ලෝන්ග් වීක්එන්ඩ් එකට අපූරු නිවාඩුවක්! දවසක් ගත කරන්න කියාපු සුන්දර නවාතැන් 6ක්.

ඔන්න යාළු ආයෙත්,

දිග නිවාඩුවක් අත ළඟම එනෝ…

මාසෙ පඩිය එහෙමත් එන සතිය නිසා නරකද හොඳ ටුවර් එකක් ප්ලෑන් කළොත්. කන්දක් කාරිය නැගලා, කැලේ කොලේ ඇවිදලා, සතෙක් සීපාවෙක්, කුරුලු කොබෙයියෙක්ගෙ ලස්සන ෆොටෝ ටිකක් ගහගෙන, විනෝද වෙලා එන්න. එ් අතරට ඉතින් සීතල වතුර ටිකක් නාගන්න, ගල් තලාවක් උඩට වෙලා පොඩි අඩියක් ගහල සිංදුවක් කියන්නත් බැරියැ. හැරත් අපි මේ කියන්න යන අපූරු හෝටල් වලින්, කොහොමත් හැන්දෑ ජාමෙට, හොඳ සුවපහසු කෑම්ප් ෆයර් එකක් ලෑස්ති කරල දෙනව.

හැබැයි එකක් මතක තියා ගන්න. ඔය තැන් වලට ගිහිල්ල, කාලා බීලා ආතල් දැම්ම වගේ නෙවෙයි, තමන් රස විඳපු පරිසරය විනාශ වෙන විදියට වැඩ කරන්න එපා. එතකොට තමයි පුළුවන් වෙන්නෙ, නම්බු තියාගෙන ගෙදර එන්න. මොකද ආයෙත් පාරක් යන්න හිතුණොත්, ඒ මිනිස්සුන්ගෙ මූණ බලන්න පුලුවන් වෙන්නත් එපැයි, නේ?

1. Seyana Eco Lodge (Lankagama/ 077 1518019)

සිංහරාජ වන පියසෙ තියෙන සුන්දරත්වය ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දෙපා, සීපා වගේම පියාපත්ධාරීන්ද එමටයි. ඒ නිසා, මේ පැත්තෙ ලස්සන බලනවටත් වඩා රිසර්ච් එකකට ගියා නම් තමයි හොඳම. හැබැයි ඒ කොහොම ගියත්, නවාතැන් ගන්න නම් කියාපුම තැන තමයි නෙලුව, ලංකාගම සෙයානා ඉකෝ ලොජ් එක. ගිං ගඟ අයිනෙ, බ්‍රාහ්මණ ඇල්ල පෙනෙන නොපෙනෙන මානයෙ, මැටියෙන් හැදුව වගේ තියෙන හරි අපූරු තැනක්. උළුවහු, දොර ජනෙල් වගේම වහලයත් ලීයෙන් හදල නිසා රස්නයක් දැනෙන්නෙත් නැති තරම්. ගමේ රහට, ගමේ ගොඩේ කෑම ටිකක් රස බලල, හැන්දෑවෙ බෝතල් පාටියට කටට සැර බයිට් එකක් ගන්නත් මෙයාලගෙ කුස්සිය ඕන වෙලාවන ඕපන්.

2. Pitisara Hideout (Kataragama/ 077 3539292)

අලි විමානෙ නයිටක් ගහන්න, කියාපු තැනක්. පිහිටල තියෙන්නෙ කතරගම, සිතුල්පව්ව පාරෙ කටගමුවට කිට්ටුවෙන්. මේ හරියෙත් ඝන කැලේ තමයි. හැන්දෑවට එළියට පහළියට බහින්නත් දෙපාරක් හිතන්න වෙන තරම්. කොහොම වුනත්, කාටත් හුරු පුරුදු, යාල සෆාරි ගැන නම්, පිටිසර හයිඩ් අවුට් එකේදි බය වෙන්න ඕන නෑ. මොකද එයාලට කිව්වාම කොහොමත් වැඩේ ලෑස්ති කරල දෙනව. මැටියෙන් හදපු පෙනුම තියෙන බිත්ති, ලී උළුවහු දොර ජනෙල්, පොල් අතු හෙවිලි කරපු වහල නිසා මේ පුංචි හෝටලයෙ තියෙන්නෙ ඇත්තටම පිටිසර පෙනුමක්. අනික ඇඳන්, පුටු මේස පවා කොටන් පාවිච්චි කරලනෙ හදල තියෙන්නෙ. මෙයාලගෙ කෑම මෙනුවත් ෆුල් ගමේ ටයිප්. කටට සැරට තිබුනට හොඳ හැටි කිරි, තුනපහ එහෙමත් දානව.

3. Kithul Kanda Resort (Meepe/ 0115 960300)

ලොකු දුරකට නොගිහින්ම අපූරු සොබාදම් අත්දැකීමක් ගන්න, යන්න මීපෙ කිතුල් කන්ද රිසෝර්ට් එකට. ලී වලින්, මැටි වලින් හැඩ දාලා හදපු, පිටිසර ගතියක් නැති වුණාට, මේ හෝටලේ විව් එක නම් පිටිසර ගමක වගේමයි. මොකද, ස්විමින්ග් පූල් එක හතර වටේටම පේන්නෙ අවිස්සාවේල්ලෙන් එපිට කිතුල්ගල කඳු පන්තිය. එතකොට කාමර වලටත්, කොළ පාටින් දිදුලන අවට කැලේ කොලේ, හරි ලස්සනට පේනව. මේ හරියෙ සතා සීපාව නම් ඒ හැටි නෑ. ඒත් කුරුල්ලො නම් එමටයි. කටට රහට හැදෙන ඕන තාලෙක කෑමක් කන්න වගේම, පවුලේ අය එක්ක හොඳ හැටි විනෝද වෙන්නත් මෙතන කියාපු තැන. 

4. Sandalu Leisure (Hulu Ganga/ 072 2001001)

මීදුමෙන් වැහුණු සීතල පරිසරයක හිතේ හැටියට ඇවිදින්න. සමනල්ලු, කුරුලු කොබෙයියො හැඩ කරන අහස් තලේ අපූරුව, නිදහසේ විඳින්න. ගෝන, මුව සීපාවුන්ට හොර රහසේ ළංවෙන්න. ඒ විතරක් නෙවෙයි, ලස්සන දිය ඇල්ලකින් නාලා කරල හොඳ හැටි විනෝද වෙන්න, නක්ල්ස් හැර ඉතින් වෙන කොහේද. හුළු ගං මිටියාවතේ, බඹරැල්ලට කිට්ටුව පිහිටල තියෙන සඳලු ලෙෂර් එක තමයි, ඔයාගෙ මේ අපූරු නිවාඩුවට නවාතැන දෙන්නෙ. මේක, කළු ගලින් නිමැවුණු හරි ලස්සන නවාතැනක්. ලීයෙන් හදපු ජනෙල්, උළුවහු නිසා, ඒ ලස්සන තවත් වැඩියි. අනික උඩ තට්ටුවට නැග්ගාම, නකල්ස් කඳු පන්තියෙ ඈත ඉම හොඳට පේනව. ආරංචියෙ හැටියට මෙතන කෑම බීම එහෙමත් හරි රහට තියෙනවලු. 

5. Nature Lovers Inn (Horana/ 077 0056066)

නිවාඩුවක් ගත කරන්න, වැඩිය දුර ඈත යන්න අකමැති අය ඉන්නවනේ. අන්න එයාලට, නිදහස් සොබාදම් නිවාඩුවකට යන්න කියාපු තැනක් තියෙනව හොරණ, ඉහළ නාරගල, වගවත්තෙ. කළු ගඟ අයිනට වෙන්න තමයි මේ පුංචි හෝටලය හදල තියෙන්නෙ. මුළුමනින්ම වගේ කළු ගලින් නිමවලා, පොඩි ස්විමින් පූල් එකක්, ලස්සන උද්‍යානයක් එහෙමත් එකතු කරලා…, හරිම ලස්සනයි. හැබැයි ඉතින් මෙයාලගෙ සේවාව, කෑම බීම ගැන නම් අපිට ලොකු තක්සේරුවක් දෙන්න බෑ. අනික හැන්දෑවට කෑම්ප් ෆයර් එකක් ගහගෙන බෝතලක් හිස් කරන්න, සිංදු කියන්නත් එච්චරටම මෙතන සෙට්වෙන එකක් නෑ. 

6. Mountain Villa (Riverstone/ 072 2229696)

යනව නම් මෙන්න හෝටල්. සුවපහසුව නම් එහෙමයි. විව් එක නම් එහෙමයි. සොබාව සෞන්දර්යය නම් එහෙමයි. මේකත් තනිකර කළු ගලින් හදපු හෝටලයක්. හැබැයි ජනෙල්, උළුවහු, සීලිම් තියල තියෙන්නෙ ලී වලින්. ඒ නිසාද මන්දා කැලෑ ගතියෙන් එහෙමත් අනූනයි. වටේටම කඳු පන්ති වලින් වටවුණු මේ හෝටලය පාමුලින් පුංචි දිය පාරකුත් ගලාගෙන යන නිසා නා කියාගන්න, ජල ක්‍රීඩා කරන වැඩ වලටත් එහේ මෙහේ දුවන්න ඕන නෑ. කට්ටිය කියන විදියට මෙතන කෑම බීම නම් තරමක් හොඳයිලු. හැබැයි සර්විස් එක ගැන නම් ලොකු තක්සේරුවක් නෑ. 

නැතත් ඉතින්, ඒ කිට්ටුව කෑම්ප් සයිට් එකක් ගහගෙන හිටියත් පාඩු නෑ. ඒත් ඒකට හෝටලයක් අල්ලන එක පාඩුයිනෙ. කෑම්ප් සයිට් ඕරගනයිස් කරන කට්ටියක් තමයි අල්ලන්න ඕන. එහෙම කට්ටිය ගැනත් අපි ඉස්සරහ දවසක කියන්නම්. හැබැයි, ඊට කලින් මේ වගේ, තවත් ලස්සන හෝටල් ටිකක් නම් අනිවා ඔයාලට කියනව. ඔන්න ලබන සතියෙත් ඇලර්ට් එකේ ඉන්න හොඳේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide