1. New Hotel Nisha (පොල් අතු බත්කඩේ) [Kottawa]
පෝර්ක්, බීෆ්, මාළු, බිත්තර, ඉස්සො, දැල්ලො ඔ්න දෙයක් එක්ක.. සුදුබත්, රතුබත් සමඟ කටට රහට, සැරට හදාපු පංකාදු ව්‍යංජන 4ක් බෙදාගෙන බඩකට පිරෙන්න කන්න. ඒකත් එළවළු මාලු ජාති 8-10ක් අතරින් තෝරගෙන හොඳද. ඒ විතරක් නෙවෙයි දවල් 2ට කලින් ගියොත් මිරිස්, පපඩම්, බැදපු මාළු එහෙම වුනත් බත් එකට ගලප ගන්න පුලුවන්. රු. 150න් පටන් ගන්න මෙයලගෙ වෙජි රයිස් එකේ ඉඳන්, ඉඳලා හිටලා වේදිකාවට එන බීෆ් රයිස් ඇන්ඩ් කරිත් යන්නෙ රු. 400න් වගේ.
2. Gedara (Pannipitiya)
මාළු, බිත්තර, චිකන්, කරි චිකන්, පෝර්ක්, සොසේජස් එක්ක එළවළු ව්‍යංජන 12-15කින් 4ක් තෝරගෙන.. රතුබත්, සුදුබත් අතරිනුත් කැමති එකක් තෝරගෙන.. ඔ්න නම් වැඩිපුර බැදපු මාළුවෙක්, ඔම්ලට් එකක් එහෙමත් දාගෙන.. පපඩමුත් එක්කම රස පදම ගලපගන්න. හැබැයි එකක්, මෙයාලගෙ කෑම ටිකක් අමුතු ලෙවල් එකකට තමයි හැදෙන්නෙ. ඒ හැටි මිරිස් තුනපහ එහෙම වැඩි නොකර.. දන්නවනෙ. ම්.. ගණන් යන්නෙත් එළවළු බත් එක රු. 200 ඉඳන්, පෝර්ක් එක රු. 500න් වගේ.
3. New Banana Leaf (Maharagama)
කෙසෙල් කොලේට බෙදෙන කීරි සම්බා හාලෙ කහබතත් එක්ක.. පංකාදු පරිප්පු කරියක්, උම්බලකඩ සම්බෝලයක්, ග්‍රීන්පීස්-කජු ව්‍යංජනයක්, කොළ මැල්ලුම් හරි තවත් ව්‍යංජන 2ක්, සලාදයක්.. අතරට ඔ්ඩර් කරන්න මට්න් කරියක්, නැත්නම් ක්‍රැබ්, එහෙමත් නැත්නම් කට්ල්ෆිෂ්, චිකන්, බිත්තර.. එකක්වත් හරි යන්නෙ නැතනම් තන්දුරි චිකන් වුනත් තියෙනවා. ආයේ.. ෆ්‍රයිඩ් තලපත්, මාළු කරි..
පටන් ගන්නෙ නම් රු. 400න් හැබැයි මට්න් ගත්තොත් රු. 700ක් වගේ?
4. Pela (Delkanda)
මගේම අත්දැකීම…
“මට.. සුදු බතුයි, බැදපු මාළුවයි, අඹයි, මෑ කරලුයි, පළා මැල්ලුනුයි, කඩල කරියයි (රු. 230) දාන්න. ඒ එක්කම වෙනම චිකන් ලිවර් පෝෂන් එකකුත් (රු. 200) දෙන්න” බෙදාගන්න දාහක් දේවල් තිබුණත් දෙන්නෙ 4යිනෙ නිසා මම හිත හදාගෙන මගේ බත් එක අතට ගත්ත. ඒ අතරට සරිත් ඉස්සො රතු බත් එකකුයි (රු. 230), බිත්තර කරියකුයි (රු. 130) ගත්ත. පොඩි ඇට සම්බා හාලෙ බත. ව්‍යංජන සියල්ලටමත් හොඳ පදමට මිරිස්, තුනපහ දාලා.. ආයෙ හායි හූයි ගෑවෙන්න. හිතන්නකො ඒ අතරට පදමට බැදපු මිරිස්, පපඩම් සියල්ලමත් ගැලපෙද්දි..
පංකාදු පහයි ඈ..
5. Ambul Thiyal (Nugegoda)
මේකත් මගේම අත්දැකීම..
‘මැටි ඇතිලිවල දාපු රතු බත්, සුදු බත්, චිකන්, පෝර්ක්, මාළු ඇඹුල් තියල්, පොලොස්, කිරිකොස්, බණ්ඩක්කා තෙල්දාලා, කෙහෙල්මුව තෙල් දාලා, කරවල තෙල්දාලා, බෝංචි, පරිප්පු, පලා මැල්ලුම්, පතෝල සම්බෝල, කොස් මැල්ලුම්.. එතනින් එහාට ආයෙ ඉස්සො, දැල්ලො, බැදපු මාළු, සොසේජස්. ඒ විතරක් නෙවෙයි පැත්තකට වෙන්න ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් එහෙමත්’
හිතාගන්න බැරි තැන මම ගත්තෙ පෝර්ක් සුදුබත් එකක් (රු. 300), බැදපු මාළුවෙකුත් ගත්තා රු. 100යි. මෙයාලගේ.. මාළු ඇඹුල් තියල් බත් රු. 250යි, ඉස්සො හෝ දැල්ලෙ රු. 300යි!
6. Sri Vihar (Nugegoda)
සුපිරි ඉන්ඩියන් රයිස් ඇන්ඩ් කරියක් රස බලන්න.. කෙහෙල් කොලේට බෙදන, එළවළු ව්‍යංජන 5, 6ක් එක්ක එන, රසම් සහ මෝරු පිරිවරාගෙන.. ලොකු පපඩමයි, මෝරු මිරිස් කරලයි.. සුදු කැකුලු හාලෙ උණු උණු බතයි. රු. 300න් වගේ යන්නෙ. හැබැයි කන්න පුලුවන් බඩ පැලෙන්න, හ්ම්..