ප්‍රසන්න විතානගේ ගේ “උසාවිය නිහඬයි” චිත්‍රපටිය පෙන්වන තහනම් කරලා කියන එක ඔයාලා ගොඩදෙනෙක් දන්නවා ඇති. සාමාන්‍යයෙන් ආණ්ඩුව ආස නැති චිත්‍රපටි තහනම් කරන එක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි නේ. ඒත් ඇත්තට ම මේ චිත්‍රපටිය තහනම් කළේ ඇයි කියල දන්නවද? දන්නෙ නැත්නම් මේක කියවන්න.
1997 දවසක රාවය පත්තරේ කර්තෘ වික්ටර් අයිවන් හම්බවෙන්න ගෑණු කෙනෙක් එනවා; එයාගෙ පොඩි දරුවවත් වඩාගෙන. අපි ලේසියට එයාට හිමාලි කියල කියමු (ඇත්ත නම ඕන නෑනේ). හිමාලි කියන කතාවෙන්, 1971 ඉඳන් එකඑක දේශපාලනය අරගලවලට සම්බන්ධ වෙලා හිරේ පවා ගිය අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙක් වන අයිවන් පවා ෂොක් වෙනවා. වික්ටර් අයිවන් කියන විදියට කතාව මේකයි.
චිත්‍රපටි කතාවක් (නෙවෙයි)
හිමාලියි එයාගෙ සැමියාවයි 1996 දී මහව උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ හොරට රත්තරන් බඩු හදලා උගස් කිරීමේ චෝදනාව මත. හිමාලිට ටික දවසකින් ඇප ලැබුණත් එයාගේ සැමියාට ඇප ලැබෙන්නෙ නෑ. ජීවත්වෙන්නවත් විදියක් නැතුව ඉද්දි එයාලගේ නීතිඥයා තමයි කියන්නේ නඩුකාරයව හම්බවෙලා කතාකළොත් පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවෙන් වෙයි කියලා. ඉතිං හිමාලි නීතිඥයා දුන්න ෆෝන් නොම්බරේට කතාකරනවා.
වෙනින් කවුරුත් නෙවෙයි, ලෙනින් රත්නායක
මේ ලෙනින් රත්නායක කියන ‘නඩුකාර හාමුදුරුවෝ’ හිමාලිත් එක්ක “කතාකරන්න” තොරාගන්නේ ගම්පොල රෙස්ට් හවුස් එක. (අසූ ගණන්වල චිත්‍රපටියක වගේ විෂුවල් පෙළක් ඔළුවෙ මැවෙනවද?) සැමියට ඇප ගන්න එන ගැන කතාකරගන්න ගිය හිමාලිට සිද්ධවෙන්නේ (අර චිත්‍රපටිවල වෙනව වගේ ම) නඩුකාර හාමුදුරුවොත් එක්ක බුදියගන්න.
‘දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා’ කියල කියනව වගේ කොහොම හරි මේ සිද්ධිය රිමාන්ඩ් එකේ ඉන්න හිමාලිගේ සැමියා දැනගන්නවා. ඊළග නඩුදිනේ දි එයා උසාවි යන්නේ කක්කා බෑග් දෙකකුත් හංගාගෙන. විත්තිකූඩුවෙන් බහින සැකකාරයා ලෙනින්ට කක්කා බෑග් එකකින් ගහනවා. ඒත් කලබලේට ඒක ගිහින් වදින්නේ ෆෑන් එකට. ෆෑන් එක නඩුකාර හාමුදුරුවෝ ඇතුළු මුළු උසාවිය ම කක්කාවලින් නාවද්දි එයා දෙවෙනි බෑග් එකත් ගහනවා; මේ පාර නම් කෙලින් ම ලෙනින්ගේ ඔළුවට.
ලෙනින් ගෙදර ගිහින් කක්කා හෝදගෙන ඇඳුම් මාරුකරගෙන එද්දි පොලිසිය අර මිනිහට හොඳට නෙළලා සරෙන්ඩර් කරගෙන ඉවරයි. ලෙනින් පොලිස්කාරයොත් එක්ක එකතුවෙලා මිනිහගේ හතරහන්දි කැඩෙනකල් ගහනවා. අතපය කැඩිලා හොඳට ම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න සැකකාරයව බෝගම්බර බන්ධනාගාර රෝහලට බාරගන්නෙ නැති නිසා මහනුවර ඉස්පිරිතාලෙට ඇතුල් කරනවා.
බෝතල් පත්තර?
වැඩේ කියන්නේ පික්පොකට් කාරයගේ ඉඳලා පොඩි ළමයින්ට අතවර කරන එක දක්වා උසාවියෙ සිද්ධවෙන හැමදෙයක් ම වගේ රසකරලා ලියන පත්තරවලට, ඉතිහාසයේ පළවෙනි පාරට ම උසාවිය ම කක්කා නාපු මේ සිදුවීම නිවුස් එකක් නොවීමයි. කිසිම පත්තරයක් මේ ගැන වචනයක්වත් ලියන්නේ නෑ.
ඉස්පිරිතාලෙන් මේ ගැන මානව හිමිකම් කොමිසමට දැන්නුවට පස්සෙ එතන නිලධාරියෙක් තමයි හිමාලිට කියන්නෙ මේ ගැන රාවය පත්තරේට කියන්න කියලා. එයාට වික්ටර් අයිවන් හම්බවෙන්නේ ඒ විදියටයි.
මේ ගැන හොයද්දි මේ නඩුකාරයා උසාවි චේම්බර් එකේ දි ම ලිංගික බලහත්කාරකම් කරපු තවත් කාන්තාවකුත් අයිවන්ට මුණුගැහෙනවා. ඉතින් මේ ගඳගහන ලෙනින්ට සහ ගඳ නොතකා තමන්ගේ වෘත්තිය සගයා බේරගන්න ඉදිරිපත් වුණු, පස්සේ කාලෙක ලංකාවේ කුප්රක්රට අග්රවිනිශ්චයකාරයෙකුත් වුණු සරත් නන්ද සිල්වාටත් එරෙහි ව වික්ටර් අයිවන් එයාගෙ පත්තරය සහ උසාවිය හරහා අවුරුදු ගාණක් තිස්සේ කරපු දුෂ්කර සහ භයානක අරගලය මුල්කරගෙන තමයි ප්‍රසන්න විතානගේ “උසාවිය නිහඬයි” වාර්තා චිත්‍රපටිය හදලා තියෙන්නෙ.
ලෝකය පුරා ෆෙස්ටිවල් කීයක ම පෙන්නපු “උසාවිය නිහඬයි” චිත්‍රපටිය ලංකාවේ රිලීස් වුණේ පහුගිය 4 වැනි දා. ඒත් මේ චිත්‍රපටියෙන් තමන්ගේ චරිතයට හානි වෙනවා කියලා ලෙනින් උසාවි යනවා. කොළඹ දිස්ත්‍රික් නඩුකාර එන්. යූ. ගුණසේකර චිත්‍රපටිය පෙන්වන එක 19 වෙනි දා වෙනකල් තාවකාලික ව තහනම් කරලා වාරණ නියෝගයක් නිකුත් කරනවා. මේ වාරණය තාවකාලික ද සදාකාලික ද කියල ඊළග නඩු වාරයක දී තීරණය වේවි. ලංකාවේ උසාවිය දඬුවම් කරන්නෙ වැරැද්ද කරපු කෙනාටද, නැත්නම් ඒ වැරැද්ද පෙන්නපු කෙනාටද කියන එකත් එදාට ම තීරණය වේවි.
Photos: Silence in the Courts website