කෑම වේලට අළුත් රසක්! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි කෑම ජාති 7ක්.

ඇවිදින්න විතරක් නෙවෙයි කටට රහට කන්න යන්නත්, තැන් ගොඩා..ක් පහුගිය අවුරුද්දක් තිස්සෙ අපි ඔයාලට කිව්වනෙ. හැබැයි ඔය අතරට ගෙදර දොරේ නිතර දෙවේලෙ හැදෙන කෑම වේල රසවත් කරගන්නත්, මරු වැඩ කිඩ ටිකක් අපි ඔයාලට කිව්ව. මතකද දන්නෙ නෑ?

ඉතින්, හෙමින් සැරේ ගෙවෙනෙ මේ අවුරුද්ද අන්තිම දවස් ටිකේ අපි කල්පනා කලා ඒ කෑම අතරින් හොඳම ඒව ටිකක් ලැයිස්තුවකට දාලා ඔයාලට ආයෙත් මතක් කරල දෙන්නෙ. මොකද ලබන සතියෙ එන ලෝන්ග් වීක්එන්ඩ් එකෙත් ගෙදරට වෙලා ඉඳගෙන කකා බිබී ඉන්න ආස යාළුවොත් ගොඩක් අපි අතරෙ ඉන්නවනෙ. නේ…!

1. බැටර්ඩ් තෝර, පරා වෙනුවට බැටර්ඩ් ‘කොහිල පෙති’

හරි ලේසි වැඩක්. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මහත කොහිල අලයක් ගන්න එක. ඊට පස්සෙ ඒක ඇඟිලි පුරුක් කාලක විතර ඝනකම තියෙන විදියට පෙති කපා ගන්න ඕන. ඒ පෙති ටික හෝදල භාජනයකට දාන ගමන්, ඒකට එකතු කරන්න කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර්, අබ පේස්ට්, ගම්මිරිස් තේ හැන්ද ගාණෙ. හැබැයි මිරිස් කුඩු නම් හැඳි 2ක් වත් දාන්න. ලුණු වතුරත් කෝප්ප භාගයක් විතර එකතු කරන්න. එකතු කරල මිශ්‍රණය හොඳට අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න තියලා මාළු පෙති දවටල බදින විදියට බැද ගන්නයි තියෙන්නෙ. ෆුල්ම වෙජිටේරියන් නොවන කට්ටියට පුළුවන් දැවටුමට බිත්තර සාරු වුණත් උපයෝගී කරගන්න. මොකද එතකොට රස ඩබල් වෙනවනෙ. කෙසේ වෙතත් සීයට දාහක් ඔට්ටුයි, නොකියා දුන්නොත් කවුරුත් හොයා ගන්නෙ නෑ මේ කොහිල කියල.

2. පාන් කොත්තු

මේකත් මරු අයිටම් එක. ආයෙ, ගමකට කතහැකි හරියට හදාගත්තොත්. අනික මේක හදන්න යන්නෙත් පොඩි වෙලාවයි. මොකද මුලින්ම, පාන්, අඟලෙ අඟලෙ කෑලිවලට කඩා ගන්න ඕන. ඊට පස්සෙ පෑන් එකකට තෙල් ටිකක් රත් වෙන්න තියල, පාන් කෑලි ටික දාලා ලාවට ෆ්‍රයි කරගන්න ඕන. ඒ අතරට මැටි වළඳකට තෙල් ටිකක් ලිපේ තියල ඒකට අබ, රම්පෙ කරපිංච, සුදු ලූණු, ලූණු ටිකක් දාන්න. හැබැයි වැඩිය කර වෙන්න දෙන්න එපා. කර වෙන්න, ඔන්න මෙන්න තියෙද්දි බිත්තරයක් (කැමති අයට මස් මාළු ඕන දෙයක්), ගම්මරිස්, කෑලි මිරිස්, ලුණු ටිකක් දාලා, කැරලි වෙනකම් හැඳි ගා ගන්න. රස පදම බලල සෝස් ටිකක්, චිලී පේස්ට් ටිකක් එහෙමත් එකතු කළාට කමක් නෑ, බිත්තර මික්ෂර් එක හරියද්දිම පාන් ටික දාලා හොඳ හැටි කලවම් කරන්න නම් අමතක කරන්න එපා. කොහොම කළත් අන්තිමට පොඩ්ඩක් කරවෙන්න ඇරලා, කොත්තුව බාන්න. අායෙ ඉතින් බඩ පැළෙන්න කන්න පුලුවන්.

3. කෙසෙල් බඩ මාළුව

මේක ටිකක් අමාරු වැඩක්. මොකද කෙහෙල් බඩ හොයා ගන්න ටිකක් අමාරුයිනෙ. බාග වෙලාවට පොළේ එහෙමත් ෂුවර් කරන්න බෑ. හොයා ගන්න අමාරු වුණාට මේක හදා ගන්න ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කෙහෙල් බඩේ හීනියට ලියාගන්න එක. ඊට පස්සෙ ඒකට ලුණු, කහ, මිරිස් කුඩු, අමු තුනපහ, ගලේ අඹරපු බැදපු පොල්, අබ, ගොරක, සුදු ලූණු ගුලියක් එකතු කරල හොඳට අතගා ගන්න ඕන. එහෙම කරල, ටිකක් වෙලා පදම් වෙන්න තිබ්බත් කමක් නෑ. කොහොම හරි, මිශ්‍රණය මැටි ඇතිලියක තියල, බාගයක් විතර වතුර දාලා තම්බ ගන්න. තැම්බිලා, වතුර හිඳීගෙන එද්දි හීනියට ලියා ගත්තු ලූණුයි, දියකිරියි දාන්න. දියකිරිත් නටාගෙන එද්දි තමයි මිටිකිරි එකතු කරන්නෙ. හැබැයි මිටිකිරි නම් ඒ හැටි නටන්න දෙන්න එපා. මොකද කැටි ගැහුණොත් ලෙඩේනෙ. අනික, ඇතිලිය බාලත් ටිකක් වෙලා හැඳි ගාන්න හොඳද.

4. ලෙමන් චිකන් රයිස්

ඉස් ඉස්සෙල්ලාම කියල ගන්නකො සුදු සම්බා හාල්  ටිකක්. ඒක ලිපේ තියල, කහ හැඳි කාලක්, ලුණු, ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා බත හදාගන්න. ඊට පස්සෙ පෑන් එකකට තව ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා මුද්දරස් පලම්, ග්‍රීන් පීස්, සුදු ළූණු මේස හැන්ද ගාණෙ වගේ එකතු කරල තෙල් දාගන්න. ඒ අතරට, ඒකටම බිත්තර 2කුත් එකතු කරන්න ඕන. ඔය අතරට ඉදුණු බත, තෙල් දැමුමට දාලා කලවම් කරල පැත්තකින් තියන්න. බත පැත්තකින් තියෙද්දි ගන්න අඟලෙ විතර කෑලි වලට කපපු චිකන් ටිකක්. ඒ චිකන් ටික සෝයා සෝස් මේස හැන්දයි, ගම්මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, බිත්තරයක් දාලා හදාගත්තු මිශ්‍රණයක පදම් කරගන්න. පදම් වුනාට පස්සෙ, චිකන් කෑලි ටික කෝන් පිටිවල දවටල බැද ගන්න.

රයිස් එකට හරියන ලෙමන් සෝස් එක හදාගන්නෙ මෙහෙමයි. ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ලිපේ තියල ඒකට සුදු ළූණු තේ හැන්දක්, චිකන් ස්ටොක් කෝප්පයක්, දෙහි යුෂ කෝප්ප කාලක්, සීනි තේ හැඳි දෙකක් දාලා උකු වෙනකම් හැඳිගාන්න. රස පදම ආවට පස්සෙ ලිපෙන් බාලා, චිකන් එකත් එක්ක බතට මික්ස් කරන්න.

ඊට පස්සෙ ඉතින් අපි කියන්න ඕන නැතිවෙයි!

5. කරවල සම්බෝලය

ෂහ්!, මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ව්‍යංජන නැතත්, බතක් කන්න කියාපු සම්බෝලෙ. හදාගන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කට්ට කරවල කෑල්ලක් අරගෙන, හෝදල කරල හීනියට ලියා ගන්න එක. ඊට පස්සෙ ඒ ටික කබලෙ දාලා බැද ගන්න. දර අඟුරු අස්සෙ දාලා පුච්ච ගන්න පුළුවන් නම් තවත් හොඳයි. කරවල කෑලි එහෙම බැදෙද්දි, භාජනයක් අරගෙන ඒකට පොල් බෑයක විතර මිටි කිරියි, ලියා ගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණුයි දාලා මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයට පුච්චපු කරවල කෑලි ටික දාලා හොඳ හැටි අතගා ගත්ත නම් සම්බෝලෙ හරි. හැබැයි රස පදමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න නම් අමතක කරන්න එපා.

6. කොල්ලු මාලුව

වේලක් කෑවොත් හේනක් කොටයි කිව්වලු!. ඒ තරම් හයිය කෑම එක. හදාගන්න ඕන කරන්නෙ හුණ්ඩුවක විතර කොල්ලුයි, කුස්සියෙ තියෙන සාමාන්‍ය තුනපහ, අඩුම කුඩුම ටිකයි විතරයි. හැබැයි කොල්ලු ටික රැයක් එළිවෙනකම් වතුරෙ දාලා තියන්න ඕන. පහුවෙනිදට පොතුඇරලා, පියලි වෙන් කරල අරගෙන වතුරයි, ලුණු චුට්ටකුයි දාලා මැටි ඇතිලියක තම්බ ගන්න. වතුර හිඳීගෙන එද්දි දියකිරි එකතු කරලා, ඒ එක්කම වගේ ලුණු, රම්පෙ කරපිංච, අමු තුනපහ, කහ කුඩු, ගම්මිරිස්, මිරිස් කුඩු, උමබලකඩ කෑල්ලක් එහෙමත් එකතු කරල බාගෙට හිඳෙන්න අරින්න. ඒ අතරට වෙනමම ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියල, ලූණු, සුදුලූණු, අමු මිරිස් දාලා තෙම්පරාදුවක් හදාගෙන, ඒකට කොල්ලු ටික එකතු කරල මිටි කිරෙන් හින්දල ගත්ත නම්… වැඩිය ඕන නෑ, බත් පිඟන් දෙකක් වගේ! ගින්නක් නැතුව ගිලියි.

7. බ්ලැක් පෝර්ක් වගේද බ්ලැක් අළු කෙහෙල්

මුලින්ම අළු කෙහෙල් ගෙඩිය පොතු ඇරලා හරස් අතට 4ට කපන්න. ඊට පස්සෙ ඒ කෑලි ආයෙ දික් අතට 4ට කපන්න. දැන් අඟලෙ අඟලෙ කුට්ටි වගේනෙ තියෙන්නෙ. ඒ කුට්ටි ටික ගැඹුරු තලේ ලාවට බැද ගන්න. බැදල ඉවර වුණාට පස්සෙ කුට්ටි ටික ඇතිළියකට දාලා බැදපු තුනපහ, මස් කරි පවුඩර්, ගම්මිරිස් තේ හැන්ද ගානෙ එකතු කරගන්න. ඒ එක්කම අබ, සුදු ළූණු, ගොරක, බැදපු පොල් ඇඹරුම් තේ හැන්දකුයි මිරිස් කුඩු තේ හැඳි 2කුයි එකතු කරලා ලුණු කුඩු තේ හැඳි භාගයක් එක්ක වතුර කෝප්ප 4කුත් දාලා ලිපේ තිබ්බ නම් හරියටම හරි. හොද්ද හිඳීගෙන එද්දි, වෙනමම තාච්චියකට පොල් තෙල් මේස හැඳි 4ක්, රම්පෙ, කරපිංච අඩුම කුඩුම ටික දාලා තෙලට දාලා ගත්ත නම් පංකාදු පහයි ආයෙ.

තව ඔය වගේ කෑම ගොඩක් අපි කිව්ව. එතකොට… නොකියපු අළුත් කෑම සෙට් එකකුත් අළුත් අවුරුද්ද දිහාවට කියන්නයි හිතන් ඉන්නෙ. ඒ නිසා දිගමට අපිත් එක්ක ඉන්න ඕන හොඳද යාළුවො!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide