ආයෙ කතා කරන්න එපා අද නම් හොඳ…ට ගසන්නෝනි. මොකද ගිය මාසෙත් පඩියෙන් හරියට බොන්න බැරි වුණා.. අනික ලබන සතියට දාගෙනත් බෑ, මොකද ඒ වෙද්දි අතේ සල්ලි ඉතුරු වෙන්නෙ නෑනෙ. ඒකත් වැඩේ කියන්නෙ අතේ තියෙන්නෙ රු. 1000ක් වගේ. මොකද කරන්නේ… කියල කල්පනා කර කර ඉඳිද්දි තමයි මට මතක් වුණේ ඒ දවස්වල මම යමු එකට ලියපු ලිස්ට් ටික. බලබල ඉන්න දෙයක් නෑනෙ දඩබඩ ගාලා ලොග් වුණා සයිට් එකට. ලොග් වෙලා හාර අවුස්සල ගත්ත පරණ ලැයිස්තු ටික. ඒ ටිකෙනුත් තෝර ගත්ත තැන් 6, 7ක් රු. 500න් 600න් ෂේප් වෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සෙ ගැහුවා යාළුවො සෙට් එකට කෝල් ටිකක්.
ඒ අතරට තමයි මට කල්පනා වුණේ අපි වගේම අද හැන්දෑවට පඩි පාර්ටි දාන්න බලන් ඉන්න තවත් යාළුවො ඉන්නව කියල. ඉතින් එයාලටත් දැන ගන්න එක්ක මම හිතුවා තෝර බේර ගත්තු ලෝ බජට් තැන් ටිකේ අළුත් ලැයිස්තුවක් දාන්න. ඔන්න පහළින් තියෙනව, බලන්න යාළු කොහොමද කියල.
1. Vespa Sports Club
කොල්ලුපිටිය සී ඇවිනියු එකේ තියෙන වෙස්පා ස්පෝට්ස් ක්ලබ් එකත් අතේ තියෙන ගාණට සෙට් වෙන්න මරු තැනක්. බ්‍රවුන්ස් එකට වඩා නම් ගණන් පොඩ්ඩක් වැඩියි. ඒත් බයිට් නම් පංකාදු පහයි. මෙතන අරක්කු රුපියල් දෙතුන් සීයකින් වැඩි වුණාට බියර් නම් වැඩි වෙන්නෙ රු. 50කින් 100කින් තමයි. රයිස් එකක් ගන්නව රු. 500ක් 600ක් විතර වුණාට දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුළුවන්නේ. ඒ හැරුණාම රු. 400ට 500ට පොඩි පොඩි බයිට් ප්ලේටුත් තියෙනව, කට ගැස්මට සුපිරි. වෙස්පා රෙස්ටුරන්ට් එකේ නම් එළිමහනෙත් හොඳට ඉඩ කඩ තියෙනව. ඒ නිසා හිතේ හැටියට කතා බහක් දාන්න පුළුවන්. ඕන නම් පොඩියට සිංදුවක් කියන්නත් බැරියැ.
2. Lion Pub
සිංහ කටෙන් ඇතුල් වෙලා සිංහයො වගේ සිංහ පානයට සව්දිය පුරන්න, යන්න ගල්කිස්සෙ ලයන් පබ් එකට. එළිමහනෙ නම් එළිමහනෙ, ඇතුළෙ නම් ඇතුළෙ. හැබැයි කොහේ හිටියත් සේවාවෙ වෙනසක් නෑ. මෙයාල ළඟත් අරක්කු නම් රු. 200කින් 300කින් වැඩියි. හැබැයි බයිට්, කෑම නම් පොකට් එකේ ගාණට. ලොකු හොට් බටර් කට්ල් ෆිෂ් දීසියක් රු. 500ක් වගේ වෙන්නෙ. ෆ්‍රයිඩ් රයිස්, ස්පැගටි පිඟානක් තුන් දෙනෙක්ට ඇති. ලොකු ගාණකුත් නෑ. රු. 600ක් 700ක් වෙයි උපරිම. ලයන් පබ් එකේ තියෙන විශේෂත්වය තමයි ලොකු සෙට් එකකට සෙට් වෙන්න වගේම හිතේ හැටියට කතා බහක් දාන්නත් ඕන තරම් ඉඩ පහසුකම් තියෙන එක. ඒ නිසා යාළුවො තරහ කරගන්නෙ නැතුව සෙට් වෙන්නත් පුළුවන්.
3. 168 Sea Food Palace
කොල්ලුපිටිය, සී ඇවිනියු එකේ තියෙන තවත් සුපිරි BYOB පොට් එකක්. බයිට් එහෙමත් මාර රසයි. නමේ තියෙනවගේම සී ෆුඩ් පැලස් එකේ, සී ෆුඩ් වැඩ නම් කෝටියයි. විශේෂයෙන්ම මෙයාලගෙ හොට් බටර් කට්ල් ෆිෂ් එක. බටර්ඩ් ප්‍රෝන්ස් එක එහෙම නියමෙටම තියෙනව. ලුණු, ගම්මිරිස් ටිකක් දාලා රස පදම හදා ගත්තාම ගමකට කත හැකි. එතකොට මෙයාලගෙ සී ෆුඩ් චොප්සිය එහෙමත් මරු. හැබැයි ටිකක් සැරට දාන්න කියල ඉල්ල ගන්න ඕන. ගණනුත් රු. 400, 600 අතරෙ නිසා ලොකු අවුලකුත් නෑනෙ.
4. Government Service Sports Club
සෙට් වෙනව නම් මෙන්න තැන් කිව්වලු. එළිමහනට වෙලා පාඩුවෙ ඉඳගෙන කතා බහකුත් දාන ගමන්නම අඩියක් ගහන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නෙ හවස් වෙද්දි මදුරුවො කනව කනව වගේ දැනෙන එක තමයි. හැබැයි ඊට කලින් දෙකක් දාගත්ත නම් ඒ ප්‍රශ්නෙත් නෑ. කොළඹ පැත්තෙ හොඳම හැඳැල්ලො බයිට් එක ගන්න තියෙන්නෙ මෙයාල ළඟ කියල කතාවකුත් තියෙනව. ගොඩක් දුරට ඇත්ත වෙන්න පුළුවන්. මොකද මමත් කාපු රසම හැඳැල්ලො බයිට් එක තිබුණෙ මෙයාල ළඟ. ඒ හැරුණාම පට්ට රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුත් තියෙනව. තුන් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. ගොඩක් බයිට් රු. 500ට අඩුයි. අරක්කු බියර් එහෙමත් රු. 100කින් 200කින් තමයි වැඩි වෙන්නෙ. ඇත්තටම හැව්ලොක් ටවුන් බේස් ලයින් පාරෙ තියෙන ගවන්මන්ට් ස්පෝට්ස් ක්ලබ් එක නම් අතේ තියෙන ගාණට අඩියක් ගහන්න කියාපු තැනක් තමයි.
5. Ex-Servicemen’s Institute Bar
රු. 500ක් අතේ තියාගෙන තනියෙන් වුණත් බය නැතුව යන්න පුළුවන් ප්ලේස් එකක් තමයි කොටුව බ්‍රිස්ටල් පාරෙ ඉන්ස්ටිටියුට් බාර් එක. බාගයක් ගහන්න පුළුවන් තරමෙ ලොකු බයිට් ප්ලේට් එකක් රු. 300ක්, 400ක් වෙන්නෙ. කාලක් රු. 300ක් වෙයි. නියමයි නේ. හැබැයි ඉතින් අපි කියන්නෙ යාළුවන්ට සෙට් වෙන්න තැන් නෙ. ඒ නිසා කිසිම අවුලක් නැතුව බෝතලයක්ම අරගෙන ඇති පදමට බොන්න පුළුවන්. කටට සැරට හැදෙන බයිට් නිසා ප්ලේට් 2ක් ගත්ත නම් ඇති. හැබැයි ඉතින් අපි කලින් කියපු තැන් දෙක තුනක වගේම මෙතනත් එළිමහන් ඉඩක් නැති ප්රශ්නය නම් තියෙනව.
එහෙනම් දැන් හරිනෙ. කට්ටියට අතේ තියෙන ගාණට මෙදා පාර පඩි පාටිය දාන්න පුළුවන්නේ. හැබැයි මේ අතරට ඔයාල දන්න ඒව තියෙනව නම් පුළුවන් ඉක්මනට කමෙන්ට් කරන්න. මොකද තව ටිකකින් අපේ කට්ටිය සෙට් වෙන්න යනවනෙ නේ…!