1. Indian Affair
බිරියානි ගන්න පුලුවන් බීෆ්, චිකන්, මට්න්, වෙජි වලින්. ඒ හැරුනාම.. කරි වර්ග එහෙමත් තියෙනවා. කොහොම වුනත් මෙතන නැගලම යන්නෙ නිසාම් බීෆ් බිරියානි එක. රු. 1200ක් වුනාට නොම්මර එකයි. මසාලා රස පදමට තියෙන්න, ස්ටොක් වලින් තම්බපු බතයි, කටට සැරට හැදුනු බීෆ් එකයි. තව තියෙනවා අම්බොට් ටික් චිකන් කරිය. ඒකත් රු. 1150ක් වගේ. පංකාදුවට.. ඇඹුල් රසක් එක්ක තද ස්පයිසි ගතියක් තියෙන්න, ලාවට එකතු වෙච්ච සූදුරු රසකුක් එක්ක.. ඊටත් රතු පාටට! දැක්කාම කන්නමයි හිත. ඒකත් එක්ක නාන් 5කුත් එන නිසා තලු මර මර දෙසුවහැකි.
2. Lemon Square
රස වෑහෙන ශ්‍රී ලංකන්-ඉන්ඩියන් ටයිප් රයිස් ඇන්ඩ් කරියක් රු. 200ට. ව්‍යංජන 4ක් එක්ක, බැදලා කරිය හදපු චිකන් කෑල්ලක්. ඒකත් හොඳහැටි තුනපහ රස තියෙන්න. තව.. මෙයාලගෙ මික්ස් රයිස් එකත් (රු. 500) මරු. සූදුර සම්බා හාලෙ බතට, බිත්තර, කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටිකත් පදමට දාලා චිකන්, මාලු, සොසේජස්, ඉස්සො, දැල්ලො එහෙමත් පොඩි පොඩි කෑලි කපලා, ඩීප් ෆ්‍රයි කරලා, එකතු කරලා..
ඉතින්.. චිලි පේස්ට් ටිකක් එක්ක ගලප ගත්තාම පංකාදුයි ආ!
3. Star Indian Restaurant
චිකන් චීස් කොත්තුව රු. 400යි. කෙලින්ම තන්දුරි චිකන් දාලා තමයි හදලා තියෙන්නෙ. එළවළු, බිත්තර අඩුම කුඩුම ටිකත් පදමටම දාලා, හොඳටම හොඳයි ආ.. ඒ වගේම මෙයාලගෙ නාන් වර්ගත් හරි රහට හැදෙනවා. බටර් නාන් එහෙම රු. 90ක් වුනාට ටොපේ ටොප්! ඒවා කන්න.. ගන්න බීෆ්, හරි චිකන් හරි චෙට්ටිනාඩ් වගේ කරියක්. කුළුබඩු පදම ඇති හැටියට අල්ලලා පදම් වුනු තඩි බීෆ් කෑල්ලත් එක්ක හොද්දෙ රසත් ගැලපුනාම.. නාන් නෙවෙයි, පාන් වුනත් වාශ්පයි..
4. Sri Krishna Dosai
මෙයාල ලඟ තියෙන්නෙ වෙජි කෑම. රයිස් ඇන්ඩ් කරි එක රු. 200ක් වගේ. මිරිස් අඩුවට, තුනපහ රස නූලට තියෙන්න හදාපු ව්‍යංජන 4 ක් එක්ක, බතට එනවා කිරි සහ සෙමොලිනා කවලමකුත්. ඒ හැරුනාම පංකාදු තෝසෙ, වඩේ ටිකක් රස බලන්නත් මෙතන නියම තැන. විශේෂයෙන්ම.. මසාලා තෝසෙ, ගී තෝසෙ!
ඒ විතරක් නෙවෙයි රු. 200ට අඩුවෙන් උණු උණු පූරි, නාන් එහෙමත් ක්‍රිෂ්ණා එකේ තියෙනවා හොඳඳ.
ආහ්.. කියන්න බැරිවුනානෙ, හොඳට කෑවාට පස්සෙ ක්‍රිෂ්ණාගෙ මසාලා චායි එකත් රස බලන්න අමතක කරන්න එපා..
5. Balaji Dosa (Kirulapone)
චීස් මසාලා තෝසෙ රු. 550යි, ගී මසාලා තෝසෙ රු. 300යි, පූරි සෙට් රු. 150යි, කාරා තෝසෙ රු. 300යි, මසාලා චායි රු. 100යි වගේ ගණන් තමයි යන්නෙ. ඒ හැරුනාම රු. 250යි රයිස් ඇන්ඩ් කරිත් තියෙනවා. ම්.. කොලිටිය අතින් ගත්තාම නම් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ගී මසාලා එකේ ගී අඩුයි, හැබැයි මැද පිරවුම, අල, ලූණු, ලීක්ස් තව තව එළවළු අඩුම කුඩුම ටිකක් එක්ක ගම්මිරිස්, මිරිස් එහෙමත් දාලා පදමටම හදලා..
තව.. චීස් මසාලා එක නම් ටොපේ ටොප්! කාරා තෝසෙ එකේ මොකක්දෝ මිරිසට තෙල් දාපු පේස්ට් එකක් ගාලා, ඊට උඩින් ලූණු, මිරිස්, ගම්මිරිස් දාලා තව, මසාලා රසටත් මොනවදෝ එකතු කරලා හදපු මිශ්‍රණයක් මැදි කරලා.. පරිප්පු සාම්බාර් එක එක්ක වුනත් ලෙසටම ගැලපෙන්න!
දුක කියන්නෙ කෑම එහෙම හොඳට තිබ්බට, මසාලා ටී සහ අනෙකුත් බීම වර්ග.. පජාතයි.
6. Golden Cafe
රු. 300ක් අරගෙන ගියා නම් ඇති හැටියට බඩකට පුරවගන්න පුලුවන්. තෝසෙ, වඩේ, අල බොන්ඩා සියල්ල රු. 70-100න් යන්නෙ. ඒකත් හොඳ රහට හදාපු සාම්බාරු, සම්බල් ටිකකුත් එක්ක. ඒ අතරට ගී තෝසෙ, චීස් මසාලා තෝසෙ වගේ ඒවා ගන්න පුලුවන් රු. 200න් උඩ. කොච්චර වුනත් ඒවයෙත් රස නම් ආයේ..
හොඳටම හොඳයි ආ..