බෝතලෙයි ප්ලේස් එකයි තියෙනවද? රු. 500ට සුපිරි බයිට් එකක් ගන්න කියාපු තැන් 7ක්.

අහම්බෙන් සිද්ධ වෙන දේවල් තමයි. ඒත් පඩි ආපු දවස්වලට මේව දේවල් සිද්ධ වෙන්න තියන ඉඩ වැඩියිනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ,

හදිස්සියෙවත්, ඔයාගෙ යාළුවෙක් කතා කළොත්,

“ඒ හෙට අපේ ගෙදර කවුරුත් නෑ බං. ක්ලයන්ට් කෙනේක්ගෙන් හම්බුණ බෝතලයකුත් තියෙනව. සෙට් වෙමුද? මොකෝ කියන්නෙ? උඹ බයිටුයි සැන්ඩියි අරන් හවස් වෙලා වරෙන් මේ පැත්තෙ” කියල.

ඒ වෙලාවට ඉතින් හොඳ බයිට් එකක් ගන්න, තැනක් ඔයා දැනගෙන ඉන්නත් එපැයි. යාළුව ගේයි, බෝතලෙයි දෙකම දෙද්දි තවත් ඉල්ලන්න බෑනෙ නේද?

එහෙමයි කියල ඒ හැටි කල්පනා කරන්න ඕන නෑ. ඔන්න පහළින් තියෙනව සුපිරි බයිට් එකක්, අතේ තියෙන ගාණට ගන්න කියාපු කඩ ටිකක්. බලන්නකො කොහොමද කියල.

1. Hulftsdorp Street Food

පෝර්ක් හැරුණාම ඕන බයිට් එකක්. ඩෙවිල් රහට නම් එහෙමයි, ග්‍රිල්ඩ් රහට නම් එහෙමයි. එතකොට ෆ්‍රයිඩ් මීට්, කොත්තු රොටි, බාබකියු එහෙමත් තියෙනව. අනික අඩිය ගහල ඉවර වෙද්දි රෑ කෑමට ගන්න, රස වෑහෙන ෆිෂ්, චිකන්, බීෆ්, මට්න් කරි එහෙමත් මෙතන තියෙනව. සැර ගතියට ඒ හැටි කැමති නැති අයට සුපිරි කිරි මාළු එකක් වුණත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මේ අලුත්කඩේ හැන්දෑවට ඕපන් වෙන හැම කෑම කඩයකම වගේ, අපිට ඕන විදිය කියල කෑම ඉල්ල ගන්න පුළුවන් නිසා සෑහෙන්න වටිනව. අනික මෙයාලගෙ ගණනුත් යන්නෙ රු. 200-500 අතරෙනෙ.

2. New Majestic Hotel

ආයෙ ඉතින් කොත්තු ගන්නව නම් මෙන්න තැන. වැඩ ඇරිලා යන ගමන් බම්බ, එම් සී. එක ඉස්සරහ තියෙන මේ කඩෙන් කොත්තුවක් දාගත්ත නම් බය නැතුව සෙට්වෙන ප්ලේස් එකට යන්න පුළුවන්. මොකද මෙයාලගෙ කොත්තුවක් බයිට් එකටයි ඩයට් එකටයි දෙකටම වුණත් ඇතිනෙ. විශේෂයෙන්ම මැජෙස්ටික් එකේ බීෆ් ඩෙවිල් කොත්තුවයි, චිකන් ඩෙවිල් කොත්තුවයි සුපිරි. චීස් කොත්තු බෝතලේකට හරියන්නෙ නැති නිසා මිසක් නැත්නම් ඒවත් මරු. ඒ හැරුණාම ඉතින් නෝර්මල්, ෆ්‍රයිඩ් චිකන් කොත්තුවත් නරකම නෑ.

3. Nana’s

ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නානගෙ කොත්තු, ඩෙවිල්, බාබකියු ටික කෙහොමත් බයිට්වලට ටොප්නෙ. වැඩි හරියක්ම නනාට කියල, ඕන කෑමක් කටට සැරට හදා ගන්න පුළුවන් නිසා තවත් වටිනව. අනික ගෝල් ෆේස් නානාස් එකේ විතරයිනෙ රු. 300, 400ට ඉස්සො බාබකියු, කකුළු ඩෙවිල් එහෙම ගන්න තියෙන්නෙත්.

4. Malay Restaurant

ෂප්පේ… බයිට් තොගේ, 10,12කටත් එහා. ෆ්‍රයිඩ්, ග්‍රිල්ඩ්, බාබකියු චිකන්, බීෆ්, මට්න්, ෆිෂ්, කට්ල් ෆිෂ්, ක්‍රැබ් වැඩ එක පැත්තක. ඩෙවිල්, සැලඩ්, ස්පයිස් සොසේජස්, මීට් බෝල්ස් වැඩ ටික එක පැත්තක. ඒ අතරට රොටිවලින් දැන වැඩත් අම්බානක. සත්තයි දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ මැලේ රෙස්ට් එකට ගියොත් නම් මොන බයිට් එකද ගන්නෙ කියල හිතා ගන්න බැරි තරම් යාළු. අනික හැම එකක්ම වගේ පංකාදු පහට තියෙනවනෙ. ආයෙ ඉතින් රු. 400, 500 වුණත් ගන්නමයි හිතෙන්නෙ. අනික, පෝෂන් එක ලොකු නිසා ලොකු පාඩුත් නෑනෙ.

5. Arthur’s Pizza

හැමෝම අරක්කු බොන්නෙ නෑනේ. බියර් පාටිත් තියෙනවනේ. අන්න ඒවටයි මේ. ගල්කිස්ස ආතර් අයියගෙ පීසා කඩේ තමයි කොළඹ කිට්ටුවෙන් අඩු ගාණට රසම පීසා ගන්න පුළුවන්. වැඩිය නෙවෙයි රු. 500 ගාණෙ දැම්ම නම් දෙන්නෙක්ට ඇතිවෙන පීසා එකක් ගන්න පුළුවන්. මාගරිටා, චිකන් බාබකියු, නයිමිරිස්, චිකන් සොසේජස්, හැම් හතු, හැම් අන්නාසි වගේ පිස්සු හැදෙන පීසා ටිකක් මෙතන තියෙන්නෙ. ආතර් අයියට කියල පීසාවල, සැර ගතිය, චීස් එහෙම වෙනස් කරගන්නත් පුළුවන් නිසා තවත් හොඳයි. අනික හැම එකක්ම වගේ රු. 900-1000 අතරෙනෙ. පීසා දෙකක් ගෙනිච්ච නම් බයිට් එකයි ඩයට් එකයි දෙකම ගොඩ තමයි.

6. Rolex Hotel

රු. 300ට ඉස්සො, දැල්ලො ඩෙවිල්. ඒ විතරක් නෙවෙයි රස මට්න් බයිට් ප්ලේටුත් තියෙනව රු. 400ට. ඒ හැරුණාම ග්‍රිල්ඩ්, ෆ්‍රයිඩ් චිකන් වැඩ කොහොමත් තියෙනවනෙ. විශේෂයෙන්ම කියන්න ඕන රොලෙක්ස් හෝටලේ කොත්තු, රයිස් එහෙමත් බයිට් එකට මරු. හැබැයි ඩෙවිල් ප්ලේට් එකක්, නැත්නම් මට්න් මොනව හරි දාලා හදා ගත්තොත් තමයි. වැඩේ කියන්නෙ ඔය කොයි දේ ගන්නත් ගාලු පාරෙ, වැල්ලවත්තට යන්න වෙනව.

7. Eastern Wok

යද්දි අරන් ගියත් පාඩු නැති වොක් ඩෙවිල්, ගන්න යන්න කොල්ලුපිටිය වාලුකාරාම පාර පැත්තට. දෙන්නෙක් එක්ක සෙට් වෙලා රු. 400 ගාණෙ දැම්ම නම් තඩි චිකන් ඩෙවිල් එකක් ගෙනියන්න පුළුවන්. ඒකත් සැර ගතියෙන්, රසයෙන් අනූන බයිට් එකටත් කියාපු එකක්. තුන් දෙනෙක්ට විතර කන්නත් පුළුවන්. ඒ හැරුණාම මෙයාලගෙ හොට් බටර් කට්ල්ෆිෂ්, සී ෆුඩ් වැඩ කිඩ එහෙමත් තියෙනව රු. 600ට 800ට. ඉතින් රු. 1500ක් වගේ තිබ්බ නම් බයිට් එකයි, ඩයට් එකයි දෙකම ෂේප්.

ඒකෙ නෙවෙයි, අපි මේ කියපු කඩ ටික හැරුණාම ඔයාලා දන්න තව, සුපිරි බයිට් කඩ තියෙනව කියල අපි දන්නව. ඒ වගේම ඒවා කමෙන්ට් කරනකම් අපි බලාගෙනත් ඉන්නව. මොකද අපිත් ආසයිනෙ අළුත් කඩේකින් බයිට් එකක් අරගෙන කට ගැස්ම බැලන්ස් කරගන්න. නේ…?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide