පඩි දවසට පොඩි අඩියක්! වීක් එන්ඩ් පාර්ටිය දාන්න කියාපු බීච් රෙස්ටුරන්ට් 7ක්.

කිව්වට විශ්වාස කරන්න යාළු දැන්, ඉස්සර වගේ බොන්න බෑ. බියර් බෝතලයක්ම රු. 400ක්නෙ. බයිට් එකයි, අනිත් අඩුම කුඩුම ටිකයි ගත්තාම රුපියල් හය හත්සීයක් කොහොමත් කුඩු. හැබැයි ඉතින්, එහෙමයි කියල මාසෙ අන්තිමට පොඩි අඩියක් නොගහ ඉන්නත් බෑනෙ. කරන්න තියෙන හොඳම වැඩේ තමයි කට්ටියත් එක්ක සෙට් වෙලා, වැඩේට මුල පුරන එක. එතකොට එක්කෙනෙක්ට වැටෙන ගාණත් අඩු වෙනවනෙ. අනික කට්ටියත් එක්ක සෙට් වුණාම, ඩෝප කෙසේ වෙතත් ළා පදමෙ පැහැදිලි ආතල් එකක් ගන්න පුළුවන්.

ඒත් වැඩේ තියෙන්නෙ, ඒ වැඩේට නිදහස් නිවහල් වටපිටාවක් තියෙන්න ඕනනෙ. එක්කො හතර මායිමක කවුරුත් නැති ගෙයක්, වත්තක්, එහෙම නැත්නම් කැළෑ ප්ලේස් එකක්, එහෙමත් නැත්නම් බීච් එකක්වත්.

අවාසනාවකට ඉතින් කොළඹ අපිට හදිස්සියට, කැළෑ හොයන්න බෑනෙ. හැරත්, ගෙවල්වල කවුරුත් නැති වෙලාවල් හොයනවත් බොරු. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ, ලෝ බජට් එකේ සූර් වෙන්න කියාපු, හොඳ බීච් රෙස්ටුරන්ට් ටිකක්වත් ඔයාලට කියන්න.

එතකොටවත් බැරියැ කට්ටියත් එක්ක සෙට්වෙලා, හැන්දෑජාමෙට පොඩි පාර්ටියක් දාන්න. නේ…?

1. Casadi

ගල්කිස්ස, විහාර පාර බීච් එකේ තියෙන කසාඩි රෙස්ට් එක තමයි අපි හොයා ගත්තු අඩුම ගාණට රස බයිට් එකක් ගන්න පුළුවන් හොඳම තැන. මෙතන ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන් රු. 400, 500 වගේ වෙන්නෙ. චොප්සි රු. 500යි, 600යි. කට්ටියක් නැතත්, දෙන්නෙක්ට වුනත් සෙට් වෙන්න, කියාපු! අනික මෙයාලගෙ බයිට් වගේම, රයිසුත් රස පදමට මස් එහෙම දාලා, කටට සැරට හිටින්න හදනවනෙ. ඉතින්, බෝතලයක් වුනත් වාෂ්ප කරන්න ඒ හැටි ගේමක් නෑ.

2. Machang (Rella Moratuwa)

මොරටුව, උයන, ලේඩි දි සොයිසා පාරෙ පිහිටල තියෙන මචං එකත්, බීච් ෆන් එකක් ගන්න කියාපු තැන. හැබැයි සෙනඟ නම් ටිකක් ඉන්නව. නිදහසේ වගේ සෙට් වෙන්න ඕන නම් රූෆ් ටොප් එකට යන එක තමයි හොඳම වැඩේ. ලුනාව වෙරළ තීරය දිහා බලාගෙන, පොඩි ෂොට් එකක් දාන්න, යාළුවොත් එක්ක කියවන්න, හිතේ හැටියට සිංදුවක් කියන්න වුනත් පුළුවන්. මෙතන බයිට් එහෙමත් පට්ට රසයි. වැල්ලෙ ක්‍රවුඩ් එකට ඕන විදියට හොඳ සැරට හදනව. ගණනුත් රු. 500, 800 අතරෙ නිසා පොකට් එකටත් ඒ හැටි ගාණක් නෑ.

3. Buba Restaurant & Beach Club

මවුන්ට්, විහාර පාරෙ තියෙන, ගොඩ දෙනෙක් හොඳ හැටි දන්න බීච් රෙස්ටුරන්ට් එකක්. කෑම ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, පට්ට රසයි. සැර ගතිය, කට ගැස්ම විතරක් නෙවෙයි දිව පිනා යන අමුතුම රසක් තමයි බූබා එකේ කෑමවල තියෙන්නෙ. මෙතන සී ෆුඩ් එහෙමත් නැගල යනව. එතකොට තායි බයිට් ජාතිත් තියෙන නිසා තෝරල බලල ගන්න පුළුවන්. ගණනුත් රු. 500, 700 අතර වගේ නිසා ලොකු අවුලකුත් නෑ. මුහුදු හුලං පාරක් වැදි වැදි ආතල් එකේ සිංදුවක් එහෙමත් කියාගෙන සෙට් වෙන්න කියාපු තැන.

4. Lani’s Seafood Restaurant

මේ බීච් රෙස්ටුරන්ට් එක පිහිටල තියෙන්නෙ දෙහිවල, වින්ඩ්සර් ඇවිනියු එකේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කඩේ නමට හරියන විදියටම, පට්ට රසට සී ෆුඩ් නම් හදනව. බටර්ඩ් ප්‍රෝන්ස්, හොට් බටර් කට්ල් ෆිෂ්, සීෆුඩ් චොප්සි, ෆිෂ් ඇන්ඩ් චිප්ස් වගේ පට්ට රස බයිට් තොගයක් තියෙනව. ගණනුත් රු. 400, 600 අතර වගේ වෙන්නෙ. අනික එක බයිට් ප්ලේට් එකක් දෙන්නෙක්ට හොඳටම ඇති. ලානිස් එකේ සර්විස් එකත් සෑහෙන්න හොඳ නිසා සැර පදම කියල වුණත් හදාගන්න පුළුවන්. ආ.. ඒක නෙවෙයි, මේ ප්ලේස් එක BYOB නිසා බෝතලේ පිටින් අරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න, හොඳද.

5. Seafood Cove

මවුන්ට් බීච් පැත්තෙන් ටිකක් පොෂ් ෆන් එකක් හොයනව නම් මෙතන තමයි තැන. මොකද මේක පිහිටල තියෙන්නෙ මවුන්ට් ලැවිනියා හෝටලයෙ. ඒ නිසාමද කොහෙද මෙතන සීෆුඩ් බයිට් නම් පට්ට රසයි. මවුන්ට් කිව්වාම ඉතිං ඕන දෙයක් ගණන් වුණාට මෙතන බයිට් නම් රු. 700-1000 අතරෙ. අනික ලොකු කට්ටියකට හිතේ හැටියට සෙට් වෙන්නත් ඉඩ තියෙනව. ඇත්තටම, වීක්එන්ඩ් එකක, හැන්දෑ ජාමයක් අල්ලල ෆන් එකක් දාන්න නම් සීෆුඩ් කෝව් නියමම තැනක්.

6. The Station

‘ද ස්ටේෂන්’. පිහිටල තියෙන්නෙ දෙහිවල මරීන් ඩ්‍රයිව් එකේ. ගොඩදෙනෙක්, මෙතන අඩියක් ගහන්න සෙට් වුණාට, ඉඳල හිටල කෑමට වාඩි වෙන අයත් නැතුවම නෙවෙයි. මොකද මෙයාලගෙ කෑම ඒ තරම් රසයි. ඒ වගේම ප්‍රසිද්ධයි. අනික කපල් එකකට වුනත් නිවිහැනහිල්ලෙ ඉඳගෙන කෑම වේලක් රස බලන්න පුළුවන්. මෙයාලගෙ වැඩියෙන්ම නැගල යන්නෙ සීෆුඩ් වැඩ කිඩ තමයි. අපේ රහට ගැලපෙන්න වගේම කටට සැරට හැදෙන නිසා තවත් මරු. හැබැයි ඉතින් හැම කෑමක් වගේම රු. 500, 700 අතර යන්නෙ. සේවාවත් හොඳ නිසා ගෙවන ගාණට නම් ලොවෙත් පාඩු නෑ.

7. The Shore By O

මවුන්ට්, කොලේජ් ඇවිනියු එකේ තියෙන තවත් සුපිරි ප්ලේස් එකක්. නයිට් ලයිෆ් ගෙවන උදවිය හොඳට දන්න කියන තැනක්. මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ කොක්ටේල්වලට තමයි. රු. 1000ට අඩුවෙන් පට්ට රස කොක්ටේල් ටිකක් රස බලන්න පුළුවන්. බයිටුත් රු. 500, 700 වගේ යන්නෙ. සර්විස් එකත් හොඳ මට්ටමේ තියෙනව. ලී මේස, බංකු දාලා හදපු මේ එළිමහන් බාර් එකට හෙවණ ගේන්නෙ ලොකු පොල් රුප්පාවක්. වෙරළ තීරයෙ සුන්දරත්වයත් එක්ක හැන්දැවක මෙතනට සෙට් වුණා නම් තමයි ටොපේ ටොප්.

ඒ හැරුණාම කොළඹ වටේ තවත් තැන් ඇති, ඔයාලා දන්න අපි නොදන්න. අනික අපිත් ආසයිනෙ ඒ තැන් දැනගන්න. ඒ නිසා නරකද පහළින් කමෙන්ට් කලා නම්, අපිටත් ගිහින් කාලා බීලා, විනෝද වෙලා එන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide