අහිංසක මිනිස්සුන්ගේ දහසක් අඳෝනා මැද, බඩ තඩියොයි, උන්ගෙ ආරක්සකයොයි ඇවිල්ල බොරුවට හොම්බ දාලා, කණගාටුව ප්‍රකාශ කරල යනව. වෙලාවට හියුමන් බීන්ග්ස් ‘ශිෂ්ඨාචාර’ ගතවෙලා පැවත එන්නෙ. නැත්නං මහත්තුරු ටික…
නිකං හිතන්න, මීතොට මුල්ල වගේ සිද්ධි තනිකරම, නොසැලකිල්ල නිසා සිද්ධ වෙන සිදුවීම්නෙ. මුලුමනින්ම අක්‍රමවත් ක්‍රියා පටිපාටි වල ප්‍රථිඵල. වැඩේ කියන්නෙ අපේ උන්දලැට ඕක තේරෙන්නෙ නෑනෙ. හැරත් මාස දෙක තුන යද්දි හැමෝටම සිද්ධිය අමතකයි. ආයෙ මුල ඉඳන් පුරුදු ක්‍රමේට දුවනව.
බොරු නං මතක් කරල බලන්නකො, කොස්ලන්ද නාය ගියා, මුලු කොළඹයි, බස්නාහිර පළාතයිම ගං වතුරෙන් යට වුනා, කෝ කාටද මතක? ඒ ගමන් නිකමට හිතන්නකො ඒවට හේතු මොනවද කියල.
අප්රදව්ය, ජලාප්‍රවාහන පද්ධති හරියට තිබුන නං කොළඹ වගේ අග නගරයක් වතුරෙන් යට වෙයිද?
කතා කරල වැඩක් නෑ. කවද හරි තේරෙන්නෙ, අපේ රටවලුත් ඔන්න ඔය පල්ලෙහායින් තියෙන ලැයිස්තුවට වැටුනාම තමයි. හැබැයි ඉතිං එතකොට සෑහෙන්න පරක්කු වෙලා තියෙයි හොඳද.
ආ.. එහෙනං අහල බලල, කියවල කරල දැන ගන්නකො, මිනිස්සු පිස්සු කෙලලම, කෙල වෙලා ගියපු රටවල් ටිකක් ගැන.
1. Vanuata
වැනුආටා කියෙන්නෙ නිව් ගිනියා, ඕස්ට්‍රේලියා, නිව් සීලන්ඩ් වලට මැදි වෙලා දකුණු පැසිපික් සාගරයෙ පිහිටල තියෙන ලස්සන පුංචි දූපතක්. හරියට ගත්තොත් අපේ රටේ එක පළාතක් විතර සයිස්. ඒත් ස්වභාවික ආපදා සිදුවීමේ ප්‍රවණතාවය වැඩිම රටවල් අතරන් පළවෙනියට තියෙන්නෙ මේ රටමයි. කුණාටු වලින් තමයි මේ දූපතට ලොකුම හානි සිද්ධ වෙන්නෙ. ඒත් මෙහේ තියෙන මෙලෝ රහක් නැති අපද්‍රව්‍ය බැහර කිරීමේ ක්‍රම වේදය නිසා කුණාටුවත් එක්ක එන ගං වතුර, වීදි මං මාවත් සිසාරා ගිහින් මුලු රටම විනාස කරල දානව.
2. Philippine
ගිණිකොන දිග ආසියානු දූපතක් වෙන පිලිපීනයත් හරි අපූරු, සුන්දර රටක් වුනාට මොකද කුණාටු, භූමි කම්පාවලින් අනේක විද දුක් විඳිනව. ඒ අතරට දරුණු ගං වතුර තර්ජන වලට මුහුණ පාන්නත් පිලිපීනයට සිද්ධ වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවකදි මිනිස්සු 1000ක් 1500ක් මැරෙනවලු. වැඩේ කියන්නෙ ඒ දේවල් වලට වග කියන්න ඕනත් ජනතාවමනෙ. මොකද දුප්පත්කම්, නූගත්කම් අතරට දේශපාලන හොර මැර කමුත් එකතු කරගෙන රටේ නඩත්තු කටයුතු, ඉදිකිරීම් කටයුතු ප්‍රමිතියක් නැතිව කරගෙන යන්න උදව් දෙන්නෙත් එයාලමනෙ.
3. Bangladesh
පිලිපීනෙ වගේම තමයි, හැබැයි බංගලාදේශෙට නම් භූමිකම්පා වලින් ඒ හැටි බාධාවක් නෑ. ඒත් ඒකට හරියන්න මුහුදු මට්ටම ඉහල යාමේ ප්රශ්නය හොඳ හැටි තියෙනව. මෙයාල ගොඩක් දුක් විඳින්නෙ කුණාටු සහ ගංවතුරෙන්. සාමාන්‍යයෙන් ගංවතුරකට මින්ස්සු 1500කට එහා පැත්තෙ මැරෙනවලු. ඒකත් ඉතින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අක්‍රමවත් ක්‍රියා පටිපාටි නිසා වැරැද්ද වැටෙන්නෙ දේශපාලඥයන්ට.
4. Guniea Bissau
ඔය කැළෑ පාළුවන්ට හොඳ ආදර්ශ මෙව්වා. ගස් කපල කපල, දැන් කාන්තාර ගතියක් පෙන්නුම් කරගෙන එන මේ රටේ තියෙන ප්‍රධාන ආපදාවක් තමයි ලැව් ගිණි. ඒ හැරුනාම ගං වතුරෙනුත් අඩු පාඩුවක් නම් නෑ. අපද්‍රව්‍ය බැහැර කිරීම තියා, වන සම්පත සුරකින්නවත් අවධානයක් යොමු නොකරන ගිනිබිසවු රජයත්, ජනතාවත් දෙගොල්ලොම එයාලට වළ කපා ගැනීමක් තමයි මේ නම් කරගෙන යන්නෙ.
5. Vietnam
දකුණු ආසියාවෙ තියෙන ලස්සනම රටක්. කෘෂිකර්මාන්තය අතිනුත් සෑහෙන්න ඉහලයි. ඒත් නගරබදව සිද්ධවෙන අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ගංවතුර ආපදා වලින් සෑහෙන්න බැට කනව. මෙතනදි සාමාන්‍ය ජනතාවගෙ වැරදිත් නැතුවම නෙවෙයි ඉතිං.
6. Haiti
උතුරු, දකුණු ඇමරිකා මැද්දෙ අත්ලාන්තික් සාගරයට වෙන්න පිහිටල තියෙන හයිටි දූපත් ටිකත් හොඳටම කෙලව ගත්තෙ හිතේ හැටියට කැළෑ කපල. මේ වෙද්දි එහෙට නැති ආපදාවක් නෑ. භූමිකම්පා, නායයෑම්, ගං වතුර, සුළි සුළං විතරක් නෙවෙයි ජල, ආහාර හිඟ පවා තියෙනව. ඒ විතරක් නං බැරියැ, යුද්ධය එතකොට දුප්පත්කම, ඉහටත් උඩින්.
පේනව නේ ස්වභාවික සම්පත් විනාස කළාම වෙන විනාසෙ.
7. Niger
වැස්සොත් ගං වතුර, පෑව්වොත් නියඟය. වගාවක් කර ගන්න බෑ, හරියට කන්න බොන්න නෑ, පිරිසිදු වතුර නෑ. දෙයියනේ කියල ඔය ටික වුනේ නම් රටේ ගස් ටික කැපුවට පස්සෙ. තනිකරම දේශපාලන ගසා කෑම් තමයි වග කියන්න ඕන.
මේ රටවල් ගැන ඇත්තටම අපිට ඕන වුනේ ඔයාලව දැනුවත් කරන්න. අපි කිව්වට වැඩිය ලොකු විස්තර නෙට් එකෙත් තියෙනව. වෙලාවක් තිබ්බොත් හොයල බලල කියවල අනිත් අයවත් දැනුවත් කරන්න. මොකද, දැන උගත් ඔයාලා තමයි මේ දේවල් නොතේරෙන අයට කියල දෙන්න ඕන.
පුලු පුලුවන් විදියට එකතු වෙලා අපේ රට බේරගමු!