අහල පුරුදුයි ඒත් කාලා නෑනෙ?. ඒකනෙ කියන්නේ..!
ඔය කිව්වට මමත් හරි හැටියට ඩම්ප්ලින්ග්ස් ගිල්ලෙ මේ ඊයෙ පෙරේදා දවසක තමයි. ඒකත් පොඩි වාසියක් සෙට් වුණ නිසා. අළුත් අවුරුදු සරු නිසාද කොහෙද, අපේ චින්තකය පහුගිය සඳුදා දවල් කෑමට ඩම්ප්ලින්ග්ස් ඕඩර් කළා. බත් ගෙඩි ටික කටට දෙකට ගිලල දාපු අපේ එවුන් ඩම්ප්ලින්ග්ස් මේසෙට එනකං බලං හිටියෙ ඉස්පාසුවක් නැතුව. ඔය අතරට චින්තකයටත් ප්රශ්න කෝටියයි.
“ඒ, මොකෝ බං එක පාරටම දානයක් දෙන්න හිතුවෙ?”
“තෝ කසාද බැඳල අපෙන් වෙන්වෙන්නද යන්නෙ?”
“ඒක නෙවෙයි, කොහෙන්ද බං ඔය ඩම්ප්ස්ද මොනාද ගේන්නෙ?”
“දැන් ගේන එකා මග එනව ඇතිනේ?”
චින්තකයට දැන් මළේ මළ.
“මොන ….., අපේ චන්දනය බන් ගේන්නෙ. ඔන්න ඔය බම්බ, එම් සී. එක කිට්ටුව MOMO කියල එකකින්”
බැරිම තැන චින්තකය උත්තර දුන්න.
ඔය අතරෙ මට කල්පනා වුණේ අතේ තියෙන ගාණට ඩම්ප්ස් කන්න පුළුවන් කඩ ටිකක් හොයන්න. බලබල ඉන්න දෙයක් නෑනෙ, සෙනිකව රිංගුව යමු සයිට් එකට. හොයල කරල බැලින්නං බඩු තියෙනව කියන්නකො කිරි කිරියට.
පඩි ආපු දවස් ටික නිසා හොඳම වැඩේ තමයි කට්ටියත් එක්ක සෙට් වෙලා ඩම්ප්ස් කඩවලට ගොඩ වෙන එක. හැබැයි, තියෙන හැම රහකින්ම ඩම්ප්ස් රස බලන්න නං අමතක කරන්න එපා හොඳද.
1. Min Han
රු. 400ට රස වෑහෙන පෝර්ක් ඩම්ප්ස් 10ක්. ආයෙ මතක් වෙද්දි කටට කෙළ උනන තරම් රසයිත් එක්ක. පෑන් එකේ බැදිලා මේසෙට එද්දි සුවඳේ බෑ. ඒ විතරක් නෙවෙයි මේවා මේසෙට එද්දි දාන වෙජි ඔයිල් එකෙනුයි, සෝයා සෝස් වගේ එකෙනුයි රස ඩබල් ත්රිබල් වෙන ගතියක් තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන කොල්ලුපිටිය, ඩින්ස්ටන් ප්ලේස් එකේ තියෙන මින් හාන් එකේ පෝර්ක් වැඩ කොහොමත් සුපිරි නිසා, ඩම්ප්ස්වල පෝර්ක් මික්ස් එකත් පට්ට රසයි. හොඳ කුළුබඩු රසකුත් එනව. එතකොට කැරට්, ලූණු කොළ, සුදු ලූණු එහෙමත් එකතුකරල තියෙන්නෙ. ඒ කොහොම වුණත් කොළඹ පැත්තෙන් ඩම්ප්ස් කනව නම් ඉතිං මින් හාන්ම තමයි.
5. Sun Light Garden
කොල්ලුපිටිය, අබ්දුල් කෆූර් පාරෙ තියෙන සන්ලයිට් ගාර්ඩ්න් කිව්වාමත් ඩම්ප්ස් වලට සෑහෙන්න ප්රසිද්ධයි. මොකද මෙයාලගෙ පෝර්ක් ඩම්ප්ස් පට්ට රසයිලු. අනික රු. 300ට කෑලි 6ක්ම හම්බවෙනවත් එක්ක. රොටියත් හොඳ තුනියට තියෙන නිසා තෙල් රසයි, සෝයා සෝසුයි එක්ක පංකාදු පහයි. අනික ෆිලින්ග් එකත් හොඳ හැටි පෝර්ක්, එළවලු දාලනෙ හදල තියෙන්නෙ.
7. Olive Garden Restaurant
තර්ස්ටන් පාරෙ තියෙන මේ කඩේ ඩම්ප්ස්ලින්ග්ස් නං එකක් රු. 30යි වෙන්නෙ. හැබැයි මෙතන එව්වගෙත් අර මකෙ අමෙ ඩම්ප්ස්වල ප්රශ්නෙම තියෙනව. පිටි ගතිය ටිකක් වැඩියි. ඒ නිසා තෙල් රස වැඩියි. මැද පිරවුම පොඩ්ඩක් අඩුයි. හැබැයි කියන්න සතුටුයි මැද පිරවුමේ රස හොඳයි. මොකද ළා සැර ගතියක් එක්ක, පොඩි කුළුබඩු රසක් එකතු වෙලා, හීනියට ලියපු මස් කෑලිත් පදම් වෙලානෙ හැදිලා තියෙන්නෙ. හැබැයි ඉතිං ගන්න කලින් මතක තියා ගන්න මෙයාලගෙ චිකන් ඩම්ප්ස් තමයි රසම, හොඳද.
8. Chinese Juchunyuan
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරෙ තියෙන මේ චයිනිස් ප්ලේස් එකෙත් රස ඩම්ප්ස් තියෙනව. හැබැයි රසේ හැටියට ගණන් ටිකක් වැඩියි වගේ. මොකද මෙතන ඩම්ප්ස්වලත් අර පිටි, තෙල් ගතිය වැඩි අවුල තියෙනව. හැබැයි තියෙන්නෙ පොඩ්ඩ වුණාට මැද පිරවුම නං නියමයි. වැඩේ කියන්නෙ මෙයාලගෙ ඩම්ප්ස් පිඟානක් 400-500 වගේ වෙන එක තමයි. ඒකත්, පිඟානට එන්නෙ ඩම්ප්ස් 8ක් 10ක්නෙ.
9. Vasantha Bavan
ඔන්න තියෙනව වෙජි යාළුවන්ට ඩම්ප්ස් කන්න කියාපු ප්ලේස් එකක්. යන්න ටවුණ්හෝල් හෝර්ටන් ප්ලේස්වලට. රු. 30 පට්ට රස වෙජි ඩම්ප්ස් පිඟානක් රස බැලුවහැකි. හැබැයි රොටියෙ ඉඳන් ෆිලින්ග් එක වෙනකම්ම තනිකර අපේ රස. හොඳ පෑන් ෆ්රයි රසක් එක්ක අල, කැරට්, ගෝවා, ලූණු මික්ස් වුණු ෆිලින්ග් එකකින් රස වෙන නිසා ආයෙ බඩ පැලෙන්න කන්නත් පුලුවන්නෙ.
ඒ කොහොම වුණත් කට්ටිය හිතේ හැටියට ඩම්ප්ස් රස බලන ගමන් අපිටත් පුංචි උදව්වක් කරන්නෝනි. ඔයාලා දන්න අපි නොදන්න ඩම්ප්ස් කඩ අපිට කියන්නෝනි හොඳද.