1. Appu’s Kitchen
බේකන් රයිස් (රු. 800) එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට.. හිතාගන්නකො ඉතින් ඒකත් එක්ක චිලි පේස්ට් ගැලපුනාම..
එහෙම නැත්නම් ගන්න ඔ්න මෙයාලගෙ මික්ස් කොත්තුව. ඒකට එනවා බේකන්, හැම්, ඉස්සො, දැල්ලො, බිත්තර, සොසේජස් සියල්ල. ගාණත් රු. 900න් වගේ යන්නෙ. හැබැයී.. නයිමිරිස් පොඩ්ඩක් දාලා කටට සැරට, උණු උණුවට කද්දී..
2. Sanora Restaurant
මික්ස් නූඩ්ල්ස් එක රු. 1100යි. ඒකේ.. ඔක්කොම හොඳයි. හැන්දට 2, 3 ගානෙ වගේ සෙට් වෙන්න ෆ්රයිඩ් චිකන්, ඉස්සො, දැල්ලො, මාළු පොඩි පොඩි කෑලිත් තොගයක් දාලා.. ඇති හැටියට කැරට්, ලීක්ස් ටිකත් තියෙනවා. ඒත්.. ඒ පාවිච්චි කරලා තිබ්බ නූඩ්ල්ස් එක ටිකක් වතුර ගතියයි. හරියටම කිව්වොත් පොඩ්ඩක් බෙරි ගතියකට තියෙන්නෙ.
හැබැයි මික්ස් රයිස් එක? ෂැහ්.. අර විදියටම සියල්ල දාලා බාස්මතී හාලෙන්.. අනික දෙන්නෙක්ට බඩ පැළෙන්න කන්නත් පුලුවන්.
3. Food House (Kotte)
මුකුත් නෑ ආයෙ කෙලින්ම ගන්න රෝස්ටඩ් චිකන් කොත්තුව. රු. 650යි වෙන්නෙ. රන්වන් පාටට රෝස්ට් වෙච්ච තඩි චිකන් පලුව, කොත්තුව මැද්දෙ බැබළි බැබළි.. ඊටත් පෝෂන් එකේ ලොකු! ඒ හැරුනාම කැරට්, ලීක්ස්, ගෝවා, බිත්තර හොඳට මික්ස් කරලා, ස්පයිසස් එක්ක රසට සැරට පදමට හැදිලා බතත්. සීසනිං එහෙමත් තිතටම. පොඩි කප් ටිකක එනවා චිකන් හොදි එකකුත් පංකාදු.
4. Spicy Mango
මෙයාලාගෙ නෝමල් චිකන් කොත්තුව රු. 500යි. ඒකෙ විශේෂත්වය තමයි දුම් දාන සැර සහ දෙන්නෙක්ට කන්න පුලුවන් සයිස් එක. ඒ හැරුනාම ටිකක් ලොකු රෝස්ට් චිකන් තයි එකකුත් එනවා. ලෝබ නැතුව ලූනු, අමුමිරිස්, මාළු මිරිස්, ගෝවා, කැරට්, ලීක්ස් එහෙම එකතු කරලා, රොටි කෑලි පුංචි වෙන්න කොත්තුව හොඳටම ගහලා. රම්පෙ, කරපිංචා, සේර, ඉඟුරු රහ එහෙමත් නූලටම!
5. SE-AR Chinese Restaurant
එග් ෆ්රයිඩ් රයිස් විත් චිකන් ඩෙවිල්ඩ් කොම්බො එක රු. 1000යි. කොම්බො පැක් එකක් නිසා පෝෂන් එක තඩි සයිස්. දෙන්නෙක්ට ඉස්මුරුත්තාව එන්නම තියෙනවා. සම්බා හාලෙ බත. බිත්තර, කැරට්, ලීක්ස්, ගෝවා හොඳ හැටියට මික්ස් කරලා පොඩි තෙම්පරාදු පාරකුත් දාලා. චිලී පේස්ට් එකත් මදි පාඩු රස හදනවා. එකම අවුල තෙල් ගතිය පොඩ්ඩක් වැඩි එක තමයි.
6. Wok To Box
කැමති කැමති දෑ තෝරලා ගන්න තියෙන්නෙ. එග් නූඩ්ල්ස් රු. 400යි, බීෆ් රු. 250යි, මෂ්රූම් සෝස්, ෆ්රයිඩ් කංකුන් වගේ ඒවාත් එකතු කරගන්න පුලුවන් රු. 50 ඉඳන් උඩට. ලා ස්පයිසි ගතියකුත් තියෙනවා. වැඩිපුරම තෙල් පැත්තට තමයි බර. හැබැදි හොඳට ෆ්රයිඩ් රස එනවා. ඇතිවෙන්න බීෆ් කෑලි, මෂ්රූම් අඩුම කුඩුමත් තියෙනවා. ඒ අතරට හීනියට කපපු ගෝවා, ලූණු කොළ, එතකොට.. බිත්තරයක් එහෙමත් එකතු කරලා.
නූඩ්ල්ස් එහෙම වුනාට ෆ්රයිඩ් රයිස් එක දුම් දාන්න සැරයි. බාස්මති බත රු. 350යි, දැල්ලෝ රු. 200යි, ජැෆ්නා කරි සෝස් සහ ෆ්රයිඩ් අනියන්ස් වගේ දේවල් රු. 50 ඉඳන් උඩට. ස්පයිසි ලෙවල් එක වැඩි කරලා ඉල්ලුවාම.. තරු පේනවා. මොකද කොච්චියි, නයි මිරිසුයි දෙකම දාලානෙ. ජෆ්නා කරි සෝස් රහත් ළාවට. දැල්ලොත් මදි නොකියන්න. ගෝවා, කැරට්, ලූණු කොළ එහෙමත් හොඳහැටි දාලා..
ෂැහ්.. ටොප් ආ!