මෑත ඉතිහාසයේ විශිෂ්ටතම ටීවී සීරීස් එක, ‘බ්‍රේකිං බෑඩ්’ ගැන ඔබ නොදත් කරුණු 6ක්!.

කොයි තරම් අලුත් අලුත් ටීවී සීරීස් ආවත්, ඒ එකකටවත් දෙවෙනි නොවෙන විදිහට සදාකාලික ව ප්‍රේක්ෂකයන්ගේ හිතේ නොමැකෙන සලකුණක් තිබ්බ සීරීස් එකක් 'බ්‍රේකිං බෑඩ්'. කොටින් ම මෙතෙක් ලෝකේ නිර්මාණය වෙලා තියන විශිෂ්ටතම සීරීස් එක විදිහට 'බ්‍රේකිං බෑඩ්' වැඩි දෙනෙකුගේ මනාපය හිමි කරගන්නවා කිව්වොත් වැරදි නෑ. 2008 වසරේ පළමු වෙනි සීසන් එකේ ඉඳන්, 2012 – 2013 වසරවල පස් වෙනි සීසන් එක දක්වා අවුරුදු පහක් තිස්සේ 'බ්‍රේකිං බෑඩ්' විකාශය වුණා. හැබැයි ජනප්‍රියත්වය නම් 2021 දිත් තාමත් එහෙමමයි.

මේ ලිපියෙන් අපි කතා කරන්න හදන්නෙ  'බ්‍රේකිං බෑඩ්' ගැන හැමෝම දන්න සුපුරුදු තොරතුරු වෙනුවට ටිකක් අප්‍රකට කරුණු කීපයක් ගැන. ඔයත් පිස්සුවෙන් වගේ 'බ්‍රේකිං බෑඩ්' බලපු ෆෑන් කෙනෙක් නං කියවල බලන්නකො මේව ගැන දැනගෙන හිටිය ද කියලා. තාමත් බලලා නැත්තං අනිවාර්යයෙන් 'බ්‍රේකිං බෑඩ්' බලන්න. ඔය නෙට්ෆ්ලික්ස් එකේ එහෙමත් තියෙන්නේ.

ආහ්.. තව එකක්. මේ ලිපියේ ස්පොයිලර්ස් අඩංගුයි. ඔන්න කිව්වෙ නෑ කියන්න එපා..

1 ඇත්ත වෝල්ටර් වයිට් සහ හයිසන්බර්ග්

බ්‍රේකිං බෑඩ් එකේ ප්‍රධාන චරිතේ වෝල්ටර් වයිට් නේ. දන්නවද ඇත්ත ලෝකෙත් වෝල්ටර් වයිට් කෙනෙක් ඉඳල තියනව කියල? ඇමරිකාවේ ඇලබාමාවල හිටපු, ඇත්තට ම ක්‍රිස්ටල් මෙත් හදපු, ඒ නිසා කරදර ගොඩකට මුහුණ දුන්න පුද්ගලයෙක් වෝල්ටර් වයිට්. හැබැයි මේ ඇත්ත කතාවයි බ්‍රේකිං බෑඩ් සීරීස් එකයි අතරෙ තියෙන්නෙ හරිම අහම්බකාරී සම්බන්ධයක්. බ්‍රේකිං බෑඩ් නිර්මාතෘ වින්ස් ගිලිගන් බ්‍රේකිං බෑඩ් රචනා කරල තියෙන්නෙ මේ ඇත්ත කතාව දැනගෙන නෙමෙයි. බ්‍රේකිං බෑඩ් පළමු වෙනි සීසන් එක විකාශය වෙද්දි මේ ඇත්ත වෝල්ටර් වයිට් තමන්ගෙ සාර්ථකත්වය අත්පත් කර ගනිමින්, මත්ද්‍රව්‍ය රාජධානිය ගොඩ නඟමින් තමයි ඉඳල තියෙන්නෙ. 

බ්‍රේකිං බෑඩ් එකේ වෝල්ටර් වයිට් මත්ද්‍රව්‍ය ලෝකෙ ඇතුළෙ පෙනී ඉන්නේ හයිසන්බර්ග් නමින්. දන්නවද කවුද මේ හයිසන්බර්ග් කියන්නෙ කියල? ක්වොන්ටම් මිකැනික් න්‍යාය ලෝකයට හඳුන්වා දුන්න, 20 වැනි සියවසේ ජීවත් වුණ, නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙක් වර්නර් හයිසන්බර්ග්. ඔහුගේ නම ඇසුරෙන් තමයි බ්‍රේකිං බෑඩ් එකේ වෝල්ටර් වයිට්ට හයිසන්බර්ග් කියන අන්වර්ථ නම දීල තියෙන්නෙ.

2 එපිසෝඩ්ස් 62ක් තියෙන්නෙ ඇයි?

බ්‍රේකිං බෑඩ් සීරීස් එකේ සීසන්ස් පහක් සහ එපිසෝඩ්ස් 62ක් තියනවා. මේ අංකයෙත් විශේෂත්වයක් තියනව ලු. ආවර්තිතා වගුවේ 62 වෙනි මූලද්‍රව්‍ය තමයි සමාරියම්. සමාරියම් පාවිච්චි කරන්නේ පෙණහලු පිළිකාවලට ප්‍රතිකාර කරන්න. වෝල්ටර් වයිට් 50 වෙනි වියේ දී ඉස්ඉස්සෙල්ලා ම ක්‍රිස්ටල් මෙත් ව්‍යාපාරයට බහින්නේ තමන්ගේ පෙණහලු පිළිකාව සුව කරගන්න අවශ්‍ය මුදල් හොයාගන්න. සීරීස් එක පුරා ම ඔහුගේ මේ පෙණහලු පිළිකාව වැදගත් භූමිකාවක් උසුලනවා. හැබැයි මේ එපිසෝඩ්ස් 62 කතාවත් අර කලින් කියපු හැබෑ ජීවිතේ වෝල්ටර් වයිට්ගේ කතාව වගේ ම පුදුම සහගත අහම්බයක් වෙන්නත් පුළුවන්. 

3 සංකේත සහ පාට

මේ සීරීස් එක පුරා ම විවිධ සංකේත සහ වර්ණ පාවිච්චි කරලා ඒ ඒ අවස්ථා තවත් තීව්‍ර කරන්න නිර්මාණකරුවන් කටයුතු කරලා තියනවා. මේ අතරින් ප්‍රධාන ම එකක් තමයි උප ප්‍රධාන චරිතයක් වෙන මරීගේ ඇඳුම් පැළඳුම් සහ ඇගේ නිවස ආශ්‍රිත ව දම් පාට භාවිතය. කොයි වෙලාවක බැලුවත් මරී ඇඳන් ඉන්නෙ දම් පාට ඇඳුමක්. ඒ වගේ ම ඇගේ නිවසේ කාපට් එක, කුෂන්, කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි වැඩි හරියක් දම් පාටයි. තමන්වම රවටා ගැනීම, අනෙක් අයව විනිශ්චය කිරීම වැනි ඇගේ චරිත ලක්ෂණ මේ දම් පාටින් තීව්‍ර වෙන බවයි කියවෙන්නේ.

ඒ වගේ ම මෙහි වරින් වර පෙන්නන රෝස සහ සුදු පාට ටෙඩියා ඕගොල්ලන්ට මතක ද? මේ ටෙඩියාගේ තියෙන්නේ විකෘති වුණු ස්වරූපයක්. ආරම්භයේ දී ඉතා ම පරමාදර්ශී ගණයේ චරිතයක් විදිහට සමාජ සම්මතයන්ට අනුව ජීවත් වුණු වෝල්ටර් වයිට්, ටිකෙන් ටික වෙනත් කෙනෙකු බවට පත් වීම සහ ඔහුගේ අහිංසකකම ගිලිහීම වගේ කාරණා මතු කරන සංකේතයක් විදිහට මේක පාවිච්චි කරලා තියනවා.  

4 මරණ ගණන

බ්‍රේකිං බෑඩ් සීරීස් එකේ මුල ඉඳන් අග දක්වා අරං බැලුවොත් හිතාගන්නත් බැරි තරං චරිත ගොඩක් මරණයට පත් වෙනවා දකින්න පුළුවන්. බ්‍රේකිං බෑඩ් ෆෑන්ස්ලා ගණන් කරලා තියන විදිහට, කතා මාලාවේ සම්පූර්ණ මරණ ගණන 270ක් ලු. උදාහරණ කීපයක් මතක් කළොත් ටූකෝ, තෝමස්, ගේල්, වික්ටර්, ගස්, හෙක්ටර්, ඩ්රු ෂාප්, මයික්, ඇන්ඩ්රියා, ලිඩියා, ටොඩ් ඇතුළු පිරිස.. මේ ඔක්කොම මැරෙනවා. ඒ විතරක් යැ, නොහිතපු විදිහට හෑන්ක්, ස්ටීව් දෙන්නත් මැරිලා අන්තිමට ඉතින් වෝල්ටර්ත් මැරෙනව නෙ.

මේ ඇත්තට ම මැරෙන අයට අමතර ව තවත් සිද්ධ නොවුණු මරණත් මේකේ නිර්මාණකරුවෝ කලින් ප්ලෑන් කරලා තිබිලා තියනවා. කොටින් ම දෙවෙනි ප්‍රධාන චරිතේ හෙවත් වෝල්ටර්ගේ සගයා, ජෙසී පින්ක්මන්වත් පළමු වෙනි සීසන් එකේදි මරා දාන්න තමයි වින්ස් ගිලිගන් හිතන් ඉඳල තියෙන්නෙ. ඒත් කොහොම හරි සීරීස් එක අන්තිමේ ඉතුරු වෙන්නෙ ජෙසී විතරයි. ඒ විතරක් නෙමෙයි, ජෙසීගෙ චරිතේ යොදාගෙන වින්ස් ගිලිගන් පසුව El Camino නම් චිත්‍රපටයකුත් නිර්මාණය කරනවා. ඒ 2019 අවුරුද්දේ.

5 සම්මාන සහ වාර්තා

ඉස්ඉස්සෙල්ලා ම විකාශය වෙන්න පටන්ගත්ත සීසන් එකේ ඉඳන් අන්තිම සීසන් එක වෙනකන් බ්‍රේකිං බෑඩ් දිනාගත්ත සම්මාන ගණන අතිවිශාලයි. හොඳ ම ටෙලිවිෂන් සීරීස් එක, හොඳ ම නළුවා, හොඳ ම සහය නිළිය, හොඳ ම සහය නළුවා, හොඳ ම අධ්‍යක්ෂණය, හොඳ ම සංස්කරණය, හොඳ ම ශබ්ද පරිපාලනය ඇතුළු සම්මාන ගණනාවක් සඳහා, නිර්දේශ වීම් 248ක් සහ සම්මාන 92ක් අවුරුදු පහක් පුරා ඔවුන් දිනාගත්තා. එමී සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන එහෙමත් මේ අතරට අයත්. ඒ වගේ ම MetaCritic.com හි ඉහළ ම රේටිං එක දිනාගත් ටීවී සීරීස් එක විදිහට ගිනස් වාර්තාවක් තියන්නත් බ්‍රේකිං බෑඩ් සීරීස් එකට පුළුවන් වුණා. ඒ අගය 99/100ක්.

6 ඇල්කොහොල් ව්‍යාපාරයක්

බ්‍රේකිං බෑඩ් එකේ ප්‍රධාන චරිත දෙක වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන්ගේ චරිතවලට පණ දුන්නු රංගන ශිල්පීන් දෙන්නා බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ ඒරන් පෝල්. වයසින් ලොකු පරතරයක් තිබුණට, බ්‍රේකිං බෑඩ් එකේ දි හැම වෙලේ ම රණ්ඩු කළාට, හැබෑ ජීවිතේ දි මේ දෙන්නා ගජ යාළුවෝ. විශේෂයෙන් සම්මාන උළෙලවල දි එක්කෙනෙකුට සම්මානයක් හිමි වෙද්දි අනෙක් එක්කෙනා සතුටු වෙන විදිහ දැක්කම ඒ යාළුකම ගැන හිතාගන්න අමාරු නෑ. ඉතින් බ්‍රේකිං බෑඩ් එකේ දි මේ දෙන්නා එකතු වෙලා මත්ද්‍රව්‍ය හදලා විකිණුවාට හැබෑ ජීවිතේ දි පටන් අරං තියනවා ඇල්කොහොල් ව්‍යාපාරයක්. ඒ 2019 අවුරුද්දේ. මේකේ නම Dos Hombres Mezcal.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide