මොනව හරි ලියන්නත් ඕන. ඒත් ලියන්න දෙයක් ඔළුවට එන්නෙත් නෑ. ඔය වගේ වෙලාවට පිස්සු හැදෙනව අප්පා. කල්පනා කරල කල්පනා කරල මොළෙත් මඤ්ඤං වෙලා.
මොනා කරන්නද, ඔන්න ඔහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල ගියා ගූගල් එක පැත්තට. ගිහින් ටැබ් එකක් ඔපන් කරල හිතට එන එක එක එව්වා කොටල බැලුවා. ම්..හ්, සෙට් වෙන එකක් නෑ. නිකං ඉන්න එකේ පොටා් ටිකක් වත් බලනව කියල හිතාගෙන තමයි ‘Images’ පැත්තට ගියේ.
පහළට යාගෙන යාගෙන යද්දි එක තැනක සෙට් වුණා කියන්නකො පරණ පත්තර පිටුවක පොටෝ එකක්. බලද්දි 80 ගණන්වල ඇඩ් එකක්. “ළඟටද… ඔබේ සම ඉතාමත් පැහැපත්ය” යටින් තියෙනව ‘රෙක්සෝනා’ කියල. හත් උලව්වයි!, බැලින්නම් වැදගත් විදියට කියල තියෙන්නෙ ‘ළඟට ඇපල් දුරට පැපොල්’ සීන් එක. මට හිනා කියන්නේ…
ඊට පස්සෙ නිකං හිටියෙ නෑ. හෙව්ව, ඒ ජාතියෙන්ම තව එක එක එව්ව. හොයල හොයල, ඔන්න බලන්නකො මම හොයා ගත්තු මෙව්වා.
1. පෙරට මැයෙමු
ලංකා තෙල්, අද ගනිමු – විදෙස් බලය සුන් කරමු
මහ මං ඔස්සෙ බස රිය යන්නේ ලංකා තෙල් බලෙනි
රුදු ගන අඳුරේ පහන් දිලෙන්නේ ලංකා තෙල් බලෙනි
ලක් වැසි නිවසේ බොදුන් පිසෙන්නේ ලංකා තෙල් බලෙනි
හිමිදිරි උදයේ අකුරු උගත්තෙත් ලංකා තෙල් බලෙනි
1960 දශකය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව රසවාහිනී සඟරාවෙ පළ කරපු ඇඩ් එකක්.
2. ග්රැමපෝන් නම් සිංදු කියන යන්ත්ර
“මෙම යන්ත්රවල නළාව, පුබුදුවි තිබෙන අලංකාර මලක හැඩහුරු කමට සාදා තිබේ.
ස්වාභාවික කට හඬ පිට කරයි. ඕක් පාට නළාව සහිත පෙට්ටියක් රු. 37-50
සිංදු කියන තැටි, අඟල් 10 දෙපැත්තේ සිංහල සින්දු තැටියක් රු. 3-25”
3. ඇය දනී, ඔබ දන්නෙහිද?
සදා රූසිරියෙන් යුතුව සිටීමේ රහස
සුවේන්ද්රා, පිරිසිදු සඳුන් සහ කොට්ටම්බා තෙල් සහිතයි
‘එහි උත්කර්ෂවත් සුවඳින් උද්දාමව සදා රූ සිරියෙන්… පුදුමාකාර ප්රබෝධයෙන් සිටින්න’
4. මා තේජෝබල ශක්තිය ලබා ගන්නේ මාමයිට් පාවිච්චි කිරීමෙනි
මගේ පවුලේ අයත් එසේමය
‘දිනපතා ආහාරයේ කොටසක් වශයෙන් මාමයිට් ගැනීමෙන් තේජෝ බල ශක්තිය වර්ධනය කෙරේ’
5. අපුල්ලන්නාගෙන් නැවතත්
හානි‘සන්ලයිට්’ සබන් රෙදි ආරක්ෂා කරත්
‘ඔව්, අපුල්ලන්නාට මේ ආකාරයට කරගෙන යාමට ඉඩදෙනු ලැබුවහොත් හෙතම ඔබ විනාශයට පත් කරනවා ඇත…’
‘එය වනාහි මෘදු ක්රමයකි-ගලේ ගැසීමක් එහි නැත-තදින් ඇතිල්ලීමක් නැත. පහත දැක්වෙන සුළු උපදෙස් කියවා බලන්න.
ඔබේ මෙහෙකරුවාට ‘සන්ලයිට් සබන් සහ ආරක්ෂා කිරීමේ’ ක්රමය උගන්වන්න.
6. ලඟටද… ඔබේ පෙනුම ඉතාමත් පැහැපත්ය
රෙක්සෝනා සබන්වලට ස්තූති වේවා
දැන් අමුතු පෙනුමකින් යුක්තයි
7. බීඩිවලින් රාජා බීඩි
ඉස්තරම් වෙති
‘හා හා රාජා බීඩි මේ තරම් සැපදායකද?
එසේ නම් අපිත් රාජ බීඩි පාවිච්චි කරමුද?’
8. සිනාසීමට ලැජ්ජාද?
එසේ නම් දත් පරීක්ෂා කරවා ගන්න
‘ඉතා ලක්ෂණටත් සවියටත් දත් බඳවා ගැනීමට’
9. තවම මේ ගැන ආරංචි නැද්ද?
එමලියාගෙ පිරිසිදු බිස්කට්ස්
‘යුෂ්මතා, සෑම විටකදීම එමලියාගේ පිරිසිදු බිස්කට් වර්ගයම පාවිච්චි කරනු’
‘මෙහි අනගි තාවය එය කෑව කල්හි තේරුම් යයි’…
සුප්ප නේ… මේ වගේ තව ඇඩ් හම්බවුණොත් අපිට කියන්න ඕන හොඳේ!