ඉස් ඉස්සෙලාම කියන්න ඕන මේ ආර්ටිකල් එක ලියන්නෙ නිතර දෙවේලෙ පාර තොටේ ඉන්න අපේ යාලුවන්ට. රස්සාව කරන්න, මෝටර් සයිකලයෙන් නැත්නම් වාහනයෙන් කොළඹ වටේ කරක් ගහන මෙයාලා මුහුණ පාන ලොකුම කරදරයනෙ වන් වේ නීතිය. ඉතින් බඩගින්නක් ආවත් හොඳ බත් කඩයක් හොය හොයා පාරවල් ගානෙ යන්න එන්න බෑ. මොකද ගාලු පාරට දැම්මොත් ට්‍රැෆික් ලයිට් ටිකකට සෙට් වුනාම බඩගින්න ඉබේටම නැති වෙනව. හදිස්සියෙවත් හයිලෙවල් එකට දැම්මොත් දවල් කෑම කන්න වෙන්නෙ රෑට.
අන්න ඒකයි අපි හිතුවෙ ඩුප්ලිකේෂන් පාරෙ බත් කඩ ටිකත් වෙනමම ඔයාලට කියන්න. එතකොට යමින් ගමනම අතේ තියෙන ගාණ බලල හොඳ බත් කඩයකට ගොඩ වෙන්න පුලුවන්නෙ. වැඩ පාඩු වෙන්නෙත් නෑ, වෙලාව නාස්ති වෙන්නෙත් නෑ, හැරත් ඔය එහෙන් මෙහෙන් දාන්න ගිහිල්ල දඩ කන්න ඕනත් නෑනෙ.
මීට කලින් අපි ගාලු පාරෙ බත් කඩ ටික කිව්ව මතක ඇතිනෙ. එහෙනම් අහගන්නකො ඩුප්ලිකේෂන් පාරෙ බත් කඩ ටික.
1. Min Han
මෝටර් සයිකලයෙ නැගල රාජකාරි වැඩ වලට යන අපේ යාලුවනේ, ඔයාල නම් දවල් කෑමට මෙතනට යන්න එපා. මොකද පෙට්‍රල් ගහනවට වැඩිය ගාණක් යාවි දවල්ට කන්න.
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරෙ ඩීන්ස්ටන් ප්ලේස් වල තියෙන මින් හැන් චයිනීස් රෙස්ටුරන්ට් එක තියෙන්නෙ ලොකු ලොකු වාහන වලින් යන අත මිට සරු කට්ටියට. එහෙම කියන්නෙ මෙතන සාමාන්‍ය බත් වේලකුත් රු. 700ක්, 800ක් වෙන නිසා. හැබැයි ඉතින් පට්ට රසයි. මෙයාල ලඟ තියෙන්නෙ ඔරිජිනල්ම චයිනීස් රයිස් ඇන්ඩ් කරි නිසා ඔයා ආස කරන අනිත් ව්‍යංජන නම් වෙනමම ගෙවල ගන්න ඕන. චයිනීස් කෑම වලට ආවේණික සෝස් රසයි, ලාවට එන පැණි රස ගතියයි නම් මින් හැන් එකේ කෑම වල නියම ගාණට තියෙනව. එ්ත් ඉතින් සැර ගතිය අඩුයිනෙ. සැරට කනව ඩෙවිල් ටයිප් එකේ කරියක් ගන්න ඕන. බඩ පැලෙන්න කන්න පුලුවන් ගාණට බතුත් ලැබෙන නිසා ලොකු බඩ ගින්නකට වුනත් බය නැතුව ගොඩ වෙන්න පුලුවන්.
5. Queen’s Cafe
බුෆේ දාලා බත් කන්න, යන්න බම්බ ඩුපිලිකේෂන් පාරෙ ක්වීන්ස් කැෆේ එකට. රස පදමට මිරිස්, තුනපහ දාලා හදපු ව්‍යංජන හතර පහක් එක්ක බඩ පැලෙන්න බත් කන්න පුලුවන්. ගාණ නම් රු. 500න් එහා පැත්ත. ඒ වුනාට ගමේ රහට හැදෙන කෑම ටිකක් හිතේ සතුටින් කන්න පුලුවන්නෙ. අනිත් කාරණය තමයි ඔයාට ඕනම නම් ගමේ රස මැද්දට චයිනීස්, අරාබි, වෙස්ටර්න් රසක් වුනත් එකතු කර ගන්න පුලුවන්. මොකද මෙයාල ලඟ ග්‍රිල්ඩ් චිකන්, එළවලු සලාද, චීස් ටෝස්ට් වගේ කෑමත් තියෙනව. වෙන වෙන කෑම ජාති කොච්චර තිබුනත් මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි වල තියෙන ලාංකීය රස නම් අඩුවෙලා නෑ. මස්, මාලු කරි ටිකට හොඳ පදමට මිරිස් තුන පහ දාලා තියෙනව. එළවලු ව්‍යංජන ටිකටත් මදි නොකියන්න කිරි දාලා. අනික හොඳ සුව පහසුවට ඉඳගෙන කන්නත් පුලුවන්නෙ.
9. Ashik
පට්ට කියන්න බැරි වුනාට බම්බ ඩුප්ලිකේන් පාරෙ ආශික් එකේ කෑම වලටත් කැමති කට්ටියක් ඉන්නව. මෙයාලගෙ කෑම වල රස නම් සාමාන්‍යයයි. මිරිස්, තුන පහ රසත් එච්චරටම ගලපපු නැති ගතියක් තමයි තියෙන්නෙ. හැබැයි තෙලෙන් හදන ඩෙවිල්, ෆ්රයිස් වගේ කෑම ජාති නම් හොඳ රසට තියෙනව. ඒ නිසාම ආශික් එකේ වැඩියෙන් විකිණෙන්නෙ බිරියානි, ෆ්‍රයිඩ් රයිස් වගේ ඒව තමයි. හැබැයි ඉතින් ලොකු ගාණක් නැති නිසා අවුලකුත් නෑ. රු. 200ට 250ට බඩ පිරෙනව නම් තව මොනවද ඉතින් නේ.
අපි දන්න කියන මේ බත් කඩ ටික හැරුණාම ඩුප්ල්කේෂන් පාරෙ හැංගිලා තියෙන තව සුපිරි බත් කඩ තියෙන්න පුලුවන්. ඔයාලා දන්න අන්න එහෙම කඩ තියෙනව නම් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද අපේ යාලුවන්ට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.