ගෙදර බත් එකට අළුත් රසක්! ලේසියෙන්ම ගෙදරදි හදාගන්න කියාපු සුපිරි බත් වර්ග 6ක්.

“අයියෙ, රයිස් ඇන්ඩ් කරි තියෙනවද?”

දවල් කෑමට කඩේකට ගියත් අපේ අය අහන්නෙ ඕකනෙ.

වෙන දෙයක් නිසා නෙවෙයි, ඒක අපේ පුරුද්ද නිසා. සමහරු කතාවටත් කියන්නෙ ‘බත් කටක් කෑවෙ නැත්තං නින්ද යන්නෙ නෑ’ කියල.

හැබැයි ඉතින්, කවුරු කොහොම කිව්වත් කාලයක් තිස්සෙ එකම රහට කෑම කද්දි පොඩි එපා වෙන ගතියක් එනව. වැඩේ කියන්නෙ එහෙමයි කියල හැමදාම කඩෙන් කන්නත් බෑනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ, ගෙදර දොරේ උයන පිහන අංශය බාරව ඉන්න අයට පොඩි පොඩි, අළුත් අදහස් ටිකක් දෙන්න. බිරිඳට, අම්මට විතරක් නෙවෙයි, බාග වෙලාවට කුස්සියෙ වැඩ අතට ගන්න අපේ පිරිමි පාර්ශවයට වුණත් මේ ටික සෑහෙන්න වටීවි.

එහෙනම් අහගන්නකො.

මේ, ගෙදර දොරේ නිතරම තියෙන අඩුම කුඩුම වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස වෑහෙන බත් වර්ග 8ක්.

1. මුං පොල් බත්

උදේ කෑමකට කියාපු බත. හැරත්, රසයෙන් වගේම ගුණයෙනුත් ඉහලයි. කටට සැරට, රස පදමට ළූණු, මිරිස්, උම්බලකඩ ටිකක් දාලා හදපු කට්ට සම්බෝලයක් එක්ක තලු මරමර කතහැකි. පැය බාගෙකින් වගේ හදාගන්න පුළුවන් මේ බතට ඕන වෙන්නෙ මුං ඇට 250g, කැකුළු හාල් 250g, පොල් බෑයක පොලුයි. කලින් දවසෙ රෑ මුං ඇට ටික පෙඟන්න දැම්ම නම් වැඩේ තවත් ලේසියි. මොකද ඉස්සෙල්ලම, මුං ඇට පියලි වෙන් කරල ලිපේ තියන්න ඕන. ඊට පස්සෙ තමයි හාල් ටික එකතු කරන්න තියෙන්නෙ. බතේ වතුර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොල් ටික එකතු කරල, රසේ හැටියට ලුණු දාලා කලවම් කරගත්ත නම් හරියටම හරි.

2. සූදුරු බත්

ෆ්‍රයිඩ් රයිස් එකක්වත් හදා ගන්න බඩු නැති වෙලාවක, වේල ගොඩ දාගන්න කියාපු බතක්. හදාගන්නත් ඒ හැටි මහන්සියක් නෑ. බාස්මතී, කීරි සම්බා හරි නැතිම නම් සම්බා හාල් හරි 250g වගේ තමයි ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නෙ. ඊට පස්සෙ එළඟිතෙල් මේස හැඳි දෙක තුනක්, සූදුරු තේ හැන්දක්, ගම්මිරිස් ඇට, කජුමද පහ හයක්, කොත්තමල්ලි කොළ දෙක තුනක්, ළුෑණූ ගෙඩියක් හොයා ගත්ත නම් බත හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම එළඟිතෙල් එක්ක කජුමද, සූදුරු, ගම්මිරිස්, ළූණු තෙල් දාගන්න. තෙල් දැමුම හරියාගෙන එද්දි හාල් එකතු කරල, පොඩ්ඩක් බැදෙන්න අරින්න. මතක තියාගන්න හාල් ටික බැදෙද්දි තමයි වතුර දාලා තම්බ ගන්න ඕන. ලුණු එකතු කිරීම ඔයා සතුයි.

මස් කරියක් එක්ක පංකාදු පහට ගියාට මොකද ගෙදර නිසා බුල්සයි එකක් වුනත් නරකට හිටින එකක් නෑ.

3. ලෙමන් චිකන් රයිස්

මේකත් නරකම නෑ. හැබැයි ටිකක් ලෑස්ති පිට ඉන්න ඕන. මොකද ෆ්‍රිජ් එකේ චිකනුයි, රාක්කෙ ඔලිව් ඔයිලුයි තියෙන්න ඕන. මුලින්ම කරන්න තියෙන්නෙ සුදු සම්බා හාල් 250gක් ලිපේ තියල, කහ හැඳි කාලක්, ලුණු, ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා තම්බ ගන්න එක. ඊට පස්සෙ පෑන් එකකට තව ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා මුද්දරස් පලම්, ග්‍රීන් පීස්, සුදු ළූණු මේස හැන්ද ගාණෙ වගේ එකතු කරල තෙල් දාගන්න. ඒ අතරට, ඒකටම බිත්තර 2කුත් එකතු කරන්න ඕන.

ඉදුණු බත, තෙල් දැමුමට දාලා කලවම් කරල පැත්තකින් තියන ගමන්, චිකන් 250g අඟලෙ විතර කෑලි වලට කපලා, සෝයා සෝස් මේස හැන්දයි, ගම්මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, බිත්තරයක් දාලා හදාගත්තු මිශ්‍රණයක පදම් කරගන්න. පදම් වුනාට පස්සෙ, චිකන් කෑලි ටික කෝන් පිටිවල දවටල බැද ගන්න.

රයිස් එකට හරියන ලෙමන් සෝස් එක හදාගන්නෙ මෙහෙමයි. ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ලිපේ තියල ඒකට සුදු ළූණු තේ හැන්දක්, චිකන් ස්ටොක් කෝප්පයක්, දෙහි යුෂ කෝප්ප කාලක්, සීනි තේ හැඳි දෙකක් දාලා උකු වෙනකම් හැඳිගාන්න තියෙන්නෙ. රස පදම ආවට පස්සෙ ලිපෙන් බාලා, චිකන් එකත් එක්ක බතට මික්ස් කරන්න.

ආයෙ වෙන මුකුත් ඕන වෙන එකක් නෑ ඉතින්.

4. සුදුළූණු බත්

ඔන්න ගෙදර අයගෙ සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතල සුදුළූණු කවන්න උත්සාහ කරන අයට නියම ක්‍රමයක්. මොකද සුදුළූණු නොකන අයට වුනත් කන්න ආස හිතෙන විදියට හදන්න පුළුවන් බතක් තමයි මේක. බත උයන්න කලින් දුන්තෙල් හරි එළවළු තෙල් හරි මේස හැඳි 3ක් ලිපේ තියල රම්පෙ කරපිංච, උළුහාල්, ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කුරුඳු එකතු කරල බැද ගන්න. සුවඳ එන ගාණට බැදෙද්දි ඒකට හාල් ටික එකතු කරල කලවම් කරලා පදමට පොඩ්ඩක් අඩුවෙන් වතුර දාලා තැම්බෙන්න අරින්න. වතුර ටික හිඳීගෙන එද්දි සුදුලූණුයි, තක්කාලියි හැඳි මිටක ආධාරයෙන් බත ඇතුලට බස්සන්න. මතක තියාගන්න බත කූරු ගාන්න එපා. බත බාන්න ඔන්න මෙන්න තියෙල පොල්කිරි කෝප්පයක් එකතු කරල ගත්තා නම් පංකාදු පහයි.

5. ඔම්ලට් බත්

මේකෙ විශේෂත්වය ලොකුවටම තියෙන්නෙ පෙනුමෙ. රසත් නරකම නෑ. හැබැයි සුපරුදු බිත්තර ඔම්ලට් රසම වගේ තමයි. කරන්න තියෙන්නෙ, ගෙදරදි හදන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක්, කහබතක් වගේ එකක් හදල, ලොකු ඔම්ලට් එකක් මැද්දට පුරවල බේක් කරගන්න එක.

මේ ලොකු ඔම්ලට් එක හදාගන්නෙ, පාන් පිටි 150g, බටර් මේස හැන්දක්, බේකින් පවුඩර් තේ හැඳි කාලක්, ලුණු, බිත්තර දෙකක් එකට එකතු කරල මිශ්‍රණයක් හදල, ඒකෙන් රොටියක් හදාගෙන. රොටිය මැද්දට බතුයි, තව මස් මොනවහරි තියෙනව නම් ඒවයිත් දාලා පැණි ආපේපෙ වගේ නවල බේක් කරගන්න. ආයෙ ටොප් තමයි.

6. සුනුසහල් බත්

ඔන්න තියෙනව හැමදාම පොලල පොලල ඉතුරු වෙච්ච හාල් ටිකට කරන්න දෙයක්. ගන්න ඒ හාල් ටික නෑඹිලියකට. හොඳට ගරන්න ගල් අයින් වෙනකම්. ඊට පස්සෙ ලිපේ තියල තම්බ ගන්න. තම්බන අතරට, සේර කෑල්ලක්, කුරුඳු පොත්තක්, උළුහාල් ටිකක් එහෙම එකතු කලාට කමක් නෑ. මොකද හොඳ රසක් හදා ගන්න පුළුවන්. කොහොම හරි බත තැම්බීගෙන එද්දි, ඒ කියන්නෙ වතුර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොල් ගෙඩියක විතර පොල් එකතු කරගන්න. එතන ඉඳන් දිගටම බත හැඳි ගාන්න ඕන. පුළුවන් තරම් අඩුවෙන් කැට තියෙන තරමට තමයි බත කද්දි රස වෙන්නෙ. පෙනුමෙන් පොල් පිට්ටු වගේ වුනාට රස අතින් නම් තනිකරම වෙනස්.

සුනුසහල් බතේ රස එන්නෙ උණුවෙන් කද්දි. හැබැයි හොඳට, මිරිස් උම්බලකඩ දාලා හදපු කට්ට සම්බෝලයක් නම් අනිවා.

ඔය හැරුණාම, තව බත් සෙට් එකක්ම තියෙනව අපි ලඟ, හදිස්සියට හදාගන්න කියාපු. ඒත් ඒවා දැන්ම කියන්නෙ නෑ. මොකද ඔයාලටත් චාන්ස් එකක් දෙන්න එපැයි ඔයාලා දන්න රස බත් රෙසිපි අපිට කියන්න. එහෙනම් ඔන්න අපි බලාගෙන ඉන්නව හොඳද…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide