සීසන් කාලෙනෙ, කොහොමත් පොකට් එක හිඳෙන ගානටම එනව. එහෙමයි කියල මාසෙ පඩිය එනකම් වියදම් ටික ගළප ගන්න පුළුවන් ක්‍රමත් නැත්තෙම නෑ. වැඩේ තියෙන්නෙ කෙල්ලත් එක්ක පාරට බහින්න කලින් හොඳට කල්පනා කරන්න ඕන.
ඉතින් ඒ විදියට රෑ එළිවෙනකම් කල්පනා කරල ජාමෙ බේරගත්ත කොල්ලෙක් මට හමුවුණා. මිනිහා මගේ යාළුවෙක් කියල කියන්නම්කො. එයා හොයා ගත්තු ට්රික්ස්වලින් 10ක් තමයි පොඩ්ඩක් වැඩි දියුණු කරල මම ඔයාලට කියන්න යන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, වැඩි හරියක්ම මේ ‘සීසන්ල් ෂොප්න්ග්’ ප්‍රශ්නයෙන් හිංසා පීඩා විඳින්නෙ අපේ අහිංසක කොල්ලො නිසා.
1. ලොකු ගුඩුස් එකක්
අරින්න
ඇරල කෙල්ලට කියන්න ගෑස් නිසා උදේට ගෙදරින් කාලා ආවෙ, නැත්නම් විනාසයි කියල.
හැබැයි ඒක මෙහෙමයි, හිතන්නකො උදේ 8ට ඔයා කෑවා කියල. ඔන්න කෙල්ල එනව 11 වෙද්දි ටවුන් හෝල් ඔඩෙල් එක ළඟට(මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනව නේ). ඔයාට එතනට යන්න ගතවෙන්නෙ පැයක් වුණත්, පැය භාගයක් වුණත් ඇඳල කරල හැඩ වෙලා, අන්තිම විනාඩි 5ට ආයෙ පාරක් අතට අහුවෙන ඕන දෙයක් බඩට දාගන්න. යාළුව නම් කිව්වෙ බාග වෙලාවට ඒ, කෙසෙල් ගෙඩි, බිස්කට්, පාන් වගේ දෙයක් වෙන්නත් පුළුවන් කියල. කොහොම වුණත් මොකද ඔය වැඩෙන්, දවසෙ පටන් ගැනීමේ වියදම ඉබේටම බාගයක් වෙනවනෙ.
2. ණය කාඩ්වලට පින් අත්වෙයි
කියල හිතල ෆෝන් එකට ආපු මැසේජ් ටික බලන්න
බලල එදා දවසෙ ඩිස්කවුන්ට් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් ටික විතරක් පර්ස් එකට දාගන්න. හදිස්සියෙවත් මැසේජ් වැඩේ අවුල් ගියොත් ගූගල් කරල වුණත් සීසනල් ඩිස්කවුන්ට් ගැන හොයා ගන්න පුළුවන් නිසා අවුලක් නෑ.
3. කෑෂ් තමයි කේස්
පඩිය වැටෙන, නැත්නම් අමාරුවෙන් හරි පොඩි ගාණක් එකතු කරපු ඩෙබිට් කාඩ් දිහා බලන්නවත් එපා. ඒවා නෑ කියල හිතා ගන්න. හිතාගෙන දවසෙ යාම් ඊම්, කෑම බීම වියදම් මෙච්චරක් වෙයි කියල හිතින් හදන්න(කෙල්ලගෙ වියහියදම් ගැන ඔයා දන්නෙ නැත්නම් ඔක්කොම පැත්තකින් තියල දෙපාරක් විතර බිත්තියෙ ඔළුව ගහ ගන්න). ඊට පස්සෙ හදපු ගාණ කාගෙන් හරි ණයට ගන්න, හෙට දෙන්නම් කියල. හැබැයි ඉතින් හෙට දෙන්න ඕන හොඳද.
4. “බබා, ඔයා ළඟ මාරු…”
“ආ… කීයක්ද අයියෙ” කෙල්ල අනිවා පර්ස් එක අදිනවනෙ
යාළුවගෙ මෙතඩ් එකේ හැටියට නම් බස් එකට යන වියදම මුළුමනින්ම කෙල්ලගෙන කවර් කරගන්න පුළුවන්. මොකද රු. 20, 30 කෑලිනෙ. ඒ විතරක් නෙවෙයි ටුක් එකේ ගිහින් බහිද්දි මීටරේ තියෙන රවුම් නැති ගණන්, ඒවත් එලෙසින්ම කොටා බාන්න පුළුවන්. හැබැයි දක්ෂකම තියෙන්න ඕන.
5. සෝ ටයර්ඩ් එකට පොෂ් ජූස්
බිව්ව නම් වැඩේ හරිලු. ඒකත් ඔය ලයිම්, වෝටර් මෙලන්, පැෂන් වගේ ඒවා බොන්න එපා කියල තමයි කියන්නෙ. රු. 200, 300 ගියත් ඇවකාඩෝ, මික්ස් ෆෘට්, මැන්ගෝ වගේ ජූස් එකක් බොන්න. මොකද හොඳ හැටි බඩ පිරෙනවනෙ. අනිත් කාරණය තමයි කෙල්ල ගන්න ජූස් එකෙන්ම ඔයා ගන්න යන්න එපා. පොඩි ආදර පාරක් දාගෙන, දෙන්නා ජූස් වීදුරු දෙක මාරු කරගෙන බොද්දි හිතයි බඩයි දෙකම පිරෙන නිසා තව පැයක් දෙකක් අල්ලගෙන හිටිය හැකි.
6. බල්ලො බත් නොකෑවත්
“අර ඇඳුමම තමයි පැටියො ලස්සන”
හැබැයි එහෙම කියන්න ඕන කෙල්ලගෙ අතේ තියෙන එකේ ගාණ බලල. ඒ විතරක් නෙවෙයි ඒක සාධාරණීයකරණය කරන්න, නොදන්න ටෙක්ස්ටයිල් පාරකුත් දාන්න වෙනව. “අයියෝ, ඕක අවුට් ඔෆ් ෆැෂන්නෙ බබා”, “හ්ම්ම්… රෙද්ද ටිකක් ඝන වැඩි නැද්ද, මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක” වගේ.
7. රාක්කෙට උඩින් ගහපු බෝඩ්
ගැන ඇලට් එකේ ඉන්න
මොකද ඒවයෙ තමයි ඩිස්කවුන්ට් එක ගහල තියෙන්නෙ. සමහර විට ඔය අතරෙ කෙල්ල ඩිස්කවුන්ට් නැති රාක්කෙක ඇඳුම් තෝරනව වෙන්න පුළුවන්. ඒත් සැලෙන්න එපා, ඩිස්කවුන්ට් රාක්කයක් ළඟට වෙලා බොරුවට ඇඳුමක් අත ගගා ඉන්න, ජීවිතේට තිබ්බ නැති උනන්දුවකුත් පෙන්නගෙන. ඕක දකින කෙල්ල අනිවා එනව ඔයා ළඟට. ආපු ගමන් රාක්කෙන් 700, 800 කෑල්ලක් අරන් “මේ බලන්නකො බබා මේක…”
8. කාල කන්නියෙක් වෙන්න
එ්ක කරන්න මෙහෙමයි. ඔයාට ඇඳුම් ගන්න සල්ලි තිබ්බත් නැතත් කෙල්ල යන හැම කඩේකම ජෙන්ට්ස් එකටත් ඔළුව දාන්න. දාලා බොරු මොත්තෙ පාරකින් පැය බාගයක් ගළප ගත්ත නම් ඉබේටම හවස් වෙලා තියේවි. අනික පාඩුවකුත් නෑනෙ. හොඳ ඇඳුමක් හම්බවුණොත් ගන්නත් පුළුවන්නෙ.
ඔය විදියට කරගෙන ආවොත් දවසෙ වියදමට ඉල්ලගත්තු සල්ලිවලින් සැලකිය යුතු ගාණක් ඉතිරි වෙලා තියෙන්න ඕන. අන්න ඊට පස්සෙ තමයි ලව් එක පටන් ගන්නෙ.
9. ආදරෙන් කියන්න
“බඩගිනියි බබා, ලන්ච්වලට යමුද”
කියල ගන්න ෆෝන් එක අතට. අරගෙන ලොග් වෙන්න යමු ඇප් එකට. හොයා ගන්න රු. 500ට අඩුවෙන් කන්න පුළුවන් කඩයක්, ටිකක් පොෂ් ගතියට එහෙම තියෙන. මේ වැඩෙන් ඔයාට වාසි දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි පැයක් දෙකක් එහෙම පිටින්ම කාලා දාන්න පුළුවන් එක. අනික තමයි කෑම ඕඩර් කරද්දි කෙල්ල ආසම ජාතියෙන් ෆුල් එකක් ඕඩර් කරල තව කෑම පිඟානකට වියදම් වෙන ගාණෙන් භාගෙකට එහා පැත්තෙ ඉතුරු කර ගන්න පුළුවන් එක.
හරි, දැන් කෙල්ලව හිමින් සැරේ ගෙදර යවල ඔයත් සතුටින් ගෙදර එන්න. හැබැයි පොඩි උදව්වක් කරන්න ඕන. ඔයාල දන්න මේ වගේ ට්‍රික්ස් තියෙනව නම් පහළින් කමෙන්ට් කරන්න, එතකොට අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්නෙ.