම පිරෙන්න නෙවෙයි. බාගයක් විතර. ඊට පස්සේ ඉතුරු ටිකට.. ගෙදර තියෙන පොල්මුඩු, පොල්ලෙලි කෑලි කපල, හෙමින් සැරේ අතුරන්න. අතුරල කරල ඉතින් වතුර ටිකක් එහෙමත් දාලා දවසක් දෙකක් තියෙන්න ඇරිය නම් තමයි හොඳ. කොහොම වුනත් මේකෙ වගාකරන්න හරියන්නෙ නම්.. පොඩිම පැළෑටියි, වැල් වර්ගයි තමයි. විශේෂයෙන්ම ඔය කොළකැඳ වලට ගන්න වගේ. වැල්පෙනෙල, හාතවාරිය, ඉරමුසු එතකොට මොණරකුඩුම්බිය, පොල්පලා, මුකුණුවැන්න..
4. පැෂන්ෆෘට් තාප්පය
ෆ්ලැට් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි කියන්නෙ ඉතින් අනුන්ගෙ තැනක් වගේනෙ. ඒ නිසා එක එක නීතිරීතිත් තියෙනවනෙ. විශේෂයෙන්ම.. බිත්ති දිගේ වවන්න එපා වගේ. ඒ නිසා.. ඔයාට කරන්න තියෙන්නෙ බිත්තියට පොඩි සපෝට් එකක් දීලා, බිත්තියට එළියෙන්, බිත්තිය දිගේ වවන එක. ඇත්තටම ඒක මෙහෙමයි. ඉස්සෙල්ලම ඔයා බිත්තියට අල්ලලා.. ලී වලින් හරි, බට වලින් හරි මොනවයින් හරි කමක් නෑ ෆ්‍රේම් එකක් ගහගන්න, ටිකක් ලොකුවට, බිත්තියෙ සයිස් එකටම වුනත් කමක් නෑ. කොහොමහරි ඊට පස්සේ.. කොහුලණු ටිකක් ගෙනැල්ල ඒක, මකුළු දැලක් වගේ වියාගන්න. වියාගත්තට පස්සෙ ඉතින්.. බිත්ති මුල්ලෙන් පොඩි පෝචිචියක හරී, බේසමක හරී.. මොකක්හරි එකක පැෂන් පැළයක් පැළ කරලා.. ලොකුවේගෙන එනකොට දැලට ගලපන්නයි තියෙන්නෙ. ඕන නම් මුල් කාලෙ විතරක් කොහු ලණු ටික දවසට එක පාරක් තෙමන්න. ඒ ඇති!
5. වගා බේසම
පරණ බේසමක් යාළු.. මං කියන්නෙ ඔය පැළිල, පුපුරල ගියපු එකක්. අරගෙන.. වටේ රෙදි පටිවලින් වෙළල හදාගන්න. හැබැයි අර පැලුම් සම්පූර්ණයෙන්ම වැහෙන්නෙ නැති වෙන්න. මොකද මිරිස්, මාළු මිරිස්, කොච්චි වගේ පැළවල මුල් ටිකක් එහෙට මෙහෙට යන්න ට්‍රයි කරනවනෙ. හැරත් එයාලට ඒ නිදහස දුන්නාම තමයි එයාලා අපිටත් හොඳ පළදාවක් දෙන්න බලන්නෙ. අනිත් එක ඔයා බේසමට පස් පුරවනකොටත් ටිකක් කර්කෂ පසක් පුරවන්න බලන්න. ඔය.. රතට දුඹුරට හුරු වගේ. ඒත් කොම්පෝස්ට් නම් අනිවා.. ඒ වගේම තමයි මේකට පොහාර විදියට ඔයාට ගෙදර කුණු කූඩෙන්ම.. පොල්කුඩු, තම්බපු තේකොළ, බිත්තරකටු වගේ ඒවා දාන්නත් පුලුවන්. ඉතින් ආයෙ මොනවද, නේ..