කර්ෆිව් අයින් කලා කියල ඉතින් පහුගිය දවස් ටිකේ වෙච්ච පාඩුව? අහසින් සල්ලි කඩන් වැටිල පියවෙන්නැයි.. ඊටත් සමහර උදවියට රස්සා, තම තමන් කරගෙන ගියපු ව්‍යාපාර පවා නැති වුනානෙ. ඒ ඔක්කොමත් හරි යාන්තම් ජීවිතේ ගැටගහගෙන ඉඳපු උදවිය?
ප්‍රශ්න කෝටියක් නේ යාළු. එහෙමයි කියල ඉතින්.. අපිටත් හැමෝටම විසඳුම් දෙන්න බෑ. ඒත් මොළේ කල්පනා ගේමග් ගහන්න ට්‍රයි කරන කෙනෙක්ට නම් උපරිම සපෝට් එකක් දෙන්න පුලුවන්.
අන්න ඒ නිසාමයි මේ…
හොඳහැටි හොයල බලල, අඩුම මුදලක් යොදවල සාධාරණ ලාභයක් උපයන්න පුලුවන්, වගේම නිශ්පාදකයා, බෙදා හරින්නා, පාරිභෝගිකයා කියන සියළුම දෙනාට යම්කිසි හෝ වාසියක් ලැබෙන්න..
ලංකාවෙ කරන්න පුලුවන් හොඳ බිස්නස් ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ.
එහෙනම්.. ඔන්න පහළින් බලන්නකෝ!
1. ඉලෙක්ට්‍රොනික් බඩු
කලබල වෙන්න එපා. ඇත්ත මේකට ලොකු වියදමක් යනව. හැබැයි එහෙම වෙන්නෙ ඔයා ඒ දේවල් අළුතෙන්ම අරගෙන විකුණන්න ගියොත්. එහෙම නැතුව.. බලන්න දැනට තියෙන ඔන්ලයින් සමාජ මාධ්‍ය සේවාවල පාරිභෝගිකයන් ඉල්ලුම් කරල තියෙන භාණ්ඩ. ඊට පස්සෙ බලන්න ඒවා විකුණන්න තියෙන තැන්. ඔය අතරමැදිය වෙන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න ඔ්න නෑනෙ. හරියටම ගත්තොත් කෝල් කීයද? පොඩි ලාභයක් තියාගත්ත නම්.. වැඩේ නැගල යද්දි?
2. ඇඟලුම්
ඇඳුමකට වටිනා කමක් දෙන්න පුලුවන් සාමාන්‍ය මට්ටමේ ක්‍රම 2ක් තියෙනව. එකක් තමයි උපරිම කොලිටියට මහන එක. අනිත් එක තමයි සාමාන්‍ය කොලිටියකට මැහුවත් ඒක පාරිභෝගිකයන්ගෙ අවධානය දිනාගන්න පුලුවන් වෙන්න බ්‍රෑන්ඩ් කරන එක. ඇත්තටම ඔය දෙවනි වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඔ්න නෑ. මොකද ඒකට තියෙන්න ඔ්න නිර්මාණශීලීව හිතන්න පුලුවන්කමයි, ඒක වෙළඳපොලට ඉදිරිපත් කරන්න පුලුවන් කමයි. කොලිටි නිමි ඇඳුම් නම්.. කවුරු කොහොම කිව්වත් පිටකොටුවෙ, මහරගමත් ගන්න තියෙනවනේ…
3. ඇන්ටික් බඩු
මේකත් අර ඉස්සෙල්ල කියපු ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන විදියටම විකුණන්න පුලුවන්. හැබැයි ඊට වැඩිය වැඩේ ලස්සන වෙන්න ඔ්න. කොහොමද දන්නවද, ඔයා දන්න කියන හැම තැනකම තියෙන ඇන්ටික් බඩුවල ලස්සන ෆොටෝ එක්ක මිල ගණන් හරිහැටි පෙන්වන ඇල්බම් එකක් හදල තියාගන්න ඔ්න. එතකොට කස්ටමර් කෙනෙක් හමුවුන ගමන් පෙන්නල වැඩේ කතා කරගන්න පුලුවන්නෙ.
4. අත්කම් නිර්මාණ
ඔ්න තරම් මිනිස්සු ඉන්නව එයාලගෙ අත්කම් නිර්මාණ සාධාරණ මිලකට විකුණගන්න බැරි. සමහර ඒවා ගොඩක් ප්‍රයෝජනවත්, සමහර ඒවා හරිම කලාත්මකයි. ඒත්.. ඒ ඔක්කොම යටයි පිටරටින් ගෙන්වන ආදේශක වලට. මෙතනදි ඔයාට ක්‍රම දෙකකට මේ වෙළඳාමට අත පොවන්න පුලුවන්. එකක් තමයි තරමක වියදමක් දරල හොඳ අත්කම් නිර්මාණ එකතුවක් එක්ක ඔන්ලයින් වෙළඳපොලක් හදන එක. අනිත් එක තමයි.. ඒ වෙළෙන්දන්ට ඇවිල්ල ඒවා විකුණගන්න පුලුවන් වෙන විදියෙ ඔන්ලයින් සහ ඔන්ලයින් නොවන වෙළඳපොලක් හදන එක.
5. ස්වයං රැකියා නිශ්පාදන
දන්නවද? කෑම කඩයකට වඩා ලාභයක් හඳුන්කූරු විකුණල හොයන්න පුලුවන් බව..
එහෙම කිව්වට පස්සෙ ඉතින් ආයෙ ලොකු ලොකු විස්තර ඔ්න වෙන එකක් නෑ. කොහොම වුනත් කාරි නෑ, හොඳ කොලිටි, ඒ වගේ නිශ්පාදන මිලදී අරගෙන පොඩි ලාභයක් එක්ක ලොකු වෙළඳපොල අල්ලන්න පුලුවන් නම්.. පාර්ශව තුනටම ලොකු සාධාරණයක් වේවි.