ඔය කිව්වට කට්ටිය යයිද නැද්ද කියල නම් අපි දන්නෙ නෑ. මොකද මේවා රියල්ම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස්නෙ.. කොහොම වුණත් කියන එක අපේ යුතුකම නිසා කියන්නම්. එහෙම හොඳයිනේ…
සිද්ධිය ඇවිල්ල මේකයි. මෑතක ඉඳන් ගොඩක් අඩු ගාණට, කොටින්ම කියනව නම් රුපියල් දහ පහළොස්දාහෙ ඉඳන් රට සවාරි යන පැකේජ වැහි වහින්න පටන් ගත්තනෙ. ඉතිං අපේ උන්දලැ මොකද කළේ ලංකාව බැලිල්ල පැත්තක තියල එකසිය ගාණට රට යන්න පටන් ගත්තා. දවස් තුනේ හතරෙ, පහේ හයේ, සමහර වෙලාවට සතිය දෙකේ පවා. ඒ ගිහින් හොඳ හොඳ හෝටල්වල ඉඳලා, රස කෑම බීම කාලා, හිතේ හැටියට ෂොපින් කරලා එනව. ඒ අතරට නීති රෙගුලාසිවලට අනුව ඇවිදින්න පුළුවන් ලස්සන ලස්සන තැන්වලත් යන්නෙ නැතුවම නෙවෙයි. වැඩේ කියන්නෙ ඔය ගමන්වලදි හරි හමන් ඇඩ්වෙන්චර් පාරකට සෙට් වෙන කට්ටිය, හොයා ගන්නවත් නැති එකනෙ..
සමහර අය වැඩේට ආස වුණත් යාළු හිත මිත්‍රාදීන්ගෙ වචන නිසා පස්ස ගහනව. තවත් සමහරු කල්තියා සූදානමක් නැති නිසා වැඩේ අත් ඇරල දානව. ඔය අතරට තවත් කට්ටියක් ඉන්නව වැඩේට සෙට් වෙන්න ප්ලේස් හරි හැටි නොදන්න නිසා වැඩේ අත් ඇරලා දාන. කොහොම කොහොම හරි එහෙමත් කෙනෙක් තමයි හොඳ හොඳ තැන් ටිකක් හොයා ගෙන ගිහින් ඇඩ්වෙන්චර් පාරක් දාලා එන්නෙ.
ඉතින් අපි කල්පනා කළා ‘වැඩේට සෙට් වෙන්න ආස, ඒත් ප්ලේස් හරි හැටි නොදන්න’ අයට උදව්වක් කරන්න. නිකම් නෙවෙයි, හොඳට හොයල බලල හරි පරිස්සමට, ඇඩ්වෙන්චර් හැපනින්ග් කරන තැන් ටිකක් කියන්න.
එහෙනම් කියවල බලන්නකො.
මේ ආසියාවෙ හැපනින්ග්ම ඇඩ්වෙන්චර් ප්ලේස් ටිකක්.
1. Diving
සුන්දර කොරල් පර තීරයක අපූරු ජෛව විවිධත්වයක් දැක බලා ගන්න නම් හරියටම හරියන්නෙ තායිලන්තයෙ ‘කෝ ටඕ’ මුහුදු තීරයයි පිලිපීනෙ ‘මොආල් බොආල්, අපෝ’ වෙරළ තීර තමයි. හැබැයි තෝරු මෝරු, බූවල්ලො, කැස්බෑවො වගේ සත්තුත් එක්ක ඩයිව් කරන්න ඕන නම් තායිලන්තයෙ ‘කෝ පි පි’, පිලිපීනයෙ ‘මැලපසුකා’, ඉන්දුනීසියාවෙ ‘ගිලි දූපත්’ මුහුදු තීර පැත්තට යන්න වෙනව. එතනින් එහාට ගිහින් ෆුල් ඇඩ්වෙන්චර් පැත්තට, ඒ කියන්නෙ ‘වේල් ෂාර්ක්’ වගේ සත්තු එක්ක බහින්න ඕන නම් තායිලන්තයෙ ‘රිචෙලියු රොක්’, පිලිපීනයෙ ‘සීබු’ පැත්ත හරියටම හරි.
2. Surfing
පිලිපීනයෙ ‘සිආගෝ’, ඉන්දුනීසියාවෙ ‘බාලි’, තායිලන්තයෙ ‘පුකෙට්’ හරියන්නෙ නෝර්මල් සර්ෆින්වලට. හැබැයි කයිට් ස්ර්ෆන්ග්, වින්ඩ් සර්ෆින් කරනව නම් වියට්නාම්වල ‘මුයි නෙ’ මුහුදු තීරය පැත්තට හරි පිලිපීන්වල ‘බෝරැකෙයි’ දූපත පැත්තට හරි යන්න වෙනව.
3. Kayaking & Rafting
තනියම බෝට්ටු පදින්න, රැළි පෙරළි කපාගෙන බෝට්ටු පදින්න බය නැති අයට කයකින්ග් කරන්න යන්න කියාපු තැන් ටිකක් තමයි තායිලන්තයෙ ‘හා ලොන්ග්’ බොක්කයි, ‘පන් ගා බොක්කයි’, ‘කැට් බා’ වනෝද්‍යානයයි, ‘චෙඔ ලාන්’ වැවයි කියන්නෙ. එතනින් ගියාම මියන්මාරයෙ ‘ඉන්ලෙ’ වැවත් කයකින්ග්වලට නියමයිලු.
හැබැයි පිලිපීනයෙ ‘කගයාන් ඩි ඕරෝ’ ගඟේ රාෆ්ටින්ග් තරම් නම් ගති නෑ කියල තමයි ආරංචිය. ඒ හැරුණාම තායිලන්තයෙ ‘පායි’ ගඟේ රාෆ්ටින්ග්වලටයි, ‘මෙඒ ටඑන්ග්’ ගඟේ රාෆ්ටින්ග්වලටයිත් සෑහෙන හොඳ රේටින්ග්ස් තියෙනව. ඔය අතරට ඉන්දුනීසියාවෙ ‘අයුන්ග් ගඟ’, ‘රනෝයපෝ’, ‘නිමන්ගා’ ගංගා, මැලේසියාවෙ ‘පාදාස්’ ගඟ එහෙමත් රාෆ්ටින්ග් කරන්න කියාපු කියල තමයි කට්ටිය කියන්නෙ.
4. Hiking
මොකද කියන්නෙ? යමුද ගිනි කන්දක පාගමනක්, ඉන්දුනීසියාවෙ ‘සෙමෙරු’ කන්ද පැත්තෙ. නැත්නම්… ‘බ්‍රෝමෝ’ කන්ද පැත්තෙ. හැබැයි වැඩේට බයයි නම්, කට්ටියට පුළුවන් නෝර්මල් හයික් එකක් යන්න මැලේසියාවෙ ‘කිනාබල’ කන්දෙ, වියට්නාම්වල ‘සපා’, තායිලන්ඩ්වල ‘චිඅන්ග් මායි’, ‘පායි’ කඳුවල වගේම නේපාලයෙ ‘අන්නාපූර්න’ වනෝද්‍යානයෙ වුණත්.
5. Off Road Riding
වැඩ්ඩන්ට පමණයි. තියෙන්නෙත් ඉතාම සීමිත තැන් ටිකක් විතරයි. එක්කො තායිලන්තයෙ ‘චිඅන්ග් මායි’ කඳු නැත්නම් ‘කෝ යඕ නොයි’ දූපත. ආ.. ඒක නෙවෙයි මේ රයිඩ් එක පට්ට ලස්සනයිලු. ඒ නිසාම හොඳ පරිස්සමට හොඳේ.
6. Sandboarding
අමුතුම තාලයෙ ආතල් එකක්. වැලි මත ස්කේටින්ග්. මේ වැඩේ තියෙන්නෙ නම් පිලිපීනෙ ඉලෝකොස් නෝර්ටෙවලයි, වියට්නාමෙ මුයි නෙවලයි තමයි. ඒ අතරිනුත් මුයි නෙ නම් සුපිරි කියල තමයි ස්කේටින්ග් වැඩ්ඩො කියන්නෙ. ඔන්න වැඩේට කැමති අය මතක තියා ගන්න, හදිස්සියෙවත් වියට්නාම් පැත්තෙ ගියොත් මුයි නෙ කන්දෙ සෑන්ඩ් ස්කේටින්ග් පාරක් දාන්න…
7. Base Jump, Bungee Jump & Sky Diving
උඩින් පනින්න බය නැති අය ඉන්නවද?
ආ.. ඔයාලව තමයි හෙව්වෙ.
ඔන්න කට්ටියට මතක තියාගන්න හදිස්සියෙවත් ඔයාලා සිංගප්පූරුව පැත්තෙ ගියොත් ‘ජිමැක්ස් රිවස්වල’ බන්ගි ජම්ප් පාරක් දාන්න. එහෙම නැතුව තායිලන්තෙ පැත්තෙ ගියොත් බන්ගි පනින්න ‘පටායා’ වලට යන්න වෙනව. ඔය අතරට පැරා ජම්ප්, එ් කියන්නෙ බේස් ජම්ප් එකක් දාන්න ආස අය ඉන්නව නම් මතක ඇතුව ඔයාලගෙ ටුවර් එක මැලේසියාවෙ ‘ක්වාලා ලාම්පූර්’ පැත්තට දාගන්න. හැබැයි ඔය ඔක්කොමත් හරි, ස්කයි ඩයිවින්ග් පාරක් දාන්න ගැම්මක් ඇති වුනොත්? ආයෙ බල බල ඉන්න එපා කෙළින්ම යන්න ඉන්දුනීසියාවල ‘ලිඩෝ ලේක්’ පැත්තට හොඳේ?
8. Canyoning & Rock Climbing
මෙන්න තියෙනව සුපිරිම වැඩේ, කඳු නගින්න. අපේ රටෙත් වැඩ්ඩො ඉන්නව කියල දන්න නිසයි කියන්නෙ. කඳු නගින්න හොඳම තැන් තමයි තායිලන්තයෙ රයිලෙයි සහ ටොන් සායි. එතකොට දිය ඇලි නගින්න ඒ කිව්වෙ කැන්යොනින්ග්වලට හොඳ තායිලන්තයෙ චිඅන්ග් මායි, වියට්නාම්වල ලොන්ග් බොක්ක සහ කැට් බොක්ක.
හැබැයි ඔය හොඳ නරක බලල ගියා වගේ නෙවෙයි එකක් මතක තියා ගන්න ඕන. එයාලා වගකීමෙන් වැඩේට බැස්සට, ඔයාල පෙර සූදානම් නැති වුනොත් කපෝතියි හොඳේ.
ඒ හැරුණාම ඉතින් නොදන්න කියන, කාත් කවුරුත් නැති රටවල් නිසා යන්න කලින් ඕවයේ බැහැලා පුරුදු අයගෙන් උපදෙස් අනුශාසනාත් අරන් යන්න පුළුවන් තවත් හොඳයි.නේද…!