මස් මාළු කටේ තියන්නෙ නැති අයට! ගෙදරදිම හදාගන්න පංකාදු වෙජි කෑම 6ක් II.

1. අට්ටික්කා ගෙඩි ව්‍යංජනය

ගොඩදෙනෙක් නම් මේවා කනව කියලවත් දන්නෙත් නැතුව ඇති. හැබැයි දන්න කෙනා නම් කොහොම කොහොමහරි හදාගෙන කනව ඇති. මොකද මේක ඇත්තටම ඇඟ නිවන, සීතල කෑමක්නෙ. කරන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳට පැහුණු, හැබැයි ඉදිච්ච නැති අට්ටික්කා ගොඩි තොගයක් කඩාගෙන.. හැම ගෙඩියක්ම දෙකට පළලා ඉස්සෙල්ල හොඳට හෝදගන්න. ඊට පස්සෙ ඒ ටික, සාස්පානකට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට දාන්න. දාලා ලාවට කරවෙනකොටම, රම්පෙ කරපිංච, අබ, සුදුළූණු, ලූණු, ටිකකුත් හීනියට ලියල දාලා.. දිය කිරි ටිකක් එක්ක තුනපහ එකතු කරන්න. එකතු කරල ඉතින් දියකිර හිඳීගෙන එද්දි මිටිකිර දාලා දෙපාර නටද්දි බාලා ගන්නයි තියෙන්නෙ. ආයෙ.. මුකූත් කියන්නෙ නෑ හදල කාලම බලන්නකෝ..

2. පොලොස් රොටි

පොලොස් කරිය හදන කොට වගේම පොලොස් ටික පොඩි පොඩියට කෑලි කපල අරගෙන.. දියකිරෙන් හොඳට තම්බගන්න ලුණු ඇඹුල්, මිරිස් තුනපහ ටිකකුත් දාලම. මොකද එතකොට පොලොස් කෑලි වලට හොඳ රසක් එනවනෙ. ඊට පස්සේ.. ඒ ටික බාලා කරල වතුර පෙරෙන්න තියල අතින් හොඳට පොඩි කරගන්න සාමාන්‍යයෙන් තලපයක් වගේ වෙන ගාණටම. අන්තිමට ඉතින් ඒකට පාන් පිටි, පොල්, ලුණු, අමුමිරිස්, ලූණු අඩුම කුඩුම කැමති දෙයක් දාලා පොල් තෙල් ටිකකුත් එකතු කරන ගමන්න පදමට අනලා.. තුනීයට රොටි හදල පුච්චන්නයි තියෙන්නෙ හ්ම්..

3. අල බිස්ටේක්

අල පෙති කපල හොඳට තම්බාගන්න. ඊට පස්සෙ ඒ පෙති සෝයා සෝස්, දෙහි, බ්ලැක් පෙපර්, ඉඟුරු, සුදුළූණු, මිරිස්කුඩු ඇති හැටියට දාපු මිශ්‍රණයක වරු බාගයක් විතර පදම් කරන්න. කරලා.. තෙල් ටිකක් පෑන් එකකට රත්වෙන්න ඇරල, පෙති ටික දාලා තරමක් බැදීගෙන එද්දි.. ලූණු, අමු මිරිස්, රතු මිරිස් එක්ක අර පදම් කරන්න ගත්තු මිශ්‍රණයෙ ඉතුරු ටිකත් දාලා, වතුරත් තරමකට වගේ එකතු කරල හින්දල ගන්නයි තියෙන්නෙ..

4. හොට් බටර් කෙහෙල් මුව

හොට් බටර් කට්ල් ෆිෂ්, හොට් බටර් මෂ්රූම්වලටත් වඩා වෙනස් වුනාට.. හොට් බටර් කෙසෙල් මුව? ෂැහ්, කාලා එපැයි බලන්න.. කොහොමහරි මුලින්ම කරන්න තියෙන්නෙ කෙහෙල් මුවෙන් පෙති ගලවල ඒවා ඇඟල්ලක මහතට, අඟල් දෙකක වගේ දිගට වගේ කපා ගන්න එක. ඊට පස්සේ.. කහ, මිරිස් කුඩු, ලුණු දාලා, හොඳට අත ගාලා පැයකට කිට්ටුව තියන්න ඕන පදම් වෙන්න. පදම් වුනාටත් පස්සෙ පාන් පිටි, බටර් මිශ්‍රණයක දවටලා ගැඹුරු තෙලේ බැදගන්නයි තියෙන්නෙ. හැබැයි එහෙම බැදල, මේසෙට යවන්න කලින් ඒකට මාළු මිරිස් කරලක් ලූණු ගෙඩියක් කපල එකතු කරන්නත් අමතක කරන්න එපා හොඳද!

5. බාබකියු පොලොස්

මේක හදන්න.. ලුණු ඇඹුල්, මිරිස් තුනපහ ඇතුව පොලොස් ටික ඉස් ඉස්සෙල්ලම හොඳට පදම් කරගන්න ඕන. හැබැයි මතක තියාගන්න බාබකියු එකට පොලොස්, කෑලි කපල හරියන්නෙ නෑ. අල්ලක් සයිස් විතර පෙති තමයි කපාගන්න ඕන. කොහොම හරි එහෙම කපලා..පොලොස් පෙති ටික අඩුම කුඩුම පදමෙ, දිය කිරෙන් හින්දල අරගෙන රස්නෙත් යන්න දීලා, බාබකියු මිශ්‍රණයෙ හොඳට අත ගාලා පදම් වෙන්න අරින්න. ඇරලා.. හෙමින් සැරේ බැරියැ ඉතින් වෙලා ගියාට පස්සෙ අරගන්න. හැරත් ඒ අතරට අඟුරු ටික අවුලල ග්‍රිල් එකත් ලෑස්ති කරගන්න ඕන, දෙහි ටිකක්, බාබකියු සෝස් ටිකක් එහෙමත් ගාලා පොලොස් කෑලි ටික ලෑස්ති කරගන්න ඕන.. ඔය තියෙන්නෙ වැඩ. වැඩේ කියන්නෙ ඒ කොහොම වුනත්, ඕක පදමට ග්‍රිල් වෙලා කෑල්ල දෙක පිඟන් වලට එද්දිනෙ.. මේං කියල එකක් හොයාගන්න වෙන්නෙ නෑ යාළු. දාන දාන එක යන්නෙ ඕ.. බොරු නම් බලන්නකො

6. චොක්ලට්/ නටෙලා හතු චිප්ස්

මේකට නම් මුලින්ම හතු හීනියට, දිග අතට ඉරාගන්න ඔ්න. ඊට පස්සෙ ලුණු චුට්ටක් දාලා පදමට තම්බගන්න. තම්බල, වතුර පෙරල, නිවෙන්න ඇරලා.. ලාවට බේක් කරගන්න අර අමු රහ යනකම්. ඊට පස්සෙ මෙල්ට් කරගත්ත කුකින්ග් චොක්ලට් හරි නටෙලා හරි ඇති පදමට භාජනයකට දාලා ඒකට එකතු කරන්න කෝන්ෆ්ලෙක්ස් හීනියට අතින් පොඩි කරල. අන්තිමට හතු චිප්ස් චොක්ලට් මිශ්‍රණයෙ ඇති පදමට ඝනකම තියෙන්න දවටලා.. පොඩ්ඩක් බේක් කරලා.. ෆ්‍රිජ් එකේ තියල රස බලන්නයි තියෙන්නෙ..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide