හවසට පඩි නේ, අඩියක් ගහමු නේ! බෝතලේ එළියෙන් අරන් බයිට් එක ගන්න කියාපු බාර් 7ක්.

‍ඉස්සර නම් පඩි එන්න දවස් ගාණක් තියල තමයි අපි සෙට් වෙන තැන කතා කර ගන්නෙ. ඒත් දැන් කොහෙද ඉතින් එහෙම මෙව්ව එකක්. බෝතල් වලයි බයිට් වලයි ගාණ කොහොම උහුල ගත්තත්, එකකට එකක් වදින වැට් එකනෙ වාව ගන්න බැරි. බොනකම් නම් ආතල් එකේ සිංදු කිය කිය, බයිලා ගගහ හිටිය හැකි. ඒත් බිල එද්දි, වෙරි හිඳෙන්නෙ හිටගෙන.

අනේ මන්දා, එහෙමයි කියල ඉතින් මාසෙ අන්තිමටවත් යාළුවො එක්ක සෙට් වෙලා දුක සැප බෙදා ගන්න බැරි නම් වැඩකුත් නෑනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අඩුම ගාණකට අඩියක් ගහල, විනෝද වෙලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. ඉංග්‍රීසියෙන් නම් මේවට කියන්නෙ BYOB කියල. සිංහලෙන් ඉතින් කෝකත් එකයිනෙ. ඔය මොක වුනත් මොකද කියල, ඉස්සෙල්ලම බලන්නකො මේ තැන් ටික කොහොමද කියල. ඊට පස්සෙ ඔයාලා දන්න තැනුත් කමෙන්ට් කරන්න. මොකද ගොඩක් වෙලාවට අපිටමනෙ ඕව ඕන වෙන්නෙ.

1. Casadi

ගල්කිස්ස, විහාර පාර බීච් එකේ තියෙන කසාඩි රෙස්ට් එක තමයි අපි හොයා ගත්තු අඩුම ගාණට රස බයිට් එකක් ගන්න පුලුවන් හොඳම තැන. මෙතන ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන් රු. 400, 500 වගේ වෙන්නෙ. චොප්සි රු. 500යි, 600යි. ඉතින් කට්ටියක් ආවෙ නැතත්, දෙන්නෙක්ට වුනත් සෙට් වෙන්න පුලුවන්. හැරත් මෙයාලගෙ බයිට් වගේම, රයිසුත් රස පදමට මස් එහෙම දාලා, කටට සැරට, කට ගැස්මට හිටින්න පට්ට රසට හදනවනෙ. කොටින්ම කියනව නම් බෝතල් බාගයක් ගහල ඉවර වෙලා බඩ පිරෙන්න කන්නත් පුලුවන් තරම්.

2. Lani’s Sea Food

මේකත් ඇවිල්ලා බීච් රෙස්ටුරන්ට් එකක්ම තමයි. පිහිටල තියෙන්නෙ දෙහිවල, වින්ඩ්සර් ඇවිනියු එකේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කඩේ නමට හරියන විදියටම, පට්ට රසට සී ෆුඩ් නම් හදනව. බටර්ඩ් ප්‍රෝන්ස්, හොට් බටර් කට්ල් ෆිෂ්, සී ෆුඩ් චොප්සි, ෆිෂ් ඇන්ඩ් චිප්ස් වගේ පට්ට රස බයිට් තොගයක් තියෙනව. ගණනුත් රු. 400, 600 අතර වගේ වෙන්නෙ. අනික දෙන්නෙක්ට සෙට් වෙලා බාගයක් ගහන්නනත් හොඳටම ඇති. ලානිස් එකේ සර්විස් එකත් සෑහෙන්න හොඳ නිසා සැරට ඕන නම් සැරට, කිරට ඕන නම් කිරට වුනත් කියල ඉල්ල ගන්න පුලුවන්.

3. Buba

මවුන්ට්, විහාර පාරෙ තියෙන, ගොඩ දෙනෙක් හොඳ හැටි දන්න බීච් රෙස්ටුරන්ට් එකක්. කෑම ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, පට්ට රසයි. සැර ගතිය, කට ගැස්ම විතරක් නෙවෙයි දිව පිනා යන අමුතුම රසක් තමයි බූබා එකේ කෑම වල තියෙන්නෙ. මෙතන සී ෆුඩ් එහෙමත් නැගල යනව. එතකොට තායි බයිට් ජාතිත් තියෙන නිසා තෝරල බේරල ගන්න පුලුවන්. ගණනුත් රු. 500, 700 අතර වගේ නිසා ලොකු අවුලකුත් නෑනෙ. මුහුදු හුලං පාරක් වැදි වැදි ආතල් එකේ සිංදුවක් එහෙමත් කියාගෙනම සෙට් වෙන්න පුලුවන්.

4. The Station

මාර වැඩේ කියන්නෙ අඩු ගාණට සෙට් වෙන්න තියෙන ගොඩක් කඩ තියෙන්නෙ මරීන් ඩ්‍රයිව් එකේ කියන්නකො. ඔය උඩින් කියපුව වගේම ‘ද ස්ටේෂන්’ එක තියෙන්නෙත් දෙහිවල මරීන් ඩ්‍රයිව් එකේ. ගොඩ දෙනෙක් මෙතන අඩියක් ගහන්න සෙට් වුනාට, ඉඳල හිටල කෑමට වාඩි වෙන අයත් නැතුවම නෙවෙයි. මොකද මෙයාලගෙ කෑම ඒ තරම් රසයි වගේම ප්‍රසිද්ධයි. අනික කපල් එකකට වුනත් නිවිහැනහිල්ලෙ ඉඳගෙන කෑම වේලක් රස බලන්න කියාපු තැන. වැඩියෙන්ම නැගල යන්නෙ මෙයාලගෙ සී ෆුඩ් ප්‍රඩක්ට්ස් තමයි. චොප්සි, රයිස් එහෙම බලා ගෙන ඉඳිද්දි ඕඩර්ස් වැටෙන්නෙ. අපේ රහට ගැලපෙන්න වගේම කටට සැරට හැදෙන වත් එක්කනෙ.හැබැයි ඉතින් ඔය කොයි කෑමත් රු. 500, 700 අතර තමයි යන්නෙ. සේවාවත් හොඳ නිසා ගියාට නම් පාඩු වෙන එකක් නෑ.

5. Havi

කොළඹින් ටිකක් ඇතුලට ඇවිත් සෙට් වෙනව නම් ඉතින් හාවි තමයි. පිටකෝට්ටේ, මාදිවෙල හාවි එක තමයි ලස්සනට හදපු තැනකට තියෙන්නෙ. එත්කොට පන්නිපිටිය, පොල්වත්ත හාවි එක නම් මෙලෝ රහක් නෑ. ඒ වුනාට බත්තරමුල්ල, කොස්වත්ත හාවි එක පට්ට. සර්විස් එක එහෙමත් හොඳයි. හැබැයි ඔය කොයිකෙත් කෑම පට්ට රසයි. ඉස්සර නම් මෙයාලගෙ මික්ස් චොප්සිය රු. 600යි. රසත් හොඳට තිබුනා. ඒත් දැන් රු. 800ක්. අනිත් කෑමත් ඒ විදියට ගණන් ගිහින්. හැම එකක්ම රු. 600, 800 අතරෙ. හැබැයි ඉතින් කෑම වල රස නම් ටොප්. සැර නම් සැර, හාවි පෝර්ක් ඩෙවිල් තමයි. හ්ම්ම්… ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකත් මරු. මාදිවෙල එකෙයි, කොස්වත්ත එකෙයි සර්විස් එක හොඳ නිසා හිත හදා ගන්න පුලුවන්. හැරත් අනිත් බාර් වල ගණන් ඇහුවාම ‘හාවි’ත් අවුලක් නෑ කියල නිකම්ම හිතෙනවනෙ.

6. Chatz

විහාර මහා දේවි පාර්ක් එක පැත්තෙ ඉඳන් හොර්ටන් ප්ලේස් පාර දිගේ බොරැල්ල පැත්තට යද්දි තමයි චැට්ස් එක හම්බවෙන්නෙ. ඇත්තටම සෙට් වෙලා චැට් එකක් දාන්න නම් කියාපු තැන. හරිම සුවපහසුවට හදල තියෙනව. වැඩේ කියන්නෙ මෙයාලගෙ මෙනුව ඇවිල්ල ගොඩක් දුරට වෙස්ටර්න් ටයිප් නිසා අපි වගේ ගමේ ගොඩේ තාලෙට සෙට් වෙන්න නම් ටිකක් අමාරු වෙයි. කොහොම වුනත් රු. 400, 600 අතර ගණන් වලට වෙස්ටර්න් ටයිප් බයිට් එකක් අරගෙන පොෂ් එකේ පොඩි අඩියක් ගහන්න නම් මෙතන හොඳ වේවි.

7. 168 Sea Food Palace

කොල්ලුපිටිය, සී ඇවිනියු එකේ තියෙන තවත් සුපිරි BYOB පොට් එකක්. බයිට් එහෙමත් මාර රසයි. නමේ තියෙනවගේම සී ෆුඩ් පැලස් එකේ, සී ෆුඩ් වැඩ නම් කෝටියයි. විශේෂයෙන්ම මෙයාලගෙ හොට් බටර් කට්ල් ෆිෂ් එක. බටර්ඩ් ප්‍රෝන්ස් එක එහෙම නියමෙටම තියෙනව. ලුණු, ගම්මිරිස් ටිකක් දාලා රස පදම හදා ගත්තාම ගමකට කත හැකි. එතකොට මෙයාලගෙ සී ෆුඩ් චොප්සිය එහෙමත් මරු. හැබැයි ටිකක් සැරට දාන්න කියල ඉල්ල ගන්න ඕන. ගණනුත් රු. 400, 600 අතරෙ නිසා ලොකු අවුලකුත් නෑනෙ.

හැබැයි ඉතින් අවුලක් තිබ්බත් නැතත් කට්ටියට සූර් වෙලා කබා දාන ගාණට නම් බොන්න අරන් යන්න එපා. එතකොට අවුරුද්දෙ පළවෙනි පාටියම පජාතයිනෙ. හීනියට ලයින් වෙලා ස්ලෝමෝෂන් සිංදුවක් කියා ගන්න පුලුවන් ගාණට බිව්ව නම් සතුටින් ගෙදර. හැරත් නෝන්ඩිත් නෑනෙ, නේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Celebrate the Season with The Kingsbury’s Festive High Tea Buffet at Churros

Celebrate the most wonderful time of the year with a Festive High Tea Buffet at

Trending

A Limited-Edition Christmas Masterpiece: Hazelnut & Passion Yule Log Train by Shangri-La Colombo

This festive season, Shangri-La Colombo unveils an exclusive culinary treasure - the Hazelnut & Passion

Trending

Colombo’s Most Anticipated Holiday Sing-Along Is Back in Town!

This December, the festive spirit is set to hit a high note as Christmas Crescendo,

Trending

Cook, Dine, and Celebrate the Season with Tabletop Teppanyaki at Tenkū

This Christmas, Tenkū offers a one-of-a-kind dining experience that puts you in control of the

Trending

A Taste of the Atlantic at The Kingsbury’s Ocean

This festive season, Ocean, The Kingsbury’s celebrated seafood restaurant, invites you to embrace a world

Trending

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

Yamu Guide.

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide