1. ANS Food
තලවතුගොඩ ජොගින් ට්‍රැක් ලඟ ස්ට්රීට්ෆුඩ් අතරේ.. හොඳම එක!
පෝර්ක් කරිය රු. 250යි, ක්‍රැබ් කරිය රු. 300යි, රොටියක් රු. 50යි. එයාලගෙ පොල් සම්බෝල එක්ක පෝර්ක්.. කට දෙක කද්දී.. ෂප්පේ, තොලකට පිස්සු වැටෙනව වගේ. මදි නොකියන්න බැදපු තුනපහ, ඉඟුරු, සුදුලූණු අඩුම කුඩුම සියල්ල ගලපලා. තෙල් කෑලි නම් ටිකක් තිබ්බා. හැබැයි තවත් අඩු වුනානම් පංකාදුයි. ඊට දෙවනි නැති ක්‍රැබ් කරියත්! ආයෙ.. උණු උණු රොටි එක්ක.. තෙල් මතුවෙන්න, කටට සැරට කිරට හදාපු කකුළු හොද්ද. වැඩේ කියන්නෙ හැබැයි කකුළුවගෙන් නම් බාගයයි කරියකට එන්නෙ.
2. Street Bites
මෙයාලගෙ පෙපර් පෝර්ක් එක රු. 750යි. මස් වගේම තෙල් කෑලිත් බාගෙට බාගෙ වගේ තියෙනවා. හැබැයි ඒ කොහොම වුනත් ඇති හැටියට ගම්මිරිස් සෝස් දාලා. ලා ඇඹුල් රසකුත් ගැලපෙන්න, කරපිංචා එහෙමත් හොඳ හැටියට.. හීනියට ලියලා දාපු කොච්චිවල රස, සුවඳත් පදමට!
ඒත් ඩෙවිල්ඩ් චිකන් එක නම් ටිකක් අවුල්. රු. 750යි. හැබැයි රු. 300ක විතරම තෙල්. අනික ඩෙවිල් කිව්වට ඒකෙ ගොඩක්ම තිබ්බෙ කුළුබඩු රසයි, ලුණු රසයි. අනේ මන්දා ඉතින්.
චිකන් වින්ග්ස් රු. 800යි. පීසස් 6ක් එනවා. හොඳ ජූසි ගතියක් තියෙන්න පදම් කරලා , කුළු බඩු එක්ක ලුණු, ගම්මිරිසුත් මදි නොකියන්න දාලා..
3. 250 Rupee Biriyani
ස්ට්‍රීට් ෆුඩ්ම නොවුනත් ගාණයි, රසයි එක්ක බැලුවාම හරිම වටින පාටයි මේක. මෙයාල ලඟ තියෙන්නෙ චිකන් බිරියානි (රු. 250), චිකන් 65 බිරියානි (රු. 320) සහ මසාලා චිකන් බිරියානි විතරයි. නෝමල් චිකන් බිරියානි එකේ හොඳ මසාලා රහට හදපු බාස්මතී බතක් එක්ක චිකන් ලෙග් එකක්, සල්සා ගතියක් තියෙන රයිතා සහ හොදි එනවා. හොඳටම ස්පයිසස්, මසාලා රස තියෙන බතක් ඒක. චිකන් ලෙග් එකත් සොෆ්ට් එකට තැම්බිලා. ඉතින් හොදි ටිකක් දාගත්තාම පංකාදුයි.
චිකන් 65 බිරියානි එකෙත් අන්තර්ගතය කලින් බිරියානි එකේ දේවල්මයි. හැබැයි චිකන් වින්ග්ස්, 65 ක්‍රමයට හදලා තමයි එකතු කරලා තියෙන්නෙ. හොඳට ඩීප් ෆ්‍රයි කරපු ස්පයිසි චිකන් හොඳද..
4. The Chaat Station
ඉන්ඩියන් ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න. මෙයාලා ලඟ තියෙනවා පානි පූරි රු. 410යි, පප්රි චාට් රු. 410යි, අලූ පූරි, පාව් බජි, මල් පුරා රු. 410යි. පෝෂන් එකට පානි පූරි අටක් එනවා. ස්පයිසි, ස්වීට්, සවර්.. කැමති රසකින් ගන්නත් පුලුවන්. මාරම ක්‍රිස්පි සහ ෆ්‍රෙෂ් පුරි ටික. සියඹලා සෝස්වල ඇඹුලයි, ලාවට එන පැණි රහයි එක්ක අර එක එක ටේස්ට් මිශ්‍රණවල සැර එකතු වුණාම.. පංකාදු පහයි ආ!
පප්රි චාට් ඇතුළටත් හොඳහැටි මික්ස්චර් දාලා, කොත්තමල්ලි කොළ, අල, කඩල එක්ක, ලූනු, සියඹලා චට්නි, යෝගට් සියල්ලත් මික්ස් කරලා රස නහර පිනායන්න. ඒ නිසා මේකෙ පැණි රස, කිරි රස වගේ ම හොඳ ඇඹුලකුත් තියෙනවා.
මල් පුරා පෑන් කේක් එකට දාන්නෙ හොඳ රිච් චොක්ලට් සෝස්..
5. Paan 47
සොසේජ් බාබකියු එක රු. 250යි, පෝර්ක් පනීනි රු. 300යි.
හැබැයි බලන්න එපැයි රස! එයාලම හදපු ගාලික් බ්‍රෙඩ් එකයි, බාබකියු සොසේජ් එකයි.. ඇත්තටම මරු! ගාලික් පේස්ට් එහෙම පාන් පෙත්තෙ දෙපැත්තෙම හොඳට ගාලා ටෝස්ට් කරලා. ජම්බො සොසේජ් ඒකත් පදමට ග්‍රිල් කරලා.
කොහොමහරි එයාලගෙ පනිනිත් හොඳටම හොඳයි ආ. හැබැයි ඇත්තටම ඒක රෝස්ට් පාන් සැන්ඩ්විච් එකක්. මොකද බටර් ගාලා, සැලඩ් කරලා ෆිලින්ග් එක හදල නෙවෙයි. නිකම්ම කරි පෝර්ක් තට්ටුවක් පාන් පෙති දෙකක් මැද්දට අතුරලා, ටෝස්ට් කරලා.