දවල් කෑම වේල මේසෙ ළඟටම! රු. 500ට අඩුවෙන් බත් කන්න කොළඹ අයට කියාපු කඩ 6ක්.

මේ දවස්වල, වෙලාවක් කලාවක් නැතුව වැටෙන වැස්සයි ඊටත් එහා ගිනි මද්දහනෙ පායන පෑවිල්ලයි නිසා කෑම එකක් ගේන්න යන්න වත් පාරට බහින්න හිතෙන්නෙ නෑ වැඩේ කියන්නෙ කෙල්ලො ළඟ නම් කුඩ හරි තියෙනව. කොල්ලො ළඟ මුකුත්ම නෑනෙ. ඉතින් පොඩි දේකට කඩේට ගියත් දාඩිය නාගෙන තමයි ආපහු ඔෆිස් එකට එන්න වෙන්නෙ. බාග වෙලාවට පොඩි වැස්සක් වැටුනොත් නිරපරාදෙ තෙමෙන්න වෙනව.

ඒ ඔක්කොමත් හරි කියමුකො. කණගාටුවට කාරණාව තෙමෙන්න, වේලෙන්නවත් අපේ කස්ටිය පාරට බහින්නෙ නැති එකනෙ. ගොඩ දෙනෙක්ට නම් නොසෑහෙන්න වැඩ කිව්ව හැකි. ඒත් වැඩ නැති අය, එයාලත් කම්මැලිකමට ඉන්නවනෙ.

හැබැයි ඔය කොයි කවුරුත් බඩ ගින්නක් ආවාම නම් අම්බානක ඇඹරෙනව. කෑම ගේන්න යන්නත් ඕන, ඒත් යන්නත් බෑ වගේ. ඉතින් මම කල්පනා කලා ඔෆිස් ඇතුලටම වෙලා ඉන්න කැමති අයට එහෙම්මම ඉන්න කියල, එයාලගෙ දවල් කෑම වේල මේසෙ ළඟටම ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්න.

මේවා ඇවිල්ල, ඩිලිවරි සේවාත් තියෙන කෑම කඩ. ඉන්න තැන ඉඳන් කෝල් එකක් දාලා, එතනටම කෑම ටික ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඉතින් ට්‍රයි කරල බලල, හොඳ නරක කියන එක ඔයාලගෙ යුතුකම. ඔන්න යුතුකම් එහෙම මග හරිනව නෙවෙයි!

1. Chana’s

ඩුප්ලිකේෂන් පාරෙ වැල්ලවත්ත කිට්ටුව තියෙන චානාස් එකේ කෑම ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. ලොකු චිකන් කෑල්ලක් එක්ක එන පට්ට රස, චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුත් රු. 300ක් වගේ වෙන්නෙ. වැඩේ කියන්නෙ මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරිවල ගාණ ටිකක් වැඩියිනෙ. පංකාදු පහට, ගමේ රහට හැදුනට මොකද රු. 350න් හැම එකක්ම රු. 350න් එහාපැත්තෙ. ඒව නම් ඩිලිවරි චාර්ජ් එක්ක රු. 500 පනින්නත් ඉඩ තියෙනව. හැබැයි ෆ්‍රයිඩ් රයිස් නම් රු. 400ට 450ට ගෙන්න ගන්න පුළුවන්.

2. Chennai

දාමුද තෝසෙ පාරක් ඔෆිස් එකටම ගෙනැල්ලා. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ. ගන්න කෝල් එකක් බම්බ ගාලු පාරෙ තියෙන චෙන්නායි එකට. රස වෑහෙන ගී තෝසෙ, මසාලා තෝසෙ පේපර් තෝසෙ විතරක් නෙවෙයි වඩේ, ඉට්ලි එහෙමත් රු. 250ට අඩුවෙන් යන්නෙ. සාම්බාරු හොද්දයි, තව සැර හොද්දකුයිත් හම්බවෙනවනෙ. චෙන්නායි එකේ වඩේ සම්බෝලෙත් පට්ට රසයි. වාසිය තියෙන්නෙ රු. 100ට 150ට ළඟටම ගෙන්න ගන්න පුළුවන් එක. හදිස්සියෙවත් දවල්ට බත් කන්න බෑ කියල හිතුනොත් ඔන්න තියෙනව විසඳුම.

3. Elite

නන් වෙජිටේරියන් ඉන්ඩියන් කෑම රස බලන්න කියාපු තැනක්. විශේෂයෙන්ම රෝස්ට් චිකන්, ග්‍රිල්ඩ් චිකන්, තන්දුරි චිකන්වලින් හැදෙන කෑම. ඔය නාසිගුරාන්, බිරියානි වගේ. ඒ හැරුනාම එලයිට් එකේ කටට රහට හැදෙන මට්න් කරි, ක්‍රැබ් වගේ සී ෆුඩ් කෑම එහෙමත් තියෙනව. හැබැයි ඉතින් ඒව නම් ටිකක් ගණන්. හොඳම වැඩේ තමයි මෙයාලගෙ චයිනීස් ටයිප් එකට හැදෙන නූඩ්ල්ස් වගේ දෙයක් හරි රයිස් එකක් හරි ඕඩර් කරන එක. මොකද ඒවයෙ ගණන් රු. 300, 350 වගේනෙ යන්නෙ. හැරත් ඩිලිවරි චාර්සුත් රු. 100, 150න් ෂේප්. බම්බ, තුම්මුල්ල පැත්තට වෙන්න වගේම වත්තල මීගමුව පාරෙත් එලයිට් එකක් තියෙන කොළඹ කට්ටියට ඒ හැටි රස්තියාදු වෙන්න ඕනත් නෑ.

4. Diwan

වෙන එක එක තැන හොය හොය ඉන්න එපා, ඔයාගෙ ඔෆිස් එක තියෙන්නෙ දෙහිවල කිට්ටුව නම් කෙලින්ම කෝල් කරන්න සරණංකර පාරෙ දිවාන් එකට. කෝල් කරල ඕඩර් කරන්න චිකන් බිරියානි එකක්. ආයෙ දවසටම ඇති හොඳද. සැර ගතිය වගේම සුවඳ, රසත් ලොකු චිකන් කෑලි දෙකක් එහෙමත් බත් එක පුරවල එනව. ගාණත් රු. 300, 350 වගේ යන්නෙ. ඩිලිවරිවලට ඕන නම් රු. 100ක් ගනියි. විශේෂයෙන්ම කියන්න ඕන දිවාන් එකේ රස මට්න් බිරියානි එහෙමත් තියෙනව. හැබැයි ටිකක් ගණන්. ඒ වුනාට මෙයාලගෙ නාන්, පරාටා එහෙම නම් පංකාදු පහයි. ගාණත් අඩුයි.

5. House of Biriyani

ඔයා වගේම දවල්ට ගෙදරින් කෑම ගේන්නෙ නැති තව අය ඇතිනෙ. එකතු කරගන්න ඒ වගේ 4, 5දෙනෙක්. එකතු කරගෙන එක්කෙනෙක් රු. 300, 400 ගාණෙ වගේ දාලා කලෙක්ෂන් එකක් හදාගෙන කෝල් කරන්න කළුබෝවිල, පන්සල පාරෙ බිරියානි ගෙදරට. ඔයාලට ඕන මස් ජාතියකින් බිරියානි සවාන් එකක් ඕඩර් කරන්න පුළුවන්. රු. 1800 ඉඳන් තියෙනව. පැහැදිලිවම 5 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් නිසා ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ. අනික රස ගැනත් කිසිම සැකයක් තියන්න ඕනත් නෑ. තඩි රෝස්ට් කුකුලෙකුයි, බිත්තර 3කුයි මසාලා, අඩුම කුඩුම දාලා හදපු කහ බත් එකයි දැක්කාම ගමකට කන්න හිතේවි.

6. Chinese Dragon Cafe

මෙයාලගෙන් ගන්නව නම් ඉතින් ෆ්‍රයිඩ් රයිස් තමයි. මොකද ඩිලිවරි චාර්ජස් එක්ක රු. 500ට අඩුවෙන් ගන්න තියෙන්නෙ එච්චරයි. කෑමවල රස නම් හොඳයි. හැබැයි ඉඳල හිටල තෙල් වැඩිවෙන ගතියක් තියෙනව. කොහොම වුනත් මදි, නොමදි වෙන ගාණට තමයි මෙයාලගෙ මස්, මාලු, බිත්තර එහෙම රයිස් එකට එකතු වෙන්නෙ. කෝකටත් කාලා බලලම ඉන්නකො.

ඒ අතරට වෙලාවක් තිබ්බොත් මේකත් මතක තියාගන්න.

ඔය හැමදාම කඩෙන් කනව නේ. වැඩිකල් නෑ කොලෙස්ටරෝල්, ඩයබෙටීස්වලට හොඳද. හැරත් වැඩි කල් යන්න කලින් තඩි බඩකට එහෙම උරුම කම් කියන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් ‘පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පිට්නස් ජිම් යන්න වෙන්නෙ’. හොඳම වැඩේ තමයි ගෙදර ඉඳන් එන යාළුවෙක්ට කියල, සල්ලි දීලා හරි බත් එකක් ගෙන්න ගන්න එක. හා නැද්ද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide