වන පියසක තුරුලේ නිවාඩුව ගත කරන්න! උදේ ගිහින් හවස එන්න අපූරු සොබාදම් චාරිකා 8ක්.

දන්නව දන්නව යාළුවනේ, දිග නිවාඩුවක් ලැබුණට හැමෝටම රවුම් ගහන්න චාන්ස් නෑ කියල. ගොඩ දෙනෙක්ට අවුරුද්දෙ අන්තිමට ලැබෙන එකම නිවාඩුව නිසා ගෙවල්වල වැඩ, පවුලේ උදවියගෙ වැඩ එහෙමත් එමටයි. හැරත් දවසක් නෑර එක එක පාර්ටිත් තියෙනවනෙ. ඒ නිසාම තමයි ගොඩක් යාළුවො දවසෙ දෙකේ ටුවර් තනි දවසටවත් දාගෙන යන්න ප්ලෑන් කරන්නෙ.

හැබැයි ඉතින් එහෙම හරි ටුවර් එකක් යන්න ට්‍රයි කරන කට්ටියටවත් සපෝර්ට් එකක් දෙන එක අපේ යුතුකම. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ලොකු ටුවර් යන අයට පස්සෙ විස්තරේ කියන්නම් කියල, මේ වෙලාවෙ පොඩි ටුවර් යන අයට ප්ලෑන්ස් ටිකක් දෙන්න.

ඒත්, ලොකු ටුවර් පොඩි ටුවර් කියල නෑ. මේ ගොඩක් තැන් කොළඹ අවට නිසා, ඒවයෙ පාරිසරික වටිනාකම රැකගන්න හැමෝම මතක තියාගන්න ඕන හොඳද. නැත්නම්, කොළඹ අපිටත් තව ටික කාලෙකින් හුස්ම ගන්න බැරි ප්‍රශ්න එයි හොඳේ!

1. Madampe, Rakwana, Deniyaya to Akuressa

ඉස්සෙල්ලම කියන්නම් බයික් රයිඩ් යන යාළුවො සෙට් එකට කියාපු රූට් එකක්. මොකද එයාලා ටිකක් ස්පෙෂල්නෙ.

මේක තනිකර ජන්ගල් ගමනක්. පටන් ගන්න තියෙන්නෙ මාදම්පෙන්. කොළඹ, රත්නපුර පාරෙන් පැල්මඩුල්ලට ගිහින් තමයි එහෙට යන්න ඕන. එතනින් පටන් ගන්න රයිඩ් එක කිලෝමීටර 105ක් විතර. පැල්මඩුල්ලට යන ගමනෙ ඉංගිරිය, පරයිතොටින් නාගෙන, මහ සමන් දේවාලයත් වැඳගෙන, තිරිවනාකැටියෙ රජා නෑව ඇල්ලත් බලලම යන්න පුළුවන්. එතනින් එහාට කහවත්ත, වේ ගඟ දිගේ මාදම්පේ හරහා රක්වානට ගිහින් ගල් දොළ ඇල්ල බලල සිංහරාජ මායිමෙන් මෝර්නිංග් සයිඩ් පහුකරගෙන දෙනියායට යන්න. ඊට පස්සෙ මාරම්බා වැවෙන් නාගෙන හීන් සැරේ අකුරැස්සට පදින්නයි තියෙන්නෙ. මුළු ගමනට කිලෝමීටර 125ක් වගේ තියේවි. හැබැයි අවසානයක් දකින්න නම් වරුවක් විතර යාවි. මොකද යන අතරෙ වටපිටාවෙ හැඩ බලන්නත් එපැයි.

2. Bolgoda Lake

මේ ටුවර් එක ගොඩක්ම ගැළපෙන්නෙ වතුරත් එක්ක ගණුදෙනු කරන්න කැමති අයට තමයි.

මොරටුව, බොල්ගොඩ ගඟේ අපූරු බෝට්ටු සවාරි! මතක තියාගන්න ඒ අවට තියෙන ඕන හෝටලේකින් බෝට් රයිඩ් එකක් ගන්න පුළුවන්. අනික එක්කෙනෙක්ට පැයකට වියදම් වෙන්නෙත් රු. 500ක් වගේ. ඒ හැරුණාම ඉතින් රු. 1500, 2000 දීල ජෙට් ස්කි, කැනෝයින්ග් වගේ වැඩ වලට සෙට් වෙන්නත් පුළුවන්. හැරත්, බෝට්ටු සවාරිය ගිහින් ඇවිත් රස වෑහෙන සීෆුඩ් කෑම ටිකක් කාලා, හැන්දෑ ජාමෙට ලස්සන වෙන අහසෙ අපූරුව දිහා බලන් ඉඳිද්දි දවස යනව කොහොමත් තේරෙන්නෙ නෑනෙ.

3. Gilimale

ඔන්න තියෙනව තම තමන්ගෙ වාහනවල ටුවර් යන කට්ටියට නියම ගමනක්.

මේ ගමන යන්න තියෙන්නෙ කොළඹ, ඇහැලියගොඩ, පරකඩුව පාරෙන් මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන්. ඒ යද්දි ඉස්සෙල්ලම ඔයාලට හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැලේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න.

කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුලු, සමනල සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුණාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.

4. Kalaugala

මේක නම් සද්ද බද්ද නැතුව, එක පිළිවෙළකට, විනයක් තියාගෙන ගිහින් එන්න ඕන ගමනක්. මොකද කළුගල කියන්නෙ ආරණ්‍ය සේනාසනයක්. කොළඹ, බණ්ඩාරගම, අඟුරුවාතොට හරහා උඩඕවිට, පිඹුර, බෙල්ලනට ඇවිල්ලා, එතනින් පොල්ගම්පොළ, රත්මලේ පාරෙන් හෙවැස්ස පාරට දාලා රනේපුරගොඩ-කළුගලින් තමයි, ආරණ්‍ය සේනාසනයට යන්න තියෙන්නෙ. සාමාන්‍යයෙන් පැය 3ක විතර ගමනක්. ඒත් එතනට ගියාට පස්සෙ ගමන් විඩාව ඉබේටම නිවෙනව. මොකද මුලු වටපිටාවම වගේ කුරුල්ලන්ගෙන්, සතා සීපාවන්ගෙන් පිරිලනෙ. අනික වට පිටාවත් ගතට හිතට හරිම සුවදායකයිනෙ.

5. Paraithota, Nachchimale Falls

හයිලෙවල් එකේ මීපෙ, ඉංගිරිය පාරෙන් හොරණ, රත්නපුර පැත්තට යද්දි තමයි පරයිතොට හංදිය හමුවෙන්නෙ. එතනින් ඉස්සරහට යද්දි කාගෙන් හරි පොඩ්ඩක් ඇහුව නම් නාන්න තැනක්, ඕන තරම් තැන් කියාවි. මේ හරිය ගොඩක් දුරට ස්වභාවික වනාන්තරය. කුරුල්ලො විතරක් නෙවෙයි මීමින්නො, ඉත්තෑවො, හඳුන් දිවියො එහෙමත් එමටයි. සද්ද නොකර, හෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටිය නම් සතෙක් සීපාවෙක් බලා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි එහෙම ආසාවක් නැත්නම් පරිස්සමට නාලා කරල, කෑම ටිකක් එහෙම කාලා එන්න පුලුවන්.

එතකොට නාච්චිමලේ තියෙන්නෙත් පරයිතොට කිට්ටුවමයි. පරයිතොට පාරෙ කෙළවරටම වගේ යන්න ඕන. එතනයි මෙතනයි එතනයි කියල ලොකු වෙනසක් නෑ. ඒත් හොඳට මතක තියා ගන්න මොන දේ කළත් හොඳ මීටරෙන් හොඳද.

6. Kottawa

හයිවේ දාලා පින්නදූවෙන් එළියට දැම්ම නම් උඩුගම පාරෙන්, අක්මීමන හරහා කොට්ටවට යන්න උපරිම පැයක් යාවි. එතන ඉඳන් කැළේ ඇතුලට අඩි පාර තියෙන නිසා ගයිඩ්ල හොයන්න උවමනාවකුත් නෑ. කොහොම වුනත් කොට්ටව කියන්නෙ කන්න බොන්න, විනෝද වගේම සතා සීපාවා, ගහ කොළ දැක බලා ගන්නත් කියාපු තැනක්. හොඳ, නැචුරල් ස්විමින්ග් පූල් එකක් එහෙමත් මෙහේ තියෙනව. ඒ හැරුනාම පොඩ්ඩන්ට දුවල පැනල විනෝද වෙන්නත් හොඳ හැටි ඉඩ තියෙනව. ජෛව විවිධත්වය අතින් ගත්තාම සිංහරාජයට ගොඩක් ආසන්න නිසා ඒකදේශික කුරුළු විශේෂ, උරග විශේෂ, එතකොට ක්ෂීරපායී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා කොට්ටව පැත්තෙ යද්දිත් අනිවාර්යයෙන්ම කැමරාවක් නම් ගෙනියන්න.

7. Seethawaka Botanical Garden

ඉස්සෙල්ලම හිතේ හැටියට ඇවිදල ඉන්නකො. ඊට පස්සෙ පුලුවන් කුරුළු කොබෙයියො, සමනලුන්ගෙ හැඩ බලන්න. ඊටත් පස්සෙ අපූරු බෝට්ටු සවාරියකුත් යන්න පුලුවන්. උද්‍යානය ඇතුලෙ තියෙන ලස්සන පොකුණ වටේට ලොකු රවුමක් ගිහින් එන්න. පැයකට රු. 500ක් වගේ තමයි එයාලා ගන්නෙ. වැඩිහරියක්ම කපල් වලට එහෙම නම් මේ බෝට්ටු සවාරිය අමතක නොවෙන අත් දැකීමක් වේවි.

8. Runakanda

අමුතුවෙන් කියන්න ඕන නෑ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනාකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද රක්ෂිතය, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි. මේකට යන්න තියෙන්නෙ කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.

ඒ හැරුනාම ඉතින් තව ඔය පොඩි පොඩි තැන් ටිකකුත් තියෙනව. ඉන්නකො ඉන්නකො, අපි ඒවත් ලඟදිම කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide