බත්වේලට සුපිරි වෙනසක්! ලේසියෙන්ම හදාගන්න රස වෑහෙන ගමේ කෑම 6ක්.

හැමදාම කන බත්වේලට සුපිරි වෙනසක්!; ගෙදර කෑම මේසෙට ලේසියෙන්ම හදාගන්න, රස වෑහෙන ගමේ කෑම 6ක්

අම්මගෙ බත් එක කවදා කෑවත් එපා වෙන්නෙ නෑනෙ ඉතින්.

ඒත් කොහොමද ඉඳල හිටල හරි පොඩි වෙනසක් තිබුණොත්. නිකම්… ගමේ රහට මොනවහරි හදලා, පොඩි සම්බෝලයක් බැදුමක් වගේ එක්ක උණුඋණු බත් ටිකක් කන්න. නැත්නම්… හැමදාම කන පොලොස්, වට්ටක්කා මාළුව වෙනුවට අලුත් එළවළු ව්‍යංජනයක්!

ටොප් එකට තියෙයි නේ… හැරත් ඔයා විතරක් නෙවෙයිනෙ ගෙදර අනිත් අයත් තලු මරමර දෙසාබායි. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ අපේ අම්මලාට වගේම, ආදරණීය බිරින්දෑවරුන්ට උදව්වක් වෙන්න කියල ගෙදර කෑම මේසෙට හදන්න අළුත් කෑම ටිකක් කියල දෙන්න. හැබැයි එකක් මතක තියාගන්න, මේවා ගමේ කෑම නිසා පුළුවන් තරම් මැටි වලං පාවිච්චි කරන්න හොඳ්!

1. ලෙමන් චිකන් බත්

ඔක්කොටම කලින් කෑම මේසෙට බත් එක හදල ඉන්න එපැයි. ඒත් ඉතින් මේ බත් එක හදන්න ටිකක් ලෑස්ති පිට ඉන්න ඕන. හැරත් මේක අපේ රටේ ගමේ කෑමක් නම් නෙවෙයිනෙ. සිංගප්පූරු, මැලේසියන් ගමේ කෑමක්.

මේකෙදි ෆ්‍රිජ් එකේ චිකනුයි, රාක්කෙ ඔලිව් ඔයිලුයි තියෙන එක අනිවා. කොහොම හරි මුලින්ම කරන්න තියෙන්නෙ සුදු සම්බා හාල් 250gක් ලිපේ තියල, කහ හැඳි කාලක්, ලුණු, ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා තම්බ ගන්න එක. ඊට පස්සෙ පෑන් එකකට තව ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා මුද්දරස් පලම්, ග්‍රීන් පීස්, සුදු ලූණු මේස හැන්ද ගාණෙ වගේ එකතු කරල තෙල් දාගන්න. ඒ අතරට, ඒකටම බිත්තර 2කුත් එකතු කරන්න ඕන. බත ඉදුණට පස්සෙ තෙල් දැමුමට දාලා කලවම් කරල පැත්තකින් තියන ගමන්, චිකන් 250g අඟලෙ විතර කෑලි වලට කපලා, සෝයා සෝස් මේස හැන්දයි, ගම්මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, බිත්තරයක් දාලා හදාගත්තු මිශ්‍රණයක පදම් කරගන්න. පදම් වුණාට පස්සෙ, චිකන් කෑලි ටික කෝන් පිටිවල දවටල බැද ගන්න.

රයිස් එකට හරියන ලෙමන් සෝස් එක හදාගන්නෙ මෙහෙමයි. ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ලිපේ තියල ඒකට සුදු ලූණු තේ හැන්දක්, චිකන් ස්ටොක් කෝප්පයක්, දෙහි යුෂ කෝප්ප කාලක්, සීනි තේ හැඳි දෙකක් දාලා උකු වෙනකම් හැඳිගාන්න තියෙන්නෙ. රස පදම ආවට පස්සෙ ලිපෙන් බාලා, චිකන් එකත් එක්ක බතට මික්ස් කරන්න.

ඊට පස්සේ…

2. බ්ලැක් පෝර්ක් වගේම බ්ලැක් අළු කෙහෙල්

අළු කෙහෙල් ගෙඩිය පොතු ඇරලා හරස් අතට 4ට කපන්න. ඊට පස්සෙ ඒ කෑලි ආයෙ දික් අතට 4ට කපන්න. දැන් අඟලෙ අඟලෙ කුට්ටි වගේනෙ තියෙන්නෙ. ඒ කුට්ටි ටික ගැඹුරු තලේ ලාවට බැද ගන්න. බැදල ඉවර වුණාට පස්සෙ කුට්ටි ටික ඇතිළියකට දාලා බැදපු තුනපහ, මස් කරි පවුඩර්, ගම්මිරිස් තේ හැන්ද ගානෙ එකතු කරගන්න. ඒ එක්කම අබ, සුදු ලූණු, ගොරක, බැදපු පොල් ඇඹරුම් තේ හැන්දකුයි මිරිස් කුඩු තේ හැඳි 2කුයි එකතු කරලා ලුණු කුඩු තේ හැඳි භාගයක් එක්ක වතුර කෝප්ප 4කුත් දාලා ලිපේ තිබ්බ නම් හරියටම හරි. හොද්ද හිඳීගෙන එද්දි, වෙනමම තාච්චියකට පොල් තෙල් මේස හැඳි 4ක්, රම්පෙ, කරපිංච අඩුම කුඩුම ටික දාලා තෙලට දාලා ගත්ත නම් පංකාදු පහයි ආයෙ.

3. කොල්ලු මැල්ලුම

හප්පේ, වේලක් කෑවොත් හේනක් කොටයි කිව්වලු තනියම. ඒ තරම් හයිය කෑම වේල.

හදාගන්න ඕන කරන්නෙ හුණ්ඩුවක විතර කොල්ලුයි, කුස්සියෙ තියෙන සාමාන්‍ය තුනපහ, අඩුම කුඩුම ටිකයි විතරයි. හැබැයි කොල්ලු ටික රැයක් එළිවෙනකම් වතුරෙ දාලා තිබිච්ච ඒව වෙන්න ඕන. පහුවෙනිදට පොතු ඇරලා, පියලි වෙන් කරල අරගෙන වතුරයි, ලුණු චුට්ටකුයි දාලා මැටි ඇතිළියක තම්බ ගන්න. වතුර හිඳීගෙන එද්දි ගා ගත්ත පොලුයි, අමුමිරිස්, හීනියට ලියා ගත්ත ලූණු, උම්බලකඩ ටිකක් එහෙමත් එකතු කරලා, මැලවෙන්න අරින්න. ඒ අතරට මතක තියාගන්නකො, මැල්ලුමේ රස වැඩි කරගන්න මිරිස්, ගම්මිරිස් කුඩු, කහ චුට්ටක් එහෙමත් එකතු කරන්න පුළුවන්.

4. කරවල සම්බෝල

ෂහ්!, මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ඔය ලෙමන් චිකන් රයිස් එකට එහෙම කියාපු සම්බෝලෙ.

හදාගන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කට්ට කරවල කෑල්ලක් අරගෙන, හෝදල කරල හීනියට ලියා ගන්න එක. ඊට පස්සෙ ඒ ටික කබළෙ දාලා බැද ගන්න. දර අඟුරු අස්සෙ දාලා පුච්ච ගන්න පුළුවන් නම් තවත් හොඳයි. කරවල කෑලි එහෙම බැදෙද්දි, භාජනයක් අරගෙන ඒකට පොල් බෑයක විතර මිටි කිරියි, ලියා ගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණුයි දාලා මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයට පුච්චපු කරවල කෑලි ටික දාලා හොඳ හැටි අතගා ගත්ත නම් සම්බෝලෙ හරි. හැබැයි රස පදමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න නම් අමතක කරන්න එපා.

5. බැටර්ඩ් ‘කොහිල පෙති’

හරි ලේසි වැඩක්. ඉස්සෙල්ලම මහත කොහිල අලයක් ගන්න ඕන. ඊට පස්සෙ ඒක ඇඟිලි පුරුක් කාලක විතර ඝනකමට කපල ඒ ටික හෝදල කරල භාජනයකට දාන්න. ඒකට එකතු කරන්න කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර්, අබ පේස්ට්, ගම්මිරිස් තේ හැන්ද ගාණෙ. හැබැයි මිරිස් කුඩු නම් හැඳි 2ක්වත් දාන්න ඕන. ලුණු වතුරත් කෝප්ප භාගයක් විතර එකතු කරන්න. පස්සෙ මිශ්‍රණය හොඳට අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න තියලා මාළු පෙති දවටල බදින විදියට බැදගන්න තියෙන්නෙ. දැවටුමට බිත්තර සාරු වගේ ගත්ත නම් රස ඩබල් කරගන්නත් පුළුවන්.

6. ලුණු මිරිස් බැදුම

සාමාන්‍ය මිරිස් බැදුම වගේ නෙවෙයි. මේක ඇවිල්ලා රියල් කටගැස්මක්. අද කාලෙ ගෙවල්වල මේ මිරිස් බැදුම හැදෙන්නෙ නැත්තෙ වැඩි හරියක්ම ලුණු පොල්කටු නැති නිසා. ඒකට කමක් නෑ. අහගන්නකො,

මේක හදන්න ඉස්සෙල්ලම ගන්න වේලපු මිරිස් කරල් ටිකක්. අරගෙන, මැද්දෙන් පොඩි පලුද්දක් දාන්න. වෙන් නොවෙන ගානට දෙකට ඉරුව නම් හරි. ඊට පස්සෙ ඒ ටික ලුණු, විනාකරි මිශ්‍ර වතුරෙ දාන්න ඕන. දවස් ගාණක් හරි පදම් වෙන තරමට තමයි රස වැඩි වෙන්නෙ. බැදල කරල ගත්තට පස්සෙ ඉතින් කරලක් ඇති බත් එකටම වග කියන්න.

ඔය ටික හදද්දි ඉතින් කෑම මේසෙ පිරිලනෙ. හැබැයි හදන්න කලින් නම් කට්ටියට හිතෙන්න පුලුවන්, බත් ජාති දෙකම බටහිර පන්නෙට නිසා ගැලපෙන එකක් නෑ කියල. ඒත හදල, කාලා බැලුවට පස්සේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Heritance Hotels and Resorts Partners with Galle Literary Festival as Exclusive Opening Night Sponsor

Heritance Hotels and Resorts, the flagship brand of Aitken Spence Hotels, proudly announces its continued

Trending

A Night to Remember at Excel World’s Indian Food Festival

Excel World came alive on the evening of January 11th with the grand opening of

Highlights Trending

Dine as Much as Your Heart Desires this Chinese New Year at The Kingsbury’s Yue Chuan

Celebrate the vibrant traditions of the Chinese New Year with a culinary experience like no

Trending

A Glittering Start to 2025: Sheraton Kosgoda’s Spectacular NYE Gala

Sheraton Kosgoda Turtle Beach Resort welcomed the new year in grand style with its highly

Trending

MSI Unveils New Laptop Lineup Featuring NVIDIA GeForce RTX 50 Series at CES 2025

Experience the Extreme Performance of NVIDIA GeForce RTX 50 Series Across 5 Different MSI Laptop

Trending

Graze Kitchen Presents “Timeless Taste of India” – An Exquisite Indian Culinary Showcase

Hilton Colombo's renowned Graze Kitchen invites guests to indulge in India's vibrant and diverse flavors

Trending

Yamu Guide.

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide