ඉස්සො, දැල්ලො, පෝර්ක්, ජාඩි, වැව් මාළු ඕන එකක්!; රු. 400ට අඩුවෙන් බඩ පැලෙන්න බත් කන්න කියාපු කඩ 6ක්.

ලංකාවෙනේ…

තුන් වේලම බඩගිනි වෙනවනේ…

ඒකෙන් එක වේලක් හරි බත් නොකෑවොත්?

කෙළිය තමයි නේ…

අන්න ඒකනේ, කාලෙකට පස්සෙ වුණත් අපි කල්පනා කළේ දවල් කෑමට, අතේ තියෙන ගාණට, කටට රහට බත් ටිකක් කන්න, හොඳ කඩ ටිකක් කියන්න. ඒකත් නිකම් නෙවෙයි, අලුතෙන් කොළඹ පැත්තෙ දාපු සුපිරිම බත් කඩ ටිකක්. ඒවයෙ නැති දෙයකුත් නැති තරම්. අනික ගොඩක් කඩ ගමේ ටයිප් එකට හදල නිසා, බත් එක එන්නෙත් පන් වට්ටියෙ නෙළුම් කොලේ නිසා ආසාවෙන් කන්න පුළුවන්. කොහොමත් හැඟීමෙන් කද්දි හොඳ හැටියට බඩ පිරෙනවනෙ නේ…

එහෙනම් ඔන්න පහළින් තියෙනව ඒ බත් කඩ ටික. බයවෙන්න කාරි නෑ, දෙපාරක් හිතන්න දෙයකුත් නෑ, අපි කාලානෙ කියන්නේ.

ඉතින් අපි කියනවට ගොඩ වෙලා බලන්නකෝ…

1. Jadi Samaga Game Kema (Nugegoda)

කියන්න වචන නෑ යාළු. මතක ඇති කාලෙක කාපු හොඳම ගමේ කෑම එකද කොහෙද. ඇයි අප්පේ කඩේට ගියාම තෝරගන්නෙ මොනවද කියල හිතාගන්න බෑ. අනික කෑම දෙන්නෙත් පන් වට්ටියක, නෙළුම් කොළේක. ඕං අහගන්නකො, මුලින්ම තියෙනව රතුබතුයි සුදු බතුයි, හරි. ඊට පස්සෙ වට්ටක්කා, පොලොස්, කොළ මැල්ලුම්, මෑකරල් බෝංචි දෙකම, අඹ ඇඹරැල්ලා දෙකම, දඹල, පතෝල සම්බෝල, බණ්ඩක්කා, කැකිරි පිපිඤ්ඤා හරි, එහෙම නැත්නම් ලබු. ඒ විතරක් නෙවෙයි සෝයා වලින් පටන් ගත්තාම චිකන්, මාළු ඇඹුල් තියල්, පෝර්ක්, ජාඩි, ඇයි බැදපු මාළු. වැඩේ කියන්නෙ ඒ වෙද්දි බත් එක පිදුරුතලාගල කන්ද වගේ ගොඩ ගැහිල තිබ්බට බැදපු මිරිස් කරලක්, පපඩමක් එහෙම නොදාගෙන ඉන්නද?

හැබැයි මතක තියාගන්න, ඉස්මුරුත්තාව එනකම් කෑව වගේ නෙවෙයි, ඩෙසට් එකට තියෙන කැරමල් පුඩිං එහෙමත් කන්න ඕන හොඳද.

2. The Colombo Food Court (Fort)

මෙන්න අනිත් ප්ලේස් එක. කඩේ නම් ඒ හැටි ගමේ ටයිප් නෙවෙයි. හැබැයි කෑම ටික නම් සුපිරිම ගමේ ටයිප්. නෙළුම් කොළ, කෙසෙල් කොළ නැති වුණාට මොකද මෙයාලගෙ කිරි මාළු මිරිස් මාළු ටික, චිකන් කරිය, බැදපු මාළු ටික එහෙමත් පංකාදු පහයි. ඒ හැරුණාම ඉතින් අල පරිප්පු, බෝංචි, වම්බටු, බණ්ඩක්කා, කොළ මැල්ලුම්, කෙහෙල්මුව වගේ කටට රහට කන්න පුළුවන් ව්‍යංජන ටිකකුත් තියෙනව. හැරත් කටගැස්මට බැදපු මිරිස් පපඩම් එහෙමත් වරදින්නෙ නෑනෙ. ඒ නිසා බත් එකේ රස ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නෑ. ගත්ත ගමන් කාගෙන කාගෙන යන්න තියෙන්නෙ. රයිස් ඇන්ඩ් කරි හැරුනාම මෙයාල ලඟ බිරියානි, ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනව. කොහොම වුණත් ඩෙසට් එකට රස වෑහෙන වටලප්පමුත් තියෙන නිසා තවත් මරු.

3. Gemi Gedara (Nugegoda)

මේං තියෙනව නෙළුම් කොලේට බෙදාගෙන කටට රහට රතු බත් ටිකක් රස බලන්න කියාපු තැනක්. පෝර්ක් එහෙමත් තියෙන නිසා බඩ පැලෙන්න කන්න පුළුවන්. හැරත් මෙයාලගෙ මාළු කරිය, ඇඹුල් තියල් එක, චිකන් එක එහෙමත් හොඳ රහට තියෙනවනෙ. හැබැයි ඉතින් පොලොස් එක නම් ඒ හැටි රස නෑ. තැම්බිලා, පහේ පදම එහෙම ටිකක් මදි වගේ. ඒත් වට්ටක්කා එකයි, බෝංචි එකයි, පලා මැල්ලුමයි නම් ටොප්. විශේෂයෙන්ම කියන්න ඕන, ගැමි ගෙදරත් රස වෑහෙන බිරියානි, ෆ්‍රයිඩ් රයිස් එහෙම තියෙනව. ඒවත් රු. 300, 350 වගේ වෙන්නෙ. අනික ලොකු ෆ්‍රයිඩ් චිකන් පළුවක්, පෝර්ක් ෆ්‍රයි එකක් එහෙමත් එනවනෙ. වැඩේ කියන්නෙ ඉතින් ඉස්මුරුත්තාව එනකම් බත් කෑවට මොකද, බත් කාලා ඉවර වෙලා කන්න මෙයාල ළඟ රස වෑහෙන ඩෙසට් එහෙම නම් එච්චර නෑ.

4. Thejan Hotel (Bambalapitiya)

ආයෙ ඉතින් මේං කියල අඩුවක් කියන්න නැති බත් වේලක් තමයි. එකම අවුල මෙතන පෝර්ක් නැති එක තමයි. හැබැයි ඒකට හරියන්න බීෆ් කරියක් තියෙනවා… පංකාදු පහයි. බත් පැත්තක, පාන් ගෙඩියකට වගකිව්ව හැකි. මෙයාලගෙ චිකන් කරියෙත් පුදුම රසක් තියෙන්නෙ. අනික හොඳ කටට සැරට හැදෙන එළවළු මාළු ටික නිසා සුදු බතට වගේම රතු බතටත් නියමෙට සෙට් වෙනව. විශේෂයෙන්ම තේජාන් එකේ වට්ටක්කා කරිය, පොලොස් මාළුව එහෙමත් හොඳ ගමේ රහට තියෙනව. ඒ හැරුණාම ඉතින් මෙයාලගෙ බැදපු මාළු, කිරි මාළු, මිරිස් මාළු එහෙමත් ටොපේ ටොප්. ඒ අතරට කටගැස්ම මෙනුවෙ තියෙන බැදපු කාරල්ලෙක්, මිරස් කරලක්, පපඩමක් සෙට් වුණාම ඉතින් ගමකට කතහැකි. වැඩේ කියන්නෙ මෙයාල ළඟත් හරි හමන් ඩෙසට් නෑනෙ.

5. Chiminiya (Gangaramaya)

“පෙරහැර පාරේ පට්ට බත් කඩයක් දාලා. සූ ගාලා සෙනඟ”

විශ්වි තමයි මටත් කිව්වෙ. බැලින්නම් ගමේ ටයිප් එකට හදපු, ගමේ රහට කෑම තියෙන, පන් වට්ටියට කෑම බෙදෙන සුපිරි කඩයක්. හැබැයි අපි උඩින් කියපු කඩවල තරම් නම් ගැම්මක් නෑ. මොකද මෙයාලගෙ ව්‍යංජනවල රස චුට්ටක් විතර මදි. පෝර්ක්, මාළු, චිකන් කරි ටික හොඳ රහට තිබ්බට පොලොස්, වට්ටක්කා, එළවළු මාළු ටිකේ රස ඒ තරම්ම හරි නෑ. හැරත් බත් එකට බෙදන්නෙත් එළවළු ජාති 3යිනෙ. හැබැයි ඉතින් කටගැස්මට මිරිස්, පපඩම් බැදුම් ටික නම් තියෙනව. කොහොම වුණත් හොඳ හැටි බත් කාලා අන්තිමට රස වටලප්පමකුත් කන්න පුළුවන් එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.

6. Jolly Bees Restaurant (Malabe)

කඩේ පොඩි වුණාට වැඩේ ටොප් එකට යනව. මොකද මෙයාලගෙ පෝර්ක් එක සුපිරිනෙ. අනික මාළු ඇඹුල් තියල් එකක් තියෙනව ඒකත් පංකාදු පහයි. සාමාන්‍යයෙන් ගත්තාම ඉතින් අල පරිප්පු, බෝංචි, වම්බටු, බණ්ඩක්කා එතකොට පොලොස්, වට්ටක්කා එහෙමත් හොඳ රහට තියෙනව. ගමේ රහමයි කියන්න බැරි වුණාට මෙයාලගෙ පලා මැල්ලුමත් තරමක් හොඳයි. හැබැයි ඉතින් අවාසනාවට වගේ මෙයාල ළඟත් සුපිරි ඩෙසට් නම් නෑ.

එහෙමයි කියල ඉතින් බඩගිනි වෙලාවට නොකාත් බෑනෙ. හැබැයි ඉතින් අපේ මේ කියපු කඩ අතරට ඔයාලා දන්න කඩ ටිකකුත් එකතු කළා නම් තමයි මරු. එතකොට ඔයාලට අපි කියපු කඩ වලින් කනව. අපි ඔයාලා කියපු කඩවලින් කනව. කාට කාටත් සන්තෝසයි නේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide