ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දකින්න ලැබුණු අපූරු සිදුවීම් 7ක්.

පසුගිය වසරේ පැවැත්වෙන්න නියමිත වුණු, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසරට කල් දැමුණු 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල, පසුගිය ජූලි 23 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා පැවැත්වුණා. මේ ලිපිය, මෙවර ඔලිම්පික් උළෙලේ දක්නට ලැබුණු අපූරු අවස්ථා කිහිපයක් දෙස ආපසු හැරී බැලීමක්.

1 දෙකට බෙදුණු රන් පදක්කම

2021 ඔලිම්පික් තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වේ තරග කළ කටාර් රටේ මුටාස් බාෂිම් සහ ඉතාලියේ ජියන්මාකෝ ටම්බෙරි දෙදෙනා ම මීටර් 2.37ක උසක් වාර්තා කරන්නට සමත් වුණා. ඉන්පසුව ටම්බෙරි තරගයෙන් ඉවත් වීමට තීරණය කළේ ආබාධයක් හේතුවෙන්. ඒ මොහොතේ බාෂිම්ට රන් පදක්කම ලබාගන්නට පහසු අවස්ථාවක් හිමි වී තිබුණත්, ඔහු ටම්බෙරි සමග රන් පදක්කම සම ව බෙදාගන්නට තීරණය කළා. මෙවැනි අවස්ථාවක් ඔලිම්පික් ඉතිහාසයේ සටහන් වුණේ වසර 113කට පසුව. මේ දෙදෙනා වසර ගණනක සිට පෞද්ගලික ජීවිතයේත් හොඳ මිතුරන් බව පැවසෙනවා.

2 නූලෙන් ජය ගැනීම

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු තැන ගත්තේ ඇමරිකාවයි. දෙවැනි ස්ථානය චීනයටත්, තෙවැනි ස්ථානය ජපානයටත් හිමි වුණා. ආරම්භයේ සිට ම ඇමරිකාවත් චීනයත් අතර පැවතුණේ කරට කර තරගයක්. කොහොම වුණත් අවසානයේ ඇමරිකාව ජය ගත්තේ චීනයට වඩා එක් රන් පදක්කමක් වැඩිපුර ලබාගෙනයි. චීනය රන් පදක්කම් 38ක් සහ ඇමරිකාව රන් පදක්කම් 39ක් ලබාගත්තා. මෙවර තරගාවලියේ තියුණු ස්වභාවය ගැන එය හොඳ ම උදාහරණයයි.

3 වැඩි ම ස්ත්‍රී නියෝජනය

මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වුණු තරගකාරියන් ගණන ප්‍රතිශතයක් ලෙස 49%ක්. එය ඔලිම්පික් ඉතිහාසයේ වැඩි ම ස්ත්‍රී නියෝජනයකින් යුක්ත ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසගත වෙනවා. ඔලිම්පික් තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් තරග කළේ 1900 පැරිස් ඔලිම්පික් තරග බිමේ. එවර සහභාගි වුණු තරගකාරියන් ගණන 22ක්. එය සමස්ත තරගකරුවන් ගණනින් 2.2%ක් ලෙස සටහන් වුණා. ඉතින් අවුරුදු 121ක් තුළ ලොව පුරා ක්‍රීඩිකාවන් ලබා ඇති ප්‍රගතිය ඉතා ම සතුටුදායකයි.

4 ඇලිසන් ෆීලික්ස්

ඇමරිකාවේ කෙටි දුර ධාවන ශූරී ඇලිසන් ෆීලික්ස් මෙවර ඔලිම්පික් උළෙලත් සමග ඔලිම්පික් උළෙල පහක් නියෝජනය කර තිබෙනවා. 2024 මීළඟ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර තමන් ක්‍රීඩාවෙන් සමුගන්න බව ඇය පැවසුවා. ඒ අනුව මෙය ඇගේ අවසන් ඔලිම්පික් උළෙලයි. මෙවර දිනාගත් පදක්කම් දෙකත් සමග 2004 සිට ඇය දිනාගත් මුළු ඔලිම්පික් පදක්කම් ගණන එකොළහක්. ඉතින් මෙවර ඇය ඔලිම්පික් වේදිකාවෙන් බැස ගියේ ඔලිම්පික් ඉතිහාසයේ වැඩි ම පදක්කම් ගණනක් දිනාගත් මලල ක්‍රීඩිකාව ලෙසයි. 

5 ටොම් ඩේලිගේ මැහුම් ගෙතුම්

බ්‍රිතාන්‍ය කිමිදුම් ක්‍රීඩක ටොම් ඩේලි, ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් අනෙක් අයගේ තරග ඉසව් නරඹන අතරතුරේ මොකද්දෝ ගෙත්තමක් කරන ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වුණා. මේක ප්‍රේක්ෂකයන්ට දුර්ලභ වගේ ම අපූරු දර්ශනයක් වුණ නිසා සමාජ මාධ්‍යවලත් අවධානයට ලක් වුණා. පසුව ඔහු මේ ගෙත්තම්වල පින්තූර ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. පිරිමි මීටර් 10 කිමිදුම් ඉසව්වෙන් තමන් ලැබූ රන් පදක්කම හීරෙන්නේ නැති ව දාල තියන්න ආවරණයකුත් මේ අතරේ ඔහු ගෙතුවා. ටොම් ඩේලි කියන විදිහට ඔහුගේ මානසික ඒකාග්‍රතාව වෙනුවෙන් මේ මැහුම් ගෙතුම් සෑහෙන උදව් වෙනවා ලු. පසුව ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා බ්‍රේන් ටියුමර් රෝගීන් වෙනුවෙන් ඇති අරමුදලකට මුදල් එකතු කළා. ඒ බ්‍රේන් ටියුමර් එකකින් මිය ගිය තම පියා සිහි වෙන්න.

6 තුන්පත් රෑනේ වාර්තාව

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පිරිමි යගුලිය විසි කිරීමේ ඒකල ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ රයන් ක්‍රෝසර්, රිදී පදක්කම ඇමරිකාවේ ජෝ කොවැක්ස් සහ ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වොල්ෂ් දිනාගත්තා. පුදුමයට කරුණ වෙන්නේ 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේත් පිරිමි යගුලිය විසි කිරීමේ ඒකල ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තේ මේ තිදෙනාමයි. මේ පිළිවෙළින්මයි. එක ම ක්‍රීඩකයන් තිදෙනෙක් පිට පිට ම පැවති ඔලිම්පික් උළෙල දෙකක ඒකල තරග ඉසව්වක එක ම විදිහට පදක්කම් දිනාගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide