1. South Korea
ඉහළ වැටුපක් සහිත රැකියාවක් හොයාගන්න තරමක් ලේසි රටක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි ගුරුවරුන්ට, හැබැයි අන්තර්ජාතික සහතිකයක් තියෙන්න ඕන. ඒ හැරුණාම ජාත්‍යන්තර ආයතනවල හෝ කර්මාන්ත අංශවලත් රැකියා ඕන තරම් තියෙනවා.
2. Czech Republic
චෙක්, බහු සංස්කෘතික රටක් නිසා සංචාරකයින්ට රැකියා ගොඩක් තියෙනවා. ඒ වගේම ජොබ් වීසා ගන්නවා නම් හොඳම දේ තමයි යන්න කලින් ඉල්ලුම් කරලා ජොබ් එකක් හොයාගෙන යන එක. කොහොම වුණත් කම්කරු, ආගන්තුක සත්කාර, ආහාර සේවා, කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, සෞඛ්‍ය, සමාජ සේවා, අධ්‍යාපනය වගේ අංශ රාශියක ජොබ් එහේ තියෙනවා.
3. Canada
මෙහේ… ජොබ් වීසා ගන්න ටිකක් පහසු වුණාට තරමක ගාණක් වියදම් වෙනවා. ඒ වගේම වැඩිපුර ජොබ් තියෙන්නෙත් හෙද සේවය සහ සෞඛ්‍ය අංශ ආශ්‍රිතව.
4. Mexico
සුදුසුකම් අනුව ඔබට ස්ථිර නේවාසික වීසා බලපත්‍රයක් හෝ තාවකාලික නේවාසික වීසා බලපත්‍රයක් යන දෙකම ලබාගන්න පුළුවන්. හැබැයි තාවකාලික වීසා එකවලංගු වෙන්නෙ දින 180යි. ඒත් ඒකත් විටින් විට දික් කරගෙන රාජකාරි කරන්න පුළුවන්. කොහොම වුණත් මෙක්සිකෝවෙ ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම්, යන්න කලින් මෙහේදිම අයදුම් කරලා ජොබ් එකක් හදාගෙන යන එක තමයි හොඳම.
5. UAE
කොහොම ගියත් මුලින්ම හම්බුවෙන්නෙ තාවකාලික ජොබ් වීසා එකක්. ඒකෙන් ජොබ් එක පටන් අරගෙන ආයතනයත් එක්ක කතා කරලා දීර්ඝ කාලීන හරි ස්ථීර හරි විදියට වීසා එක හදාගන්න ඕන.
6. Lithuania
ෂෙනගන් ප්‍රදේශයේ රටක් නිසා සංචාරකයින්ට උපරිම දින 90ක් ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්නව නම් ඒත් ප්‍රශ්නයක් නෑ හැබැයි ඔබ තාවකාලික පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න ඕන. එහෙම තාවකාලික පදිංචිය යටතේ හරි දින 90 ඇතුළත හරි ඔබට පුළුවන් රැකියා බලපත්‍රයක් ඉල්ලුම් කරලා ලබා ගන්න. ඒක ලබාගත්තට පස්සෙ ඉතින් ඕබේ සුදුසුකම් අනුව රැකියාවක් හොයාගන්න එක නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි වීසා ඉවර වෙන්න කලින් ආයතනයත් එක්ක කතා කරලා වීසා එක දීර්ඝ කාලීන විදියට හදාගන්න අත්‍යවශ්‍යයි.
7. Costa Rica
ස්වයං රැකියා සහ සුළු ව්‍යාපාරිකයන්ට කොස්ටාරිකාව හොඳ විකල්පයක්. මොකද ඒ වගේ අයට කොස්ටරිකා නේවාසික වීසා බලපත්‍ර ලබා දෙනවා. ඒ හැරුණාම උපාධිධාරීන්ටත් ලොකු අවස්ථාවක් මේ රටේ තියෙනවා. ඉන් එපිටට ගත්තොත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට කොස්ටරිකාව සියලු පහසුකම් දෙමින් සලකනවා කියලා තමයි කියන්නෙ.