සාමාන්‍යයෙන් වෙනදට කට්ටිය එකතුවෙලා සවාන් කෑවට..
මේ පාර ඒක හොඳ අදහසක් වෙයිද දන්නෙ නෑ.
කොහොම වුනත් බේරිලා ඉන්න, තනි තනිව කන්න
මෙන්න ප්ලේස් ටික!
1. Doner & Durum
තිඹිරිගස්යාය පාරෙ, ජාවත්ත හංදියෙම ..
මදි නොකියන්න මයිලෝ දාලා, නූලට කූල් එක තියෙන්න හදාපු අයිස් මයිලෝ එකක් එක්ක, ටොප් කරි රහට හදපු පුල්ඩ් ලැම්බ් රයිස් එකක්. හොඳ හැටි මැදපෙරදිග රස එන්න ස්පයිසස් එහෙමත් දාලා.. ඒවා මස්වලට අල්ලන්න පදම් වෙන්නත් තියලා.. තම්බල අරගෙන. ඊටත් ස්ටොක් වලින්ම තම්බපු බාස්මතී හාලෙ බතනෙ. ඒ විතරක් නෙවෙයි ඒකට ආපු සලාදයයි, ස්පයිස් රසත් එක්ක ආපු ඝන සෝස් එකයි එකතු වුනාම!
ආයෙ.. බලන් ඉඳිද්දි බත වාශ්පයි හොඳේ.
2. Spice Market
ඉසිපතන පාරෙ තියෙන මේ ප්ලේස් එකේ හැදෙන නොම්මමර එකේ ‘කබ්සා’ රයිස් එක ගැන විශ්වි කියපු කතාව.
“මෙයාලගෙ චිකන් කබ්සා එක රු. 800යි. කබ්සා කුළුබඩු මිශ්‍රණය සහ බත රස කරන කොළවර්ගත් දාලා තමයි මේක හදන්නෙ. එහෙම හදලා මේසෙට සර්ව් කරන මේ බතේ.. කුකුල් මස්, හොඳ ඉස්ම තියෙන්නෙ, සොෆ්ට් එකට මස් ගැලවෙන්න පදමටම තම්බලා. ඒ රස පදමෙත් කුළුබඩු රසයි, ලා ඇඹුල් ගතියකුත් තියෙන නිසා.. කෑම ගැන නම් නෝ කතා!”
3. Saffron Restaurant
ඩීන්ස් පාරෙ තියෙන මේ ප්ලේස් එක ගොඩ දෙනෙක් දන්න කියන තැනක්. ඉතින්.. මේ තැන ගැන අපේ බිලාල් කරපු විස්තරය මෙහෙමයි.
“ෆහාම් බාබකියු චිකන් පලුව, රු. 350යි වෙන්නෙ. කොහොම වුනත් හොඳහැටි මස් තියෙන හෝල් ලෙග් එකක් මැදපෙරදිග රහට, ඒ කුළුබඩු වලින්ම පදම් කරලා ග්‍රිල් කරලා. වැඩේ කියන්නෙ මේකෙ රියල්ම රස ගන්න නම් ඔ්ඩරේ කරන්න ඔ්න මෙයාලගෙ නාසි රයිස් එකකුත්. සෝස් පදම නූලට තියලා, කටට සැරට හැදිච්ච බතක්නෙ ඒකත්.”
4. Island Wraps
ඔ්ඩරේ දාලා, ලඟටම ඩිලිවරිය ආවට පස්සෙ කන්න තියෙන්නෙ.
“මෙතන චිකන්, බීෆ්, ලෑම්බ්, ප්‍රෝන්ස්, වෙජි වගේ එක එක ජාතියෙ රැප්ස් අටක් විතර තියෙනවා. ඒකෙන් අපි ගත්තෙ පුල්ඩ් චිකන් රැප් එක රු. 750යි, ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එක රු. 1050යි, පිටා රොටි සහ හමුස් රු. 500යි.
පුල්ඩ් චිකන් රැප් එකේ, චිකන් පුරවලා සොෆ්ට් පිටා රොටියකින් රැප් කරලා තිබුනෙ. ඒකත් චිකන් එකට හරිස්සා සෝස් දාලා, ෆිලිං එකට සෝස්, සලාද කොළ, ලූනු, තක්කාලි එහෙමත් හොඳහැටි දාලා..
ඒ හැරුනාම කොෆ්තා හදල තිබුනෙත් ලූනු, සුදු ලූනු, කුළුබඩු එක්ක මස් මිශ්‍ර කරලා. ඉතින්.. ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එකේ සුවඳ පවා පංකාදුයි. කොහොම වුනත් රැප් එක මැද්දට තව කොෆ්තා එන්න නම් ඔ්න. අනික මයොනිස්, සෝස් එහෙම අඩුවෙන්නත් ඔ්න.
මෙයාලගෙ පිටා ඇවිල්ලා හෝම් මේඩ්. ඒ වගේම හමුසුත්.. හොඳහැටි තල, කඩල වගේ ඇට ජාති පිටි කරලා හදල තියෙන්නෙ, හ්ම්..!
5. Malay Restaurant
දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ මැලේ රෙස්ටුරන්ට් එකට ගියපු මම..
“හප්පේ.. ඒක නම්! තඩි මට්න් කෑලිත් 8, 10ක්ම තියෙන්න ඉඟුරු සුදුළූණු, ලුණු ඇඹුල් එක්ක, කුලුබඩු නම්.. මගෙ හිතේ ලංකාවෙ ඒවා විතරක් නවෙයි, මැලේ ඒවත් දාලද කොහෙද. හැරත් ඒ මට්න්වල රසත් හරිම ෆ්රෙෂ්නෙ. කෑල්ලක් කෑවා කියන්නෙ ඉතින් කටවල් 2, 3කට ඇති. ඔය අතරෙ මම බිරියානි එකෙනුත් කටක් දෙකක් රස බැලුව.
ම්.. ඇත්තටම ඒකත්! නොම්මර එකයි ඈ. ඔරිජිනල්ම මැදපෙරදිග රසට නොතිබ්බට, සමස්ථ රසය පංකාදු පහයි. පොඩි අවුලකට කියල තිබ්බෙ ඒකෙ ‘බිරියානි’ රසේ පුංචි මදි ගතියක් තිබ්බ එක තමයි. ඒ වුනාට චිකන් කෑල්ල එහෙම තිබ්බ තන්දුරි රසට හොඳ හැටි රෝස්ට් කරල.. ඊටත් අර මීකිරි සලාදයයි, කජු ග්‍රීන්පීස් මාලුවයි එක්ක බතත් එකතු වුණාම.. ටොප් කියන්නෙ ආයෙ ඉතින් කියල වැඩක් නෑ.
6. Falafel King
කොල්ලු පිටියෙ තියෙන වෙජිටේරියන් මැදපෙරදිග කෑම ප්සේ එකක්.
“ෆලාෆල්, සබිච් දෙකෙන් ඔ්න එකක් රු. 390යි. ෆලාෆල් ඩිෂ් එක එන්නෙ පිටා රොටියක ඔතලා. ෆලාෆල් ටික පිපිඤ්ඤා, තක්කාලි, ලූනු, තහිනි සෝස්, පිකල් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස් මිශ්‍රණයකට මැදි වෙලා තමයි එන්නෙ. ෆලාෆල් කියන්නෙ අපි හදන පරිප්පු වඩේ වගේ ජාතියක් නේ. ඉතිං මේ රොටිය ඇතුළෙ තිබුණ ෆලාෆල් ටික හොඳට බැදිලා රහට තිබුණට මොකද, අර කියපු මික්ස්චර් එක නං ඒ තරං අපිට හිතට ඇල්ලුවෙ නෑ. මොකද ඒක ටිකක් දිය රහ නිසා. සමහර විට ස්පයිසි ගතියක් ආව නං මේ දිය රහ නැතුව යන්න ඉඩ තිබුණා. ඉතිං අපි කරපු වැඩේ, පිටා රොටියෙන් ෆලාෆල් ටික විතරක් එළියට අරගෙන කෑවා! අපිට සබිච් එක ගන්න වුණේ එවෙලේ එයාල ළඟ ෂක්ෂුකා තිබුණේ නැති හින්දයි. සබිච් වගේ ම ෂක්ෂුකා කියන්නෙත් ඊශ්‍රායලයේ සුප්‍රකට කෑම වර්ග. අපි ගත්ත සබිච් එකත් ආවෙ පිටා රොටියක් විදිහට. අර වගේ ම මිශ්‍රණයක් ඒකෙ ඇතුළෙත් තිබුණා. පිපිඤ්ඤා, තක්කාලි, ලූනු, තහිනි සෝස්, පිකල්, තම්බපු බිත්තර සහ වම්බටු තමයි ඒකෙ අඩංගු වුණේ. මේකට නං අපි ෆලාෆල් එක තරමටවත් කැමති වුණේ නෑ, ඇයි කිව්වොත් මේකට දාපු වම්බටුවලින් එන රස නිසා මේ මිශ්රණේ රස සම්පූර්ණයෙන් ම අවුල්. මේකත් සැරට ගත්ත නං මෙච්චර කේස් එකක් වෙන එකක් නෑ”