ඇත්ත තමයි, ඔය කොච්චර හයි ෆයි තැන් වලින් කෑවත් කඩල කරත්තෙටයි වඩේ කරත්තෙටයි සමුදෙන්න බෑනෙ. බයිසිකලෙන් බැස්සත් ප්‍රාඩෝ එකෙන් බැස්සත්, කට්ටිය එක වගේ ස්ට්‍රීට් ෆුඩ් වලට ආසයි. අනික අතේ තියෙන ගාණට හිතයි බඩයි දෙකම පිරෙන්න කන්න පුලුවන් කෑම ජාතියනෙ.
අපි ඉස්කෝලෙ යන කාලෙ නම් වඩෙයි, කඩලයි තමයි ස්ට්‍රීට් ෆුඩ් විදියට නැගල ගියේ. ඒ හැරුනාම ඉරිඟු, කොට්ට කිලංගු වගේ ජාතිත් ඉඳල හිටල හොයා ගන්න තිබුන. හේතුව, ඒ කාලෙ පෙට්ටි කඩ සම්ප්රදාය එච්චරටම දියුණු වෙලා තිබුනෙ නැති එක. කොහොම හරි කාලෙත් එක්ක හැඩ වැඩ වෙලා ආපු පෙට්ටි කඩ වල ස්ට්‍රීට් ෆුඩ් අතරෙ දැන් නම් නැති දෙයක් නැති තරම්. කොටින්ම කියනව නම් බර්ගර්, සබ්මැරීන් පවා තියෙනව. හැරත් රටේ තියෙන නීති රීති නිසා වර්තමාන ස්ට්‍රීට් ෆුඩ් වල පිරිසිදු බවත් සෑහෙන්න දුරට හොඳයිනෙ.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පඩි කටේ තියල කට්ටිය රිම් එකෙන් යන මේ දවස් ටිකට බඩ ගින්න නිවා ගන්න පුලුවන් සුපිරි ස්ට්‍රීට් ෆුඩ් කඩ ටිකක් කියන්න. එතකොට කට්ටියට හිස් බඩ ගෙදර යන්න ඕන වෙන්නෙ නෑනෙ.
1. Hulftsdorp Street food
හවස් ජාමෙට කොළඹ පැත්තෙ කරක් ගහන කට්ටියට නම් අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි. මොකද දවස තිස්සෙ මහන්සි වෙලා හොයන ගාණෙන් කීයක් හරි ඉතුරු කරගෙන බඩ කට පුරව ගන්න කියාපු තැනනෙ. අනික රොටියෙන්, වඩයෙන් පටන් ගත්තාම කොත්තු, රයිස්, නූඩ්ල්ස් එතකොට ෆ්‍රයිඩ් මීට්, බාබකියු, බර්ගර්, සබ්මැරීන් වෙනකම් හැම කෑම ජාතියක්ම වගේ මෙතන තියෙනව. ගාණත් උපරිම වුනොත් රු. 250ක් 300ක් වගේ වෙන්නෙ. හැබැයි අලුත් කඩෙන් බඩ පැලෙන්න කෑව වගේ නෙවෙයි උණු උණු කිරි තේ එකක් හරි ප්ලේන්ටිය හරි ගැහුවෙ නැත්නම්. එතකොට තමයි ඒකෙ ගතිය එන්නෙ.
2. KGN Burgers on Wheels
දෙහිවල හිල් ස්ට්‍රීට් එකට හවස් ජාමෙට එන කේ ජී එන් බර්ගර් ලොරියත් රුපියල් දෙතුන් සීයට බඩ කට පුරව ගන්න කියාපු තැන. අවුලකට තියෙන්නෙ මෙයාලා ලඟ බර්ගරුයි සබ්මැරීනුයි විතරක් තියෙන එක. හැබැයි ඉතින් එවෙලෙ හදන උණු උණු බර්ගර්, රස ජාති 7,8කින්ම රස බලන්න පුලුවන්. හැරත් වැඩි පුර චීස් ඕන නම් එහෙම, ඩබල් කරල ඕන නම් එහෙම එතකොට ස්පයිසි කරල ඕන නම් එහෙම වුනත් ගන්න පුලුවන්නෙ. කොහොම වුනත් පේපර් ප්ලේට් වලට එන බර්ගර්, සබ්මැරින්, වීල් එක පිටිපස්සට වෙලා හිට ගෙන රස බලද්දි අමුතු ගතියකුත් තියෙනව.
3. Nana’s
ගෝල් ෆේස් වල නානගෙ කඩ ටික කියන්නෙ ටිකක් හයි ෆයි විදියට ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න පුලුවන් තැනක්. මුහුදු හුලං පාරක් වැදි වැදි සුව පහසුව වාඩි වෙලා උණු උණු කොත්තු, රයිස්, නූඩ්ල්ස් විශේෂයෙන්ම ඉස්සො වඩේ වගේ කෑම රස බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි කටට සැරට ඩෙවිල් දාපු, බාබකියු දාපු මස් එක්ක හරි සුපිරි මස් හොද්දක් එක්ක හරි රොටි කන්නත් නානාස් එක මරු. කොහොම වුනත් හායි හූයි ගෑවෙන තරමට රස ස්ට්‍රීට් ෆුඩ් රස බලල මත ඇතුව උණු උණු කිරි තේ එකකුත් බොන්න. දිව පුපුරු ගහද්දි තමයි මුහුදු හුලඟත් එක්ක එන සීතලේ අගය තේරෙන්නෙ.
4. Good Market
රේස් කෝස් ගුඩ් මාර්කට් එකෙත් රසම රස ස්ට්‍රීට් ෆුඩ් තියෙනව. මතක ඇතිනෙ අච්චාරු කඩේ වගේ කඩ. එතකොට, හොඳ පිරිසිදුවට හදපු සැන්ඩ්විච් වර්ග, බර්ගර්, රොටි, වගේ කෑමත් ගුඩ් මාර්කට් එකේ තියෙනව. වැඩේ කියන්නෙ ගාණ රු. 300ක් වගේ වෙන එක තමයි.
5. Bencita on Wheels
අන්න රස බලනව නම් ස්ට්‍රීට් ෆුඩ්. යන්න දෙහිවල දුටුගැමුණු පාරට පැත්තට හවස් ජාමෙ අල්ලල. මගදි හමුවෙයි කෑම ජාති පුරවපු පොඩි ලොරියක්, බෙන්සිටා කියල. එතනින් එහාට අපි කියන්න ඕන නෑනෙ. ඇඹුල් තියල්, පොලොස් ඇඹුල් රෝස් පාන් සැන්ඩ්විච් තියෙනව, පැල් බැඳගෙන කන්න පුලුවන් තරමට රසයි. එතකොට චීස්, ක්‍රීම් මැදි කරල එක එක රස වලින් එන වැෆල්ස් එහෙමත් තියෙනව. විශේ්ෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ අයිස් කෝපි එකත් හරිම රසයි. අනික බඩ පැලෙන්න රෝස් පාන් කෑවත් උපරිම වියදම වෙන්නෙ රු. 300ක් වගේ ගාණක්.
6. The Sugar Burger Cart
කොළඹ ක්‍රිකට් ක්ලබ් කැෆේ පැත්තෙ ව්‍යායාම කරන්න යන කට්ටිය හොඳට දන්න කියන සුපිරි නයිට් බර්ගර් කඩයක්. ඔයාට කැමති විදිය කියල කැමති රසට බර්ගර් එක හදාගෙන උණු උණුවෙම රස බලන්න පුලුවන්. ගාණත් රු. 250, 350 වගේ අතර තමයි වෙන්නෙ. වැඩේ කියන්නෙ බර්ගර් රසට හරියන හොඳ බීම ජාතියක් මෙතන නැති එක තමයි.
මේ කඩ ටික හැරුණාම අපි කවුරුත් දන්න කියන පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක දිගට තියෙන ස්ට්‍රීට් ෆුඩ් කඩ ටිකත් තරමක් හොඳයි. හැබැයි ඊටත් වැඩිය හොඳ කඩ ඔයාලා දන්නව ඇති. කල්පනා කරල බලල දානවද පොඩි කමෙන්ට් පාරක්, අපිටත් දැන ගන්න.