කල්තියාම දැනගත්තා, මේ පාර අපේ රාමසාන් යාළුවන්ගෙ බිරියානි පිඟාන කන්න වෙන්නෙ නැති බව. ඒත්.. ඊයෙ, කෙලියනෙ..
දැන් අපිට තියා එයාලටවත් කන්න නෑ.
හිතන්නෙපා යාළු, මෙන්න තියෙනව ටොප් කඩ ටිකක් ගෙදරටම ගෙන්නගෙන හොඳහැටි කන්න!
1. The Grill By Doctor's Kitchen
ෆ්ලවර් රෝඩ් එකේ තියෙන ‘ග්රිලින්ග් ස්පෙෂලිස්ට් දොස්තර මහත්තයාගෙන්’.. ගෙන්න ගන්න පංකාදුවට පදම් කරලා හදපු ලැම්බ් චොප් එකක්. හොඳහැටී.. ඉඟුරු, සුදුලූණු, සෝස් එක්ක මිරිස්, ගම්මිරිස් පවා දාලා පදම් කරපු. චාකෝල් ස්මෝක් එකෙන් තැම්බිලා, චාකෝල් රස්නෙටම පිච්චිලා.. ආයෙ, ඒකටම එන කොච්චි සෝස් එකත් එක්ක ගලප ගත්තා කියන්නේ…
ආහ්, හැබැයි ගාණ නම් රු. 1750ක් වගේ වෙනවා දෙන්නෙක්ට හරියන ප්‍රමාණයක් ගන්න.
2. Rampe (Sushi Bar Samurai)
රාජගිරියට පොඩ්ඩක් කෝට්ටෙ පැත්තට වෙන්න. පංකාදු මට්න් කරියක් එක්ක රු. 1000ට බඩ පැලෙන්න බත් කන්න. එළවලු ජාතිත් 4ක්ම බත් එකේ. එතකොට..මිරිස්, පපඩම් බැදලා, බාග වෙලාවට පොල්සම්බෝල එහෙමත් එනවා. කොච්චර වුනත් අනිවා පරිප්පු එක නම් සෙට් කරගන්න. ඒකයි.. හායි හූයි ගෑවෙන ගාණට, තුනපහ එක්ක සේර, ඉඟුරු අඩුම කුඩුමත් දාලා හදපු මට්න් එකයි.. කීරිසම්බා හාලෙ බතයි!
3. Barcode Grill and Lounge
නාවල පාරෙ තියෙන මේ රෙස්ටුරන්ට් එකෙත් එක එක ග්‍රිල්ඩ් කෑම තියෙනවා. ඒත් රාමසාන් එකට..
ගන්න රු. 1200න් වගේ යන ලැම්බ් චොප් එකක්! ම්.. නොම්මර එකේ පදමක්ම නැති වුනත් දේශීය අඩුම කුඩුම සහ සෝස් දාලා පදම් කරලා නිසා.. මසේ තෙත ගතියයි, ගැලවිලා එන ගතියයි නම් ටොප් එකටම.
4. Spice Market
ඉසිපතන පාරෙ තියෙන මේ ප්ලේස් එකේ හැදෙන නොම්මමර එකේ ‘කබ්සා’ රයිස් එක ගැන විශ්වි කියපු කතාව. “මෙයාලගෙ චිකන් කබ්සා එක රු. 800යි. කබ්සා කුළුබඩු මිශ්‍රණය සහ බත රස කරන කොළවර්ගත් දාලා තමයි මේක හදන්නෙ. එහෙම හදලා මේසෙට සර්ව් කරන මේ බතේ.. කුකුල් මස්, හොඳ ඉස්ම තියෙන්නෙ, සොෆ්ට් එකට මස් ගැලවෙන්න පදමටම තම්බලා. ඒ රස පදමෙත් කුළුබඩු රසයි, ලා ඇඹුල් ගතියකුත් තියෙන නිසා.. කෑම ගැන නම් නෝ කතා!”
5. The Bearded Chef
ලොකු එක. 10දෙනාටම 1යි. චිකන් නම් රු. 5000යි, බීෆ් 5500යි, මට්න් 6500යි. මේවට නම් කලින් ඔ්ඩරේ දාන්න ඔ්න හොඳද, අඩුම තරමෙ දවසක්වත් තියලා. ම්.. විශේෂයෙන්ම කියන්න ඔ්න මේ බිරියානිය ගත්තට පස්සෙ ආයෙ වෙන මුකුත් ගන්න ඔ්නත් නෑ.. මොකද ඒකට බාස්මතී හාලෙ බත්, සවානක් පිරෙන්න එනවා. ඒකත් එසේ මෙසේ නෙවෙයි, තරු පන්තියෙ රසට, සියලු අඩුම කුඩුම දාලා හදපු. එතකොට.. රෝස්ට් චිකන්.. 8ට කපපු තඩි කුකුලෙක් එහෙම පිටින්ම. ඒ අතරට මැලේ අච්චාරුයි, රයිතා.. ආහ්.. ඩෙසට් එකට ලොකු වටලප්පම් බෝල් එකකුත්.. කජු, මුද්දරස්පලම් එහෙම දාලා හදපු, හොඳද..!