කොරෝනා පිටුදකින්නට නිර්මාණය වුණු අපූරු වෙළෙඳ දැන්වීම්...

කොරෝනා කාලේ ලෝකය පුරා ඉන්න වග කිව යුතු නිල – බල ධාරීන්ගේ නිරන්තර උපදෙස වුණේ ‘ගෙදර ඉන්න’ කියන එක. හැබැයි ඉතිං ඕක කොච්චර කිව්වත් අපේ සමහරුන්ට තේරෙන්නෙ නෑනේ. එළියට බහින්නමයි හිත. ඒ නිසා ම සමහර ආයතන, සංවිධාන සහ වග කිව යුත්තන් මේ පණිවිඩය නිර්මාණශීලී විදිහකට මිනිස්සු අතරට ගෙනියන්න ක්‍රම කල්පනා කරලා තියනවා. ඒ වැඩේ භාර අරං තියෙන්නේ ලෝකය පුරා තියන වෙළෙඳ දැන්වීම් ආයතන.

මේ ලිපියෙන් අපි පෙන්නන්න හදන්නෙ, ඒ විදිහට කොරෝනා ගැන පණිවිඩය ලෝකයේ ජනතාවට දැනුම් දෙන්න රටවල් 8ක වෙළෙඳ දැන්වීම් ආයතන 8ක් විසින් නිර්මාණය කරපු දැන්වීම් 8ක්. බලන්නකො මේවයේ නිර්මාණශීලීත්වය කොයි තරම් ද කියල..

1 Stay Home, Stay Calm

මේ දැන්වීම නිර්මාණය කළේ ඉන්දියාවේ Thoughtrains Design කියන දැන්වීම් ආයතනය. කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉන්න අතරේ මිනිස්සු තමතමන්ගේ සාමාන්‍ය ජීවිතය ගැන සිහි කරලා හරියට තැවෙනවා.

මේ දැන්වීමෙන් කියන්න උත්සාහ කරන්නේ අපි කරමින් හිටපු රැකියාව, ව්‍යාපාර, සංචාර, සාද වගේ එදිනෙදා දේවල් ගැන සෘණාත්මකව හිතන්න එපා, ඒවා තාවකාලිකව නැවතිලා මිසක්, සදාකාලිකව අවසන් වෙලා නෑ, ඒ නිසා ඉවසීමෙන් ඉන්න කියලා. හොඳට බැලුවොත් පෙනෙයි, දැන්වීම මැද්දෙ තියෙන්නේ Pause බට්න් එකක්.

2 Support The Doctors

සර්බියාවේ McCann ආයතනය නිර්මාණය කළ මේ දැන්වීමේ තේමාව Support The Doctors. වෛද්‍යවරුන් දාගෙන ඉන්න මාස්ක් එක ගැලෙව්වම සුපර් හීරෝස්ලගෙ හැඩේට ඔවුන්ගේ මූණුවල පාර හිටලා තියන විදිහයි දැන්වීමෙන් පෙන්නන්නෙ. 

වෛද්‍යවරු සුපිරි වීරයන්ට සමාන කරන අතරෙ ම, ඔවුන්ගේ දැඩි කැප වීමත් ඒ මාස්ක් පාරවල්වලින් කියවෙනවා.

3 Stay Home, Stay Safe

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Ala Ali Creative Services දැන්වීම් නිර්මාණ ආයතනය හදපු මේ දැන්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් කරපු එකක්. එළියට බැසීම සතුරාට අත වැනීමක් බවයි මේකෙන් පෙන්නන්නෙ. පේනවනෙ, සෙල්ලම් බෝලයක් දොරෙන් එළියෙ හෙවණැල්ලට පේන්නේ වෛරසය වෙලා.

4 One Can Infect Thousands

බොලීවියාවේ Humano දැන්වීම් ආයතනය ජනතාවට ගෙදර ඉන්න කිව්වේ මෙහෙමයි. මුළු පෘථිවිය ම සොහොනක් වෙලා පෘථිවිය වෛරසයේ හැඩය අරං ඉන්න විදිහට නිර්මාණය කරපු මේකේ තේමාව තමයි ‘දහසක් වුණත් ලෙඩ කරන්න එක්කෙනෙක්ට පුළුවන්’ කියන එක.

5 Where Would You Rather Be?

එක ම රූපයේ දෙපැත්තේ කතා දෙකක්. ‘ඔබ ඉන්න කැමති මොන පැත්තේ ද?’ කියලා ඔවුන් අපෙන් අහනවා. බ්‍රසීලයේ ADV6 නම් දැන්වීම්කරුවන් නිර්මාණය කළ මේ දැන්වීමේ එක් පැත්තක් ගෙදර හිටියොත් මොන වගේ ද කියල පෙන්නන අතරෙ අනික් පැත්ත කොරෝනා හැදුණොත් මොන වගේ ද කියලා පෙන්නනවා.

එක රූපයක දෙපැත්තේ තියෙන්නේ සෝෆාවක් සහ මිනී පෙට්ටියක්. අනික් රූපයේ දෙපැත්තේ තියෙන්නේ ගෙදරක නිදන ඇඳක් සහ රෝහලක ලෙඩ ඇඳක්.

6 A Great Victory, Thanks To You

මේක ග්‍රීසියේ Ogilvy දැන්වීම් ඒජන්සියේ නිර්මාණයක්. ජයග්‍රහණයේ සංකේතය අත් ආවරණයකින් පෙන්නන ආකාරය තමයි දැක්වෙන්නේ. මේ ජාතියෙ ග්ලව්ස් පාවිච්චි කරන්නේ රෝහල් සේවකයන් බව අපි කවුරුත් දන්නවනේ. අසීරු අවස්ථාවේ කැපවීමෙන් වැඩ කළ සියලු රෝහල් සේවකයන්ට ස්තුති කරන්න ග්‍රීසියේ IASO නම් රෝහලට අවශ්‍ය වෙලා තියනවා. මේ දැන්වීම නිර්මාණය වුණේ ඒ වෙනුවෙන්.

7 Keep Your Distance

පේරු රටේ Salsa ආයතනයේ නිර්මාණශීලී වැඩක් මේ. වසංගතය පාලනය කිරීමට දුරින් ඉඳීම කොච්චර වැදගත් ද කියලයි පෙන්නන්නේ. බැලුමක් සහ පතොක් පඳුරක් ලං වුණොත් මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් කරපු නිර්මාණයක්.

8 Don't Be Part Of These Numbers

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කොඩියේ අනුරුවට නිර්මාණය කළ දැන්වීමක් මේ. නිර්මාණය කළේ පෘතුගාලයේ Wunderman Thompson ආයතනය. කොඩියේ තීරුවලින් කොවිඩ්-19 රෝගයේ තොරතුරු ප්‍රස්තාරයක් ලෙස ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන් වෙලා තියනවා. මේකේ තේමාව තමයි ‘ඔබ මේ සංඛ්‍යාලේඛනවල කොටසක් වෙන්න එපා’ කියන එක. මේ ආකාරයට තවත් රටවල කොඩි කීපයක් ම වෙනස් කරලා දැන්වීම් නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරලා තියනවා.

*තොරතුරු සහ ඡායාරූප www.adsoftheworld.com ඇසුරිනි.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide