1. Fuel Bar
ට්‍රිපල් බෙරී ස්මූති රු. 720යි. ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි සහ බ්ලූබෙරි බ්ලෙන්ඩ් කරලා දාලා හදපු, ස්මූත්ම ස්මූතියක්. කිරි රසත් ටොප් එකට. ඒ වගේම තමයි බෙරි ලවර් කෙනෙක්ටත් කියාපුම. මෙයාලගෙ රටකජු බටර් බෙරි ස්මූති එක රු. 650යි. හොඳ රටකජු රසක් වගේම පදමට එන බටර් රසයි, ධාන්‍ය ගතියයි.. නොම්මර එකයි ආ! මෝල්ට්ඩ් ගුඩ්නස් රු. 500යි. තනිකරම නෙස්ටෝමල්ට් රසයෙන් අනූනයි. ෆුඅල් ස්මූති රු. 600යි. අනිත් හැම ස්මූතියකටම වඩා ක්‍රීම් රසින් ඉහලයි වගේම කෙසෙල් සහ ස්ට්‍රෝබෙරි රසයෙන් තමයි එන්නෙ. ඕට්ස් ස්මූති රු. 500යි. උදේ ආහාරයකට වගේම පානයකටත් ටොප්!
2. The Gulab Jamun Hut
ගුලාබ් ජමුන්වලට අමතරව මේගොල්ලො ළඟ චොකෝ ජමුන්, මිල්කි චොකෝ ජමුන්, පීනට් කුකීස් එහෙමත් තියනවා. ගුලාබ් ජමුන් ස්මෝල් පෝෂන් එකක් රු. 270ක් වගේ. චොකෝ ජමුන් පෝෂන් එකක් රු. 320යි. හැබැයි හතර පස් දෙනෙක්ට ඇතිවෙන්න කන්න ගුලි තියෙනවා. හොඳට ෆ්‍රයි වෙච්ච ගුලි වගේම ඩිප් එකත් පැණි රසින්, චොකෝ රසින් අනූනව..
3. JARS
ක්හලුආ රු. 650යි, බ්ලූබෙරි රු. 650යි සහ කැරමල් රු. 600යි. බ්ලූබෙරි චීස් කේක් එකේ ලේයර්ස් 2යි. මැද ක්‍රීම් පිරවුමයි, උඩින් බ්ලූබෙරි කෑලියි. හැබැයි කැරමල් එක තමයි රසින් වැඩිම. මොකෙද ඒකෙ කැරමල් තට්ටුව හොඳ ඝනකමට තිබ්බා වගේම රසයෙන් අනූනයි. කහුවා චීස් කේක් එකත් මාරම වෙනසක් ගෙනාවෙ. චොකලට් චිප් ටිකක් උඩින් දාලා, බේස් එකටත් චොක්ලට් දාලා.. ඊටත් කේක් එකේ ක්හාලුආ රස? ෂැහ්, ටොප් ආ..
4. Crepe Runner
නටෙලා, කැඩ්බරි, ස්ට්‍රෝබෙරි ක්‍රෙප් රු. 600යි, නටෙලා කිට්කැට් ක්‍රෙප් එක රු. 550යි වගේ එක එක චොකෝ රසට එක එක ක්‍රෙප් කන්න.. කියාපුම ප්ලේස් එක. විශේෂයෙන්ම කියන්න ඔ්න මෙයාලගෙ ක්‍රේප් හරිම සොෆ්ට් වගේම, චොක්ලට්, නටෙලා බේස් එකත් ලෝභ නැතුව දානවා.
5. Dessert Inc
පුඩිං, මූස්, බ්රවුනි, වටලප්පම්, චීස් කේක් වගේ ජාති ගොඩක් තියනවා. බ්ලූබෙරි චීස් කේක් රු. 450යි, ස්ට්‍රෝබෙරි ඩිලයිට් පුඩිං රු. 220යි, චොක්ලට් බිස්කට් පුඩිං රු. 150යි. හැරත් ගාණ වගේද කොලිටියයි, රසයි. චීස් කේක් සියල්ලෙම ලේයර්ස් 3යි. බිස්කට් බේස් එක, සොෆ්ට් බටරි මැද ලේයර් එක, උඩින්ම රස ජාතියෙන් හොඳම ලේයර් එක. හැබැයි මෙයාලගෙ චොක්ලට් බිස්කට් පුඩිං එක ටිකක් මදි. මොකද ඒකෙ ක්‍රීමි ටෙක්ස්චර් එකක් තිබුණට කොකෝ පවුඩර් පදම හරියට ඇවිල්ලා නෑ.