එක එක ජාතියෙ කොත්තු, අඩුම ගාණට කන්න! කියාපුම කඩ 7ක්.

කොහොමද නිකම් කඩල කොත්තු, සොසේජස් කොත්තු, බේකන් කොත්තු, පෝර්ක් කොත්තු, මට්න් කොත්තු වගේ.. එතකොට තියෙන සියල්ල දැමූ කොත්තු, කිරිමාළු කොත්තු එහෙමත්! උණුඋණුවෙම මේසෙට ආව කියන්නේ. ආයෙ දෙයක් නෑනෙ යාළු. දෙන්නෙක් වාඩි වුනාම හතර අට වෙලා නැගිටින්නෙ. ඇයි ඉතින් කටට සැරට හායි හූයි ගාලා කාලා, කෝක්, ඊජීබී පාරක් හරි ප්ලේන්ටි, ස්ට්‍රෝන්ග් ටී පාරක් හරි ඇදල ඇරල, ආයෙ කටගැස්මට කඳුලු පනින්න.

ඇත්තටම කියල වැඩක් නෑ ආ!

“ඒත් කොහෙන්ද?”

ප්‍රශ්නයක් නැගෙනවනේ..

අන්න ඒකට උත්තරේ තියෙනව පහළින්. කොළඹ වටේ එක එක ජාතියෙ කොත්තු වලින් හොඳම ටික හිතේ හැටියට රස බලන්න කියාපුම තැන් ඕං..!

1. Wije Food Center

පෝක් වැඩ කෝටියයි කිව්වොත් හරියටම හරි. ඩෙවිල් පෝර්ක්, ෆ්‍රයිඩ් පෝර්ක්, කරි පෝර්ක්, පෝර්ක් ස්ටු.. ඒ විතරක් නෙවෙයි, ඒ හැම එකකින්ම කොත්තු, රයිස් ගන්නත් පුලුවන්නෙ. ඒකත් එසේ මෙසේ නම් කමක් නෑ. සුපිරි පදමට කැරට්, ලීක්ස්, ලූණු, මිරිස්, ඉඟුරු, සුදුලූණු දාලා, ලාවට කරවෙන්න ඇරල, කැරලි වෙන්න බිත්තරයකුත් එක්ක චිලිපේස්ට්, පෝර්ක් හොදි… කොහොමද අන්තිමට පොල්කටු හැන්දක් පුරවල පෝර්ක් කෑලිත් වැටෙද්දි. අනික තෙල් කෑලිත් නෙවේනෙ. හොඳම මස් ආයෙ.

වැඩිය ඕන නෑ යාළු ඊජීබී එකක් වගේ තිබ්බ කියන්නෙ ඉතින්.. රම්පෙට පොරි හැලෙයි!

2. Duroi

හා එහෙනම් බීර වීදුරුවක් තොල ගාන ගමන්න රස බලන්නකො. මෙන්න ලංකාවෙ සුප්පම කඩල කොත්තුව. ආයෙ අඩුවක් පාඩුවක් නෑ යාළු ඒකට දාලා තියෙනව කැරට්, ලීක්ස්, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, කැරලි බිත්තර, රම්පෙ කරපිංච.. එතකොට මොන මොනවහරි සෝස් ජාති ටිකකුත්. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සෙ හොඳ පදමට තැම්බුණු කඩල තැටියෙ ලාවට කර වෙන්න ඇරල, තෙල් චුට්ටකුත් දාලා…

සත්තයි ආයෙ කතා කරල වැඩක් නෑ. අපි කියනවට කාලා බලන්නකො බොරුනම් රු. 250නෙ.

3. Cimply Yummy

මේ අනිත් තැන. මෙයාල ළඟ තියෙනව කටක් කෑවාම වචන අමතක වෙන තරම් රස බේකන් චීස් කොත්තුවක්.

දන්නව දන්නව ඉතින්, ඇහෙද්දිම කටට කෙල උනනව කියල. පදමට බැදුණු බේකන් කෑලි තොගයක් එක්ක, හැපිකව් චීස් කෑලිත් 2, 3ක්ම දාලා, සැර ගතිය එන්න අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස් එහෙමත් මදි නොකියන්න දාලා, කැරට් ලීක්ස් එහෙමත් ඇති පදමට… ඇත්තටම ඒකත් සුප්පම කොත්තුව ඈ. අනික ආයෙ එකක් ඇතිනෙ දෙන්නෙක්ට බඩ පැළෙන්න!

4. Thejan Hotel

මික්ස් කොත්තු කියන එකේ වචනයේ පරිසමාප්ත අර්ථය, රස විඳින්න යන්න බම්බ තේජාන් එකට. ඇත්තටම එයාලගෙ මික්ස් චීස් කොත්තුවට එන දේවල් කියන්නම්. රෝස්ට් චිකන්, රෝස්ට් බීෆ්, ඉස්සො, දැල්ලො, බැදපු මාළු, බිත්තර.. කිව්වට විශ්වාස කරන්න යාළු තිබ්බොත් සොසේජසුත් කියල දම්ම ගන්න පුළුවන්. ඊටත් ඒකට වැටෙන චීස් ප්‍රමාණය, ආයෙ කියාපුම ගාණට හොඳේ. ඒ අතරට සැර හොඳ හැටි තියෙන්න කෑලි මිරිස්, අමුමිරිස් එහෙමත් දාලා. ම්ම්.. කැරට්, ලීක්ස් වලිනුත් අඩුවක් පාඩුවක් නෑ හොඳේ. අනික දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ඇතිවෙන්නත් තියෙනව නිසා රු. 500ට පාඩුත් නෑනෙ.

5. Banana Leaf

සෝලිස් එකේ තමයි සුප්පම මට්න් කොත්තුව තියෙන්නෙ. හැබැයි රු. 1500ක්නෙ. ඒ නිසා හොඳම විසඳුම තමයි බනානා ලීෆ් මට්න් කොත්තුව. රු. 650ක් වගේ වෙන්නෙ. ඊටත් ඒකෙ කරි මට්නුත් තියෙනව හොඳ හැටි. තඩි කෑලි 5, 6ක්ම. අර වැඩේ තියෙන්නෙ ඒකෙ රස ටිකක් ඉන්ඩියන් පැත්තට බරයිනෙ. මසාලා අඩුම කුඩුම රසවල් එක්ක රම්පෙ කරපිංච, සුදුලූණු, සූදුරු කොත්තමල්ලි ඇති පදමටම. ම්ම්.. සැරයි වගේ පෙනුනට මිරිසුත් ඒ හැටි නෑ. හැබැයි රස නම් අවංකයෙන්ම පංකාදු පහයි!

6. Eat Travel Repeat

මෙයාලා ළඟ තියෙනව සුප්ප සොසේජස් කොත්තුවක්. මදි නොකියන්න සොසේජස්, පෙති කපල දාලා, පොඩ්ඩ බැදෙන්න ඇරල, ඒකට ලීක්ස් කැරට් එක්ක රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූණුත් ටක්කෙටම දාලා.. ආ චීසුත් හොඳහැටි දානවනෙ. ඉතින් ඇත්තටම රසයි. හැබැයි වැඩේ තියෙන්නෙ කොත්තුව ටිකක් පොෂ්. ඒ කිව්වෙ සැර ගතිය ටිකක් මදි. ඒකත් කියල හදා ගන්න පුලුවන්. කොහොම වුනත් දෙන්නෙක්ට බඩකට පිරෙන්න කන්න පුළුවන් නිසා.. රු. 450ට නම් පාඩු නෑ.

7. New Spicy Kottu

බීෆ් කොත්තුවයි, සීෆුඩ් කොත්තුවයි තමයි. ආයෙ ගත් අතටම දෙන්නෙක්ට හැරෙන්න බැරි ගානයි. මොකද ඒකෙ සයිස් එක ලොකුයිනෙ. ලීක්ස්, කැරට් එක්ක යමරෙට රම්පෙ කරපිංච අඩුම කුඩුමත් දාලා, මස් හොදිත් එක්ක රසත් සකසාලා… ම්ම්.. එකම අවුල අර ගාණ රු. 350-500 එක තමයි. මොකද ඇත්තටම අනිත් කොත්තුත් එක්ක බලද්දි ගාණ වැඩියි වගේ, ඕ..

ආයෙ ඉතින්, තව තියෙනෝ. හැබැයි එක පාරටම කියන්න බෑනෙ. ඒකට කාරි නෑ කියල ඕං, අපේ ඊළඟ ලැයිස්තුවට.. ඔයාල දන්න අපි නොදන්න මේ වගේ කොත්තු කඩ පහළින් කමනේට් කරන්නකො, ඈ…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide