රසම බර්ගර් අඩුම ගාණට! රස බලන්න හොඳම තැන් 7ක්.

විස්තර කරන්න කියල ඒ හැටිම දෙයකුත් නෑ..

ඒත් කමක් නෑ, දැන් මේකනෙ.

මේ.. බර්ගර් කිව්වාම යාළු එක එක විදියට තියෙනවනෙ. සමහර ඒවා ෆුල් වෙස්ටර්න්, සමහර ඒවා ෆුල් ශ්‍රී ලංකන්. ඔය අතරට.. අපි ආසම!

බාගෙ බාගෙ වෙස්ටර්න්, ශ්‍රී ලංකන් දෙකම තියෙන ඒවා..

ඒ කිව්වේ.. හොඳ හැටි චීස් මස් ටිකත් තියෙන, සැර ගතියත් අඩු නැතිවම තියෙන..

ආසයි නේ?

අන්න ඒකයි අපි, ඒ වගේ බර්ගර් අතේ ඇති ගාණට රස බලන්න කියාපු තැන් ටිකක්..

කියන්න හිතුවේ..!

1. Grill Mansion

අළුත් කඩේ තියෙන සුපිරිම බර්ගර් ප්ලේස් එකක් තමයි. අඩු ගාණට බඩකට පිරෙන්න බර්ගර් කන්න කියාපුම තැනක්. විශේෂයෙන්ම මෙයාලගේ.. චිකන් බර්ගර්, බීෆ් බර්ගර් වගේ ඒවා. ඒවයෙත් තියෙනව ක්‍රිස්පි චිකන්, චිලි චිකන්, ස්පයිසි බීෆ් වගේ ජාති ගොඩක්. කොහොම වුනත් ඒ හැම එකකම, ලොකු පැටි එකක් එක්ක චීස් පෙති දෙකක්, සලාද කොළයක්, සමහර වෙලාවට තක්කාලි, මයොනිස්, සෝස් වගේ ඒවත්.. හැරත් ඕනම නම් හොඳ සැර චිලි කෙචප් එකක් වගෙත් ගන්න පුලුවන් එකනෙ වටින්නෙ.

2. Leesh

සැර ඇතුව වගේම සැර නැතුවත් හොඳහැටි වැඩකිඩ බර්ගර් දාන තැනක් තමයි නුගේගොඩ ලීෂ් එක. වැඩිය ඕන නෑ, ඒ වෙනස තේරෙනව එයාලගෙ ටෙරියාකි බර්ගර් එකයි, වෙජි බර්ගර් එකයි ගත්තාම. සත්තකින්ම එළවළු ජාති 4ක් විතර දාලා හදපු පැටි එකක් තමයි වෙජි බර්ගර් එකට එන්නෙ. ඒකත් චීස් අඩුම කුඩුම අඩු නැතිවම. ඒත් ටෙරියාකි එක. හප්පේ.. මස් වලින් අනූන පැටි එක, ටෙරියාකි සෝස් එක්ක හොඳහැටි ගැලපිලා කටට සැරට එහෙම.. 

කියල වැඩක් නෑ යාළු සත්තකින්ම, උණු උණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් ඒකට එකතු වුනාම හොඳේ.

3. Griddling

මවුන්ට් ස්ට්‍රීට් රෂ් එක ඇතුලෙ තියෙන හොඳම බර්ගර් ප්ලේස් එක කිව්වොත් හරි. මොකද ගාණෙ හැටියට මෙයාලගෙ බර්ගර්වල රස සෑහෙන්න සාධාරණයි. ම්.. සයිස් එක නම් තව ටිකක් ලොකු වුනත් වරදක් නෑ. කොහොම වුනත්.. කාපු අයට නම් අමතක නොවෙන රසක් කිව්වොත්, මෙයාලගෙ මින්ස්ඩ් බීෆ් බර්ගර් එක.. මොකද ඒකෙ තියෙන බිෆ් රසෙන් අනූන, මොන මොනවදෝ සෝස් හරි ස්පයිසස් එක්ක හරිත් ලාවට පදම් වුනු පැටි එක!

පංකාදු පහයි යාළු.

4. Fazly’s Halal Refreshment

කොම්පඤ්ඤවීදියට විතරක් නෙවෙයි, කොළඹ වටේටම වගේ තියෙන සුපිරිම බර්ගර් ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙයාලා බර්ගර් දාන්න ගත්තෙත් අද ඊයෙ නෙවෙයිනෙ. ඉතින් ඒ.. කාලයක් තිස්සෙ ලබපු අත්දැකීම් එක්ක, රස වෙලා එන මෙයාලගෙ බර්ගර් අතරෙ හොඳම.. චිකන් කෝඩ්න් බ්ලූ, බීෆ්, ක්‍රිස්පි චිකන් වගේ බර්ගර් තමයි. ඒකත් එයාලගෙ විශේෂත්වය තියෙන්නෙ හැම බර්ගර් එකකම පැටි එක මස්, එක එක ස්පයිසස්, සෝස් වලින් හොඳහැටි රස කරල හදන එකනෙ. හැරත් ඒවයෙ සයිස් එකත් ලොකු නිසා.. බඩකට පිරෙන්න කන්නත් කියාපුම.

5. The VoV Coffee Lounge

මෙයාලා බර්ගර් අතරෙ විශේෂත්වයක් දරන්නෙ ඇත්තටම එයාලගෙ විශේෂ බර්ගර් එකක් නිසා. ඒ තමයි සිල්වර් ස්ටෝන්.

මේක වීග්න් බර්ගර් එකක්. පැටි එකත් පදමටම වගේ ෆ්‍රයි කරලා.. තක්කාලි, සලාද, චීස්, මයොනිස් මදි නොකියන්න දාලා හැදෙන මේ බර්ගර් එක.. වට වෙලා එන ෆ්‍රයිස් ටික එපැයි බලන්න. යාළු සත්තයි, පිඟානක් පිරෙන්න හොඳේ.

6. Burger Hangover

චීස් බර්ගර්, ඩබල් බර්ගර්, ස්පයිසි බර්ගර්..

වගේ බර්ගර් තොගයක් රස බලන්න, ඕඩර් කරන්න කොලොන්නාවෙ බර්ගර් හැන්ගෝවර් එකෙන්. ගිහින් ඉතින් හිතේ හැටියට යාළු, හිතේ හැටියට.. ඕනම බර්ගර් එකක් අරන් රස බලන්න. මොකද වගකීමෙන් කියන්නෙ, ටොප්ම බර්ගර් සෙට් එකක් තමයි මෙයාලගෙත් තියෙන්නෙ. වැඩි හරියක්ම, මෙයාලගෙ බර්ගර් පැටිවල මස් ගතිය හොඳ හැටි තියෙනවනෙ. අනික පදමටම වගේ බැදිලත් එක්ක. ඊටත් ඒවයෙ එන්නෙ පැටි එක හැරුනාම ඉතුරු සියල්ල චීස්, මයොනිස් සහ සෝස්නෙ. ඉතින් කෙලින්ම ආයෙ මස් රසමයි..

7. Kitchen 3576

රස බීෆ් බර්ගර් එකක්, ටොප් චිකන් බර්ගර් එකක්..

හිතේ හැටියට කන්න,

හැබැයි අරගෙන ගිහින්. වෙන කොහෙන්වත් නෙවෙයි, බම්බ මරීන් ඩ්‍රයිව් එකේ හැන්දෑවට බහින 3576 ලොරියෙන්. ඇත්තටම යාළු මෙයාලගෙ තියෙන්නෙ අමුතුම බර්ගර් ස්ටයිල් එකක්. මස් වලින් අනූන පැටි, බටර් එක්ක ෆ්‍රයි කරල, චීස්, මයොනිස්, සෝස් අඩුම කුඩුමත් එක්ක බනිස් පලුවට මැදි කරල. උණු උණුවෙ කටක් කද්දී.. කියල වැඩක් නෑ ආය පංකාදු පහයි ආ..

ඒ විතරක් නෙවෙයි, හොඳ හැටියට බඩ කට පිරෙන්න තියෙනවත් එක්කනෙ. 

ඉතින්.. මේ වගේම,

තව ප්ලේස් තිබ්බොත්,

ඔයාලා අපිට කියන්න,

අමතක නොකරන්න, හොඳද යාළු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide