පට්ට ගහපු පරණ ඩෙනිමෙ කාලෙ හරිද? ඒ ඩෙනිමම අළුත් කරන්න කියාපු ක්‍රම 8ක්.

“ඒ මචං, අර උඹේ තද නිල්පාට ඩෙනිම දියන්කො. හවසට කෑල්ල හම්බෙන්න යන්න තියෙනව බන්. හෙට ගෙනත් දෙන්නම්” මගේ හොඳම යාළුවා කියාගෙන, මාවම කන්න බලාගෙන ඉන්න අල්ලපු ගෙදර අජියා, කාමරේට රිංගද්දි රෑ 9ත් පහුවෙලා ඇති. අම්බානක නිදිමතේ හිටිය මම ඇස් දෙකවත් අරින්න උත්සාහ කලේ නෑ. මොකද බෑ කියන්නයැ.

“ඔය රැක් එකේ යට කෑල්ලෙ ඇති ගනින්” කියල නිකං හිටියා.

“අඩෝ!, ඒ, මේකෙ නූල් ඇදිලනෙ බන්. වාටිත් ලිහිලා බන්. අයියෝ මේ බලපන්කො දණිස්ස පිටිපස්සෙ ඉරිලත් එක්ක, තෝ මේක කුළී වැඩකටවත් ඇන්දද? අපරාදෙ යකෝ සුප්ප ඩෙනිම” අජියගෙන් එක මර ලතෝනියයි. නිදා ගන්නත් නෑ.

“අනේ මේ @##*%@#, ගන්න රෙද්දක් අරන් පළකො. ඉරිල නම් මොනව හරි අයිටම් එකක් දාලා හදා ගනින්. උඹ දන්නවනෙ ඔය එක එක ආර්ට් පාරවල්”

කොහොම හරි සිද්ධිය එතනින් ඉවර වුනා. අජියත් ඩෙනිම අරන් යන්න ගියා. ඩෙනිම ආපහු මට හම්බවුනෙත් සති දෙකකට විතර පස්සෙ. හැබැයි මාර වැඩේ කියන්නෙ, අජියා මාර වැඩ්ඩෙක්නෙ. මගේ ඩෙනිම මටම අඳුර ගන්න බැරි වෙන්න හදල කියන්නකො. අවුල් ගිහින් තිබ්බ තැන් සේරම ටොප් එකට ඩිවලොප් කරල. කොටින්ම කියනව නම් අළුත් ඩෙනිමක් ගන්න තිබ්බ අදහසත් එහෙම් පිටින්ම යට ගියා.

“ඒ අජියා, උඹ පට්ට වැඩ්ඩෙක්නෙ. කොහොමද බන් මෙහෙම හැදුවෙ” මම පුල් හොල්මන්.

“දන්නැද්ද, එහෙනම් අහගනින්කො” අජියා ක්‍රම ටික කියන්න පටන් ගත්තා.

1. Distressing, Style 1

කටු ගානව කියන්නෙ මේකට තමයි. මොකද මේ වැඩේ කරන්න තියෙන්නෙ කටු, බ්ලේඩ් වගේ දරුණු ආයුධ උපයෝගී කරගෙන. ටෙක්ස්යිල් වැඩේ වුනාට නූල් ඉඳිකටු ඕන වෙන්නෙ අන්තිම මොහොතෙ. ඒක නෙවෙයි, උඹට ඕක විස්තර කරල දෙනවට වැඩිය පින්තූරයක් පෙන්නල තේරුම් කරන එක ලේසියි කියල මම දන්නවනෙ. ඒ නිසාම නෙට් එකෙන් හොයල මෙන්න මේක අරන් ආව. ආ.. බලල ප්‍රැක්ටිස් වෙන්න.

2. Distressing, Style 2

ඔය උඩ විදිය සැර වැඩියි වගේ නම්. මෙන්න මේ විදියටත් කරන්න පුලුවන්, හරිය. හැබැයි මේකෙදි අර තරම් රස්තා ලුක් එකක් එන්නෙ නෑ. ජෙනුඉන්, ඩීසන්ට් ලුක් එකක් තමයි එන්නෙ. එකක් මතක තියා ගන්න, වැලි කඩදාසියෙන් හෙමිහිට කරන සියුම් වැඩේ නිසා හොඳ මීටරෙන් කරන්න ඕන. ආ මෙන්න ඒකෙ පොටෝ එක.

3. Ripping

ඩෙනිම අන්තිම ආබාධිත තත්වයකට පත් වුනාම තමයි මේ වැඩේ කරන්න හොඳ. නැත්නම් නිකං අපරාදෙ කියල හිතෙයි. මොක මේක ස්ටයිල් 1 එකට වඩා ටිකක් දරුණුයි. තනි කරම කැපෙන කෙටෙන ආයුධ භාවිතයක්. උදාහරණයක් විදියට උඹට පුලුවන් ගෙදර කැරට්, චීස් ග්‍රේටරේ පාවිච්චි කරන්න. නැත්නම් රේසරයක් වගේ එකකිනුත් පුලුවන්. හැබැයි ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. අනික ආයුධෙන් ආයුධේට ස්ටයිල් එක වෙනස් වෙන නිසා වෙන මොකක් හරි එකකට කරල හිටිය නම් තමයි හොඳ.

4. Waist Fitting

“ඉන ඇදිලා තිබ්බ බන්. බෙල්ට් එකක් දාලාවත් ගොඩ ගන්න බෑ, අම්බානක ගුලි ගැහෙනව. ඒ නිසා මං, නෝන්ඩි නැති වෙන්න පොඩි වැඩ කෑල්ලක් දැම්ම. ඔට්ටුයි හොයන්න බෑ, මොකද කියන්නෙ”

අර කිව්වත් වගේ යාළු, මම හෙව්ව හෙව්ව, එහෙම අවුලක් හොයන්න නෑනෙ. තද බයිටකුත් දීලා තමයි අජියා වැඩේ පැහැදිලි කලේ. ඔන්න බලා ගන්න ඒකෙ පොටෝ එක.

5. Softening

මේක ඇවිල්ල පට්ට ජෙනුඉන් විදියට ස්ටයිල් පාරක් දාන්න කියාපු ක්‍රමේ බන්. ගන්න තියෙන්නෙ තිරිවාන හරි මැදුනු කළු ගලක් හරි. ඊට පස්සෙ හිතේ තියෙන හැඩේ එනකම් අතුල්ලන්න. හරියට චිත්‍ර අඳිනව වගේ. හැබැයි ඊට වඩා ටිකක් මහන්සි වෙන්න වෙනව.

6. Waxing

මේක උඹට නම් සෙට් වෙන එකක් නෑ. කෙල්ලන්ට හරියන ස්ටයිල් එකක්. දැකල ඇතිනෙ නිකං ඉටි ගතියක්, පොඩි ෂයිනි ගතියක් කලවම් වුනු ‘මැට්’ ඩෙනිම්. මේකෙනුත් වෙන්නෙ අන්න ඒ වගේ වැඩක්. කරන්න තියෙන්නෙ ෆැබ්රික් වැක්ස් කෑලි තුන හතරක් ගෙනැල්ල හීන් සිරුවෙ එක තැනක් වත් මග ඇරෙන්නෙ නැති වෙන්න අතුල්ලන එක.

7. Dazzling

මේකත් මචං කෙල්ලන්ට තමයි හරියන්නෙ. ඕන නම් උඹේ කෑල්ලගෙ ඩෙනිමකට කරල බලපන්, හැබැයි මම නෑ හොඳද. ඔය පොඩි පොඩි තොරොම්බල් කඩවල්, නූල් කඩවල් වගේ ඒව තියෙන්නෙ. ඕවයෙ තියෙනව ස්ටඩ්ස්, බීඩ්ස් වගේ එක එක නම් වලින් පොඩි යකඩ කෑලි, පින් වගේ ඒව. ගෙනැල්ල පොඩි රටාවක්, ගතියක් තියෙන විදියට වැඩේ කරන්න. සමහර ඒව නම් ස්ටේප්ලින් සිස්ටම් එකට තියෙන්නෙ. සමහර ඒව තියෙන අලවන්න පුලුවන්.

8. Cutoff

දැන් ඔය, මම අමාරුවෙන් හදපු ඩෙනිම උඹ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ඇඳල කෙල වෙලාම යන දවස තියෙනව නේ. අන්න එදාට ඕක ෂෝටක් කරන්න පුලුවන්. හැබැයි ඉතින් දඟ දාලා දණිස්සට උඩින් පදාසයක් යවා ගත්තොත් නම් හිත හදාගෙන අළුත් එකක් ගන්න වෙනව.

“මේ ඒක නෙවෙයි බං, මට අන්න අර අළුපාට ෂර්ට් එක දියන්කො අද ඔපිස් අඳින්න. ඊයෙ වැස්ස නිසා හෝදපුවා එකක්වත් වේලිලා නෑ බන්” ක්‍රම 8ම කියල අන්තිමට මට ආයෙ මරිසියක් දැම්ම කියන්නකො.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide